Tuesday, January 6, 2015

මහින්දට ඡන්දය දිය යුත්තේ ඇයි? Why MR?



ත්මන් රාජපක්ෂ රෙජිමයේ ප්‍රචාරන යාන්ත්‍රනයේ ප්‍රධාන පාඨයන් කිහිපය ගෑන සඳහනක් තබන්නට සිතුනි. ඔවුන්ගේ ප්‍රචාරනය දියත්වන්නේ මූලික තේමාවන් තුනක් ඔස්සෙයි.

  1. යුද්ධය/ කලගුණ
  2. සංවර්ධනය
  3. විදේශ කුමන්ත්‍රන/රට බෙදීම්
යුද්ධය ගැන කෙස් පැලෙනකන් සිංහල බ්ලොග් අවකාශයේ අප තර්ක කලෙමු. සටහන් කලෙමු. 2009 සිට මේ දක්වා 'ඇර ගත්' ප්‍රස්තූතයන් 'අතර යුධ ජයග්‍රහනයේ සෑබෑ අයිතිකරු කවුද?' ඉහලින්ම සිටී. යුධ ජයග්‍රහනය සඳහා දෙශපාලන නායකත්වය සේම සංග්‍රාමික නායකත්වයද එකසේ වැදගත්විය. ඒ නිසා එහි අයිතිය සමව බෙදී යා යුතු අතර එක් පාර්ශවයක් විසින් පමනක් එහි අයිතිය තමන් සතු කරගැනීම සාධාරන නොවේ!
වත්මන් ජනපතිතුමා උතුරට ගොස් දෙමළ ජනයා අමතා පරන දේවල් අමතක කර දමා එකට දෑත් බැදගන්න කතා කරන ගමන්ම ගිය හෙලිකොප්ටරෙන්ම ආපසු නුවරට ඇවිත් යුද්ධය මාකට් කරයි. ආපසු උතුරට ගොස් දන්න යකාට ඡන්දය දෙන්නැයි කියයි, අලුතෙන් පටන් ගමු කියයි. ඒ කියන ගමන්ම බම්බලපිටි හන්දියේ ලොකු තිර දමා කොටි බෝම්බ ගෑසූ හැටි දකුණෙ ජනයාට පෙන්වයි. මැරිච්ච මිනිසුන්ගේ මිනී මාකට් කරයි. එතුමාගේ අරමුන කෙසේ හෝ නැවත බලයට පැමිනීම විනා ප්‍රතිපත්ති මත පදනම් වූ එකක් නොවේ. අනික රට දියුණු කිරීම, ආර්ථිකය නගා සිටුවීම වැනිදෑ තමන් පත්වූ පදවියේ වගකීම විනා එය ජනතාවට කරන උපකාරකයක් නොවේ. ඒ නිසා අමුතුවෙන 'කලගුණ' සලකන්නට දෙයක් නැත.ඇරත් චාමි බුකියේ පැවසූ ආකාරයට සර්වජන ඡන්ද බලය වැනි දියුනු සංකල්ප තිබෙන්නේ කලගුණ සලකනවා වැනි ආචාරධාර්මිකවතාවත් ඉටු කිරීමට නොවේ!


