Saturday, November 5, 2011

සාබිත් සමග කතා බස්...


බ්ලොග් කලාව තුල සාබිත් කියන්නේ මහා ලොකු චරිතයක් නෙවෙයි..
බ්ලොග් ලෝකේ පතාක යෝධයෙක් වත්,
සිංහල බ්ලොග් කලාවේ උන්නතිය උදෙසා ලියනවා ඇරෙන්න වෙන මොනවත් මහා ලොකුවට කරපු කෙනෙකුත් නෙවෙයි!
දවසගානේ පෝස්ට් දාන කෙනෙක් වත් ඉලක්කම් හතර පහක හිට්ස් තියන කෙනෙක්වත්
පෝස්ට් එකක් ලිව්වම වැල වගේ කොමෙන්ට්ස් දාන්න කට්ටිය ඉන්න කෙනෙකුත් නෙවෙයි!
අද වෙනකොට මං ලියල තියෙන්නේ ලිපි 27යි..
මේ අවුරුද්දයි මාස තුනටම!
ඔව් මාස 15ටම...
එහෙව් මට ආරධනාවක් ලැබෙනවා බස් රේඩියෝවෙන් රේඩියෝ වැඩසටහනකට!


කතා බස් 10වෙනි පියවරට!

ඒ ආරාධනය ඔස්සේ මට තේරුම් යනවා මාත් බ්ලොග් අවකාශයේ "කවුරුහරි"කියල!
අනපේක්ශිත ආරාධනයට බස් රේඩියෝවට ස්තුති කරන ගමන්ම,
වැඩසටහන අහලා අදහස් දක්වපු හැමෝටමත්  ස්තුතිවන්ත වෙනවා...
මට කියන්න තියනදේ මට හිතෙන දේ අහන්න ඔබට මගහැරුණා නම් පහත පටිගත කල වැඩසටහන හරහා එය රසවිඳින්න පුළුවන්

http://blog.buzzradio.lk/2011/11/buzz_05.html

ඒ වගේම මගේ හොඳම යාලුවෙක් අලුත් බ්ලොග් එකක් එක්ක සිංහල බ්ලොග් අවකාශයට අද එයාගේ පැමිනීම සනිටුහන් කලා..ඔහුගේ අඩවියට යන්න පුලුවන් මෙතනින්.

ස්තුතියි!


9 comments:

  1. එළකිරි සබිත් අයියා... සුභපැතුම්

    ReplyDelete
  2. එළ මචං එළ. ඔහොම යං ඔහොම යං......

    ReplyDelete
  3. suba pathum! sahodaraya.
    mata ahanna deyak thiyenawa, oya kiyala thiyenawa ne "සිංහල බ්ලොග් කලාවේ උන්නතිය උදෙසා ලියනවා" kiyala, aththatama oya liyanne sinhala blog kalawe unnathiya wenuwenda, oyage adhas hageem prakasha karanna wage dekata nemeyida?

    ReplyDelete
  4. ස්තුතියි මචංලා!
    රවිදු:මං ලියන්නේ මගේ අදහස් ප්‍රකාශ කරන්න,හිතෙන දේ කියන්න...ඒකයි මං කිව්වේ මං උන්නතිය වෙනුවෙන් කිසිම දෙයක් කරපු මිනිහෙක් නෙවෙයි,කලානම් කරල තියෙන්නේ සිංහල බ්ලොග් ලියපු එක විතරයි කියල!ලිවීමත් එක්තරා ආකරයක උදව්වක් තමා සිංහල බ්ලොග් ලෝකෙට!හැබැයි එහෙම දේවල් කරපු මිනිස්සුත් එක්ක බලද්දි මං මුකුත් කරල නෑ කියන එක තමයි මං අදහස් කලේ!

    ReplyDelete
  5. තාම රෙකොර්ඩින් එක ඇහුවෙ නැහැ. සුභ පැතුම්....!!!

    ReplyDelete
  6. ඔබා මාමේ අහල කොමෙන්ට් එකක් දාන්න ඕන හරිද!පෝස්ට් මගහරිනව වගේ බෑ ආහ්!

    ReplyDelete
  7. හරි හරි ෂුවර් එකටම ආයෙ එනව. වැඩ කරන තැනදි සිංහල බ්ලොග් බලන්නෙ, මගෙ මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් ගැජට් එකෙන්, ඒකට මාසෙට තියෙන්නෙ ගිගා බයිට් එකය්, වැඩි දේවල් ඩවුන් ලෝඩ් කලොත් ගිග් එක පැන්නට පස්සෙ හෙනට ස්ලෝ වෙනව, ගෙදර ගිහින් අහල කොමෙන්ට් එකක් දාන්නං

    ReplyDelete
  8. ඊයේ හදිසියෙ යාලුවෙක් මතක් කරල එවපු කතාවක් මතක් වෙලා බ්ලොග් පොස්ට් එකක් ලියල පබ්ලිෂ් කළානෙ. සාබිත් කොමෙන්ට් එකක් දාල තියෙනවත් දැක්ක, තාම කොමෙන්ට් වලට වග උත්තර බැන්දෙත් නැහැ, මඩ බාල්දි ගණන් එවල තියෙනව නං දැක්ක. ඒ කටයුත්ත නිසා, දැන් තමා සාබිත්ගෙ රෙකොර්ඩින් එක ඇහැව්වෙ.

    සාබිත්ගෙ , මම කියවල නැති පෝස්ට් කීපයක් ගැනත් එතනදි කියවුනා. ඒවත් හෙමිහිට කියවල බලන්න ඕනෙ.

    වයසට වඩා මුහුකුරා ගිය පුද්ගලයෙක් හැටියට තමා මට සාබිත් ගැන හිතුනෙ. ඒක වැරදි පැත්තට නෙමේ මම කිව්වෙ, කොම්ප්ලිමන්ට් එකක් හැටියට.

    සාබිත්ට ජීවිතය ජය ගන්න පුළුවන් කෙනෙක්.
    මගේ සුභ පැතුම් භාර ගන්න.

    ReplyDelete
  9. බොහොමත්ම ස්තුතියි දිරිගැන්වීම් වලට!

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...