Saturday, October 13, 2012

අපේ ආතල්..අපිට ආතල්..අපි (නො)දන්න පොලිටික්ස්

"තාවක් තියෙනවා බුද්ධිමතුන්ට තමයි මර්ධකයෙක් එනකොට එයාගේ අඩිසද්දේ මුලින්ම ඇහෙන්නෙ කියල. එක තමයි මම හිතන්නේ මේ රටේ අචාර්යවරු මහාචාර්යවරු ගොඩක් දෙනෙක් අද එළියට ඇවිල්ලා තමන්ගේ අදහස් හඬ අවධිකරලා තියෙන්නේ"
 මහින්ද රාජපක්ෂ
දෙසැම්බර්-2009




මං විහිලු කරනවද? නෑ!! ඔබ කියෙව්වා හරි! බලන්න මට හම්බුනේ මොකක්ද කියලා.. හම්බවෙලා නම් ටිකක් කල්..ලියන්න බැරි උනා මුකුත්..ටිකක් පරක්කුයි තමයි..
මං කියනවට ටිකක් මේ වීඩියෝ එක බලලා ඉන්න..
සැකයක් නැහැනේ?
මේ කියන්නේ නන් අදර් දැන් අවර් වන් ඇන්ඩ් ඔන්ලි මිස්ටර් ප්‍රෙසිඩන්ට්!
විශ්වාස කරන්න අමාරුම වගේ නම් ITN එකේ උන්දැලා ඕන එහෙකට කියනවා වගේ එඩිට් කරපු එකක් කියලා හිතා ගන්නකෝ!

ඒ දවස් වල කෝකටත් තෛලය වෙච්ච 'විජාතික කුමන්ත්‍රන' සීල් එක රාජ්‍ය මාධ්‍ය FUTA එකටත් ගැහැව්වනේ..හැබැයි ඉස්සර තරම් ඒ ගුලිය දැන් මාකට් වෙන්නෙ නෑ.මොකද දැන් මිනිස්සු ITN ප්‍රවෘත්ති බලන්නේ ආතල් ගන්න විතරයි..තව කැපුවත් නිල් කට්ටියත් බලනවා.ඒත් ස්වයං ආතල් එකට.. හැබැයි ඒ ආතල් එකයි මේ ආතල් එකයි වෙනස්..
ඒ ආතල් හා මේ ආතල් හැර තවත් ආතල් තිබේද?
ඇයි සජිත් ලොක්කගේ අය ගන්න සිරස ආතල්!
ගාල්තැන්නේ ආතල්..තව ගොඩක් තියෙනවා..ලිස්ට් එක දිග වැඩියි..


ඒ කොහොමින් කොහොම උනත් ලොක්කා මේ කියපු ටික ආයි ලොක්කටම රිවයින් කරලා පෙන්නුවොත් හොඳයි.මොකද මේ වෙන්නෙත් ඉස්සරහට වෙන්න තියෙන්නෙත් ලොක්කා හිතෙන ඒ දේම වෙන්න පුලුවන් නිසා.
සමහර දේවල් කියලා, ඒ මිනිස්සු කරන කියන දේවල් දැක්කම මේ ඒ මනුස්සයමද කියල හිතෙන වෙලාවල් නම් කොච්චර තියෙනවද! මේ ටිකම 'ලොක්කා මේම කිව්වා' කියලා මං මේ ක්ලිප් එක නැතුව කාට හරි කිව්වොත් ඒක කී දෙනෙක් නම් විශ්වාස කරයිද? විශ්වාස කරන උනුත් ඊට කලින් කී පාරක් නම් හිතලා බලයිද!
ලෝකෙ එකම තැන කැරකෙන්නේ බොස්... එකම තැන!

FUTA අරගලය නවත්තලා ආචාර්‍ය්වරුටික නැවතත් සරසවි කටයුතු වල නියැලෙන්න පටන් අරං..සරසවි සහෝදරයන්ගෙ පැත්තෙන් ඒක හොඳ ප්‍රවනතාවක්..
සටන ගැන කියනවා නම්...

සටන කිව්වේ?

ඔව් ඔව්..ඒ සටන ඇරෙන්නෙ මේ ලඟකදි වෙන සටන් තිබුන යැ!

වර්ජනය කරන්නෙත් නැහැල්ලු.. සටන අත් හරින්නෙත් නැහැල්ලු..
හරියට අර සන්නස්ගල ලොක්කට UNP එකෙන් මහ ඇමති අපේක්ෂකත්වය දුන්නම
'මං බාර ගන්නෙත් නෑ..ප්‍රතික්ෂේප කරන්නෙත් නෑ..' කිව්වා වගේ තමයි..
රෑ වැටුන වලේ දවල් වැටෙන එකක් නැතිවෙයි කියලා මං හිතුවෙ.. ඉගෙන ගත්තු මිනිස්සුනේ.
සමහරවිට ලබන අවුරුද්ද වෙනකං මතු සම්බන්ධයිද දන්නේ නෑ..
සීසන් 3 එක බලාපොර්තුවෙන් ඉමු..මෙගා එකක් උනත් එක දිගට බලන්න අප්පිරියයිනේ! නැද්ද?

තව සති දෙකකින්..
සටනක් තිබ්බෙත් නෑ..
මුකුත් ඉල්ලුවෙත් නෑ..
මුකුත් හම්බුනෙත් නෑ..
මට මුකුත් මතකත් නෑ ඕයි!


* මාගෙ ලිපි ඔබගේ විද්‍යුත් ලිපිනයට ගෙන්වා ගැනීමට අවැසි අය වේ නම් දකුනු ඉහල කෙලවරේ විජෙට්ටුව තුලට ඔබේ විද්‍යුත් ලිපිනය ඇතුල් කරන්න.