සංවර්ධනය ගැන කතාකරන කල්හී සංවර්ධනය මැයින් අදහස් කරන්නේ හුදු භෞතික සංවර්ධනය පමනක් නොවේ. සංවරධනය යනු පුලුල් පරාසයක විහිදුනු එකක් විය යුතුය. එය ප්‍රමානාත්මක මෙන්ම ගුණාත්මක එකක්ද විය යුතුය. ලංකාවේ අධිවේගි මාර්ග මං මාවත් ඉදිවෙන බව සැබෑවකි. නගර අලංකරනය වන බවත් සැබෑවකි. නමුත් එතනින් එහාට ගිය පුලුල් සංවර්ධනයක් මේ රෙජිමය තුලින් අප දකින්නේ නැත. ගුණාත්මක සංවර්ධනයක් නැත. මානුෂීය සමාජීය සංවර්ධනයක් නැත. රටේ නීතිය හා අධිකරණයේ ස්වාධීනත්වය බරපතල ලෙස හෑල්ලුවට ලක් කර තිබේ. ( හිටපු අගවිනිසුරුවරියගේ ඉරණම සිහියට නගා ගන්න. වත්මන් අගවිනිසුරුවරයාගෙ ක්‍රියා කලාප, ජනපති සමග විදේශ සංචාර වලට සහභාගී වීම ආදිය සිහියට නගා ගන්න) නීතියේ ආදිපත්‍යය බල්ලාට ගොසින් බව අමුතුවෙන කිවයුතු නොවේ. ( ස්වයං ගස් බැඳ ගැනීම්,  මතකයට නංවා ගන්න. අදිවේගී මාර්ගයේදී නියොජ්‍ය ඇමතිවරයාට දඩ කොලය දුන් පොලිස් නිලධාරියාට අත්විඳින්නට වූ දේ සිහි නංවා ගන්න.) ස්වාධීන පොලිස් කොමිසම් සභාවන් ඈතුලු අනෙකුත් ස්වාධීනකොමිෂන් සභාවලට වෙච්ච දෙයක් නැත. භාෂනයේ නිදහස නැත. මාධ්‍ය නිදහස ඇත්තේ රජයේ මාධ‍ය වලට පමණි. ඔවුන් හැසිරෙන අයුරු අතිශය නින්දිතය. මහජනතාවගේ මුදලින් පඩි ලබන ඒවායේ ඇත්තන්ගේ හෘද සාක්ෂිය ඇත්තේ කොහෙදැයි දන්නේ දෙවියන් පමණී. ලසන්ත වික්‍රමතුංගලා, එක්නැලියගොඩලා, පෝද්දල ජයන්තලා, කීත් නොයෙල්ලාගේ සිද්දීන් මතක ඇතැයි සිතමි. ආගමික නිදහස ගැන අමුතුවෙන් කීමට අවැසි නොවේ.පවුල් දෙකක් අනාථ කරපු, තරුණ කකුල් දෙකක් කපන්න වැඩ සලස්වපු ගෙවල් 160ක් කුඩු කරපු,පල්ලි ගිනි තියපු සිද්දීන් වලට අද වෙනතෙක් වග උත්තරකරුවන් නැත. අධ්‍යාපනයට වෙන්කරනා මුදල් ප්‍රමානය වෙන කවරදාකටමත් වඩා කප්පාදුකොට ඇත. ඉල්ලීම් ඉල්ලා පාරට බසින උදවියට අත්වෙන ඉරණම අමුතුවෙන් මතක් කල යුතු නැත. කටුනායක චානක, මීගමුවේ ඇන්තනීලගේ ඉරණම රතුපස්වල වෙඩි තැබීම් අමතක නැතිව ඇතැයි සිතමි. කොළඹ ආකේඩ් එකෙන්, රේස් කෝස් එකෙන් එහාට ගිය සංවර්ධනයක් තිබේ. එය පෙනෙනුයේ නුවනින් නොව නුවණින් බලනවුන්ට පමනි. කරුමය නම් දෙශපාලන පාට කණ්නාඩි දාගත් කලට උගතුන් පවා නූගතුන් සේ හැසිරීමයි.

විදේශ කුමන්ත්‍රන යුගයේ විහිලුවයි. පචවංශලා කියනා විදිහට ඔබාමලට ලංකාවට එරෙහිව කුමන්ත්‍රණය කර කර ඉන්නවා ඇරෙන්නට වෙන වැඩක් නැතිය. තව අවුරුදු දෙකක් ගෙඩි පිටින් එලියෙන් තියෙද්දිත් ව්‍යවස්ථාව එහෙට මෙහෙටකර තෙවන වාරයකට ඉඩ සලසාගෙන කලින් ජනාධිපතිවරණයක් කැඳවුයේ කවුද? ඒවා රට අස්ථාවර කරන විදේශ කුමන්ත්‍රන නම් එලෙස මැතිවරණයක් කැඳවූ පුද්ගලයාත් ඒ කුමන්ත්‍රනයේම කොටසක් නොවේද?

වත්මන් රෙජිමයේ ඇත්තන්ගේ මෙන්ටල් සෙටප් එක පහත පරිදිය.

