Tuesday, February 26, 2013

අයි ඩෝන්ට් නෝ වයි V. How to understand women? ස්ත්‍රීයක තේරුම් ගන්නේ කෙලෙසද? (mens special)

ගේ බ්ලොග් එක ඉතින් පෘට් සැලඩ් එකක් කියලා කට්ටිය දන්නවනේ. කාලෙකින් ජෝක්ස් එකක් දාන්න බැරිවෙච්ච නිසා ඔන්න අද හිනා වෙන්න කැමති අයටයි පෝස්ට් එක.

හරි ඔන්න එහෙනම් කතාවට එන්ටර් වෙමු!
කියවලා හිනාවෙලා ලේ පිරිසිදු උනා නම් ඒ පින මගේ ගිණුමට බැර කරනු මැනවි!



ඔන්න ෂේප් එකේ බැඳලා තිස් ගනන් වල මුල වගේ ඉන්න ජෝඩුවක කතාවක් මේක..

බොහෝම ආදරෙන් වෙලිලා එතිලා ඉන්න මේ ජෝඩුව ඔන්න රෑ කෑම එහෙම කාලා කාමරයට එන්ටර් උනාලු. නෝනා ඉතින් කණ්නාඩි මේසෙ ඉස්සරහින් වාඩිවෙලා කොන්ඩෙ පීරන අතර නැගිටලා කණ්නාඩිය ඉස්සරහා එහෙට මෙහෙට කැරකෙනවා මහත්තයා ආසාවෙන් බලං හිටියලු.
හෙට අනිද්දට වයිෆ් ගේ උපන්දිනෙත් ලඟ ලඟම ඉන්න නිසා මහත්තයා ඇහුවලු

          "බබා.. ඔයාට උපන්දිනේ දාට මොනවද ඕන" කියලා..

          වයිෆ් කණ්නාඩිය දිහා බලා ගෙනම ඇහැක් අඩවන් කරලා
           "I want to be twenty six again"(මට ආයෙත් විසි හයක් වෙන්න ඕන) කියලා කිව්වලු!


ඕං කොහොම හරි කෙල්ලගේ උපන්දිනේ දවසත් උදා උනාලු. උදෙන්ම ඇහැරිච්ච හස්බන්ඩා පරිප්පුවකුත් උයලා පාන් ගෙනල්ලා (වත්මන් ලංකාවේ සුඛෝපභෝගී කෑමක් ලෙස සලකනු ලබන බැවින්) කලින් දවසේ ගෙනාපු සීයට පහයි නාරං වලින් ජූස් එකකුත් හදලා, වත්ත පහලින් කඩා ගත්තු මල් පොකුරක් එක්ක ඇඳ ගාවටම ගෙනිහින් හෙන රොමෑන්ටික් විදිහට බ්‍රෙක්ෆස්ට් එක ගත්තලු.

පස්සෙ දෙන්නත් එක්කම බයික් එකේ ගිහින් තුරුල් වෙලා ගිහින් 'බෝම්බ සහ රෝස' බලලා එහෙම දවල්ටත් හලාල් නැති පොට් එකක් බලලා එලියෙන් කාලා ගෝල්පේස් ගිහින් එද්දි හවස් වුන නිසා එහෙමම නයිට් ක්ලබ් එකකට හැරෙව්වලු. ( ලංකාවේ ත්‍රීවීල් අයියලාත් නයිට් ක්ලබ් යන කාලෙක මෙය නොවිය හැක්කක් ලෙස නොසලකන්න) ගිහින් හොඳට ඇතිල්ලි ඇතිල්ලි නටලා ගෙදර ඇවිත් වොශ් එකක් එහෙම දාගෙන් ඇඳට උනාලු. ඊට පස්සෙ ඉතින් අහවල් කාරියත් කරලා දෙන්නා දැන් තුරුල් වෙලා ඉන්න ගමන් හස්බන්ඩා අහනවලු

     ඉතින් ඩාලිං... ඔයාට ආයෙම විසි හයට ගියා වගේ දැනුනද?

     ඈඈඈ....

     ඇයි බබා ඔයා එදා කිව්වේ 'I want to be twenty six again කියලා...

