Friday, November 18, 2011

වීරයෝ හා ද්‍රෝහියෝ -එදා සහ අද

කියන්නට දෙයක් නැත..
කිව්වා කියල වැඩකුත් නැත..
වැරදි නොකරන මිනිසුන් මෙලොව නැත...

පුද්ගල දේශපාලනයන් මට අදාල නැත..
මා දන්නේ මෙපමනකි...
මොහුට මෙය සිදුවිය යුතු නැත..
මොහු වැරදිකරුවෙක් වියහැක,
නමුත් අපරාධකරුවෙකු නොවේ!

ඔහු කල වැරැද්ද වැරදි පැත්තේ හිටගැනීමයි..
අද අපිට කෙලවූ කරුණලා,පිල්ලෙයාන් සර්ලා ගරු. ය..
ඔවුන් සැකකරුවන් නොවේ...වැරදිකරුවන් නොවේ...
දේශප්‍රේමීය..ජාතිමාමකය..

ඔවුන් අපේ මුදලින් නඩත්තුවේ...ඒ මහා මන්දිරවලය..
මොහුද අපේ මුදලින් නඩත්තුවේ..හැබැයි ඒ බන්ධනාගාරයේය...
රට වෙනුවෙන් සටන් කල ඇත්තෝ පාවාදෙන්නෝය,දේශද්‍රෝහීය...

මිනිසුන් තනිවම ගස් බැඳගන්නා,
වෙඩි තියන්න අනුබල දුන් උන් සැකකරුවන් නොවන,
එහෙත් ගමේ කසිප්පු පෙරන එකාගේ අල්ලපු ගෙදර එකාවත් අල්ලාගෙන යන
රටක සිටිනා මිනිසුනේ,

සිතන්න...
දේශපාලන රෙදි උනා දමා...
බලන්න...
රතු කොල නිල් පාට කණ්නාඩි ගලවා...


මොහුට මෙය සිදුවිය යුතුද??
Does he deserve this????


30 comments:

  1. කාට මොනවා කියන්නද මුව ගොලු වී ඇත.

    ReplyDelete
  2. ගොළු වෙන්න නෙවේ නැගිටින්න...

    ReplyDelete
  3. සිදු නොවිය යුතු දෙය "එලෙසටම සිදුවිය" පාටක්,පක්ෂයක් නොමැත . බිහිසුණු ශාපලත් යුද්ධය නිමා කල නියමුවෙක් නිසාම ඔහුට ගරු කරමි.අවසන අවිගත්තෝ,මව් බිම විනාශ කල සතුරෝ සුර සැප විඳිමින් කාලය ගත කරයි.ඔහු තවත් වසර තුනක් අඳුරු සිර කුටියෙන් ලොව දකී.මෙය සිදු විය යුතුම දෙයද?

    ReplyDelete
  4. පින් කෙත හෙළ රන් දෙරණේ යලි උපදින්නට හේතු වාසනා වේවා.. හේතු වාසනා..!!!

    කූඩූ කළ සිංහයෝ කැලේ ඉන්න සිංහයට වඩා සැරයි.
    සර්කස් වල ඉන්න කසේට බය සිංහයෝ වගේ නෙමෙයි.
    අරූ කූඩූවේ හිටියත් එළියේ ඉන්න හරක් ඌට බයයි.
    මොකෝ ඌ එළියට ආපු ගමන් හරක් ටික කන නිසා.

    ReplyDelete
  5. පින් කෙත හෙළ රන් දෙරණේ යලි උපදින්නට හේතු වාසනා වේවා.. හේතු වාසනා..!!!

    කූඩූ කළ සිංහයෝ කැලේ ඉන්න සිංහයට වඩා සැරයි.
    සර්කස් වල ඉන්න කසේට බය සිංහයෝ වගේ නෙමෙයි.
    අරූ කූඩූවේ හිටියත් එළියේ ඉන්න හරක් ඌට බයයි.
    මොකෝ ඌ එළියට ආපු ගමන් හරක් ටික කන නිසා.

