මං ගියේ කතෝලික පාසලකට..ඒ දවස් වල මගේ ඉස්කෝලෙ ශිෂ්‍ය නායක සංගමය සාමාන්‍යයෙන් ගුරු සංගමේට වඩා බලවත් වෙලා හිටපු කාලයක්..ගුරු සංගමේට වැඩිය සල්ලිත් තිබුනද මංදා බැංකු පොතේ!ශිෂ්‍ය නායක කාමරයේ ඔය හැම ඉස්කෝලෙකම තියන කැරම් බෝඩ් එකට අමතරව අපේ කාලයේ ටීවී එකක් ටික දවසකට CDMA ටැලිපෝන් එකක් එහෙමත් තිබ්බා..කොටින්ම සාමාන්‍ය ගුරුවරයෙකුට නැති තැනක් පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයට තිබුනා.
කතාවට ආයෙ ප්‍රවිශ්ඨ වෙමු!
ඔය ප්‍රධාන ශිෂ්‍ය නායකයා තෝරන්නේ අනෙකුත් ශිෂ්‍ය නායකයන්ගේ හා ගුරුවරුන්ගේ ඡන්දයෙන්.හැබැයි අවසන් තීරණය තිබුනේ විදුහල්පති තුමාගේ අතේ!(නිෂේධ බලය) හැබැයි අපේ කණ්ඩායමේ හා ඉවත්ව යාමට නියමිත ජේෂ්ඨ කණ්ඩායමේ කැමැත්ත ගැන වැඩිපුර අවධානයක් එතුමා යොමු කරනවා..
අපි අපි අතර තරඟයක් නැතත් අවසානයේ නිර්දේශිත නම් 4ක් තිබුනා තනතුරු තුන සඳහා(ප්‍රධාන හා උප ප්‍රධාන දෙදෙනෙක්)එතනින් එක්කෙනෙක් බෞද්ධ,දෙන්නෙක් කතෝලික,එක්කෙනෙක් මුස්ලිම්.
අපේ කණ්ඩායමේ බහුතර කැමැත්ත සහ හැමෝම හිතන් හිටියේ මුස්ලිම් සහෝදරයාට ප්‍රධාන තනතුර හම්බ වෙයි කියලා!ජේෂ්ඨ කණ්ඩායමේ කැමැත්ත තිබුනේ බෞද්ධ සහෝදරයට!බහුතරයකගේ මනාප ලැයිස්තුව හැදිලා තිබුනේ