Tuesday, June 26, 2012

ඕන දේ vs අවශ්‍ය දේ & interview ඔත්තු!

     ජීවිතයේ  සමහර දේවල් වලට අපි කොච්චර ආස කලත් අපිට ඒවා හම්බවෙන්නේ නැති වෙන්න පුලුවන් වගේම කොච්චර ඒ දේ අපිට ඕන උනත් අපිට ඒක නොලැබෙන්න පුලුවන්..තවත් සමහර වෙලාවල් වලට අපිට ඕන නැතිම දේවල් බලෙන්ම වගේ අපිට හම්බවෙන වෙලාවලුත් තියනවා..
මං හිතන්නේ පලවෙනි එකට වඩා දෙවෙනි එක තමයි අපි ගොඩක් දෙනෙකුට වෙන්නේ!
ජීවිතේ අපිට ඕන දේවල් තියනවා..අපිට අවශ්‍ය දේවල් තියනවා...
සුද්ද සිංහලෙන් කියනවා නම් 'Things we want and things we need..'

     අපේ අම්මලා තාත්තලා අනන්ත පාවිච්චි කරන වචන කණ්ඩයක් තියනවා." ඕන දේට එපාදේටයි"
අපි ඕක වාක්‍යයක දාලා බලමු..
ඕනදේටයි එපාදේටයි වියදම් කරන්න එපා කියලා කවුරුහරි කියනවා නම් 'එපාදේට කව්ද වියදම් කරන්නේ?' කියල ප්‍රශ්නයක් මතු වෙනවා...

එතනදි ඇත්තෙන්ම අදහස් වෙන්නේ 'ඕන දේ හා අවශ්‍ය දේ' කියන සංකල්පය..ඔතනින් අපිට අවශ්‍ය දේවල් විතරක් අපි ලඟා කරගන්න උත්සහ කරනවා නම් අපේ ජීවිත සරල සුන්දර එකක් වේවි..
හැබැයි අර චාලි චැප්ලින් කියනවා වගේ සරළ දේ සරළ නැහැ!

මේ ගැන මගේ අදහස් සවිස්තරාත්මක මං කලින් ලිපි දෙකක ලියලා තියනවා..කැමැති කෙනෙක් වේ නම් කියවන්න පුලුවන්!
මෙතනින් මං ගොඩක් ආස මිල අධික සංකීර්ණ ජීවිතය~ කියන පෝස්ට් එකට..ඕක මූනු පොතෙත් ෂෙයා වෙවී තිබිලා මටත් හම්බුනා!

හරි..අද කතාවට එමු..මේක විහිලු කතාවක් විදිහට කෙනෙක්ට ගන්නත් පුලුවන්..වෙන විදිහක අර්ථකතනයක් කෙනෙක්ට දෙන්නත් පුලුවන්..
කතාව මගේ යාලුවෙක් ගැන..

මිනිහා ගැන පොඩි පසුබිම් විචාරයක් දීලම ඉන්නම්..

අපි උ/පෙලට කලේ බයෝ! කරලා මං මෙහෙ ආවා..මිනිහට සංචාරක ප්‍රවර්ධන මණ්ඩලයේ ජොබ් එක සෙට්‍ උනා..ඒක මිනිහා කියන විදිහට පුල් ආතල් ජොබ් එකක්...අයිෆා කියයි,හික්කා කියයි අරුගම්බේ කියයි..කෙල්ලෝ නම් කෙල්ලෝ කන්න නම් කන්න,බොන්න නම් බොන්න..
කොටින්ම මිනිහට විතරක් නෙවෙයි අපිටත් වාසි..ඔය අරව මේවා තිබ්බම අපිටත් පිනා ටිකට්,ටී-ෂර්ට් හම්බුනේ නැතුවාම නෙවෙයි!

එතන රැකියාවේ තිබ්බ සම්බන්ධතා එක්ක මිනිහට event මැනේජ්මන්ට් ආයතනයක් වැඩි පඩියට සෙට් උනා!පවුලේ ගෑනු ලමයි කීප දෙනෙක් හිටියට,පරම්පරාව ගෙනියන්න හිටියේ මූ විතරයි.මිනිහගේ මස්සිනා කෙනෙක් බැංකුවක වැඩ කලා...ඔය බලපෑම නිසයි තව ඔය රට වටේ ඇවිදින එකයි සංචාරක ක්ශේත්‍රය ගැන ගෙදර උන්ට තිබුන ආකල්ප නිසයි මිනිහට බැංකු ජොබ් එකක් සැට් කරන්න ගෙදර උන් සෑහෙන්න මහන්සි ගත්තා..