ගෑනි රැව්වලු රැවිල්ලක්...
     ඒ මං කිව්වේ මගේ වෙස්ට් සයිස් එක ගැන මනුස්සයෝ....

ගත යුත්ත : ඔබ කොතෙක් සාවදානව අසා සිටියත් ඔබ තේරුම් ගන්නේ වැරදියටමයි! ඒ නිසා තේරුම් ගන්න උත්සහ නොකරන්න!

-------------------------------------------------------------------------------------------------------------------------

ඉස්ටෝරි නම්බර් ටූ :

ඔන්න බැඳපු ගෑනු මනුස්සයෙක් දවසක් කැලෑ පාරකින් යද්දි "ස්ස්..ස්ස්ස්" කියලා සද්දයක් ඇහුනලු!
වල් කොල්ලො ටිකක් වෙන්ඩ ඇතියි කියලා හිතපු මේ බවලතාත් ගනං ගන්නෙ නැතුව ඇවිදන් යනවලු.
ඒ පාර අර ස්ස්.. සද්දෙ ටිකක් ලඟින් ඇහෙනවලු. බැලින්නම් පඳුරක් අස්සෙන්ලු!

ටිකක් සෝදිසි කරලා බැලින්නම් පොඩි ගෙම්බෙක් ඉන්නවලු!

"මහත්මිය!"

බවලතා උඩ ගියාලු! ටෝකින් පැරට්ලා දැකලා තිබ්බට ටෝකින් ගෙම්බෙක් ගැන කුමාරිගේ කතාවේ අහලා තිබ්බට දකින පලවෙනි වතාව නොවැ.
කුමාරිට කුමාරයාව සැට් උනා වගේ මටත් සුවීප් එකක් ඇදෙයි කියලා හිතාන බය පැත්තකින් තියලා මෙයත් සීන් එකට එන්ටර් උනාලු;

"මහත්මිය. පුදුම නොවන්න...."

"මා බලගතු ගෙම්බෙක් මි! මා මේ උගුලට අසු වී ඇත.. මා නිදහස් කර දෙන්නේ නම් ඔබ කැමති වර 3ක් වහ වහා ලබා දෙන්නෙමි !"

බවලතාත් ඉතින් වැඩේ හරි තමයි කියලා හිතාන උගුලෙන් ගෙම්බව නිදහස් කලාලු.

"ස්තුතියි..අනේක වාරයක්! ඒසේනම් ඔබට වූ පොරොන්දුව ඉටු කරන්නට දැන් කාලය එලඹ ඇත.
නමුත් එක කොන්දේසියක් තිබෙන බව මා පැවසිය යුතුය. ඔබගේ දෑතේ මංගල මුදුවක් ඇති බව මට පෙනේ. ඒ නිසා ඔබ ඉල්ලන වරය මෙන් දස ගුණයක් ඔබේ සැමියාට ලබා දෙන්නෙමි "

බවලතා පොඩ්ඩක් කල්පනා කරකා ඕකේ කිව්වලු!

පලවෙනි වරය!

     "  මට මේ ලෝකේ ලස්සනම ගෑණිය වෙන්න ඕන!" ( සෝ ප්‍රෙඩික්ටබල් නේ ;p)

ගෙම්බා අනතුරු ඇඟෙව්වලු එහෙම උනොත් ලෝකෙ ලස්සනම මිනිහා වෙන්නේ හස්බන්ඩා බවත් ඒ නිසා ගැහැණු ඔහුට ඉන්න දෙන එකක් නැති බවත්!
බවලතා කිව්වලු ඒකට කමක් නෑ. ලස්සනම ගැහැණිය මං නිසා එයාගෙ ඇස් මගෙන් එහාට යන එකක් නැහැ කියලා!

ඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒස්වාහ්හ්හ්!

පුදුමයකි! අසුරු සැනින් ප්‍රියංකා චොප්රලා කැලේය!

දෙවෙනි වරය!

     " මට මේ ලෝකෙ වැඩියෙන්ම පෝසත් එක්කෙනා වෙන්න ඕන!"

අයෙත් ගෙම්බා වෝනින් එකක් ඉෂූ කලාලු! ගෑනි ඕකෙ එක දුන්නලු!
ඊගාව මොහොතේ ඇය ලොව ධනවත්ම ගැහැනිය බවට පත් උනාලු!