ආණ්ඩුවෙන් එලියට යන සිංහල මන්ත්‍රීන් - කුමන්ත්‍රනකරුවෝ/දේශද්‍රෝහීන්
ආණ්ඩුවෙන් ඉවත්වූ මුස්ලිම් කොංග්‍රසය ප්‍රමුඛ මුස්ලිම් මන්ත්‍රීන් - උන්ට වෙනම රටක් ඕනැ/ ජිහාඩ්කාරයො
TNA ප්‍රමුඛ දෙමල සංධානය - ත්‍රස්තවාදීන්/ LTTE කාරයින්

ඉහත දේශපාලුවන්ගේ දේශපාලන සද්භාවය වෙන වෙනම ප්‍රශ්ණ කල යුතුය. නමුත් මෙතන ඇත්තේ කන්න ඕනෑ උනාම කබරයාත් තලගොයා වීමේ න්‍යායයි.ගිය සතිය වෙනකන් ආණ්ඩුවේ ඉන්නකම් හකීම්ලා එක්ක ඇරියස් නැත. ආණ්ඩුවේ ජාතික ලැස්තුවෙන් ආසන දෙකක් සහ අධිකරන ඇමතිධූරය හකීම්ට දෙනකොට, බදියුද්දීන් පනින්න ඔන්න මෙන්න තියෙද්දි තමන්ගේ පැත්තට නම්මා ගන්නට ජාතික ලැස්තු මන්ත්‍රීධූර ඇමතිකම් දෙනකොට අවුලක් නැත. උන්ගේ ජිහාඩ් මතක් වෙන්නේ පැන්නට පස්සේය.
දෙමළ ජනයාගෙන් 70%ක් පමන දෙනා නියෝජනය කරන්නේ දෙමළ සංධානයයි. අපි ඔවුන්ට තව කොපමන කලක් කොටි ලේබල් ගසා පැත්තකට තල්ලු කොට තබන්නට බලාපොර්තුවන්නේද? මේ රටේ ජාතික දේශපාලන ධාරාවට ඔවුන් පිලිහගන්නේ කවදාද. දෙමළ ජනතාවගෙන් ඇතැම් අන්තවාදීන් අවි ගන්නා තැනට තල්ලු කලේ ඇතැම් සිංහල අදූරදර්ශී දෙශපාලුවන් බවට විවාදයක් නැත. කොටි ලේබල් අලවමින් ඔවුන්ව තවදුරටත් ජාතික දේශපාලනයෙන් ඉවත් කර තැබීම කොතරම් දුරට දූරදර්ශීද. ඔවුන්ට අවස්ථාවක් දී බලන්නට අපිට බැරි ඇයි.
කාතන්කුඩියේ මුස්ලිමුන් 113ක් පල්ලිය ඇතුලේ අමු අමුවෙන් මරාදැමු, අරංතලා සංහාරයට, ශ්‍රී මහා බෝ / දළදා ප්‍රැහාරයට වගකිවයයුතු මහ මොළකරු උපනායකත්වය දරන පක්ෂයකට කතිරය ගසන්නට හිත හදා ගන්න පුලුවන්නම්, ඔහුට ගරු, ඇමතිතුමා යනුවෙන් ගෞරව පූර්වකට කතා කල හැකිනම්. හමුදාවේ ඉහල නිලධාරීන් ඔහුට සැලියුට් ගහනව බලා ඉන්නට හැකි නම්, තමන්ගේ පැත්තට වී තමන්ගේ පිට කහනකම් සද්ද නොකර ඉන්නට පුලුවන් නම්, පැත්ත මාරුකරපු ගමන් උන්ගේ කිල්ලෝටවල හුණු බලන්නට යාමට ඔබට සදාචාරාත්මක අයිතියක් නැත.

