Saturday, March 3, 2012

අයි ඩෝන්ට් නෝ වයි? IV සිරි යහනේ අත්දැකීම!



කවදා හරි නින්දේදි උඩකින් වැටෙනවා වගේ දැනිලා ඇඳ බදාගෙන ඇහැරිලා තියනවද?
නිකමට හිතුනද එහෙම වෙන්නේ ඇයි කියලා???

මෙන්න විස්තරේ! 
මේක අසාමාන්‍ය තත්ත්වයක් නෙවෙයි!අපෙන් සියයට 70%ක් පමන දෙනෙකු මේ තත්ත්වය දවසක් හරි අත්විඳලා තියනවා...

අපි නිදාගෙන ඉන්නකොට උඩකින් වැටෙනවා වගේ දැනෙන එකත් ඒකට ප්‍රතිචාර විදිහට අපි අතට අහුවෙන දෙයක් තදින් අල්ලගන්න එකත් තමයි මෙතනදි වෙන්නේ!
මේ ක්‍රියාවලියට කියන්නේ Hypnotic Jerk කියලා.

මේක බොහෝ දුරට තද නින්දකදි වෙන දෙයක් නෙවෙයි.
ගොඩක් මහන්සිවෙලා/තෙහෙට්ටු වෙලා නිදා ගන්නකොට,දවල් නිදා ගන්නකොට හෝ කලාතුරකින් රෑට නින්ද යාගෙන එනකොට තමයි මේ සිද්දිය සිදුවෙනවා කියලා කියන්නේ!

     අපිට නින්ද යාගෙන එනකොට අපේ මාංශපේෂීත් ටිකක් විවේක ගන්න සූදානම් වෙනවා..
ඉතින් එහෙම විවේක ගන්න හිතාගෙන මාංශපේෂි ඉහිල්(relax) වෙද්දි අපේ මොළය මේ සංඥා වරදවා වටහා ගන්නවා..මොළය මේ සංඥා වරදවා වටහාගන්නේ අපි උඩකින් වැටෙද්දි ලැබෙන සංඥාවන් විදිහට..
     මොළය මේවා ලැබුනු ගමන් හැරෙන තැපෑලෙන් අතේ හා කකුලේ මාංශ පේෂී වලට සංඥා යවනවා වැටෙන එකෙන් වැලකෙන්න මොනවා හරි තදින් අල්ලගන්න විදිහට!!!
ඒ සංඥා අනුව තමයි අපි ඇඳ බදාගෙන නැගිටින්නේ...
(මොළය වැරදි කරන්නේ බොහොම කලාතුරකින්..මේ වැරදි වටහා ගැනීමත් එහෙව් දුර්ලභ වැරැද්දක්!)


මේකෙ තව විද්‍යාත්මක පැහැදිලි කීරීමක් තියනවා...
     මිනිස්සුන්ගේ පරිණාමය වානරයන්ගෙන් පැවත ආපු එකක් කියලා විශ්වාස කරන උදවිය ඒ මතය තවුරු කරන්නත් මේ සංසිද්ධිය භාවිතා කරනවා..
ඔවුන් පවසන විදියට වානරයන් ගස් උඩ නිදා ගනිද්දි ඇතැම් අවස්ථාවල වැටෙන්න බලනවලු.එහෙම වැටෙන එකෙන් වැලකෙන්න එයාලගේ තියන යාන්ත්‍රනයක්ලු මේක! ඒක අපෙත් ක්ෂීන නොවී තාමත් පවතිනවලු!

එච්චර දුර යන්නේ මොකටද? මිනිස්සු වානරයන්ගෙන් පැවත එන බවට ගෝල්ඩ් ෆිෂ් ගේ ගෙවල් පැත්තෙන්  තියන මේ සාක්ෂිම මදැයි?--------------------------------> ඔබන්න!

38 comments:

  1. ඕක බොහොම සාමාන්‍යයි... මටත් වෙලා තියෙනවා. චේච්චි අය ඒ ගැන කියලත් තියෙනවා.

    ReplyDelete
  2. මලා ඒකත් එහෙමද

    ReplyDelete
  3. යකෝ . . මටත් වෙලාතියනවනෙ

    ReplyDelete
  4. මටත් ඕක කාලයක් එක දිගටම උනා.. දැන්නම් නැහැ.. එහෙනම් ඒකයි හේතුව ඈ..

    සිහින කියන්නේ අපේ සිතුවිලිත් එක්ක සම්බන්ධ දෙයක් විතරක් නෙමේද ?