ඒ රස්සාවට අකමැති උනාට ගෙදර උන්ව තරහ කරගන්න බැරි කමට මිනිහා ඉන්ටර්විව් දෙක තුනකට ගිහින් තිබ්බා..කොහොමින් කොහොම හරි දැන් මූට ලංකාවේ ප්‍රමුඛ පෙලේ පෞද්ගලික බැංකුවකින් ෆයිනල් ඉන්ටර්විව් එකට කැදවලා!
මූත් ඉතින් ගිහින් වාඩිවෙලා...

එතනින් එහාට වැඩේ ගිහින් තියෙන්නේ මෙන්න මෙහෙම :

ප්‍රශ්ණය : ඔයාගේ ෆයිල් එක කියෙව්වම අපිට පේනවා ඔයා උ/පෙලට කරලා තියෙන්නේ බයෝ.
ඊට පස්සෙ වැඩ කරලා තියෙන්නේ සංචාරක කර්මාන්තය පැත්තෙන්..දැන් ඔයා බැංකු ජොබ් එකකට එන්න උත්සහ කරනවා. ඒ අස්සෙ ව්‍යාපාර කලමණාකරනය ගැන බාහිර උපාධියකුත් කරනවා..
ඇයි මේ? මොකක්ද ඔයාගේ අර්මුන?
සර්.. මං බයෝ කරන්න තීරණය කලේ මං ඒ දවස් වල යාලු වෙලා හිටපු ගෑනු ලමයා බයෝ තෝරගත්තු නිසා..උ/පෙල කරලා ගෙදරට වෙලා ඉන්නකොට තමයි මං අඳුරන අපේ ඉස්කෝලෙ ආදි ශිෂ්‍යයෙක් ඔය සංචාරක මණ්ඩලේ රැකියාව සෙට් කලේ.ඒ දවස් වල සති අන්තෙ නිවාඩු නිසා මොකක් හරි අධ්‍යාපන සුදුසුකමක් ඕන නිසා තමයි බාහිර උපාධිය කරන්න ගත්තේ.ගෙදර මිනිස්සු මේකට බල කරපු නිසා තමයි මේ රස්සාවට අයදුම් කලේ.
ප්‍රෂ්ණය : ඔයා මේ බැංකුව ගැන මොනවද දන්නේ?
(හුඟක් අය බැංකුවේ පටන් ගත්තු දා ඉඳලා පැටිකිරිය කියද්දි,අර සම්මාන මේ සම්මාන ගැන කියද්දි මුගේ පිලිතුර වෙලා තියෙන්නේ..)
සර්..බැංකුවේ නම ඇරෙන්න වෙන මුකුත් මං මේ බැංකුව ගැන දන්නේ නෑ!

ඊට පස්සේ තව තව ප්‍රශ්න වගයක් අහලා මූත් උත්තර දීලා පරන පුරුදු රස්සාව කරගෙන් ඉන්නකොට තමයි සති දෙක තුනකින් පත්වීම් ලිපිය තැපෑලෙන් ඇවිත් තියෙන්නේ! දැන් මිනිහා ඒ බැංකුවේ වැඩ.ටිකක් දුර පලාතක බෝඩ් වෙලා තමයි වැඩට යන්නෙත්.

මිනිහට ඇත්තටම ඒ රැකියාව ඕන උනේ නෑ..අවශ්‍ය උනෙත් නෑ!
ඒත් මොකක් හරි හේතුවකට මිනිහට ඒ රස්සාවම හම්බුනා! ජීවිතේ ගොඩක් දේවල් එහෙම තමයි නේද..?
ලඟා කරගන්න හදන දේවල් ඈතින් ඈතට යද්දි ඈත් කරගන්න ඕන දේවල් ලං නූනත් ඈත් වෙන්නේ නැතිව හරි තියෙනවා!

අද රැකියාවල් වලට සම්මුඛ පරීක්ෂන වලදී තෝරගන්න උත්සහ කරන්නේ උගත් මිනිස්සුන්ට වඩා දක්ෂයො කියලයි මට හිතෙන්නේ.. ඒ නිසා ඒවයෙදි එල්ලකරන ප්‍රශ්න හුදෙක් 'ප්‍රශ්නයක්ම' විතරක් නෙවෙයි..පුද්ගලයා ගැන සෑහෙන්න දේවල් මැන ගන්න එයාල උත්සහ කරනවා..පොතේ දැනුමෙන් ඔබ්බට ගිය පුද්ගලයින්ට නම් ඒ එල්ලවෙන ප්‍රශ්න එතරම් ගැටලුවක් නූනත් Practical නැති මිනිස්සුන්ට නම් මේවාට ක්ෂනික උත්තර දෙන එක ලේසි වෙන්නේ නෑ!