රටට එරෙහිව විදේශ බලවේගවල නැගිටීමක් තිබේ නම් එයට මේ ආණ්ඩුවද ඍජුව වගකිව යුතු ඈත. යුද්ධය අවසානයේ ලාංකීය ජනයා 'කළ ගුණ' සලකා වත්මන් ජනපතිතුමා නැවතත් බලයේ පිහිටවනු ලැබීය. ඉන්පසු ඔහුගේ වගකීම වූයේ යුද්ධයෙන් පසු යුද්ධය ජය ගැනීමයි. විදේශ අත්පෙවීම් අනවශ්‍ය බවට පවසමින් ලංකාව තුලම ඒ සඳහා ක්‍රියාමාර්ග ගැනීමට පිහිටවූ උගත් පාඩම් කොමිසමේ වාර්තාවට වෙච්චි දෙයක් නැත. ඒවා ආයි මතක් වෙන්නේ ලබන ජිනීවා සැසිය ලංවූ විටයි. එකී නිර්දේශ ක්‍රියාත්මක කොට යුද්දය අවසන් කලාක් මෙන් ඒ හා බැදුනු මානුශීය ගැටලු නිරාකරණය කරගෙන ඉදිරියට යාමට අපට සැබෑ ඕනෑකමක් ඇති බව ජාත්‍යන්තරයට පෙන්වන්නට හැකියාවක් තිබුනා නම් තත්ත්වය මේ තරම්ම නරක් නොවන්නට තිබිනි. ඒ වග ජාත්‍යන්තරයට දැනුවත් කල හැකි විදේශ සේවයක් රටට අවැසිය. නමුත් එක් එක් රටට පිටත්කොට ඇත්තේ දේශපාලන හෙංචයියන් පිරිසකි. වැඩක් කරන කල හැකි උන්වත් අටපාස් නැති ජාත්‍යන්තර කටයුතු පිලිබඳ ජනාධිපති දේශපාලන උපදේශකයින් කන පලා ගෙදර යවන වටපිටාවක් නිර්මානය වී තිබේ.

මයිත්‍රී ජයග්‍රහනය තුලින් සියල්ල විසදේ යැයි මා කියන්නේ නැත. සෑම අලුත් ආරම්භයක් සමගම අලුත් බලාපොර්තුවක් ඇත. වෙනසක් නොවෙන්නට පුලුවන. නමුත් වෙනසක බලාපොර්තුවක් තබා ගන්න හැක. මා ඒ බලාපොර්තුව තෝරා ගනිමි.. බලාපොර්තු හොඳ දෙයකි. බලාපොර්තු තබා ගැනීමේ වරදක් නැත. වෙනසක අවශ්‍යතාව වෙනකවරදාකටමත්ම වඩා දැනේ.  Mark Twain ගේ පාඨයකින් අවසන් කරමි.


“Politicians and diapers must be changed often, and for the same reason.”
-Mark Twain-



ප.ලි : අවසන් විභාග අත ලඟ බැවින් ප්‍රතිචාරවලට ප්‍රතිචාර පමාවිය හැක!

18 comments:

  1. ඔබගේ අධ්‍යාපන කටයුතුවලට බාධා නොවෙම සඳහා කෙටි පිළිතුරු පමණක් සපයමි.

    1. අතීත්යේ සෙන්පතීන් සේම රාජ්‍ය නායකයන්ද සිටි බැව් ඔබ දනී. ඒ දෙගොල්ලටම යුද්ධය ජයග්‍රහණය කිරීමට හැකි වූයේ නැතිබවත්, මහ ජනතාව යුද්ධයෙන් පීඩා විඳිමින්, එය අවසන් කල යුතුයි යන මතයේ සිටි බවත් ඔබ දනී. විපක්ෂය යුධ ජයග්‍රහනයේ වැඩි වාසිය ජනරල් ෆොන්සේකාටත්, හෙළ උරුමයටත්, ජවිපෙටත් ලබා දෙමින් යුධ ජයග්‍රහණයේ වාසුය ලබා ගැනීමට වැඩි උත්සාහයක් ලබා ගැනීමට උත්සහ කිරීම තුලින් සිදු කරනුයේද යුද්ධය මාකට් කිරීමක් බව ඔබ නොපිලිගන්නවානම් එය විමතිය දනවන කරුණකි.

    2. අයෝජකයින් රටට පැමිණීමට යටිතල පහසුකම් අවශ්ය බව ඔබ දන්නවා ඇතැයි සිතමි. දීර්ඝ කාලීන ආයෝජනවලින් ක්ෂණික ප්‍රතිපල බලාපොරොතු වෙම්ම සිහිනයක් බවද කිව යුතුය.