    ReplyDelete
  6. ආසියාවේ ආශ්චර්යය කියා කියන්නෙ මේකටය , සම්පූර්න අදහස ලිපියකින් පවසමි

    ReplyDelete
  7. ලොක්කට යි මල්ලිටයි අද නින්ද යයිද දන්නෙ නෑ ......... කොහොමත් සෙනසුරු මාරුව නිසා පන බයේ නෙ හිටියෙ , ස්ටේජ් වලත් කියෙව්වෙ සෙනසුරු මාරුව ගැන

    ReplyDelete
  8. මේවා බලාගෙන ඉවසං ඉන්න අපිට ගහන්න ඕනෙ මඩු වල්ගෙකිං.

    ReplyDelete
  9. මහ දවල් මිනීමැරුමට චෝදිත දුමින්ද සිල්වා රට ගොස් ඇත...
    බොරු සාක්ෂි දුන් කෙනෙක් වූ ෆෙඩ්රිකා රට යැවී ඇත..
    ඔප්පු නොකල වරදකට කෙනෙක් සිරගත වී ඇත..
    කුමරන් පද්මනාදන් ඔප්පු කල වරදවල් සහිතවම එලියේ ඇත...
    මා සිතන්නේ නීතියේ යුවතිය දැන් සුරතාන්තයට ලඟා වි ඇත...
    සියලු ආන්ඩු හිතවාදීන් එකතුවව්...යුක්තිය ඉදිරියේ වස්ත්‍ර උණා දමන්නට සැරසෙව්...

    ReplyDelete
  10. ලංකාවෙන් ඈත් උන එක වාසනාවක් කියල හිතෙන්නෙ ඕවා දැක්කාම......ඒත් හිතට එන හැඟීම්,කටට එන වචන මේකෙ ලියන්න බැහැ...............

    ReplyDelete
  11. ඔබ මෙන්ම මටත් දේශපාලනයක් මෙතනට අදාළ නැහැ.

    ත්‍රස්තවාදීන්ට සැප, මිනීමරුවන්ට නිදහස, සමාව ලැබෙද්දී මෙවැන්නෙකුට මෙහෙම වීම යුක්තියේ මෙන්ම නීතියීත් සාධාරණත්වය ඉතා ඉහල අඩියකට පැමිණ ඇති බවට සාක්ෂියක්...

    ReplyDelete
  12. කියන්නට දෙයක් නැත... ඒත් දුකයි..

    ReplyDelete
  13. Ratin pita siteema pinak se salakami..

    Sirakalath sinhayek bawa penwa atha..nidahae eliye sitiayath owun kasheruka nethi bawa penawa tha..

    Jayanath

    ReplyDelete
  14. වෑඩක් නෑ මචන් කථා කරලා..
    ලෑජ්ජයි අපේ රට ගෑන ..

    ReplyDelete
  15. බුවාගේ සිතුවිලි අඩවියේ ලිපියට තැබූ කොමෙන්ටුව මේ ලිපියටද අදාල බැවින් එයම මෙහිද සටහන් කර තබමි.

    ප්‍රජාතාන්ත්‍රික රටක ඇප මුදල දැරීමට හැකි සහ නීතියෙන් වරදකාරියෙක් නොවූ ආදී කොන්දේසි වලින් යටත්ව ඕනෑම අයෙක්ට ජනාධිපති අපේක්ෂයෙක් විය හැකි නමුත් එසේ ජනාධිපති අපේක්ෂකයෙක් වී පවතින රජයට අභීයෝගයක් එල්ල පමනින් ඔහු වැරදිකාරයෙක් කර දඬුවම් ලබා දෙන්න පවතින පාලනය කැසකවන්නේ නම් ඒ රටේ ඇති "ප්‍රජාතාන්ත්‍රවාදයේ" තරම ඕනෑම අයෙක්ට සිතා ගත හැකිය.