තෙවෙනි වරය!

ලස්සනත් තියෙනවා.. සල්ලිත් තියෙනව.
දැන් මොකද කරන්නේ කියලා කල්පනා කරලා කපටි සොරි ඥානවන්තව කල්පනා කරලා කිව්වලු

     "මට පොඩීඊඊඊඊඊඊ හාට් ඇටෑක් එකක් ඕන" කියලා.

ගෙම්බා ආයෙම මතක් කලාලු! ඔබ දන්නව කොන්දේසිය..ඒ වගේම ඉල්ලීමේ බැරෑරුම්කම! ඔබට වගේ දස ගුනයක් ඔබේ සැමියාට හිමි වන බව!  බවලතා ඕකේ එක දුන්නලු!

ඒඒඒඒඒඒඒඒඒඒඒස්වා!

.
.
.
.
.
.
.
.
.
.
දැක්කද..? ගැහැනු කොයි තරම් ඥාන්වන්තද කියලා! ලේසි නැහැ නේ?

ඔබ පාඨිකාවක් නම් කතාව මෙතනින් අවසාන වන බව කරුණාවෙන් සලකන්න!

බෝයිස්ලා ඇන්ඩ් අංකල්ලා..පහලට!
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
 අර බවලතාට වගේ දහ ගුනයක් පොඩි හාට් ඇටෑක් එකක්ලු හස්බන්ඩ්ට හම්බ උනේ! :D :D
ගැහැණු හිතන්නේ එයාලගේ මොලේ තමයි මොලේ කියලා!! :D


ඔබ පාඨිකාවක් නම් සහ තවමත් මෙය කියවනවා නම්!
කියන දෙයක් අහන්නෙම නැහැනේ මුං! -___-

54 comments:

  1. පලවෙනි කතාව අපේ කරලා තියෙනවා නියමෙට. අර හලාල් කතාව පට්ට තම්බි. පළවෙනි එකේ තරම නැති උනත් දෙවනි එකත් පට්ට... චූටී හාට් ඇටෑක් නේ ඉල්ලිවේ. මම කාලෙකට කලින් ලිව්වා. ඔය ගෙම්බම හාවෙකුටයි වලහෙකුටයි හම්බ (මුන් ගැහීම. නැත්නම් හම්බ කිව්වා කියලා මල පනියි.) උන වෙලාවේ කතාව. අපේ මාමා කෙනෙක් කිව්ව මුස්ලිම් එකෙක් මහණ වෙලා ගෙම්බෙක් ගැන කියපු ජාතක කතාවක්. ඒකෙ ඌට හරියට ගෙම්බා කියන්න බෑ. කියන්නෙ වෙන එකක්. උඹත් කියන්නෙ එහෙමද දන්නෙ නෑ..... හික්ස්...

    ReplyDelete
    Replies
    1. පිස්සුද! :D 2002 ලංකාවේ හිටපු හොඳම සිංහල පාසල් කථිකයන් අතර හිටිය එකෙක් මම! :) උඹලට වැඩිය හොඳට ගෙම්බා කියන්න පුලුවන් මට!

      Delete
    2. හික්ස්... එල එල...

      Delete
  2. මටනම් කතාව කියවන්ඩ කලින්ම හිනා ගියා පින්තූරෙ දැකලා..

    පළවෙනි එක ඇහුවමයි..

    දෙවෙනි එකනම් අර ස්ත්‍රීන්ට තහනම් තැනට එනකම් අහලා තිබුනා.. ඊට පස්සෙ ටික මට අළුත්..

    පින අනුමෝදන් කොළා එහෙනම්..

    ගෑණුන්ව විතරක් නෙමේ බන් මිනිස් සතාවම තේරුම් ගන්න බෑ.. ඒ තරම් සංකීර්ණයි.

    ReplyDelete
    Replies
    1. අර සින්දුවකුත් තියෙන්නේ 'සිනා සිසී කීවත් රස මිහිරි කතා.. මිනිසා තමයි හඳුනා ගත නොහැකි සතා' ද මොකක්ද කියලා!

      Delete
  3. click here

    ඔන්න ගෑනු ගැන සහ මිනිස්සු ගැන අධ්‍යයනය කොරන්ඩ කියාපු වීඩියෝ කෑල්ලක්.කතා දෙක පට්ට.ඔන්න පිං එහෙමත් දුන්නා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි.. හොඳට හිනා වුනා..