    3. 2014.12.24 දින වාද පිටිය වැඩසටහනේ තුන්වන වටයේදී බුද්ධික පතිරණයන් කියූ දේ බලන්න.. විදේශ කුමන්ත්‍රණ වල තත්වය ඔබට වැටහේවි..

    ReplyDelete
    Replies
    1. //1. ඒ දෙගොල්ලටම යුද්ධය ජයග්‍රහණය කිරීමට හැකි වූයේ නැතිබවත්, මහ ජනතාව යුද්ධයෙන් පීඩා විඳිමින්, එය අවසන් කල යුතුයි යන මතයේ සිටි බවත් ඔබ දනී. විපක්ෂය යුධ ජයග්‍රහනයේ වැඩි වාසිය ජනරල් ෆොන්සේකාටත්, හෙළ උරුමයටත්, ජවිපෙටත් ලබා දෙමින් යුධ ජයග්‍රහණයේ වාසුය ලබා ගැනීමට වැඩි උත්සාහයක් ලබා ගැනීමට උත්සහ කිරීම තුලින් සිදු කරනුයේද යුද්ධය මාකට් කිරීමක් බව ඔබ නොපිලිගන්නවානම් එය විමතිය දනවන කරුණකි.//


      මහින්ද තාම විශ්වාස කරන්නේ ඵ්ක බොරුව සිය පාරක් කිව්වාම ඵ්ක ඈත්ත වෙනව කියන තියරිය.
      ම්හින්දත් කලින් උන් වගේම ප්‍රබාකරන්ට සාම සාකච්චා පෙම් ලියුම් යවයව හිටපු කාලේ ,ත්‍රස්තවාදයට යුද්දෙන් පිළිතුරු දෙන්න ඔන කියන ජනමතය හෑදුවේ ජවිපෙ ඊට අමතරව හෙල උරුමය .
      ඵ් මතය, අති දක්ශ විදියට යුද්දයකින් අවසන් කලේ ජෙනරාල් තුමා.

      නමුත් යුද්දේ දිනූ හෑටියෙම ජෙනරාල් තුමාව හමුදාවෙන් අයින් කරමින් ජවිපෙ හෙළ උරුමයේ රටට හිතෑති පක්ශ පන්නා දමමින් සජින් වාස් වගේ හොරු දුමින්ද වගේ කුඩුකාරයො ල කරගනිමින් රටට මුන් ඵක්ක කරන ජරා වෑඩ වහගන්න යුද්දෙ කලේ මම යි මල්ලියි කියමින් රිලා නෑටුම් නටන්න පටන්ගත්තා.
      ම්හින්ද යුද්දයේ තනි අයිතිය ගන්න හෑදීම ඈතුලේ ජනතාව වන අපිට ,යුද්දේට ජන මතය හෑදුවේ කවුද යුද්දය දිනාදුන් සෙන්පතියා කවුද සටන්කරපු රණවිරුවෝ කවුද කියලා මතක්කරලා දීමේ ශුද්දවූ අයිතියක් තියනවා.

      මහින්ද ප්‍රබාකරන් කියන බිo ඌරා වගේම අරලියගහ මන්දිරේ අඩි සියගානක් පොළව යට හෑගිලා යුද්දේ කරාදා නෑත්නම් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා බෝම්බ පහරවල් කමින් යුදබිමටබ ගොස් මෙහෙයවූවාද කියලා අපි මතක්කරලා දෙන්න ඔන නේද?

      //2.. අයෝජකයින් රටට පැමිණීමට යටිතල පහසුකම් අවශ්ය බව ඔබ දන්නවා ඇතැයි සිතමි. දීර්ඝ කාලීන ආයෝජනවලින් ක්ෂණික ප්‍රතිපල බලාපොරොතු වෙම්ම සිහිනයක් බවද කිව යුතුය.//
      මෙවාට උන්තර දෙන ඵකත් විහිලුවක්.
      ආණ්ඩුවේ හොරු සවර්දන ආදාර වලින් සීයට දෙසීයක් හොරාකද්දී දීර්ග කාලීනව නෙවෙයි තව ආත්ම හතකින් වත් ජනතාවට මුකුත් ලෑබෙයිද?
      ජනතාව ඵලුවගේ මොකද්ද ඵකක් වෑටෙනකම් බලාගෙන හිටපු නරියා ගානටද තමුන්ලා හිතන්නේ?
      ඵ් හරකා 2010න් පස්සේ වික්කා මහත්තයෝ !

