Wednesday, June 13, 2012

පුලින ප්‍රාසාද


මටම මං හිමි නැති මගේ ලෝකයේ 
කවදා කොහොම මං නුඹේ වෙන්නද?
ඊලඟ රැල්ලට සේදෙන බව දැන දැනම
වැල්ලේ මාලිගා තැනීම 
නුඹේ සතුට නම්..
තාවකාලික සතුට වෙනුවෙන්...
සදාකාලිකව දුක් වෙන්නට....
එතකම් විතරක් මං නුඹේ වෙන්නම්...

16 comments:

  1. මේ නමින් පරන නාට්ටියක් ගියා නේද ?

    ReplyDelete
  2. අපි හැමෝම මේ කරන දේවල් හැම දේම කරන්නෙ තාවකාලික සතුටට තමා සාබිත්..

    ReplyDelete
  3. ගැඹුරු කවියක්. පද වැල් කිහිපයක්.

    ReplyDelete
  4. කාටවත් කවුරුවත් හිමි නැහැ නොවැ

    ReplyDelete
  5. වැල්ලේ තැනුවෙ මාළිගා...රැල්ළ එන බව දැන දැනම නම් දුකක් ඉතිරි වෙන්නෙ නැහැ..

    ReplyDelete
  6. තාවකාලික සතුටක් වෙනුවෙන් මහා දුකක් ලං කර ගන්න එක මෝඩ වැඩක් එක අතකට..

    ReplyDelete
  7. තාවකාලික දේකට අත දෙන්න ගිහින් දුක උරුම වෙයි..ඊට වඩා පැහැදිලි කිරිමකින් සතුටක් ලඟා කරගන්න පුලුවන් වෙයිනේ..

    ReplyDelete
  8. බොහෝ ගැබුරු අරුතක්නෙ මින් ගම්‍යමාන වන්නේ. මටම මං හිමි නැති කිව්වම මොන තරම් ලස්සන අරුතක් තියෙනවද.......???? හරිම ලස්සන අදහසක්.

    ReplyDelete
  9. //එතකම් විතරක් මං නුඹේ වෙන්නම්...//

    …අනේ මන්ද .

    ReplyDelete
  10. ම් ම් ම්ම් වදින අදහසක් ..

    ReplyDelete
  11. කෙටියෙන් කිව්වත් හිතට දැනෙන සිතුවිල්ලක්.

    ReplyDelete
  12. තේරුනේ නැද්ද මන්දා... (ගැඹුර)

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  13. බොහොම ස්තුතියි හැමෝටම!

    සෑම් : අනේ මන්දා..හැබැයි පුලින ප්‍රාසාද කියන්නේ නම් වැලි මාලිගා කියන එකට

    චින්චැට් : දුක නැති වෙන්නේ කොහොමද සතුට රැල්ලට ගහං ගියාට පස්සේ?

    දිනේශ්/නිම්ශා : තාවකාලික උනත් ඒ සතුට විඳින එක සතුටක් නේද කවදාවත් නොවිඳ ඉන්නවට වඩා? ඒ සදාකාලික දුකට වඩා ඒ තාවකාලික සතුට අපිට වටින වෙලාවල් තියෙන්න බැරිද?

    ReplyDelete
  14. සුළු මොහොතක සුවය...හ්ම්...

    ReplyDelete
  15. ඇත්තටම බලාගෙන ගියාම මේ හැමදේම අපි කරන්නෙ තාවකාලික සතුට වෙනුවෙන් තමයි. හරියට එදා වේල ටුවර්ස් වගේ නේද?

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...