මං අන්තර්ජාලේ එහෙ මෙහෙ රවුමක් ගහලා පොඩිත්තක් හොයලා බැලුවා!

සම්මුඛ පරීක්ෂන වලට යන අයට විතරක් නෙවෙයි පරීක්ශන පවත්වන්න ඉන්න අයටත් වැදගත් ප්‍රශ්න ගොඩක් ඒ සඳහාම වෙන්වුන වෙබ් පිටු ගනනාවක් තියනවා...
ලංකාවට මේ ත්‍රෙන්ඩ් එක ඇවිත්ද දන්නේ නෑ! හැබැයි ආවත් බය වෙන්න දෙයක් නෑ! ලංකාවේ තියනවානේ දැන් හැම දේකටම ටියුෂන්!

පහලින් මං එහෙම හොයා ගත්තු කිහිපයක් පරිවර්තනය කලා..රසවිදින්න!

පැනය: ඔබ කුනාටු සහිත වැසි බර රාත්‍රියක වාහනයක යනවා..ඔබ බස් නැවතුම් පලක් පහු කරද්දි එතන ඉන්නවා මැරෙන්න පන අදින වයසක ගැහැනු කෙනෙක්,වරක් ඔබේ ජීවිතය බේරගත් මිතුරෙක්, ඔබ සිහින මවමින් සිටි ජීවන සහකරු/කාරිය.වාහනේ යන්න පුලුවන් තව එක්කෙනෙක්ට පමනක් නම් කාවද තෝර ගන්නේ?
      සාර්ථකම පිලිතුර :  මං මිතුරාට වාහනේ යතුර දීලා පන අදින ගෑනු මනුස්සයව ගෙනියන්න කියනවා.මං සිහින ම වමින් හිටි ඒ පුද්ගලයා එක්ක බස් එකක් එනකං චැට් එකක් දාගෙන ඉන්නවා!


2. (තරුණියකට) ඔබ හෙට උදේට දැන ගන්නවා ඔබ හදිස්සියේ ගැබ් අරගෙන කියලා.ඔබ මොකද කරන්නේ!
     සාර්ථකම පිලිතුර: මං මගේ පෙම්වතා/සැමියා එක්ක සතුටින් සමරනවා!


3. ( අයදුම්කරු ඉදිරිපිට කෝපි (coffe) කෝප්පයක් තබමින්) What is infront of you?
     රැකියාව හිමිවී ඇති පුද්ගලයාගේ පිලිතුර වී ඇත්තේ Tea!
පැහැදිලි කිරීම විදිහට ඔහු දීලා තියෙන්නේ U අකුරට කලින් තියෙන්නේ T අකුර කියලා! 


තව මේ වගේ ප්‍රශ්ණත් ඒවයින් බලාපොර්තුවෙන පිලිතුරුත්,ලබා දෙන පිලිතුරු වලින් මනින්න උත්සහ කරන්නේ මොනවද වගේ දේවල් මෙන්න මේ අඩවියේ තියනවා! උනන්දුවෙන කවුරු හරි ඉන්නවනම් ගිහින් බලන්න පුලුවන්!මෙතනින්!


කොමෙන්ට් එකක් විදිහට දිනුක දාල තිබුන අදහසත් මෙතනටම එකතු කරලා අප්ඩේට් කරන්න හිතුනා! ඔයලගෙත් අත්දැකීම් තියනවා නම් එකතු කරන්න!
ඔන්න අපේ සර් කෙනෙක් මේ කතාව කිව්වේ.එයාගෙ දුව ගියාලු ආයතනයක් ඉන්ටර්විව් එකකට.ප්‍රශ්න අහලා අන්තිමට ඇහුවලු ඔයාට මේ රස්සාව ඔනොලැබුණොත් මොකද හිතෙන්නෙ කියලා.ඒ ළමයගෙ ක්ෂණික පිළිතුර වෙලා තිබුණේ,
'මට මේ රස්සාව නොලැබුණොත් වෙන 1ක් හොයා ගත්තැකි.ඒත් ඔයාලට දක්ෂයෙක් අහිමි වෙනවා' කියලා.
ආත්ම විශ්වාසය පෙන්නන්ඩ මෙයිට වඩා හොඳ උත්තරයක් නෑ කියලා අපිට කියපු සර්ම කියනවා එයාටනං මෙහෙම උත්තරයක් ජීවිතේට එන්නැහැ කියලා.