60 comments:

  1. පට්ටනේ බං. උඹ කොහෙන්ද මේක හොයාගත්තේ! මේක දැන්ම පෙන්නන්න ඕන අපේ සීයට.. :D

    ReplyDelete
    Replies
    1. ඔන්න කොල්ලෝ මං බුකියෙත් ෂෙයාර් පාරක් දැම්ම. හැබැයි මේවා විදේශීය කුමන්ත්‍රණ හරිද! අපේ ලොක්ක ඔහොම කතා කිව්වේ නැහැ. හෙහ්.. හෙහ්... හෙහ්...

      Delete
    2. ස්තුතියි මිස්ටර්!

      Delete
  2. මමත් දැක්කා ඔය කතාව. කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නෑ. මම තව දෙයක් කියන්නද...? ලොක්කගෙන ඕන දෙයක් ගන්න පුළුවන්.. ඒකට ක්‍රම තියෙනවා.. මම කියන්නේ බොරු නම් ලොක්කත් එක්ක කනෙක්ෂන් තියෙන ජේ වී පී පොරක්ගෙන් අහපන්.. ධම්මලා දිණුම්.. මට පේන හැටියට ආචාර්යවරුත් දිණුම්. ඩොකටර්ස්ලා වලිය අදින නිසා යට ගහල තියෙන්නේ.. මේ මට හිතෙන් හිතලු. කරුමෙට ඒවා ඇත්ත වෙනවා..

    ReplyDelete
    Replies
    1. යටින් ඩීල් එකක් යන්න ඇති සමහරවිට! කවුද දන්නේ!

      Delete
    2. මම දන්න විදියට නං ඩීල් නැහැ. මාස තුනකට වැඩිය පඩි නැතිව ඇදගන්නට බැහැ සමහර ඇදුරන්ට. ණයට කඩෙං බඩු දෙන්නෙ නැතිව ඇති.

      Delete
    3. කවිකාරි ඇන්ටි : Is this the sole reason behind withdrawing the strikes? I don't think so.. They shouldve have seen this coming even before starting the strikes.they surely should have known!

      Delete
  3. හොරාට කලින් කෙහෙල්කැන වැට පැනලා වගේ.. මට නම් හිතෙන්නෙ බුද්ධිමතුන් පරක්කු වැඩියි..අපිත් පරක්කු වැඩ්යි. හැමදාම වගේ මුලු රටම පරක්කු වැඩියි.. අනිත් එක අපි කවද්ද වෙලාවට වැඩක් කොළේ.. නේද ?

    ReplyDelete
    Replies
    1. මට පේන්නේ හොරා දන්නෙ නැතිවම කෙහෙල් කැන වැට පන්නලා! :D

      Delete
  4. ම්ම්...මේක සංකීර්ණ තත්වයක්....
    මේ ක්‍රමය ඇතුලෙ අතීතයේදී එරෙහි වූ දැන් එරෙහිවන සහ අනාගතයේ එරෙහි විය හැකි යන තුන්කොටසම හොද හැටි බයිට් වෙනවා...
    රාජපක්ස වරු විතරක් උඩ යනවා...

    එස් බී. නිර්මාල්, ධම්මලා යට ගියා බෑ සිල් උඩ ආවා....

    ReplyDelete
    Replies
    1. සහතික් ඇත්ත අමිල.. මෑත කාලෙක ආයි කාටවත් වෘත්තීය අරගලයකය යන්න බැරිවෙන්නම ඉස්සරහට කරන්න තියෙන අරගලත් එක්කම නෝන්ඩි කරලා දැම්මා ආයි ගොඩ ගන්න බැරි වෙන්නම! මේවා ගැන ජනතා විශ්වාසය කියන එක ඍන දැන්!

      Delete
  5. “ෆුටා නාඩගම” නිසා යම් සාධනීය ප්‍රතිඵල නොලැබුණේය මම නොකියමි. ඉන් අප ලැබූ එක් යහපත් ප්‍රතිඵලයක් නම් ලංකාවේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් යනු අප සිතුවාටත් වඩා මැට්ටන් පිරිසක් බව තහවුරු වීමයි. මේ වසරක් පාසා එකම සටහන ගිරා පෝතක ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මතුරන පොතේ ගුරුන් පිරිසක් විනා පොළොවේ පය ගසා සිටින, ප්‍රශ්න වලට ප්‍රායෝගිකව විසඳුම් සෙවිය නොහැකි පිරිසක් බව අපට ඒත්තු ගැන්වූ සිද්ධියකි ෆුටා නාඩගම. නැත්නම් වරායේ කම්කරුවන්ට හා හෙදියන්ට වුව වෘත්තීය අරගලයකින් යම් යම් දේවල් දිනා ගන්නට ඉඩ ලැබෙන විට මේ මොට්ටයින්ට පමණක් කිසිම දෙයක් නැතුව හිස් අතින් වැඩට යන්නට සිදු වන්නේ නැත.

    එසේම සාධනීය ප්‍රතිඵලයක් වුවද නැතද “ෆුටා නාඩගම” නිසා ජනාධිපතිවරයාගේ දෑත් පෙරට වඩා ශක්තිමත් විය. කිසිම අසීරුවකින් තොරව වෘත්තීය අරගලයක් දණ ගැස්සීමට හැකිවීම ඕනෑම පාලකයකු ලබන විජයග්‍රහණයකි. වෘත්තිකයන්ගේ පැත්තෙන් එවන් අන්ත පරාජයක් වෙනත් වෘත්තික කණ්ඩායමකට වුව සටන් මඟට බසින්නට ඇති ඉඩ අවුරයි. උදාරණයක් හැටියට වෛද්‍යවරුන් දැන් වෘත්තීය අරගලයකට බැසීමට පළමුව “ෆුටා එකට වුණ දේ මතකයි නේද?” කියා දෙවරක් කල්පනා කරනු ඇත. එනිසා ෆුටා මහා පාවාදීම වෙනත් වෘත්තික කණ්ඩායම් රැසකට ඍණාත්මක ලෙස බලපානු ඇත.

