Sunday, July 8, 2012

සිත ඉල්ලන ෆැන්ටසිය! The fantasy I need


මට මගේ ගමේ ඉන්නවා මරු යාලුවෝ සෙට් එකක්!
උන් මට සාමාන්‍යයෙන් ඉන්න අනිත් උන්ගෙන් ටිකක් වෙනස්..ටිකක් කිව්වට හොඳටම වෙනස්!
මට මං ගැන මතකයක් තියන කාලෙ ඉඳන්ම මට උන්වත් මතකයි!
පොඩිම කාලේ ඉඳන් උන් එක්ක හැදී වැඩුනා..
ක්‍රිකට් ගැහුවා..වැස්ස කාලෙට ජිල් ගැහුවා..වතු පාලු කලා..පොඩි කාලෙ කරන්න ඕනෙ දේවල් ඔක්කොම වගේ කලා..

මං ගියේ ටිකක් ලොකු ඉස්කෝලෙකට...උන් ගියේ ගමේ ඉස්කෝලෙට!
උන්ට ඉගෙනීම ගැන ඒ හැටි වටිනාකමක් තිබුනේ නෑ.
සමහරවිට උන්ට ඉගෙන ගන්නවට වඩා කරන්න වැඩ තිබුනා..
ගොඩක් උන්ගෙ ඉස්කෝලෙ ගමන ඕලෙවල් වලින් ඉවරයක් උනා..කලාතුරකින් එකෙක් ඒ ලෙවල් කලා..මං ඇරෙන්න සයන්ස් කරපු එකෙක් නැතිම තරම්.නැහැ ඇත්තටම..
උන් ඊට පස්සේ ජොබ් කරන්න ගත්තා..ගොඩක් වෙලාවට කොළඹ කොහේ හරි කඩේක සේල්ස් මෑන් කෙනෙක් විදිහට..

උන්ට අවුරුදු 24ක් විතර වෙද්දි උන් තේරුම් ගනවා කඩේට වෙලා ඉඳලා ගැලවීමක් නැහැ කියලා..
රට පනින උන ඔලුවට ගහන්නේ ඔය කාලෙට තමයි!
ඒ කාලේ නම් යූ කේ පිස්සුව තමයි හැමෝටම තිබුනේ..
උන්ගෙන් සමහරුන්ට ඉංගිරීසියෙන් නමක් වත් ලියාගන්න බැහැ.
ඒත් උන්ගේ වාසනාවටද අවාසනාවටද මංදා ලංකාවේ තිබුනු මහකොමසාරිස් කාර්‍යාලය වැහුවා.ලංකාවේ ඉන්න අයගේ ඩොකියුමන්ට් යවන්න ඕන ඉන්දියාවට..එහෙන් ලියකියවිලි හදාරලා විසා දෙනවද නැද්ද කියලා තීරණය කරනවා..මුන්ට ඉන්ටර්විව් යන්න ඕන වුනේ නෑ..

මුන්ට කිසිම අධ්‍යාපන සුදුසුකමක් නැති උනාට ඒවා තියෙන විදිහට ලියකියවිලි හදන මිනිස්සු ඉන්නවා..
ඇයි මුං වැඩි දුර ඉගෙනගන්න යනවා කියලනේ වීසා පෝර්ම් එකේ ලියන්නේ!!බැංකු පොතේ ඇප සල්ලි තියන විදිහට ඒ ලියකියවිලිත් හදනවා..මුන් තියන ඉඩම් කෑල්ලක් විකුනලා ඕවට ගෙවනවා..ඒවා රිජෙක්ට් උනාම ලෝයර් කෙනෙක් අල්ලලා ඇපීල් කරනවා..මුන් මුකුත් දන්නේ නෑ ඔවා ගැන..ඒවා කරන උන් ඉන්නවා..ඒකත් රිජෙක්ට් උනාම පාස් පෝට් එකේ සීල් එකක් වදිනවලු..ආයි අවුරුදු ගානකට ඇප්ලයි කරන්න බැරිලු..මුන් නම ගම වෙනස් කරනවා..අම්ම තාත්තගෙ නම් උප්පැන්න වෙනස් කරනවා..අලුත් පාස් පෝට් ගන්නවා..ආයි දානවා...ඔය රට යන උන ගැහුවම නිකන් කුඩු ගැහුවා වගේ කියලයි මිනිස්සු කියන්නේ!

