Monday, November 21, 2011

අපි නොදන්න බජට්!



1 + 1  එකට එකතු කලාම තුනයි කියල,
1 + 1 දෙකයි,කොහෙද යකෝ තුන කියල අපෙන් අහන..
බෝල කතිර ඉරි කොටු අකුරු ඉලක්කම් සුත්‍ර විජ්ජාවෙන්
අපි අන්දලා ,
ආදරයෙන් අපෙ කටට දාන,
හපලත් බැරි..
නොහපා ගිලින්නත් බැරි,
අපි නොදන්න බුල්ටො ටොපිය!



18 comments:

  1. menna bajat eke ithuru tika.
    http://youtu.be/tWz367iJeq0

    ReplyDelete
  2. එකයි එකයි
    එකට එකතු කලයි
    එකසිය එකොලහයි
    බුල්ටො රසයි
    ඇඟට ගුණයි
    වෙලා ගොඩයි
    අදත් හපයි
    හෙටත් හපයි

    ReplyDelete
  3. වෙනදා වගේම මෙවරද හපයකි

    ReplyDelete
  4. මේ පාරත් බෑ නොකියා හපමු ඉතින්....

    ReplyDelete
  5. සමහරු හිතන් ඉන්නේ බං යකා කියන තරම් කළු නෑ කියලනේ... යකා ආවම බලමුකෝ...

    ReplyDelete
  6. ලොක්කන්ගේ බඩ සරුවෙන...
    පොඩ්ඩන්ගේ බඩට වදින....
    සූත්‍රවලින් පිරිල තියෙන...
    දිවි ඔසුවකි බජට්.

    ReplyDelete
  7. මචං ලංකාවෙ දේශපාලනයත් නිකන් දැන් පඩයක් වගේ...

    ReplyDelete
  8. "ලොක්කන්ගේ බඩ සරුවෙන...
    පොඩ්ඩන්ගේ බඩට වදින...."
    රාජ් කියපු මේ කතාවට මාත් එකඟයි....

    ReplyDelete
  9. බජට්
    පොඩ්ඩන්ට පොඩි දෙයක් ලැබෙන
    සමහර පොඩ්ඩන්ට ඒක මහ ලොකුවට පේන
    ලොක්කන්ට ලොකු දෙයක් ලැබෙන
    සමහර පොඩ්ඩන්ට ඒක පොඩිවට පේන
    අරුම පුදුම
    මොකක්ද එකක්...
    රට දුවවන.......
    ---------------------
    අෆරාදේ මේ පාර අතිරික්තයක් වෙන්ට තිබ්බ බජට් එක ලු
    මේ පොඩ්ඩො හින්දා හිඟයක් වෙන්නේ...

    ReplyDelete
  10. 'ගුණසිරි බුල්ටෝ බබාට තාත්ත ගෙන එයි'

    ReplyDelete
  11. මට පුදුම අපිට විතරනේ මේක අවුල.මුළු රටටම මේක හරි හොඳයි.මම හිතන්නෙ මේක අපේ අවුලක්.

    ReplyDelete
  12. බජට් එක වනාහී කොලේකට පමණක් සීමාවෙන දෙයක්. ලිව්වා..කියෙව්වා..forget file එකට දැම්මා..

    ReplyDelete
  13. රජයේ සේවකයන්ට පඩි වැඩි කළොත් පොදු ජනතාවට සහන දෙන්න බැරිලු... බලන්න, කොයි තරම් දුරට හිතලද නේද...

    ReplyDelete
  14. ස්තුතියි කට්ටියගේ අදහස් වලට!

    ReplyDelete
  15. බුල්ටෝ කොච්චර රසද . . ??
    බුල්ටෝ කොච්චර හයියද . . ??
    කොච්චර වෙලාවක් හප හප ඉන්න පුලුවන්ද . . ??
    ඉතිං අපි හැමදාම බුල්ටෝම කමු . . . .

    ReplyDelete
  16. හපන්න හපන්න දත් රිදෙන
    රිදෙන සිත් සනසන
    බුල්ටෝව..
    මහ මුදලාලියාගේ
    කටටම දාමු..

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...