    අවසාන වශයෙන් මේ මැට්ටන්ගේ මෝඩකම නිසා පාඩුව රටට හා ජනතාවටය. මේ අමනයින්ට වැඩ නොකළ තුන් මසෙක පඩිය ගෙවීමට මහ ජනතාවගේ මුදල් වැය කෙරෙනු ඇත. එය කිසිම ඵලදායකත්වයක් නැති වියදමකි. එසේම මේ අමනයින් නිසා විශ්ව විද්‍යාල සිසුන් බහුතරයකට හා අ.පො.ස. (උසස් පෙළ ) විභාගයට පෙනී සිටි සිසුන් බහුතරයකට දැවැන්ත අසාධාරණයක් සිදුවනු ඇත. අඩුම ගණනේ ඊට සමාව ඉල්ලීමේ ඕනෑ කමක් වත් ෆුටා සාමාජිකත්වයට නොවේ. නියම ආත්මාර්ථකාමී ගොන් රැළකි මේ.

    ෆුටා මැට්ටන්ට මට කියන්නට ඇත්තේ කාරණා දෙකක් විතරයි.

    තොපි වැනි අන්ත මැට්ටන් පිරිසක් මේ රටේ දරුවන්ගේ අනාගතය භාරව සිටීම මට මහත් බියක් ගෙන දෙයි. ඒත් අවාසනාවකට ඉවසා සිටිනවා විනා මට ඊට කරන්නට දෙයක් නැත.

    එසේම තොපි පිළිගත්තත් නැතත් මහ රජානන් තොපට ඇරලා තියේ. රිදෙනවා නම් පොල්තෙල් ටිකක් වත් ගා ගනියව්!

    ReplyDelete
    Replies
    1. ඔබේ ප්‍රතිචාරයේ මුල් භාගය සමග 100%ක් එකඟයි! ඔවුන් අනාගත වෘත්තීය අරගල හෑල්ලුවකට ලක් කලා විතරක් නෙවෙයි ඊට වඩා භයානක දෙයකට නොදැනුවත්ව හෝ දායක් උනා. ඒ මේ අරගල ගැන ඇති ජනතා විශ්වාසය බිඳ හෙලන්න.. කවුරු කොහොම කිව්වත් පිලිගත යුතු දෙයක් තියෙනවා.ඒ පාද යාත්‍රා අර මේවා හරහා මේ අය සෑහෙන්න ජනතා සහයක් විශ්වාසයක් සහ ශක්තියක් ගොඩ නගා ගත්තා. පා ගමනේ ඇතැම් ස්ථානවල මේ අයට මිනිස්සු කෑම බීම දුන්නේ දන්සැල් වගේ..සමහර කඩවල මේ අය ගත්තු දේවල් වලට මුදල් පවා ගත්තේ නෑ. ඒකයි එයාලගේ දායකත්වය.ඒකයි එයාලගේ සහයෝගය. ඒ වගේ ජන සහයෝගයක් මෑත කාලයේ වෙන කිසිම අරගලයක් පසුපස තිබුනා මට මතක නෑ! ඒ විශ්වාසය ඒ අරගල ගැන තිබ්බ ජන විශ්වාසය මේ අය බිංදුවට නෙවෙයි ඊටත් පහලට ඇදලා දැම්මා. ස්තුතියි ඔබගේ දීර්ඝ ප්‍රතිචාරයට!

      Delete
    2. ඔබ කියන දේ ඇත්ත. මිනිස්සු ඔවුන්ට සැලකුවා තමයි. ඒත් ඒ ඔවුන් ගේ 6% බොරු පොරොන්දුවට මුළාවෙලා. ඔවුන්ට විතරක් නෙවෙයි ඡන්දකාලෙට දේශපාලකයින්ටත් ඔහොම සලකනවා. හැබැයි වැඩි කල් නොයා මිනිස්සුන්ට වැඩේ තේරෙනවා.

      Delete
    3. මැට්ටෙකුට රජවෙන්න පුලුවන්උනානම් තව මැට්ටෙකුට සරසවි ආචාර්ය කෙනෙක් වෙන්න බැරිද අන්කල් ?

