Friday, November 11, 2011

විවාද ආතල්:අන්තිම ගහත් හිඳූන දවසට අන්තිම ඟඟත් කැපුනු දවසට


මේ සීන් කෝන් එකත් ම‍ම විවාද කණ්ඩායමට සම්බන්ධ වෙච්ච මුල් දවස් වල හරි වෙන්න කලින් හරි වෙච්ච දෙයක්.ඒ දවස් වල ඉතින් ඔය සිංහල සාහිත්‍ය දින ආවම පංති මට්ටමින් විවාද තරඟ එහෙම පැවැත්වෙනව එක කොහෙත් වෙන දෙයක් නේ!
 ඔය විදිහට පැවැත්වෙන විවාද තරඟ ඒ තරම් ප්‍රොෆෙෂනල් විදිහට තියන්නේ නැති නිසා ගොඩක් වෙලාවට කෙරෙන්නේ විවාදෙ පැත්තක තියලා දෙපැත්ත බෙදිලා කියුම් කියා ගන්න එක!
පොඩි දවස් නිසාත් බුද්ධියෙන් තර්ක කරන්න ඒ හැටි අවබෝධයක් නැති නිසාත් එකෙක්ට වචනයක් වරදිනක‍‍ං ඉන්නේ අනිත් පැත්තේ උන් ඕක අල්ලන් කෑ ගහන්න...හරියට අපේ පාර්ලිමේන්තුව වගේ..(පහල වීඩි‍යෝ එක බලන්න කෝ)

ඔය විවාද වලට සම්බන්ධ අය/විවාද බලල තියන අය දන්නවා ඇතිනෙ සාමන්‍යයෙන් කතාව කරන එකා කතාව පටන් ගන්නේ හුඟක් වෙලාවට ඌ දන්නෙත් නැති කිව්වට අනිත් උන්ට තේරෙන්නෙත් නැති කොහෙන් හරි අහුලගත්ත පල් හෑල්ලකින් කියලා...

"මගුලෙන් හෙලා ලු කප උගුල්ලන්නට බැරුවා සේ..."
"උදා හිරු නැග එද්දී අතුරුදන් වන්නා කදෝ පැණියන් සේ...."
"ගල්කිස්සේ ගල් අස්සේ කාමෝන්මාදා..මේ සිව් දෙන මෙතනට වී කරති මුසාවාදා..."
ඔය වගේ හෙන සෙට් එකක් තියනවා...දැන් සෑහෙන්න කල් නිසා මතක නෑ..(එහෙම මතක අය ඉන්නවනම් කොමෙන්ට් විදිහට දාන්නකෝ)

කොහොම හරි අපිට දීලා තිබුනේ පරිසරය සම්බන්ද මාතෘකාවක්..
එක එක ජාතියේ ඩයල් ඉන්නවනේ ඉතින් පංති වල!කොහොම හරි ඉතින් හතර දෙනෙක් අටවගෙන ප්‍රැක්‍ටිස් එහෙම කරලා වැඩේට සෙට් උනා..ප‍තියේ සාමුහික ගෞරවය පිලිබඳ ප්‍රශ්නයක් නිසා පැරදුනොත් පංතිය පැත්තෙ ගිහින් හමාරයි..සිංහලෙන් කිව්වොත් do or die situation එකක්!
ඔන්න අදාල දවස උදා උනා...
අපිත් ඉතින් යුද්දෙට යනවා වගේ බ්‍රිස්ටල් බෝඩ් වල පත පෝස්ටර් ඇඳගෙන පත්තර මිටි උස්සගෙන මලලසේකර ශබ්ධකෝෂ(අරුන්ව බය කරන්න)උස්සන් ගිහින් මේස උඩ තියලා වැඩේට සෙට් උනා..
ඔන්න ප‍ංති තුනේම කස්ටිය වාඩි වෙලා ඉන්නවා..එක එකා කතා කරනවා නෙවෙයි මඩ ගහ ගන්නවා..
අපි මොනා කිව්වත් තේරුනෙ නැතත් අපේ උන් අපිට හුරේ එක දානවා...අනිත් උන් උන්ට හුරේ එක දානවා..
ඔහොමින් ඔහොම වැඩේ යනවා..

ඊගාවට එහා පැත්තෙන් කතා කරන්න හිටපු එකා හෙන කලබල කාරයා..ටක් ගාලා කලබල වෙනවා..කලබල උනාම කෝපි කඩේ ඩිංගි වගේ තමා...
ඔන්න මිනිහා අර කට පාඩම් කරපු පඬ් ටෝක් එකකින්ම පටං ගත්තා..

"අන්තිම ගහත් හිඳූන දවසට අන්තිම ඟඟත් කැපුනු දවසට......."