    එසේ තිබියදී විරුද්ධ පක්ෂයේ ලනු කෑම නිසා සහ සුද්දාට රට පාවා දෙන්න කුමන්ත්‍රණය කල නිසා ආදී ලෙස ජෝක් ටෝක්ක් දමන්නවුන් තමන්ගේ අමනකම සහ දීන පක්ෂක්ග්‍රාහී බව වසන් කොට මගේ ලිපියේ කිව් ලෙස "ශිෂ්නය හංගා වෘෂනකෝෂ වලින් සංසර්ගයේ" යෙදෙන්නෝ මිස වෙන කවුරුන්ද?

    එදා එජාප ආන්ඩුවේ මාධ්‍යකරුවන්, විරුද්ධ පාක්ෂිකයින් ඝාතනය කරමින්, මර්ධනය කරමින්; ඉඩම් අක්කරේ රුපියල් සීයට පාක්ෂිකයින්ට බෙදමින් කල දූෂිත දාහත් වසරක් සාපය නිමා කරන්න චන්දය දුන් දූෂණයට භීෂනයට එරෙහි වූවෝ අද දූෂණය භීෂණය සාධාරණීය කරන්න කෑ ගැසීම දෛවයේ සරදමක්ද?

    දූෂණයෙන් භීෂණයෙන් සපිරි දාහත්වසරක් රටකල වුන් ම අදත් පාට පක්ෂ මාරු කරගෙන විත් සුපුරුදු දූෂණය භීෂණය තවදුරටත් ඉදිරියට කරගෙන යෑම පාරාදීසයක් වන් සුන්දර ශ්‍රී ලාංකාවේ වෙසෙන බහුතර සාමකාමී මිනිසුන් වෙනුවෙන් දෛවය කල සාපයක්ද?

    ReplyDelete
  16. SF විරුවෙක්, ඒ වගේම අනිකුත් හිටපු සහ යුද්දය දිනන අවස්ථාවෙන් හිටපු ත්‍රිවිද හමුදාපති වරු සහ සෙබලුත් වීරයෝ. නමුත් ඒ කිසි කෙනෙක් බල තණ්හාවෙන් මේ වගේ කතා කිව්වේ නැහැ. http://www.youtube.com/watch?v=oggCA19H9Oc

    ReplyDelete
  17. "පරෙයි වෙස් ගත් පරයින් ඇහැකි හදුනාගන්න"

    ReplyDelete
  18. මචන් මේ ගැන කථාකරන කොට ඇඩේනවා.. මේ විදියට රට යන්නේ කොයිබටද කියලා හිතාගන්න පුළුවනි.

    ReplyDelete
  19. කැකිල්ලෙ රජ්ජුරුවොය් ඔය ඉන්නේ......
    හිටපල්ලා......නිෂබ්ද වෙලා....

    ReplyDelete
  20. මම මීට පෙර ආණ්ඩු විරෝධියෙක් වුනේ නම් නෑ, ඒත් පක්ෂ, පාට අතහැරල බැලුවොත් මේ සිදුවීම අන්තිම නින්දිතයි, ලැජ්ජයි. ජනතාව අධිකරණය කෙරෙහි තැබූ අබමල් රේණුවක අවසන් විශ්වාසයත් සුනු විසුණු කර දමලා. අසාධාරණයකදි මිනිස්සු නීතිය අතට ගැනීමක් හැර අන් විසඳුමක් ගැන නොහිතුවොත් තමයි පුදුමෙ.

    ReplyDelete
  21. ඊයේ හවස ඉදන් හිතේ තිබුණු එක පිට දැම්මේ මහ රෑම පෝස්ට් එකක් ලියලා.......