      Delete
  6. මේවා විජාතික කුමන්ත්‍රණ හුහ්

    ReplyDelete
  7. හුටා ! F.U. TA

    මම නම් මේ සම්බන්ධව මොකුත් කිවුවෙ නැහැ... මම මේ ප්‍රශ්නයේදී සමබරවයි හිටියෙ හේතු දෙකක් නිසා.
    එකක් මම දන්නවා විශ්ව විද්‍යාල මහචාර්යවරුන්ගේ පර්යේෂණ වලට අදාලව ඔවුනට නිසි පහසුකම් සහ නිසි ප්‍රමාණයට මුදල් නොලැබෙන බව. එසේම සමහරක් දෙනා උනන්දුවෙන් ඉගැන්වුවත්, තවමත් යල්පැන ගිය දේවල් ඉගැන්වෙන බව (එයට ඔවුන්ටම දොස් කියලා වැඩක් නැහැ - විශය නිර්දේශ යාවත්කාලීන විය යුතුයි අවුරුදු දෙකකට වතාවක් වත්)
    අනෙක තමයි මම ඔය එපා කියන පෞද්ගලික විශ්ව විද්‍යාල ආයතනයකින් මෙතැනට ආපු මිනිහෙක්. මම දන්නවා එතැන පවත්වාගෙන යන උසස් ප්‍රමිතීන්. සල්ලි දීලා ඉගෙන ගත්තා කියලා සල්ලි තියෙන හැම එකාටම ඩිග්‍රි දෙන්න බැහැ. මොකද එතැනින් පිටවෙන අය සමාජයේ රැකියා වලට ගිහින් ඇණගත්තාම ඒ ආයතනයේ පැවැත්ම නැතිව යනවා. ඒ නිසා පිටවන්නේ නිසි අධ්‍යාපනයක් ලැබගෙන නිසි ලෙස කුසලතා ඇති අයයි.. පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ උගන්වන මගේ මිත්‍රයෙකු සමඟ මම දීර්ඝ සංවාදයක් කළා මේ සම්බන්ධව..
    මේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට ලංකාවෙ උසස් පෙළ සමතුන් - ලංකාවෙ ජාත්‍යන්තර පාසැල් වලින් ලන්ඩන් උසස්පෙළ සමත් අය - කැනඩාව - එංගලන්තය සහ ඇමරිකාව වැනි රටවල පාසැල් ගිය ලංකාවෙ ලමුන් යන කොටස් තුනම පැමිණෙනවා. නමුත් එයින් බොහෝ දෙනෙකු මුලදිම හැලෙනවා ලු. ඒ තමන්ගේ දැනුම අදාල ප්‍රමිතීන්ට නොගැලපීම නිසා අසමත් වීම. බොහෝ විට සමත් වෙන්නේ ලංකාවෙ උසස් පෙළ කළ සහ ලංකාවෙ ජාත්‍යන්තර පාසැල් වලට ගිය සිසුන් ලු. ඉතින් අවසානයේ ඉන් පිට වන්නේ සුදුසුකම් ඇති පිරිසක්. මොකද කියනවා නම් ඔතැනින් පිටවන වෛද්‍යවරයෙක්ගෙන් අතපසුවීමකින් හෝ රෝගියෙකු මියගියොත් කෙළින්ම වැරැද්ද පැටවෙන්නේ වෛද්‍ය විද්‍යාලයට මිස වෛද්‍යවරයාට නොවෙයි. ලංකාවෙ රජයේ වෛද්‍ය විද්‍යාලවලින් පිටවන ඕනම කෙනෙක් ඕනම වැරැද්දක් කළත්, එවැනි වැරැද්දක් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් පිටවන කෙනෙක්ගෙන් වීම මාරාන්තික වෙන්න පුළුවන්. (මම මේක අද කිවුවා කියලා මතක තියා ගන්න - ලංකාවෙ හැටි එහෙමයි)
    ඉතිං ඒ වගේම මේ පෞද්ගලික ආයතන වල අර්ධකාලීනව සේවය කරන්නේ අන්න අර ජාතික විශ්ව විද්‍යාලවල සේවය කරන මහාචාර්ය වරුන්. අන්න එතැනදී පොඩි ගැටළුවක් මතු වෙනවා. මම දන්නෙ නැහැ අනිත් විශය මාලාවන්, නමුත් ලංකාවෙ රසායන විද්‍යාව උගන්වන ප්‍රධාන පෙලේ මහාචාර්යවරු සියළුම දෙනා රසායන විද්‍යා ආයතනයේ උගන්වනවා.
    ඒ වගේම මේ වර්ජනයේ අභ්‍යන්තරය පිළිබඳ මට සෙවීමට කාළයක් හෝ උවමනාවක් නොතිබූ නිසා මම මේ ප්‍රශ්නයෙන් බැහැරව හිටියා...
    දැන් හිතෙනවා එහෙම හිටපු එක හොඳයි කියලා....

    ඇල්කෙමියා

    ReplyDelete
    Replies
    1. පැහැදිලිවම! ඒවායේ කොලිටිය ගැන එයාලා කොච්චර සැලකිලිමත්ද කියලා ඒ වගේ ආයතනයක ඉගෙන ගන්න නිසා මාත් දන්නවා! කොලිටිය වැඩි වෙන්න වැඩි වෙන්න තමයි එයාලට තියෙන ඩිමාන්ඩ් එක වැඩි වෙන්නේ! තාවකාලික ලාභ බලලා(ඔය කියන විදියට මුදලට විකුනනවා නම්) දිගු කාලීනව පාඩු ලබන්න ඔවුන් කොහෙත්ම ලෑස්ති නෑ! ලංකාවෙත් දැන් සෑහෙන්න කාලෙක ඉඳලා පෞද්ගලික උපාධි පිරිනමන ආයතන තියෙනවා.අද වෙනකම් එහෙම චෝදනාවක් එයාලට එල්ලවෙනවා මං අහලා නෑ. ගොඩක් ආයතන දැන් ඒවගේ ආයතනවල ඉන්න සිසුන්ට ඇහැ ගහං ඉන්නේ එයාල උපාධිය ගන්නත් කලින් ඉඳලමයි..ඒක ගැන ඇල්ට අමුතුවෙන් කියන්න ඕන කියලා මං හිතන්නේ නෑ!
      දොස්තරලා ගැන කියනවා නම් දැනටමත් ඒක වෙනවා.කොහේ හරි වැරදීමක් උනා කියලා ඔය කොහේ හරි දාලා තිබ්බම ඔය කොහෙන් හරි ඉගෙන ගෙන ආපු එකෙක් වෙන්න ඇති කියලා ලියැවිලා නැත්තම් ඒ බොහොම කලාතුරකින්.ලංකාවේ මිනිස්සු තේරුම් ගන්නේ නැත්තේ ඔහොම එන ගොඩ දෙනෙක් එන්නේ ලංකාවේ විශ්ව විද්‍යාලවලට වඩා ඉහල රෑන්ක් එකක එකකින් කියලා. (ලංකාවේ විශ්විද්‍යාල ලෝකයේ අතර මුල් 1000 අතර ඇත්තේ කීයද?)
      දීර්ඝ ප්‍රතිචාරයට බොහොමත්ම ස්තුතියි!

      Delete
    2. අපි පුද්ගලික විශ්ව විද්‍යාල වලට විරුද්ධ වෙන්න ඕන ගුනාත්මක භාවය ගැන සලකලම නෙමෙයි. පුද්ගලික විශ්ව විද්‍යාල හරහා වන අධ්‍යාපන පුද්ගලීකරනය මගින් මානව සමාජයේ පරිනාමයට වෙනදේ ගැන හිතල. ගුනාත්මක භාවය කියන්නෙ බොහොම සුලු කාරණයක් විතරයි.