      Delete
    2. මචං! කියන්න වචන නෑ වීඩියෝ එක ගැන නම්! සහතිකම සහතිකම සහතික ඇත්ත! බැඳපු උන් සාක්කි දරාවි! :D

      Delete
  4. අර පළවෙනි කතාවනම් හරියටම හරි සබියෝ.. මටත් ඕක වෙලා තීනවා... හෙහ්..

    ReplyDelete
  5. හැක හැකස්....
    මං නං ගෑනු තේරුං ගන්නෙත් නෑ තේරුං ගන්න උත්සහ කරන්නෙත් නෑ කවදාවත් තේරුං ගන්න එකකුත් නෑ....
    අර ගෙඹි කේස් එකනං මාර සිරා ඈ...

    ReplyDelete
  6. ලස්සනයි . පලමු කතාව මට පේන විදියට ඔයාගේ 'අත්දැකීමක් ' වගේ ? නැත්තං ඔච්චර " තාත්විකව " ලියන්න බෑ. දෙවෙනි එක ' අමූලික ඇත්ත' කතාවක් . ගෙම්බො කොහොම වෙතත් ඔයවගේ ගෙම්බියෝ නං හම්බුවෙලා තියෙනවා . ' වර , වර ' කියල අඬගහගෙන ගිහිල්ලත් තියෙනවා

    ReplyDelete
    Replies
    1. මොන අත්දැකීම්ද අප්පා අපි වගේ පොඩි කොල්ලන්ට! ;p

      Delete
  7. සබිත් ලස්සනට මඩ ගසන්න දන්නවා නේද?
    නැතිනම් ඔළුව අත ගා ටොකු අනිනවා....! කොහොම උනත් ඔබට ආසන්න අත්දැකීමක් නොවේවා කියනවා.

    ReplyDelete
    Replies
    1. ;p ඒ උපහාසය බුද්ධිමත් පාඨකයන්ට! :) එහෙම නොවේවා කිව්වට මෙහෙම නොවෙන/නොවුන මිනිස්සු ඇත්තටම ඉන්නවද කියලත් සැකයි අප්පා වෙලාවකට!

      Delete
  8. සැට් එකම එළ! කාලෙකින් හිනාවුනේ.

    ReplyDelete
  9. සැට් එකම එළ! කාලෙකින් හිනාවුනේ.

    ReplyDelete
    Replies
    1. මූ දෙකට වෙන වෙනම හිනා වෙලා තියෙන්නේ :D

      Delete
    2. හෑ! මම එකයි දැම්මෙ බං. අම්මාපල්ල. උදේ පාන්දර මේක බලල කමෙන්ට් එක දාන්න යද්දි සයින් අවුට් වෙලා හිටියෙ. ඒගමන්ම ඇතුල්වෙලා දැම්මෙ. මොකක් හරි කේස් එකක් ඇති....

      Delete
    3. මගේ බ්ලොග් එක ගැන බ්ලොගර්ටම දුක හිතිලා වෙන්ඩැති එකම කොමෙන්ට් එක දෙපාර දෙපාර දාන්නේ! :D

      Delete
  10. වැඩිම හිනා පොටෝ එකට...

    ReplyDelete
    Replies
    1. සිරාවට! පොත් ලියලා ඒවයෙ කවරවලත් ලියත හැකි ගෑණු ගැන නම්!

      Delete
  11. පළමු කථාව නියම උපහාසයක් උනාට එහි ගන්නට පුළුවන් යමක් ඇත.ජිවිතය අවබෝධයෙන් යුතුව රැගෙන යා යුතුය.එහෙම නුනොත් පුංචි අත්වැරදිමක් වෙන්විම දක්වා අරගෙන යනු ඇත.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්. ස්තුතියි අදහසට!

      Delete
  12. ඒ උනාට මලේ...වර්ටිකල් මවුත් ඉස් මෝ(ර්) පවර්ෆුල් දෑන් හොරිසොන්ටල් මවුත්....