    "රට නිදහස් කරන්න පුරෝගාමියෙක් වුණු ඒත් දැන් තමන්ගේ පුද්ගලික නිදහස සීමා වුණු ජෙනරාල් සරත් ෆොන්සේකා මැතිතුමාට ජනාධිපති සමාවක් හිමිවෙලා නැවතත් සුපුරුදු පරිදි නිදහස් ජීවිතයක් ගත කරන්න ලැබේවා කියලා එක සිතින් මම ප්‍රාර්ථනා කරනවා, ඒ වගේම ඒ තීරණය ගන්න ජනාධිපතිතුමා යොමුවේවා කියලත් මම ප්‍රාර්ථනා කරනවා.

    ඒ වෙනුවෙන් තබන මේ බ්ලොග් සටහන ඉතාමත් කුඩා එකක් වෙන්න පුළුවන් ඒත් කුඩා බිංදු එකතු වෙලා මහා සාගරයක් හැදෙනවා කියන එක මතක් කරන්න කැමතියි.

    http://aagiyakatha.blogspot.com/2011/11/blog-post_19.html

    ReplyDelete
  22. අදහස් පලකිරීමට එකතු වීම ගැන ස්තුතිවන්ත වෙනවා..හැමෝගෙම පෞද්ගලික මතවලට ගරුකරනවා..ඒත් බහුතර මතය මොකක්ද කියන එක මේ සම්බන්ධව තැන් තැන් වල දාල තිබුන ප්‍රතිචාර කියවපුවම පැහැදිලි වෙනවා අර සුලුතරයටත්!

    ReplyDelete
  23. මේ අවනඩුවට සහය දුන් සියලු දෙනාටම සාපවේවා

    ReplyDelete
  24. මේ ගැන මගේ මතය තියෙනව මෙතැන.
    http://meeghaya.wordpress.com/2011/11/20/%E0%B6%B8%E0%B7%9A-%E0%B6%91%E0%B6%AD%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%A7-%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%92-%E0%B6%AD%E0%B7%90%E0%B6%B1-%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%9A/

    ReplyDelete
  25. දේශපාලනේ මේවට ගාව ගන්න එපෝ..... මෙච්චර හොද බ්ලොග් එක කැත වෙයි... :)

    ReplyDelete
  26. නීතියේ අවනීතිය වී ඇත....කොට ඇත...
    මේවා දැක දැකත් මිනිස්සු මේ යක්කුන්ට කිසි අමාරුවක් නැතුවම ඡන්දයත් දෙනවනේ..
    නොදෝකින්..!
    කොහොම රටකට ද මෙහෙම වුණේ...මොනවා වුණත් වැඩි කාලයක් මිනිස්සු මේක බලන් ඉන්නේ නැති එක නම් ෂුවර්..!

    ReplyDelete
  27. මේ පුද්ගලයින් දෙදෙනා (කාගේ හෝ) වීරයෝ (කාගේ හෝ) ද්‍රෝහියෝ ඇත්ත කතාව දන්නේ මේ දෙදෙනාම තමයි.... එදා රට ඊළමද එක්සත් ලංකාවක්ද කියන මහා අරගලය දහස් ගණන් අපේ හමුදා වීරයින්ගේ ලේ අපේ අයියලා අක්කලා අම්මලා තාත්තලාගෙ කඳුළු වලින් රට නාවල තීරණයකර ගත්තා...අද ඒ රට අයෙමත් (...)ද(...) කියලා වෙන්වෙලා. ලෝකයා පෙරදිග මුතු ඇටේ ගල් කැටයක් තරම්වත් ගණන් ගනීවිද ඉතින්.

    "මුතු කොහොම බබලන්නද පියන් පත් ඇරිලනම්...."

    ReplyDelete
  28. සවයිවල් ඔෆ් ද ‍ෆිටස්ට් කියන්නත් පුලුවං නේද . . . ??? ඒක කැලේ නීතියනෙ

    ReplyDelete
  29. මේ ගැන අපි කොච්චර කතා කලත් වැඩක් නැත...දුකයි..

    ReplyDelete
  30. "මොහු වැරදිකරුවෙක් වියහැක,
    නමුත් අපරාධකරුවෙකු නොවේ!"

    සිර මචන්!! ජරා දේශපාලනේ

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...