      Delete
    3. පෞද්ගලික විශ්ව විද්‍යාල යනු ලෝකයේ දියුණු රටවල යථාර්ථයක් සේම අනිවාර්යයෙන්ම තිබිය යුතු දේය. ඒවාට විරුද්ධ වන්නෝ හණමිටි කාරයෝය. අපි හණමිටි ඉවත දමා ඉදිරියට යමු. ඔය හණමිටි කර තියාගෙන හිටි කාලය ඇති.

      Delete
    4. / ගුනාත්මක භාවය කියන්නෙ බොහොම සුලු කාරණයක් විතරයි./

      මෙවැනි මැටි කතා කියන්නේ ඔබ රාජ්‍ය විශ්ව විද්‍යාලයකම ඉගෙන ගෙන අධ්‍යාපනය යනු කුමක්දැයි අන්දෝ සංසාරයක් නොදන්නා නිසා විය හැකිය.

      Delete
    5. ඔහු කියපු කතාව නොතේරෙන්නේ ඔබ රාජ්‍ය විශ්වවිද්‍යාලයකට පයගසා නැති නිසායි. දැනුම කියන එක එක අංශේකට සීමවුනොත් ඔහුගෙන් රටට වැඩක් නෑ. දැනුම විතරක් තියෙන හිතන්න බැරි මැට්ටෙක් බිහිවීම රටේ අවාසනාවක්ය කියල කියන්න පුළුවන්.

      Delete
    6. මොරටුවෙ කට්ටිය නං වර්ජනේ නවත්තන්න සතුටු උනේ නැහැ. නමුත් ෆූටා එක තව හුඟක් සමිති එකතුවෙලා ගොඩ නැගුන එකක් නිසා මොරටුව කට්ටියට තම මතය දිනා ගන්ට බැරි උනා. මට හිතෙන්නෙ බ්ලොග් ලෝකෙ අය මේ ගැන හරි හැටි දැනුවත් නැහැ කියලා. ෆූටා මුහුණු පොතේ, පිට අය/ නම නැති අයගෙ මත වලට පිලිතුරු දුන්නා නම් මෙහෙම වෙන්නෙ නැහැ කියලත් හිතෙනවා

      Delete
    7. ඒ වුනාට ඇන්ටි ඔයාගෙ හස්බන්ඩා ස්ට්‍රයික් කළේ නැහැ නේද? හැමදාම වැඩට ගියා නේද? පඩිත් ගත්තා නේද?

      Delete
    8. කවිකාරි ඇන්ටි : ඒ කතාව නම් අපිටත් දැන ගන්නට ලැබුනා. සාකඡ්ඦාවට කලින් දවසේ මොරටුවේ මහාචාර්‍යවරයෙක් මූනු පොත හරහා මේ බව කියලා තිබුනා මං දැක්කා. භාතියට සහ මාතෘකාවට අදාලව අදහස් දැක්වූ ඇනෝනිමස්ලාටත් ස්තුතියි!

      Delete
  8. කිසිම සමාවක් නැහැ සබියා. මේක සිරා.

    බුකියේ ෂෙයාර් කරමි. ජය !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචං.මගේ වෝල් එකේ ඇර වෙන ඕන තැනක. :) මං බ්ලොග් එක මගේ බුකියෙන් සෑහෙන්න දුරින් තියං ඉන්නේ. එතකොටයි ලිවීමේ නිදහස කියන දේ උපරිමයෙන් තියෙන්නේ!

      Delete
  9. මේවා වලංගු නැතිලු නේද දැන්. කලිං කිව්ව ඒවා.

    ReplyDelete
    Replies
    1. Simply its expired.

      Delete
    2. දේශපාලනයේදි වලංගුභාවය කියන එක මොහොතින් මොහොත වෙනස් වෙනවා..ඒවායෙ එක්ස්පයර් ඩේට් එක මැනුෆැක්චර්ඩේට් එකම තමයි! thanks for the comment

      Delete
  10. බැසිල් ලොක්ක රන් කෙවිටත් අරන් යන්න ඇත්තෙ කෂ්ටිය එක්ක සාකච්ඡා කොරන්න. කොල්ල දස්සයා.

    ReplyDelete
    Replies
    1. රන් කෙවිටකට වඩා මට පේන්නේ ලස්සනට ඔතපු ටොපියක් අරං ගිහින් තියෙන්නේ සූප්පු කර කර ඉන්නෙ නැතෑ කියලා හිතාගෙන වෙන්ටැ!

      Delete
  11. පිස්සුද මචං දැං ඔය වගේම එස් බී ලොක්කා එක එක පක්ෂවල ඉඳගෙන කියපු එකකට එකක් පරස්පර විරෝධී කතා කීපයක් එක පෙළට දාලා හදපු වීඩියෝ එකක් යූ ටියුබ් එකේ තියෙනවා දැක්කා.ඕවා අපේ රටේ උන්ට මතක නෑ නෙමෙයි නේ.දන්නවා උනත් දන්නෑ වගේ ඉන්නවා.එතකොට ලේසියි නේ.

    ReplyDelete
    Replies
    1. බන්ඬා හොඳයි බන්දුට වඩා.. බන්දු අලි පාටියෙන් පැනපු දවස්වලම අර ජනපති ජනහමුව කියලා තිබ්බේ..අර හැම චැනල් එකේම පෙන්නන්නේ එක පාර ලොක්කගෙන් ප්‍රශ්න අහන්න කියලා..ඔන්න ඔයින් එකක් තිබ්බා..එක මනුස්සයෙක් බඩු මිල ගැන මොකක් හරි දෙයක් අහපු වෙලාවක ලොක්කා 'ඔන්න පහුගිය දවස්වල එහා පැත්තර වෙලා කෑ ගහපු එක්කෙනාටමයි මං වෙළඳ ඇමතිකම භාර දීලා තියෙන්නෙ.එයාගෙන්ම අහගන්න'කියලා ලස්සනට බෝලෙ පාස් කරා හිනා වෙවී.බන්දුවට කරකියාගන්න දෙයක් නැති උනා. අපිට අධෝ මුඛයෙනුත් හිනා. පස්සෙ මිනිහා උද්ධමනය + - කියලා කාටවත් නිතේරෙන මොකක්ද රෙද්දක් කියලා ජාමේ බේරා ගත්තා.පස්සෙ තමයි මිනිහට මිස්ටර් ධන-ඍන කියලා කාඩ් එක වැටුනේ!