    ReplyDelete
    Replies
    1. ආයි අහලා! ඒ කාලේ අධිරාජ්‍යයන් හදපු..තිබුන ඒවා බිඳෙන්න හේතු වෙච්ච එකක් නොවැ ඔය වර්ටිකල් මවුත් එක! :D

      Delete
  13. ඇයියේ සැමියාට දහගුණයක් පොඩි හාට් ඇටැක් එකක් ආවේ..මීටර් මදිනේ මට...පල වෙනි එකනම් තේරුනා

    ReplyDelete
    Replies
    1. ඇයි බං දහ ගුනයක් මහත්තාට දෙනවා කියලනෙ කොන්දේසිය! ඉතින් මෙය 'පොඩි' එකක් ඉල්ලුවාම දහගුනයක් 'පොඩි' එකක් නෙ දෙන්න ඕන!

      Delete
  14. සාබිත්ගෙ වෙන්ඩ නෝනා මේක කියවන්නෙ නෑ කියල විශ්වාසයි..

    ReplyDelete
    Replies
    1. එහෙම කෙනෙක් නැති හින්දා නේන්නම් මෙහෙම බය නැතිව ලියන්නේ!

      Delete
  15. පින් පින් පින්... :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  16. අපේ මහත්තයාටත් කියලා බලන්නෝනැ ඔය විසිහයේ කතාව...!!

    ReplyDelete
    Replies
    1. :D පව් අසරණයා! දිනුක මරු වීඩියෝ එකක් දාලා තියෙනවා උඩ කොමෙන්ට් එකේ. ගිහින් බලන්න! :)

      Delete
  17. මරු මචං... ගෑණු හිතන් ඉන්නේ එයලා තමා පොරවල් කියලා.. ;)

    ReplyDelete
    Replies
    1. ආයෙ අහලා! අහුවෙන්න එපා මචං!

      Delete
  18. නියමයි සාබිත් කතා දෙකම. අනික දෙවෙනි කතාවේ ෆෝමැට් එකත් මරු!

    කොටින්ම මගේ නෝනෙටත් හිනා ගියා.

    ReplyDelete
  19. //දවල්ටත් හලාල් නැති පොට් එකක් බලලා එලියෙන් කාලා//

    // හොඳට ඇතිල්ලි ඇතිල්ලි නටලා//

    හී හී...අනේ මන්දා සබිත්, කොච්චර හිනාගියාද කීවොත්, ටී බෑග් එකක් කඩලා කෝපි කියලා කෝප්පෙකට දැම්මනේ.

    ReplyDelete
    Replies
    1. හොඳයිනෙ පොඩ්ඩි. කෑමයි බීමයි දෙකම කෝප්පෙ!

      Delete
    2. :D තැන්ක්යූ පොඩ්ඩි!

      Delete
    3. ඩූඩ් ගෙ කොමෙන්ට් එක ස්පෑම් ගෙඩේ තිබුනේ! තේයි කෝපියි දෙකම බොන ජාති නෙ! බීම කතාව හරි, මොකක්ද කෑම කතාව? :/

      Delete
  20. නියම කතා දෙකක්.

    මං ඔය දෙවෙනි කතාව අන්තිම හරිය අහල තිබ්බෙ මෙහෙම...

    අර ගෑණු කෙනා කිව්වලු "තුන්වෙනි වරය විදිහට මාව බාගෙට මැරෙනකං හිනස්සන්න..." කියල...

    ReplyDelete
  21. නියම කතා දෙක.

    ReplyDelete
    Replies
    1. :) ස්තුතියි අදහසට!

      Delete
  22. මචං උඹ කමෙන්ට් රිප්ලයි කරන්නේ තෝරාගන්න පිරිසකට වගේ කියල මට හිතෙනේ. කමෙන්ට් කරන හැම කෙනෙක්ම බ්ලොග් එකේ අයිතිකාරයාගේ රෙප්ලයි එක බලාපොරොත්තුවෙනවා. ඇතැමුන්ට රිප්ලයි කරලා ඇතැමුන්ට නැති වුනාම හිතෙන්නේ එකම පොස්ට් එකේ හැඳි දෙකකින් බෙදලා වගේ.අවංකව දුක හිතෙන්න ඉඩ තියෙනවා.

    ඒත් මම දන්නවා උඹ කාර්‍යබහුල කොල්ලෙක් කියල. හැමෝටම සධරනයක් කරන්න උත්සහ කරපන්.