උන්ගේ පැත්තෙන් ඒක සාධාරණයි..උන්ගෙ හැටියට ඒක ලොකු දෙයක්..නිකං හරි ගියා කියමු..ගිහින් බල්ලො වගේ මහන්සි වෙවී හම්බ කරනවා..පැය තුනයි හතරයි කියන්නේ සමහරදාට නිදාගන්නේ..පස්සෙ එන්න කිට්ටුවෙලා බැංකු තුන හතරකින් ණය ගන්නවා...අරං ලංකාවට පනිනවා..ආයි නොයන්නම..උන්ට ඒක කමක් නෑ! උන්ට ආයි යන්න ඕනත් නෑ! අවුරුදු 28ක් වෙද්දි ලංකාවට ඇවිත් ගෙනාපු සල්ලි වලින් කඩයක් දෙකක් අරං දානවා..ඊට පස්සේ ගේ හදාගෙන කසාදයක් කරගන්නවා....
ඒ වගේ අයට දූලා දෙන්න තාත්තලා දෙපාරක් හිතන්නෙ නෑ..
මනමාලයා මොකද කරන්නේ කියලා ඇහුවම, 'ආ..මිනිහා ලංඩන් වල නෙ ඉන්නේ' කියලා මහ උජාරුවෙන් කියනවා..

ලංඩන් මනමාලයා...
ඒක එක ස්ටේටස් එකක්! ඒක එක ෆැන්ටසියක්!
ලංඩන්වල මොනාද කලේ කොහොමද හම්බ කලේ කියන එක ඒ මිනිස්සුන්ට ප්‍රශ්ණයක් නෙවෙයි.
ඊට පස්සේ පොඩි බිස්නස් එකක් කරනවා..(නොකලත් එහෙම කියනවා)
කලත් නොකලත් අර අරං කුලියට දීපු කඩ දෙකෙන් මාසිකව ආදයමක් එනවා...
උන් හිතන විදිහට උන් ජීවිතේ දිනුම්!
මොකද උන් හිටපු තැනත් එක්ක බලද්දි උන්ට දැන් ස්ටේටස් එකක් තියනවා..
ආදායමක් තියනවා..
පවුලක් තියනවා...

අපේ ඉස්කෝලේ සර් කෙනෙක් හිටියා..සෑහෙන්න බිව්වා..ළමයි තුන් දෙනයි,එකෙක් කැම්පස්..
මිනිහගේම ගෝලයෙක් හිටියා අපේ ඉස්කෝලෙම උගන්වන..මෑන්ස් දවසක් කිව්වලු සර් දැන් බොන එක ටිකක් අඩු කලා නම් හොඳයි නේද කියලා..
අර සර් කිව්වලු 'මේ අහපං..මං ළමයිට හොඳට උගන්වලා තියෙනවා,,මට ගෙයක් තියනවා..පවුලක් ඉන්නවා..ඉතිං මං බොනවා! මට බොන්න එපා කියන උඹට පවුලක් ඇරෙන්න වෙන මොනාද තියෙන්නේ?'
අර මං උඩින් කියපු උන්ට උපදෙස් දෙන්න කවුරුත් යන්නේ නැත්තේ ඒකයි!
උන්ට සල්ලි තියනවා..ගෙයක් තියනවා..ආදායම් මාර්ගයක් තියනවා..අපිට?

මගේ සෙට් එකේ දෙන්නෙක් රට..
අනික් උන්ට තාම උන ගහලා නැහැ..උන් තාම ඉන්නේ අර ධූරාවලියේ සේල්ස්මන් අවධියේ!
උන්ට නිවාඩු තියෙන්නේ ඉරිදට..
මං ලංකාවේ ඉන්නකොට ඉරිදා තමයි සෙට් වෙන දවස!
ඉරිදා රෑට ගොඩක් වෙලාවට මං ගෙදරින් කන්නේ නෑ.
මං ක්ලාස් ගිහින් ඇවිත් උන් එක්ක කොත්තුවකට සෙට් වෙනවා!

උන් කනකොට මහා සද්ද දදා කන්නේ...තේ එක බොනවා නෙවෙයි සූ....ස් ගාලා උරනවා.
උන් එක්ක ගමනක් යන්න බෑ! මහා හයියෙන් කෑ ගහ ගහ නන්නත්තාර වෙනවා..
බහින්න ඕන තැනින් බහින්නේ නෑ! නගින්න ඕන තැනින් නගින්නේ නෑ! වෙලාවක් කිව්වම උන්ට ඒකෙ ගානක් නෑ...
මැනර්ස් කියලා ජාතියක් නැහැ උන්ට.. කන්න ගියත් එහෙමයි..ඇඟිලි වලින් නෙවෙයි උන් අල්ලෙන් කන්නේ..
කාලා ඉවර වෙලා ගොඩක් දවස් වලට බෝක්කුවක් උඩට වෙලා අපි කතා කරනවා..