      Delete
  12. අපි මහ අමුතුම ජාතියක්.
    උදේ පාන්දර අරක කරන්ෙෙ නෑ මේක කරන්නෙ නෑ කියල පන්සිල් අරගෙන විනාඩි පහක් යන්නත් කලින් කිසිම ගානක් නැතුව ඒව අමතක කරල බිඳල දාන ජාතියකට ඔයිට වඩා හොඳ නායකෙෙක් කොහොම පහල වෙන්නද?

    ReplyDelete
    Replies
    1. පන්සිල් කඩන්නෙ නැත්නම් හැමදාම පන්සිල් ගන්න ඕන නෑ කියලා කට්ටිය කියනවා මං අහලා තියෙනවා. මේ යන විදියට ලොකු ලොක්කන්ට පැය භාගෙන් භාගෙට වත් පන්සිල් ගන්න වෙනවා.නමුත් ආගම ධර්මය කියන්නෙත් ඔවුන්ට තවත් එක බිස්නස් එකක්,ප්‍රචාරණ උපායක් විතරයි දැන්!

      Delete
  13. 'තව සති දෙකකින්..
    සටනක් තිබ්බෙත් නෑ..
    මුකුත් ඉල්ලුවෙත් නෑ..
    මුකුත් හම්බුනෙත් නෑ..
    මට මුකුත් මතකත් නෑ ඕයි!' :) :)

    ReplyDelete
  14. කොච්චර නිදිමත උනත් මේක දැක්කහම කොමෙන්ට් එකක් නොදා යන්න හිතෙන් නෑ. මම කතා කරන්න හදන්නෙ මහින්දගෙ කතාව ගැන නෙමෙයි. මිනිහ කොහොමත් ඔහොමනෙ එක නිසා ඒක කතා කරල වැඩක් නෑ මෙතන. නමුත් ආචාර්ය වෘතීය අරගලය ගැන කතා කතාකරන්න ඕනා. මෙතන බොහෝ දෙනෙක් FUTA එකට බැනල තිබුන.
    තමන්ගෙ දරුවගෙ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් සටන් කරන්න කොන්දක් නැති මිනිස්සු ඉන්න රටක් මේක ඒ විතරක් නෙමෙයි කගෙ හරි පානෙන් ඒක ඉටුකරගන්න බලන් ඉඳල බැරි උනහම ඒ පාර්ශවයට බැනල Blog පිටු පුරවන්න බලන් ඉන්න නිවට මිනිස්සු ඉන්න රටක් මේක. මම අහන්නේ තමත් අපේ මිනිස්සු අපි වෙනුවෙන් සටන් කරන්න දියසේන කුමාරයෙක් ඉපදෙනකන් බලන් ඉන්නවද? අධ්‍යාපනය වෙනුවෙන් 6% වෙන් කීරිමෙ අරගලයෙ ආරම්භය FUTA එකෙන් ගත්ත දැන් බැටන් එක ගන්නෙ කව්ද? අධ්‍යාපනය වෙනුවෙන් 6% වෙන් කරන එක ජාතික වැදගත් කමක් තියෙන සටන් පාටයක් ඒකෙ අයිතිය FUTA එකට දෙන්න බෑ.

    මේතන උඩින් අදහස් දක්වල තියෙන මහත්තුරු දන්නවද ලංකාවේ අධ්‍යාපනයට අද තියෙන ප්‍රශ්ණ මොනවද කියලවත්. අපි පුද්ගලික විශ්වවිද්‍යාල වලට විරුද්ධ වෙන්න ඕන ඇයි කියලවත් , මේ ආර්ථික ක්‍රමයෙ එතුලෙ නිදහස් අධ්‍යපනයට පැවෙත්මක් නැත්තෙ ඇයි කියලවත්

    මිලියන 20ක ජනතාවක් ඉන්න රටක් , රටේ අධ්‍යපනය බරපතල අර්බුදයකට ලක් වෙලා තියෙන වෙලාවක ඒ සියල්ල විසඳීමේ වගකීම 5000ක විතර සාමාජිකයින් ඉන්න වෘතීය සංගමයකට භාර දීලා, මිලියන 20ක ජනතාව අරගලයට ජයවේවා කියල හුරේ දදා උන්නහම වැඩේ වෙනව නම් මරු. හැබැයි යථාර්තය එච්චර සුන්දර නෑ...

    ReplyDelete
    Replies
    1. ඔබ තවමත් ෆුටාකාරයින්ගේ 6% කතාව ගැන ඇඳගෙන සිටි කෙනකු බව පෙනේ. ඇස් අරින්න.

      මුළුමනින්ම අසාර්ථක ෆුටා ඊනියා “අරගලය” හා එසේම අසාර්ථක වූ විමල් වීරවංශගේ උපවාසය අතර සමානකම් තිබේදැයි කෙනෙක් ෆුටා ෆේස්බුක් පේජ් එකේම අසති. මෙය හොඳ ප්‍රශ්නයකි. අප සිතා බලන්ට පොළඹවන්නකි.