    ReplyDelete
  5. මටත් වෙනවා බං ඒක... බයත් හිතෙනවා වෙලාවකට...

    අපේ පැත්තේ විතරනේ බිව්වම චන්ඩියා බඩේ ඉන්න එවුන් ඉන්නේ...

    ReplyDelete
  6. අම්මෝ මේ ඊයෙ පෙරේදත් දවසක මාව උඩකින් වැටුනා...කෑගහගෙන ඇහැරුනේ....ඔයා කියන කම් හේතුව දැනගෙන උන්නෙ නැහැ...තෑන්ක්ස් සබිත්..!!

    ReplyDelete
  7. මට නම් දැන් ඕක සාමාන්‍ය දෙයක් වෙලා

    ReplyDelete
  8. ඇත්තටම කුඩා ඒත් වැදගත් සිද්දියක් ඒ කියන්නෙ මිනිස්සු ටික කලක් හරි ගස් උඩත් ඉදල ඇති නේ..

    ReplyDelete
  9. ඇත්ත තමයි. ඒත් ඇද බදාගන්නවට වඩා වෙනස් ප්‍රතිචාරත් තියෙනව නේද? කකුලක් ගැස්සෙනව වගේ ?

    ReplyDelete
  10. මටත් වෙලා තියෙනවා!

    ReplyDelete
  11. මමත් ඔය වානර කතාව අහල තියෙනව. මට හරියටම මතක නෑ... ඒත් ඒ කියපු විදිහට අපි අද කාලෙත් ඇ‍ෙඳන් නොවැටී නිදා ගන්නෙ ඒ පුරුද්ද නිසාලු.

    ReplyDelete
  12. කතා දෙකම පිලිගන්න පු‍ළුවන්. මටත් වෙලා තියනව.

    ReplyDelete
  13. සිරාවට මට පොඩි කාලේ දවසක් වුණා. මම හීනෙන් දැක්කේත් අපේ ගෙදර උඩ තට්ටුවෙන් පහලට වැටෙනවා වගේ..

    වැදගත් මචං ලිපිය සිරා !

    ReplyDelete
  14. මම හීනෙන් හැප්පෙනවා හරි වටෙනවා හරි දැක්ක ගමන් එකපාර ගැස්සෙන බවක් තේරෙනවා..ඒත් මේකමද මන්දා?

    --
    හරී
    http://dreamsofharee.blogspot.com/
    --

    ReplyDelete
  15. අම්මියෝ මටත් වෙලා තියෙනවා..අදනෙ දන්නෙ

    ReplyDelete
  16. මෙන්න සෑමා නයි අරිනෝ....

    ReplyDelete
  17. ඕකනේ කියන්නේ මම මේ නම දැක්කම හිතුවේ වෙන මොකක් හරි කියලා බන් :P

    ReplyDelete
  18. මුලින්ම ලිෆ්ට් එකක ගිය දවසේ මගේ බඩ කූල් උනා....ඒක මතක් වෙනවා ඔන්චිලි පදිනකොට උඩටම ගිහිල්ලා ආයිත් පහලට එද්දී....මම ඩබල් ඇඳක හිටියේ බෝඩිමේ...ඇත්තටම පතබෑවුනා එක දවසක් ...වැලමිට බිම ඇනිලා සරම කැඩිලා මහා විනාසයක් උනා.....

    ReplyDelete
  19. ow matath mehema wela thiyenewa. ewagema meke anith paththath wela thiyenewa. udata yana eka .:D

    ReplyDelete
  20. ලෙක්චර්ස්වලදිත් ඔහොම වෙනවා බං.මම ලෙක්චර්ස් යන එක නවත්තලම දාලා තියෙන්නෙ.ඇයි බං එක පාරටම හීනෙං කුණුහරපයක්වත් කියාගෙන නැගිට්ටොත් එහෙම මොකද වෙන්නෙ??

    ReplyDelete
  21. මිනිසා පැවතෙන්නේ වඳුරාගෙන කියන එක පිරිමි වඳුරෝ දිහා බලාගෙන හිටියම ඇත්තමයි කියලා තේරේනවා...

    ReplyDelete
  22. දෙකක් ඇනගෙන නිදා ගත්තම ඔය මොනවත් අසනීප නෑ :-))

    ReplyDelete
  23. මේ වගේ දේවල් හිටි ගමන් මනෝ ලොකයේ සැරිසරන වෙලාවල්වලත් සිදුවෙනවා. විාශ්ෂයෙන්ම තද කෙටි නින්දෙදි.