උන් මාර දේවල් කියන්නේ~ උන් දෙන සමාජීය සහ දේශපාලන විග්‍රහ ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ!
උන් කියන සමහර දේවල් විද්‍යාත්මකව පට්ට පල් බොරු..
මුල් දවස් වල මං උන්ට කියලා දෙන්න උත්සහ කලා ඕක ඔහොම නෙවෙයි බං මෙහෙමයි කියලා..
දේශපාලනේ ගැනත් මං උන්ට කියල දෙන්න උත්සහ කලා...
ඒත් උන් ඒවා තේරුම් ගත්තේ නෑ! ඊට වඩා සමහර දේවල් උන් තේරුම් ගන්න උත්සහ කලේ නෑ!
සමහර විට උන්ගේ ආතල් එක තියෙන්න ඇත්තේ උන්ගේ ඒ සිතුවිල්ල් තුල..
ඒ සිතුවිල්ල වෙනස් කරලා උන්ගේ ආතල් එක නැති කරගන්න උන් කැමති නැතුව ඇති..
පස්සේ පස්සේ මං උන්ට ඕවා කියන්න උත්සහ කරන එක නැවැත්තුවා!
හැබැයි එකක්..
මං කියලා දෙන්න හදපු කිසිම දෙයක් උන් ප්‍රතික්ශේප කලේ නෑ!ඒ මං උන්ට වඩා ඉගෙන ගත්තු එකා කියලා උන් දන්න නිසා වෙන්න ඇති..හැබැයි උන් භාර ගත්තෙත් නෑ!
ඒක මං තේරුම් ගන්නේ ඒ වෙලාවට 'හා ඇත්තද' කියලා අහං ඉඳලා ඊගාව සතියේ ආයි පරන පුරුදු කතාවම උං කියන්න ගන්න එකෙන්!

මං මෙහෙ(රට)ආවා..ඉගෙන ගන්න!
ඊට පස්සේ නිවාඩුවට ගෙදර ගියා!
උන් තාම එහෙමමයි...ලෝකේ ගොඩක් දේවල් වෙන්ස් වෙද්දි උන් වෙනස් වෙලා නෑ කියන ඒ සිතුවිල්ල තුල තියෙන්නේ පුදුම සතුටක්!
ඔය අතර පරන විදියට කොත්තුවට සෙට් උනාම උන්ගේ දේවල් මං රස විඳින්න ගන්නවා..
උං සද්දේ දදා කද්දි මාත් ප්ලේන්ටිය සූ.....ස් ගාල උරලා බීලා බලනවා.
ඒකෙත් අමු කික් එකක් තියනවා..
මැනර්ස් අරවා මේවා කියලා අපි අපිටම කොයි තරම් වදයක් දී ගන්නවද කියලා මට හිතෙන්නේ ඒ වෙලාවට.
සමහර විට ටයිටැනික් එකේ රෝස් ජැක්ට ලං වෙන්නෙත් ඔය නිදහස නිසා වෙන්න ඇති!
උන් කියන කතා මං හිනා වෙලා අහං ඉන්නවා..
උල් පන්දම් දෙනවා..

උන්ගේ කෝනයෙන් බැලුවම ඒවා කොයි තරන් නම් ඇත්ත විදිහට පේනවද කියලා මට හිතෙන්න ගන්නවා..
ඇත්ත..ගුරුත්වාකර්ශනය ගැන දන්නේ නැති එකෙක්ට ලෝකෙ ගෝලාකාරයි කියලා කිව්වම 'එතකොට යකෝ පල්ලෙහායි පැත්තෙනුයි ඉන්න උන් බිමට වැටෙන්න එපැයි'කියලා ඌ අහන එක උගේ වැරැද්ද?

මේ e අකුර මේකෙන් දෙපාරක් ඔබලා මෙතන ‍x අකුර තුන් පාරක් ඔබහන් කියලා උන්ගේ වදේට කැෆේ එකට අරං ගිහින් බ්ලූ බලන හැටි උන්ට කියල දීපු මට,උන් පෝන් එකක් අරං මට ස්කයිප් කෝල් ගද්දි ජීවිතේ ගැන ගොඩක් දේවල් හිතෙනවා!