      විමල් වීරවංශගේ බැංකි මූන්ට එරෙහි උපවාසය ජෝක් එකකි. ෆුටාහි ඊනියා අරගලයද ජෝක් එකකි. (මෙය හුදෙක් වැටුප් වැඩි කර ගැනීම පිණිසම ක්‍රියාත්මක වූ එකක් බවත් 6% දීමනාව ආදී දේවල් තමන්ගේ ආත්මාර්ථකාමී ඉල්ලීම් වලට යම් සුජාත භාවයක් ලබා ගැනීම පිණිස පමණක් යොදා ගත් බවත් අවසාන අදියරේදී පැහැදිළි විය.) වෙනස තමන් කරන්නේ ජෝක් එක බව විමල් වීරවංශට අවබෝධයක් තිබීම හා එවන් කිසිම අවබෝධයක් ෆුටා එකට හෝ එහි මෝඩ අනුගාමිකයින්ට නොතිබීමයි. වීරවංශට අවශ්‍ය වූයේ බැංකි මූන් ලවා යමක් කරවා ගැනීම නොව තමන් මහ රජතුමා වෙනුවෙන් අසීරු අවස්ථාවක ඕනෑම අභියෝගයකට මුහුණ දීමට සූදානම් බව පෙන්වා ලකුණු ටිකක් දමා ගැනීමය. මෙය අසාර්ථක වූයේ කාරණා දෙකක් නිසාය. එකක් මේ උපවාසය මැද ඔහුගේ මව මරණාසන්න වීමයි. (ඇය මිය ගියේ උපවාසය නැවැත්වූ දිනට පසු දිනයේය.) මේ නිසා උපවාසය අතහරිනවා හැර වෙනත් විකල්පයක් වීරවංශට නොවීය. වීරවංශ අසාර්ථක වූ දෙවන හේතුව තෙම්පරාදු දේශපාලනඥයකු වූ මහ රජතුමන් ඔහු විනිවිද දැකීමයි. මේ නිසා ඔහු බලාපොරොත්තු වූ කිසි දෙයක් නොලැබුණේය.

      ෆුටාහි කතාවද මීට සමානය. ඕනෑම වෘත්තීය අරගලයකදී දිනා ගත හැකි ඉල්ලීම් මෙන්ම දිනා ගත නොහැකි ඉල්ලීම්ද ඉදිරිපත් කෙරෙයි. සමහරවිට වැඩි බරක් දෙන්නේ දිනාගත නොහැකි ඉල්ලීම් වලටය. එවිට මේ ඉල්ලීම් අවසාන අදියරේදී අතහැර දමා යම් නම්‍යශීලීත්වයක්ද පෙන්විය හැකිය. රටේ මහ ජනතාවට පෙනෙන්නේ ඒ බොරුවය. නමුත් අරගල කරුවෝ තමන්ගේ සැබෑ ඉල්ලීම් දිනා ගනිති.

      ෆුටා ඊනියා අරගලයේදීද ආත්මාර්ථකාමීව වැටුප් වැඩි කර ගැනීම සැබෑ ඉල්ලීම වූ බවද, 6% ඇතුළු අතුරු කතා මෙසේ අවසාන අදියරේදී අතහැර දමන්ට තිබුණු බොරු ඉල්ලීම් බවද පැහැදිළිය.

      නමුත් ගැටළුව වූයේ මේ ආණ්ඩුව තමන් මහා උගතුන්ය සිතා සිටි ෆුටා අරගලකරුවන්ට වඩා සට කපට වීමයි. මේ නිසා ලොවින්නට මස් කටුවක් වත් නොදී එය නිමාවට පත් කරන්ට ආණ්ඩුව සමත්වූ අතර ෆුටා ඊනියා අරගලකරුවන්ට අකුළාගෙන ගෙදර යන්ට සිදුවිය. ඔවුන් අවසාන මොහොතේ බැසිල් රාජපක්ෂගෙන් ඉල්ලා ඇත්තේ “අනේ සර් අපට අඩු ගානේ හිඟ වැටුප් වත් දෙන්න” කියාය. එය දෙන්නට අපහසුවක් නොවූ නිසා එය දෙන්නට ආණ්ඩුව එකඟ වී තිබේ. (නමුත් මෙය සදාචාර විරෝධීය. ෆුටා අනුගාමිකයෝ කිසිවකුත් මේ සදාචාර විරෝධී භාවය ප්‍රශ්න නොකරති.)

      මෙනයින් බලන විට ෆුටා සටන නතර වන්නේ විමල් වීරවංශටත් වඩා කුජීත වෙලාය. හුදෙක් හිත හදා ගන්නට කියන කතා වලින් ෆුටාහි පරාජයේ නිරුවත වැසිය නොහැකිය.

      Delete
    2. වැටුප් වැඩි වෙලාදකියල දැනගන්නට මාසෙ ඉවර වෙනකං ඉන්ට වෙනවා

      Delete
  15. දීර්ඝ ප්‍රතිචාරයක් එක්ක සංවාදයට එකතු උනාට භාතියට සහ ඇනෝට බොහොම ස්තුතියි!
    ඇනෝ,ඇත්තටම සටනක් පටන් ගන්න,අරගලයක් කරන්න ඒකට මිනිස්සුන්ව ඈදා ගන්න FUTA එක ගත්තු initiative එක ඇත්තටම අගය කරන්න ඕන. නමුත් ඔවුන් ඒක අත ඇරපු විදිහ තමයි සාහසික.මොනාද සාකඡ්ඡා උනේ මොනාද දිනා ගත්තු ඉල්ලීම් කියන ඒවා පැත්තක තිබ්බත් අඩු ගානේ වර්ජනය අත ඇරියේ ඇයිද කියලවත් පැහැදිලිව මහජනයාට ඔවුන් කිව්වේ නෑ. ඔවුන්ට ලේසියෙන්ම මාධ්‍ය සාකඡ්ඡාවක් කැඳවලා ඒක කියන්න තිබ්බා..ඇත්තටම භාතිය ඔබ කියන විදිහට 5000ක වෘත්තීය සමිතියකට භාර දීලා හුරේ දාගෙන අපිට ඉන්න බැහැ තමයි.නමුත් මේ අරගලය තිබ්බ ස්ටේජ් එකේදි මීට එහා දෙයක් මිනිස්සුන්ට කරන්න බැහැ.මිනිස්සු බලං හිටියේ ආචාර්යවරු මේ අරගලය next level එකට අරං යයි කියලා.එහෙම වෙලා තිබ්බා නම් සමහරවිට මීට වඩා ජන සහභාගීතවයක් තියෙන්න තිබ්බා.නමුත් අවාසනාවකට ඒක එහෙම උනේ නෑ!