21 comments:

  1. දෛවය කියලා දේකුත් තියෙනවානේ :)

    ReplyDelete
  2. හරිම මරු ලිපිය නම්..මේ වේලේ දැවෙන ප්‍රශ්නේකටත් උත්තරයක් හම්බුනා වගේ :)

    ReplyDelete
  3. ලේසියි පහසුයි සරලයි වගේ පෙනුනට ඒ දේවල් වල හෙන ගැඹුරක් තීනවා...
    නියම පෝස්ට් එක....

    ReplyDelete
  4. මට නම් සබිත් ඕන දේ විතරමයි ඕනෙ..එපා දේ එපා මයි...:D:D

    ReplyDelete
  5. තුන් වෙනි එක මට තේරුම් ගියේ ටිකක් පහු වෙලා.. ඒකනම් සිරා...

    ReplyDelete
  6. පලවෙනි පැනයට දිපු උත්තරේ නම් පට්ට...ඇත්ත මචො මමත් දැන් බැංකුවක වැඩකලාට ඉස්කොලේ යද්දි කවදාවත් හිතුවේ නෑ බැංකුවක ජොබක් කොරන්න..හික්ස්...ජිවිතයට මුහුන දිම කියන්නේ පට්ටම ආතල් වැඩක් නේව

    ReplyDelete
  7. හොද ලිපියක් සභිත් . මටත් එපා දේ එපාමයි .

    ReplyDelete
  8. අර ඉන්ටර්විව් එක නම් ඇත්තම තමයි. මමත් AL වලට කරේ බයෝ. ඊට අමතරම ඒ වෙද්දී කිසිම සුදුසුකමක් තිබුනේ නැහැ, ලංකාවේ ප්‍රමුක පෙලේ බැංකුවක මමත් ඉන්ටර්විව් එකකට අපේ මාමා ගේ යොමු කිරීමක් මත ගිහින් අහපු ප්‍රශ්න වලට මම මෙලෝ දෙයක් දන්නේ නැහැ කියලා පිළිතුරු දුන්නේ, මට අද වගේ මතකයි. මම ආසම කරපු නැති විෂයක් තමයි වාණිජ. එත් සතියෙන් ට්‍රේනින් කැඳවලා අද වෙද්දී පත්වීමත් ලැබිලා.දුර පලාතක. ජිවිතේ මම ආස කරපු නැති බලෙන් මං ගාවට ආපු එකම දේ තමයි මේ රස්සාව. ආස කරපු කිසිම දෙයක් ලැබිලා නැහැ.

    ReplyDelete
  9. ඔන්න අපේ සර් කෙනෙක් මේ කතාව කිව්වේ.එයාගෙ දුව ගියාලු ආයතනයක් ඉන්ටර්විව් එකකට.ප්‍රශ්න අහලා අන්තිමට ඇහුවලු ඔයාට මේ රස්සාව ඔනොලැබුණොත් මොකද හිතෙන්නෙ කියලා.ඒ ළමයගෙ ක්ෂණික පිළිතුර වෙලා තිබුණේ,
    'මට මේ රස්සාව නොලැබුණොත් වෙන 1ක් හොයා ගත්තැකි.ඒත් ඔයාලට දක්ෂයෙක් අහිමි වෙනවා' කියලා.

    ආත්ම විශ්වාසය පෙන්නන්ඩ මෙයිට වඩා හොඳ උත්තරයක් නෑ කියලා අපිට කියපු සර්ම කියනවා එයාටනං මෙහෙම උත්තරයක් ජීවිතේට එන්නැහැ කියලා.

    ReplyDelete
  10. ඉන්ටවීව් යවන්න ඕන මේවගේ පොරවල්.

    ReplyDelete
  11. අත්තටම නියම පෝස්ට් එකක් සමහරු ඉන්ටර් වීව් අවාම දෙලෝ රත්වෙලා වගේ අරවා මේවා පාඩම් කරනවා. හැබැයි වාසනාවන්තයා ඔය කිසිවක් නොකර මෝඩයා අහන දේට දන්නවිදියට උත්තර දීලා වැඩේ ගොඩ දාගන්නවා.
    මේකට පොඩි මුඛරි කමකුත් තිබිය යුතුයි කියල හිතෙනවා.

    ReplyDelete
  12. බොහොම ස්තුතියි හැමෝගෙම අදහස් වලට!
    නිම්ශා : මොනාද අප්පා ඔච්චරට තියන දැවෙන ප්‍රශ්න!