      //3.2014.12.24 දින වාද පිටිය වැඩසටහනේ තුන්වන වටයේදී බුද්ධික පතිරණයන් කියූ දේ බලන්න.. විදේශ කුමන්ත්‍රණ වල තත්වය ඔබට වැටහේවි//
      ඈමරිකන් පුරවෑසියන් කරගෙන යන ආණ්ඩුවලට විරුද්දව ඈමරිකාව කුමන්ත්‍රණ කරන්නේ මොකටද?
      මේ වගේ ඵකක් කියලා ඵකක් කරන නිහීන ණයට වහල්වෙච්ච දූශිත පාළකයන්ට ඈමරිකාව හරි කෑමතීයි.
      කියවන්න ලීලානන්ද ගමාච්චි මහත්මයාගේ 'ආර්තිල ඝාතකයා' පොත.

      Delete
    2. අභීත, ඉස්සෙල්ල අර ණය ටික ගෙවල ඉවර කරපන් !!! එනවා මෙතන මගුලක් කථා කරන්න.

      Delete
    3. ස්තුතියි දීර්ඝ අදහස් දැක්වීම් වලට

      Delete
  2. Wish you all the best for the exam....!!

    ReplyDelete
  3. මහින්දගේ කැත වැඩ ගැන ඔබ තාර්කිකව ලියු සියලු දේ අනුමත කරමි. එමෙන්ම මයිත්‍රී රජයක් යටතේ එය නොකඩවා ඉදිරියට යන බවද පවසමි.

    ජනතාවගේ රීරි බි බඩ පුරවාගත් මැක්කන් එළවා දමා කුසගින්නේ පිඩිත මැක්කන් රැසකට නැවත බලය දෙමු.

    ReplyDelete
    Replies
    1. අප හමුවේ තිබුනේ අඩුවෙන්ම හානිකර පුදගලයා තෝරා ගැනීමේ විකල්පයයි. ස්තුතියි~

      Delete
  4. “Politicians and diapers must be changed often, and for the same reason.”
    ජාතික ප්‍රතිපත්ති ඇති ඉන්දියාව වැනි රටකට මේ කතාව 100% අදාළ වේ. රජයේ වෙනසක් සමගම සියළු ප්‍රතිපත්ති වෙනස් වන ලංකාව වැනි රටකට අස්ථාවර නිතර වෙනස් වෙන රජයන් ගෙන එන්නේ විනාශයකි. සුද්දා කියූ පමණින් එය දොහොත් මුදුන් දී විචාර බුද්ධිය බල්ලට දමා පිළිගනිම කෙතරම් හාස්‍ය ජනකද ?

    ReplyDelete
  5. විභාගයට සුබ පැතුම්, අනික් සියල්ල තව දින දෙකකදී විසඳෙනවා ඇත

    ReplyDelete
  6. ඔබ කියන සියල්ල නිවැරදියි.
    ප්‍රතිචාර එපා.
    මෛත්‍රී දිනනවා.
    විභාගයට හොඳින් මුහුණ දෙන්න.

    ReplyDelete
  7. මහින්ද ගෙ ජය ස්ථිරයි. 51.8% --- ගයත්‍රි

    ReplyDelete
  8. ලිපිය දැක්කෙ අද. කොහොම වුනත් මේ වන විට ජනතාව තීන්දුවක් දීල ඉවරයි.
    දැන් විය යුත්තේ මේ ආරම්භය නිවරැදි මාර්ගයේ ගෙන යාමයි,
    ගොඩක් කාලෙකින් ලිපියක් ලියනවා දැක්කෙ.
    විභාග කටයුතු විශිෂ්ඨ අයුරින් සම්පූර්ණ කිරීමට හැකියාව ලැබේවායි සුභ පතනවා!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. ඔව් ගිමන්. වැඩ වලට වඩා ලියන්න තියෙන කම්මැලිකම :)

      Delete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...