මං ලඟඳිම ලංකාවට යනවා..
උන් එක්ක සෙට් වෙන්න,
උන්ට ඇත්තක් වූ බොරු අහන්න,
උන්ට බොරුවක් වූ ඇත්තවල් උන්ගෙන්ම අහගන්න,
මැනර්ස් අරවා මේවා පැත්තකා දාලා උන්ගේ ගානටම වැටෙන්න,
ආකල්පමය සමාජීය වැට කොටු නැති ඒ ආතල් එක විඳගන්න
මගේ හිත මග බලං ඉන්නවා!



ප:ලි : අලුත් බ්ලොග් එකක් හම්බුනා..වෛද්‍යවරයෙක් වෙන්න ඕන මං හිතන්නේ ලියන්නේ.ලස්සන කෙටි කතා ටිකක් තියනවා..කැමැති කෙනෙක් වේ නම්----------> ගිමන්හල

25 comments:

  1. //උන් දෙන සමාජීය සහ දේශපාලන විග්‍රහ ලොවෙත් නෑ
    ඒකනං සිරා ඇත්ත....

    ReplyDelete
  2. ඕකෙ පුංචි වෙනසක් එක්ක මම ජීවත් වෙන්නේ.මට උනේ ගම්පෙරලියේ තිස්සට වෙච්ච දේ.අර කොණයි මේ කොණයි දෙකම එපා වෙච්ච එක.හැබැයි දෙගොල්ලොත් එක්කම ඉන්න ඒක ප්‍රශ්නයක් වෙලා නෑ.ඒත් ඒ එක විදිහකටවත් මටනං හැඩ ගැහෙන්න බෑ.

    අදනං සැරට ලියලා තියෙනවා.භාශා ශෛලියා මාර සිරා.

    ReplyDelete
  3. අනිකාගෙ දෘශ්ඨි කෝනයෙන් බලන එක අමාරුම වැඩක් තමයි සාබිත්
    මම ගිමන්හල පාඨකයෙක් දැනටමත්!
    henryblogwalker the Dude

    ReplyDelete
  4. වෙනසක් උනත් ඒ දේට හිත ආසයි.. නියම පොස්ට් එක මචං..

    ReplyDelete
  5. හ්ම්. බොහොම සරළව කියල තිබුනත් ඉතාම දාර්ශනික කතන්දරයක් මේක. ජීවිතය කියන්නෙ සරළ වෙන්න වෙන්න සතුට වැඩිවෙන දෙයක්. වැඩිපුර ටාගට් නැති ජීවිත ගතකරන එවුන් ෆන්එකේ ඉන්න රහස ඒකයි.

    ReplyDelete
  6. ම්ටත් ඔහොම සෙට් එකක් හිටියා. හැබැයි දැන් ආස්සරේ නෑ කාලෙකින්.. උන් තාම ඉන්න ඉස්සර තැනමයි. මම වෙනස් වෙලා. මම වෙලාවකට ඒ නොවෙනස් කමට කැමතියි. වෙලාවකට කැමති නෑ.. වෙනස් නොවීම තුළ තියෙන සියුම් සතුට මට දැනෙන්නේ මම වෙනස් වෙච්ච නිසා කියලයි හිතෙන්නේ. උන්ට ඒ නොවෙනස් වීම සමහර වෙලාවට මහ දුකක් වෙනව. පවුල් ප්‍රශ්න වලදි.

    ReplyDelete
  7. ඇත්ත. ඕක එක්තරා විදියට ෆැන්ටසියක්. නමුත් ස්මාජ මට්ටම කියන කෝණයෙන් බලද්දි පොඩි හැප්පීමක් තියෙනවා වගේ. සරල නමුත් මහා ලොකු විග්‍රහයක්!(මට දැනෙන හැටියට )

    ReplyDelete
  8. මේක ෆැන්ටසියක්ම කියන්නත් බෑ සාබිත්
    සමහර ජීවිතවල ඇත්තක් නෑ මේ ෆැන්ටසිය ඇතුලෙමයි ජීවත් වෙන්නෙ.. ඉබ්බාට කටුවෙන් තොර ලෝකයක් නෑ වගේ මේ කට්ටියත් තමන්ගේ ඔළුව උඩ තියන ලෝකෙන් එහා දෙයක් ගැන හිතන්නෑ..