    ReplyDelete
  16. තිරය ඉදිරිපිට තිරය පිටුපස සිදුවෙන සියලු දේ නොදැන අදහසක් පල කිරීමට සිත් නොදේ.
    එසේ කලහොත් අන්ධයින් පිරිසක් එක්ව අලියෙකූ විස්තර කල මෙන් විය හැක. ඒ එකෙක්වත් වැරදි නැත. ඒ ඔවුන්ට දැනුන හැටිය. අවසානයේ ඒ සියල්ල එක් කර දල අදහසක් ගැනීමටද බැරි කමක් නැත.
    හොඳ හෙලිදරව්වක් සාබිත් ලංකාවෙ එදා සිට අද දක්වා පැවතුන පවතින දේශපාලන ක්‍රමේ නොවැ පුදුම වෙන්න දෙයක් නෑ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගිමන් අදහසට. නිරීක්ෂන ඔස්සේ නිගමනවලට එලඹීම තමයි නේද තවම අපි දන්න සාර්ථකම ක්‍රමය!

      Delete
  17. මතක නෑ
    වචන දෙක
    හරි වැදගත්
    දේසපාලනේට

    ReplyDelete
  18. සාබීත්,

    වැරැද්ද ඇත්තේ ඔහෙ අය මිස්ටර් ප්‍රසිඩන්ට් කියන්නෙ නැතිව අතිගරු ජනාධිපති උතුමාණෙනි කියන නිසයි!!!

    ReplyDelete
    Replies
    1. මෙහෙ නම් ප්‍රාදේශීය සභා මන්ත්‍රීලත් 'සෑර්'ලා තමයි අරුණි අක්කේ!

      Delete
  19. මේවා දකින විට කියන්න සිදුවෙන්නේ බලන් කඩතුරා හැර දෑසේ කියල තමයි. කියන්න ඕනෙ දේවල් ඉහලින් මට කපින් කියල තියෙන නිසා අමුතුවෙන් ලිවිය යුත් දෙයක් නෑ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දයානන්ද අයියා අදහස්වලට!

      Delete
  20. කලකට වාලු කලකට රසවෙනවාලු කියලා කතාවක් තියෙනවා නේද.. කිව්වා හරිද මන්දා.. අන්න ඒක තමා මෙතනට හරි යන්නේ.. හැබැයි අනිත් පැත්තට.. ;)

    ReplyDelete
  21. ෆුටා.....
    මට මුකුත් මතක නෑ ඕයි....!!!!!!

    ReplyDelete
  22. මතක නැතිවීමේ රෝගය අපේ ජනගහනයෙන් සීයට අනුවකට තිබීම පොලිට්ක්කන්ගේ වාසනාවට හේතුවී තිබේ !

    ReplyDelete
    Replies
    1. පැහැදිලිවම! අර ප්‍රභාකරනුත් කිව්වයි කියනවනේ මොනා උනත් සති 2යි කියලා!

      Delete
  23. රටේ මිනිස්සුන්ට හරියන විදියට තමයි මහ රජතුමා දේසපාලනය කරන්නෙ. ඉතින් ඒකට කරන්න දෙයක් නෑ බලාගෙන ඉන්නවා ඇරෙන්න. 6% ප්‍රශ්නෙදි ආචාර්යවරු වර්ජනය අත්හැරියේ හරියට වර්ජනය නොතිබ්බ ගාණට. හරියට කන්දක් විළිලා මී පැටියෙක් වැදුවා වගේ. මම හිතන්නෑ ඊළඟට ආයෙ එකක් තිබ්බොත් මිනිස්සුන්ගෙන් සහයෝගය ලැබේවි කියලා. මටත් ඩිග්‍රිය ගන්න මාස 6යි තිබුණෙ ස්ට්‍රයික් එක පටන් ගනිද්දි, එත් දැනුත් තවත් මාස හයක් තියෙනවා ඔන්න. වැහැලා පෑව්වා වගේ!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ලහිරු අදහසට!

      Delete
  24. සෑබැ ජනතා නියෝජිතයා යනු අද වැලි කතරකට වැටෙන ජල බිංදුවක් මෙන්ය.මිනිසුන්ගේ මමත්ව ජිවන ගමන නිසා අද අපි ඉන්නේ ආ පසු ගොඩ යෑමක් නැති මුහුදු පතුලකය.
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
  25. ගුරුගෙදර වෙබ් අඩවියෙහි දිනපතා යාවත්කාලින වන මෙම බ්ලොග් අඩවිය දිනපතා සෑම මොහොතකම දැනගන්නට අසන්නට ලැබෙන පුවත් එසැනින් මෙහි පල කරනු ලැබේ ඔබත් මෙම බ්ලොග් අඩවිය වෙත එකතු වන ලෙස ඉල්ලා සිටිනවා www.gurumag.blogspot.com
    ගුරුගෙදර වෙබ් අඩවිය නිදහස් e අධ්යාාපනයක් උදෙසා සියලු දෙනාටම විවෘතව පවතී. www.gurugedara.org මේ හා එක්ව ඉගෙන ගන්න ලෝකය දිනන්න.

    නොමිලේ දැන්වීමක් පල කර ගැනීමටනම් gurulugomi2014@gmail.com ඊ -තැපෑල වෙත යොමුවන්න.

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...