ඔක්කොම හූ තිය තිය හිනා වෙන්න පටන් ගත්තා..උන්ගෙ උන්ට ෆුල් අප්සෙට්!
බැලින්නම් ඌට පුරුදු කරල එවල තියෙන්නේ

"අන්තිම ගහත් කැපුනු දවසට.අන්තිම ඟඟත් හිඳුනු දවසට" කියලා කියන්න....

අහන්න ඕන නැහැනේ ඊට පස්සේ ඌට වැටුනු කාඩ්..අදටත් මෑන්ව හම්බුනාම ඕක ඇදලා අරං බයිට් කරනවා...

මෙන්න අර කියපු  පාර්ලිමේන්තු විඩියෝ  එක..




12 comments:

  1. පවු අප්ප!
    දවසක්ද කතික තරඟෙකදි එකෙක් අැහුවනෙ "ගෙදර මිදුලෙ තියන රූපවාහිනියෙං අපට මොනවද ලැබෙන්නෙ කියල!" :D

    ReplyDelete
  2. කාලයක් යනකම් අරූ ඉඳල ඉවර වෙන්නැති...හික්ස්...

    ReplyDelete
  3. කලබලේට කොරොස්කටෙත් අතදාන්ඩ බැරිලුනේ...

    ReplyDelete
  4. කාටද අප්පා අර දයාසිරි මන්ත්‍රී තුමා ජෝක් එක දාන්නේ..

    විවාද ගැනනම් මතක් කරන්න එපා යාළුවා.. කිවුවත් වගේ දින්නොත් ගොඩ නැත්නම් පන්තියේ වසලා හමාරයි..

    ReplyDelete
  5. කෙල්ලො එක පැත්තක තියලා තියන විවාද තමයි මරුම....
    එක දවසක් අන්තිමට කෙල්ලෝ අත දෙන්නේත් නැතුව ගියා දාපු ටෝකට..
    ඒ වගේම අපිත් දවසක් බාලිකාවකට පැරදුනා...
    මරු තමා විවාද ලයිෆ් එක...
    අරූ නම් ඉඳලා ඉවර වෙනටැ...අන්තිම විවාදේ වෙන්ටැ උගේ...

    ReplyDelete
  6. මචං උබත් ඕන තරම් ඔහොම ආතල් දෙන්න ඇති නේ... ඒවත් දාපන් කෝ... :D

    ReplyDelete
  7. ස්තුතියි කස්ටියටම!
    දිනේශ් :දන්නේ නෑ බං!හැබැයි මරු කෝචෝක් එක නේද?

    ගලයා: සිරාවට මච‍‍ං!අපේ මිස් දහස් පාරක් කනේ මතුරනවා යන්න කලින් අනම් මනං කියන්න එපා කියලඅ!මොකෝ කිව්වයි කියල අපි ඉතින් කියන එකක් අහන උන් යැ!
    බාලිකාවකට පැරදුනාම පුදුම හිතේ අමාරුවක් තියෙන්නේ!බුට් කෑවටත් වඩා අස්පට්!

    මාරියෝ: කැමතිනම් විශ්වාස කරපං මගේ අතින් නම් එහෙම ආතල් සප්ල්යි සීන් එකක් වුනේ නෑ මුලු කාලෙටම :)

    ReplyDelete
  8. එල එල... මම නිකන් ඇහුවෙ..:D

    ReplyDelete
  9. එක වසරේදී ඔහොම එකකට සම්බන්ධ වුණා මතකයි ..

    ඊට පස්සේ මාව ගත්තේ නෑ ගුරුවරු ඔයිං ඒවට ..

    ReplyDelete
  10. විවාද වල පටන් ගන්න කොටම පැ.හැ. 200 ට විතර යන උන් මට පේන්න බෑ..

    ReplyDelete
  11. 'එහෙම මතක අය ඉන්නවනම් කොනමෙන්ට් විදිහට දාන්නකෝ'

    ඔන්න අහු වුනා සාබිත්ටත් වැරදුනු තැනක්.
    අර වීඩියෝ එකේ ඉන්නෙ මැරවින් මැති තුමාද?

    ReplyDelete
  12. සඳරු : අම්මට හුඩු!උඹ එක වසරෙදිත් විවාද කලාද !!! හික්ස්!

    මාතලන්: සිරාවට!ඔය සමහර කෙල්ලො නිකන් මාතර කොළඹ බස් වගේ!උන් කියන්නේ මොනාද කියල උන්ට තේරෙන්නෙත් නෑ අපිට තේරෙන්නෙත් නෑ..

    ඔබා : හික්ස්!මාත් දැන් නේ දැක්කේ! සිංග්‍රීසි වල ඉඳන් රියල් ටයිම් වලට මාරු උනා..ඉතින් ටිකක් ටැපලෙනවා! මගේ පෝස්ට් මේල් එකෙන් එනවා නේද ඔබා මාමේ?

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...