    එතනත් පොඩි සරල බවක් තියෙනවා..ලෝකෙ තියන හැමදේම දැනගත්තාම තීරණ ගන්න හරි අමාරුයි..අපි දන්න දේවල් ප්‍රමාණය අඩුවෙන්න අපේ තීරණ වල නිවැරදි බව කෙසේවෙතත් තර්කානුකූල බව වැඩි වෙනවා..

    ඉතින් මේ කෙස් පැලෙන තර්ක අහක ඉඳන් අහන් ඉන්න ඔයාට මේ විදිහට සෙට් වෙන්න ආස හිතෙන එක අරුමයක් නෙවි..

    ReplyDelete
  9. මටත්(මගේ හොඳම යාළුවෙක් නිසා අඳුනගත්තු) ඉන්නවා ඔය වගේ යාළුවෝ සෙට් එකක්. උන්ට තියෙන්නේ වෙනම සිස්‍ටම් එකක්. අපේ සිස්ටම් වල තියෙන මහා ලොකු මැනර්ස්, සීමා උන්ට නෑ. එහෙම බැලුවාම අපි හිරවෙලා. උන් නිදහසේ ෆන් එකේ. උන්ට මහා ලොකු ප්ලෑන් නෑ. සල්ලි හම්බකරනවා වියදම් කරනවා. රට යනවා එනවා. සල්ලි සේරම ඉවර උනාම තව රටකට යන්න හිතනවා.
    ඇත්ත උන් මිත්‍යා විශ්වාස ඇතුලේ පුදුම වෙලා ඒ දේවල් ගැන පැයගනං කතා කරනවා. මං අහගෙන ඉන්නවා. උන්ට තේරුම් කරන්න යන්නේ නෑ. තේරුම් කළොත් උඹට උනා වගේම උන් මං කියන එක අහගෙන ඉන්නවා. ආයෙත් උන්ගේ කතාවට යනවා. හැබැයි සමහර මහා උගත්තුයැයි කියාගන්න අයට වඩා මෙයාලා සමාජේ දිහා විවෘත මනසකින් බලනවා. මටත් වෙලාවකට හිතෙනවා මේ සීමා වලින් මිදෙන්න ඇත්තං කියලා!

    ReplyDelete
  10. ම් පරිස්සමෙන් ඇවිත් පලයං

    ReplyDelete
  11. සරල දිවිය සතුටු වැඩි මචං..

    පරිස්සමෙන් වරෙං !

    ජය !!

    ReplyDelete
  12. ස්තුතියි හැමෝගෙම අදහස් වලට!
    හැමෝගෙම අදහස් වලට මං පොදුවේ උත්තර දෙන්නම්..
    ඒ සීමා මායිම් තුලින් ගැලවුනාම තියන නිදහසට මං හරිම ආදරෙයි! ඇත්ත..මං සරළව ලිව්වට මේක ඇතුලේ ලොකු සමාජ දේශපාලනයක් තියනවා..අපේ ජීවිතේ කියන්නේ අපේ සතුටම විතරක් නෙවෙයි නිසා අවස්ථානුකූලව පුද්ගලානුකූලව අපේ වෙනස්වීම වෙන්න ඕන කියලයි මං හිතන්නේ..ඒ ඒ පුද්ගලයෝ එක්ක ඉන්නකොට ඒ ඒ විදිහට වෙනස් වෙනව නම් ජීවත් වෙන්න ලේසි!

    ReplyDelete
  13. දැන් අවශ්‍ය කරන්නේ සල්ලි ඒවා කලු සල්ලිද සුදු සල්ලිද මොකක් කරලද හෙව්වේ කියන එක අදාළ නැහැ. මිනිස්සුන්ගේ මනස ඒ විදිහට හැඩගස්වලා හමාරයි

    ReplyDelete
  14. මේක මටනම් හොඳ සමාජ විවරණයක්...මට මතක් වුනේ මෙට්ටෙ උඩ තියන්ඩ හදපු "හකල්බරි ෆින්ව.."

    ReplyDelete
  15. ම්ම්ම්ම්ම්.... ජීවිතේම ෆැන්ටසියක්.. අපි කැමති විදිහට හීන දකිනවා..