    ReplyDelete
  24. ස්තුතියි හැමෝටම!

    senna : හක හක...සිරාවට...ඌ කියන්න උත්සහ කරන්නේ උගේ ගේ තට්ටු දෙකේ එකක් කියලා! තේරුම් ගනින්කෝ..:D

    සොසී : ඔව් සොසී! වැටෙන එකෙන් බේරෙන විදිහට කකුලටත් සිග්නල් යවනවා නෙ! ඒ නිසා තමයි!

    ඔබා : දෙකක් ඇනගත්තම නින්දෙන් කෙසේ වෙතත් ඇහැරිලා හිටියත් සිග්නල් යන එකක් යැ :D

    ස්තුතියි හැමෝටම ආයිත්!

    ReplyDelete
  25. මමත් ඔය දේට මුහුන් දීලා තියෙනවා.. හැබැයි මමනම් අහලා තිබුනේ නින්දෙදි අපේ ඇගෙන් එළියට යන මනෝකාය ආයෙම ඇගට ඇතුළු වෙද්දි එහෙම වෙනවා කියලා.. ඇත්තමද කියලා දන්නේ නෑ..

    ReplyDelete
  26. මටත් වෙනවා නිතරම....
    හිනෙකුත් එක්ක වගෙ තමයි වෙන්නෙ....
    මාව වැඩි පුරම වටෙනව පේන්නෙ ගෙවල් කිට්ටුව තියෙන කානුවකට....

    ReplyDelete
  27. Hypnotic Jerk ගොඩක් අයගෙ අත්දැකීමක් වගේ..
    ස්තුතියි කියලා දුන්නට..මම හිතං හිටියේ මේක ලෙඩක් කියලා..

    ReplyDelete
  28. මාත් නිදා ගන්නකොට හැමදාම රෑ 12 පහුවෙලා! ඉතිං එහෙම නිසාගෙන ඉන්නකොට මාවත් ඔහොම ඇහැරෙනවා සතියට දෙපාරක්වත්! හිකිස්! මං ඒත් කල්පනා කලා මොකක්ද මේ කියලා! අද තමයි ඇත්ත සිද්ධිය දන්නේ! ස්කූතියි සබිත් අයියා!

    ReplyDelete
  29. මට වෙන්නෙත් අර සොසී කියපු එක...
    ස්තුතියි සාබිත් පැහැදිලි කිරීමට... මමත් කලින් අහල තිබ්බෙ අර දෙවෙනියට කිව්ව පැහැදිලි කිරීම...

    ReplyDelete
  30. අඩේ මටත් වෙලා තියෙනව එහෙම!!!!!!!!!!!!!(ලහිරු)

    ReplyDelete
  31. ම්ම්ම්ම්..මටත් වෙලා තියේ මෙහෙම..එල..
    දැන් නේ දන්නේ සීන් එක

    ReplyDelete
  32. අඩේ මම මේ එකක්වත් දැක්කේ නෑනේ... පිලිවෙලකට කියවන්න ඕනේ...

    ReplyDelete
  33. බූඩිටත් ඕක වෙලා තියෙනවා. දැන් නේ දන්නේ සීන් එක :)

    ReplyDelete
  34. අම්මෝ ඔව් නිදාගෙන ඉද්දි එකපාර ගැස්සිලා ඇහැරෙනවා. මට නිතරම වගේ වෙනවා ඔෆිස් එකේ නින්ද යාගෙන එද්දී :D
    මට දවසක් කෙනෙක් කියුවා අපිට නින්ද යද්දී අපේ ආත්මය සරිසරනවලු. ඊට පස්සේ ආත්මය නැවත ශරීරයට එද්දිලු ඔහොම වෙන්නේ කියලා.

    ReplyDelete
  35. adeee matat oka ohomma wenawa nikan nemei moooooooosalama mooooooooooooooosala heenekut penilama tamai watenne....

    ReplyDelete
  36. අම්මෝ!!!! අනන්තවත් වෙලා තියනවා...
    එහෙනං මේකයි සීන් එක

    ReplyDelete
  37. ගොඩක් අයට සිද්ඬිය තේරිලා තියෙන්නෙ දැන් වගේ...හෙහ් හෙහ්....හොඳ ලිපියක් සබිත්

    ReplyDelete
  38. කට්ටියගේ ප්‍රතිචාර සතුටක්! ස්තුතියි කස්ටියටම`

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...