    උඩ කතාව අර ෆිල් එක දෙවන ලෝක යුද්ද කාලේ ආපු එකක් නේ. අලුතින් ඒකම ආයේ ගහලා.

    ReplyDelete
    Replies
    1. උඹ කියන කතාවෙ ඇත්තක් නැතුවමත් නෙවෙයි. මං රිප්ලයි කලේ මට ඊට යමක් එකතු කරන්න තියෙනවා කියලා හිතුන කොමෙන්ට් වලට විතරයි. සිංහල බ්ලොග්වල තියෙන කැත පුරුද්දක් තමයි ගොඩක් අය නැවත කොමෙන්ට් එකක් බලාපොර්තුවීම! අපිත් ඉතින් ඒ අවකාශෙම ඉන්න උන් නිසා ඒකට අනුගත වෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ වගේ :) ස්තුතියි අදහසට!

      Delete
    2. මම දන්නේ නැහැ ඒක කැත පුරුද්දක් ද කියලා. මම සිංහල බ්ලොග් කියවන්න ආපු දවසේ ඉඳලම හැම තැනම දැකලා තිබුනේ රිප්ලයි කරනවා.

      Delete
    3. ඒක කැත පුරුද්දක් නෙමේ. මමත් බලා ඉන්නවා මගේ කමෙන්ට් එකට උත්තර බඳින කල්. දැන් මෙතනට කීපාරක් ඇවිත් බැලුවද? එහෙම කිරීමෙන් කියවන අයට ලැබෙන්නේ ධෛර්යයක්!!!

      සමහරුන්ට විතරක් කමෙන්ට් කිරීමෙන් වෙන වෙන දේවල් හිතෙන්ට පුලුවනි.:)

      Delete
    4. අම්මෝ!!! හරි හරි... ඔන්න එහෙනම් බහුතර මතයට හිස නමලා මාත් ඒ ක්‍රමයට අනුගත වෙන්න උත්සහ කරන්නම්! :)

      Delete
  23. පොඩිකතා දෙකෙන් කාන්තා පාර්ශවේ හොඳට විස්තර කරල තියෙනවා :D

    ReplyDelete
    Replies
    1. MAN VS WOMEN කියලා තව ලිපි දෙක තුනක් ලියලා තියෙනවා මං කාන්තා පාර්ශවේ ගැන විස්තර කරලා! කියවලා නැත්නම් කියවන්න! :)

      Delete
  24. අයියෝ සංසාරේ... අර පොතේ ලොකු...!!
    මං මේ කල්පනා කළේ අනේ මං පොඩි එකා කිය කියා පරසක්වල ගහන සාබිත්ට ගෑණු ගැන පොත් ලෝඩ් ලියන්න තරම් කරුණු කාරණා කොහෙන් පාත් උනාද කියල...බලන් හිටපං මලේ හෙට අනිද්ද බොටත් අර දිනේෂ් මලයට වෙච්චි එකේ අනිත් එක වෙන්නැද්ද කියල... නෑ මං හිතන්නෙ... දැනටමත් වෙලාද කොහෙද.... :D

    මොනව උනත් මරු කතා දෙක සාබිත්... ඒ විතරක් නෙවෙයි අර වීඩියෝ එකත්... මං අන්තිම වෙනකම්ම ඒ වගේ අවසානයක් හිතුවෙ නෑ... හික්ස්...

    ReplyDelete
    Replies
    1. හක හක! සමහරු අත්දැකීමෙන් ඉගෙන ගන්නවා. සමහරු අනිත් අය දිහා බලලා ඉගෙන ගන්නවා. මං දෙවෙනි කාන්ඩෙ! එහෙම හම්බෙච්ච දාක මේ ලියන ඒවා වැඩි උනත් අඩු වෙන එකක් නම් නෑ! :D
      අර වීඩියෝ එක තවත් රසවත් වෙන්න තිබ්බා අරූ ඇත්තටම යන්න හදන සීන් එක නැත්නම්! ඒකෙන් අර ගෑනු කෙනාගෙ සැක කිරීම හරි වගේ අදහසක් එන එක එච්චර හොඳ මදී වගේ! ;)

      Delete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...