    ReplyDelete
  16. සරල ජීවිත ඇතුලෙ සරල බව වගේම ගැඹුරකුත් තියෙනවා. සමහර වෙලාවට ඒ සරලකම තුළ හැංගුන වේදනාවකුත් තියෙනවා. ඒතමයි අපිට හමුවන ජීවිත වල හැටි.

    ReplyDelete
  17. මට මේ පොස්ට් එක මාරට දැනුන. මොකද මමත් ටිකක් උඹ වගේ. මම රට ආවට මගෙත් එක්ක පොඩි කාලේ හිටපු උන් ඒ වගේම තමා. වෙනස් වෙලා නැහැ. අපිට වෙනස් කරන්නත් බැහැ. තනියෙන් ඉද්දි කොච්චර වැදගත් විදියට හිටියත් ඒ සෙට් එකත එක්ක යද්දී කලිසම ගැලවෙනවා අපි දන්නෙත් නැහැ.

    ReplyDelete
  18. සමහරක් වෙලාවට යථාර්ථයත් මේකමයි

    ReplyDelete
  19. සබිත් අපූරු විස්තරයක් කරල තියනව නොවැ! ජීවිතේ දකින්න තේරුම් ගන්න එකිනෙකාට තියෙන්නෙ වෙනස් මට්ටම් වල හැකියාවක් නේද? ඒත් ගොඩක් අය හිතන්නෙ තමන් දකින විදිහ තමයි නිවරැදිම කියල. මුදල් ගෙයක් පවුලක් සමාජ තත්වයක් මේ ටික සම්පූර්ණ වුනා කියලම කෙනෙක් අංගසම්පුර්ණ වෙන්නෙ නෑ කියල සමහරු දකින්නෙ නෑ. ඒත ඉතිං ලොකු ලොකු බලාපොරොත්තු නැතුව සරල විදිහට සතුටු වෙලා ජීවත් වන එකෙත් වරදක් නෑ. ඉතිං සබිත කියනවා වගේ තමන්ගෙ යාලුවො තේරුම් අරගෙන ඒ අයගෙ සරල සතුට විදින එකෙනුත් ජීවිතේට වෙනසක් ලැබෙනව.
    ඔවුන්ගෙනුත් යමක් ඉගෙනගන්න ලැබෙනව, අපි නොදකින පැති ඔවුන්ගේ ඇස් වලින් දකින්න පුලුවන් වෙනව.

    මම ඒත් බැලුව ගිමන්හලට එන පිරිස එක පාරට වැඩි වුනේ කොහොමද කියල! බලනකොට සබිත් පොඩි නිවේදනයක් කරලනෙ. ගොඩාක් ස්තූතියි සහෝ සහයෝගයට. ඇත්තම කියනව නම් මම ලියන්න එතරම් දක්ශයෙක් කියල හිතෙන්නෙ නෑ, කතාබහ කරන්න වැදගත් දේවල් පොඩි කතාවකට බද්ධ කරල ටිකක් රසවත්ව කියන්න තමා උත්සාහ කරන්නෙ. ඉතිං ඇවිත් ඒ ගැන කතා බහ කරන අයගේ වටිනා අදහස් තමයි වැඩියෙන් වටින්නෙ.
    ඔන්න ආයෙත් ස්තූතියි කිව්වා සබිත්! ජයවේවා!

    ReplyDelete
    Replies
    1. හොඳ දේ අගය කරන එකත් අනික් අයට ඒවා රසවිඳින්න බෙදාගන්න එකත් හොඳ දෙයක්!මට යමක් හිතට වැදුනම කාගෙ කවුරුද බලන්නෙ නැතුව මං බෙදා ගන්නවා..මගේ බ්ලොග් එකටත් ලොකු සම්මත පාඨක පිරිසක් නැහැ.අහම්බෙන් එන පිරිස තමයි වැඩි..ඉතින් එහෙම එන කෙනෙක්ට හරවත් දෙයක් රසවිදින්න අවස්ථාව ලබාදෙන්න පුලුවන් නම් ලොකු දෙයක්!

      Delete
  20. hasitha, සෙන්නා, පසන්, දයා අයියා, සචිත්, අසරණයා හැමෝටම ස්තුතියි අදහස් දක්වන්න කාලය මිඩංගු කිරීම ගැන!

    ReplyDelete
  21. ඔයාගේ අදහස් වල යන්තමට ඉරිසියාව වගේ දෙයක් ගැවිලද?
    ලෝකෙන් ලෝකෙට වෙනස්වීම් තියනවා කියලා හිතුවොත්,,,,,,,,,,,,

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...