    චින්චැට්/ගිම්හානි : ඕන දේ වගේම එපාදේත් tolerate කරන්න පුලුවන් හැකියාව හදාගන්න පුලුවන් නම් ජීවිතයට උපේක්ෂාවෙන් මුහුන දෙන්න පුලුවන් කියලයි මට හිතෙන්නේ! නැත්ද ? :p

    වර්ණා/raj : පෙරලෙන පැත්ත හොඳයි කියලා හිතා ගන්න එකයි ඇත්තෙ! නේද!

    දිනුක : ඔයාගේ ප්‍රශ්නයත් මං ඇතුල් කලා පෝස්ට් එකට!

    රාජ් : ඒකට කියන්නේ කරුමේ කියලද නොසැලකිල්ල කියලද?

    දයානන්ද මහතා : ඇත්ත! ඒ මුඛරිකම එන්නේ ආත්ම විශ්වාසය එක්ක කියලයි මට නම් හිතෙන්නේ!

    ReplyDelete
  13. මම කවදාවත් සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දීලා නෑ. එනමුත්... අපේ ෆයිනල්ස් වල තියෙන වයිවා නම් සම්මුඛ පරීක්ෂණ වලට වඩා හපන් !

    ReplyDelete
  14. මම හිතන්නෙ අවංක කමටයි රස්සාව හම්බවෙන්න ඇත්තෙ.
    henryblogwalker the Dude

    ReplyDelete
  15. . ( අයදුම්කරු ඉදිරිපිට කෝපි (coffe) කෝප්පයක් තබමින්) What is infront of you?
    රැකියාව හිමිවී ඇති පුද්ගලයාගේ පිලිතුර වී ඇත්තේ Tea!
    පැහැදිලි කිරීම විදිහට ඔහු දීලා තියෙන්නේ U අකුරට කලින් තියෙන්නේ T අකුර කියලා! //

    මට මේ කියපු දේ තේරුනේ නැහැ පොඩ්ඩක් විස්තර කරපංකෝ..

    ReplyDelete
  16. දැං මේ ටෙ‍්‍රන්ඩ් එක ලංකාවට එනවා... මම ගියපු ඉන්ටර්විව් එකකදි රවුන් කේක් ගෙඩියක් දීලා ලේසි විදියකින් 8කට කපන්න කිවුවා..... මම 4ට කපලා ඒක ආපහු 2මැදින් කැපුවා.. කේක් ගෙඩිය පොඩි වෙලා චුරු වෙලා ගියා... පස්සෙ මම දැනගත්තෙ ලේසි ක‍්‍රමේ..

    ReplyDelete
  17. ලඟා කරගන්න හදන දේවල් ඈතින් ඈතට යද්දි ඈත් කරගන්න ඕන දේවල් ලං නූනත් ඈත් වෙන්නේ නැතිව හරි තියෙනවා!

    "Soo True"

    හැමෝටම මගේ බ්ලොග් එකටත් එන්න ඇරයුම්...
    http://rozz12.blogspot.com/2012/06/blog-post_26.html

    ReplyDelete
  18. නිර්මාණාත්මක මිනිස්සුන්ව රස්සාවට ගන්න ඕනිනං සම්මුඛ පරීක්ෂණෙත් නිර්මාණාත්මක වෙන්න ඕනි.

    ප. ලි.
    බ්ලොග් එකේ ෆොන්ට් සයිස් එක ටිකක් වැඩි කරන්න බැරිවෙයිද?

    ReplyDelete
  19. අනිත්කොන : අපිට හැම term එකකටම vaiva :)

    dude : ඒක ගැනම හිතලා රස්සා දෙන කාලෙ දැන් ඉවරයි මං හිතන්නේ

    අසරණයා : what is infront of 'U"
    P Q R S T U V W X Y Z

    U එකට ඉන් ෆ්‍රන්ට් තියෙන්නේ 'T' නෙ!

    රොෂෑන් : අනිවාර්යෙන්ම එන්නම්!

    පරිකල්පන : ඊලඟ පෝස්ට් එකේ ඉඳලා ලොකු කරන්නම්..කියවන්න අමාරුයි වගේද?

    ස්තුතියි අනිත් හැමෝගෙම අදහස් වලටත්!

    ReplyDelete
  20. ම් මම අදනේ පෝස්ටුව දැක්කෙ..
    වැදගත් කාරණා ගොඩක් ඉස්මතු කරලා තියනවා සාබිත්..ස්තුතියි..

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...