Monday, November 21, 2011

අපි නොදන්න බජට්!



1 + 1  එකට එකතු කලාම තුනයි කියල,
1 + 1 දෙකයි,කොහෙද යකෝ තුන කියල අපෙන් අහන..
බෝල කතිර ඉරි කොටු අකුරු ඉලක්කම් සුත්‍ර විජ්ජාවෙන්
අපි අන්දලා ,
ආදරයෙන් අපෙ කටට දාන,
හපලත් බැරි..
නොහපා ගිලින්නත් බැරි,
අපි නොදන්න බුල්ටො ටොපිය!



Friday, November 18, 2011

වීරයෝ හා ද්‍රෝහියෝ -එදා සහ අද

කියන්නට දෙයක් නැත..
කිව්වා කියල වැඩකුත් නැත..
වැරදි නොකරන මිනිසුන් මෙලොව නැත...

පුද්ගල දේශපාලනයන් මට අදාල නැත..
මා දන්නේ මෙපමනකි...
මොහුට මෙය සිදුවිය යුතු නැත..
මොහු වැරදිකරුවෙක් වියහැක,
නමුත් අපරාධකරුවෙකු නොවේ!

ඔහු කල වැරැද්ද වැරදි පැත්තේ හිටගැනීමයි..
අද අපිට කෙලවූ කරුණලා,පිල්ලෙයාන් සර්ලා ගරු. ය..
ඔවුන් සැකකරුවන් නොවේ...වැරදිකරුවන් නොවේ...
දේශප්‍රේමීය..ජාතිමාමකය..

ඔවුන් අපේ මුදලින් නඩත්තුවේ...ඒ මහා මන්දිරවලය..
මොහුද අපේ මුදලින් නඩත්තුවේ..හැබැයි ඒ බන්ධනාගාරයේය...
රට වෙනුවෙන් සටන් කල ඇත්තෝ පාවාදෙන්නෝය,දේශද්‍රෝහීය...

මිනිසුන් තනිවම ගස් බැඳගන්නා,
වෙඩි තියන්න අනුබල දුන් උන් සැකකරුවන් නොවන,
එහෙත් ගමේ කසිප්පු පෙරන එකාගේ අල්ලපු ගෙදර එකාවත් අල්ලාගෙන යන
රටක සිටිනා මිනිසුනේ,

සිතන්න...
දේශපාලන රෙදි උනා දමා...
බලන්න...
රතු කොල නිල් පාට කණ්නාඩි ගලවා...


මොහුට මෙය සිදුවිය යුතුද??
Does he deserve this????


Monday, November 14, 2011

ලෝක දියවැඩියා නිවාරන දිනය වෙනුවෙන් -කියවන්න..දැනුවත්වන්න...


අදට යෙදී තිබෙන ලෝක දියවැඩියා නිවාරන දිනය වෙනුවෙන් මා සිංහල බ්ලොග් ලිවීම ආරම්භ කල අවදියේ ලියූ (වැඩි පිරිසක් අතින් නොකියවුනු)මේ සටහන නැවත පලකරන්නට සිතුනා..
කියවන්න..දැනුවත්වන්න...


මොකක්ද මේ දියවැඩියාව????

වචනයෙ පරිසමාප්ත අර්තය සැලකුවිට අපට දල අවබෝධයක් ලබාගන්න පුලුවන්.
ඒ "වැඩියෙන් ජලය යාම" එනම් මුත්‍රා යාම.

දියවැඩියාව ප්‍රදාන ආකාර 2ක් තියනවා!
1. සිරුරේ ADH හොර්මොනය අඩුවෙන් ස්‍රාවය වීම/සම්පුර්නයෙන්ම ස්‍රාවය නොවීම නිස ඇතිවන දියවැඩියාව (Diabetes Insipidus)

2. ඉන්සියුලින් ස්‍රාවය නොවීම/අඩුවෙන් ස්‍රාවය වීම නිස ඇතිවන දියවැඩියාව(Diabetes Mellitus)
අප එදිනෙදා දියවැඩියාව (සීනි)ලෙස හදූන්වනු ලබන්නේ ඉහත කි ඉන්සියුලින් නිසා ඇතිවන දියවැඩියාව තත්වයයි.

ඉන්සියුලින් ස්‍රාවය නොවීම/අඩුවෙන් ස්‍රාවය වීම නිසා ඇතිවන දියවැඩියාව(Diabetes Mellitus)

අප කතා කරන්න බලාපොර්තු වන මෙ දියවැඩියා තත්වය වෛද්‍ය විද්්‍යනූකූලව වර්ග 2කට බෙදෙනවා.

1.Type 1: මෙය ඉන්සියුලින් නිෂ්පාදනය නොවීම නිස ඇතිවෙනවා(අග්නි්‍යාෂයේ ලැන්ගර්හෑන් දීපිකා වලින්)
2.Type 2:මෙය ඉන්සියුලින් වලට සෛල දක්වන සංවේදීතාව අඩු වීම නිසා ඇති වෙනවා

Saturday, November 12, 2011

සිරා කරපු මගේ ලව් එක:කෙථි කතාව


අද පෝය දවස..
කාමරේ ලයිට් නිවල තිබ්බට ඒ වගේම එලියකින් කාමරේ පිරිලා..
ම‍ං ආස නෑ එලියට..මට ඕන කළුවර..
එහෙම හිතලා පැත්තකින් තිබ්බ කොට්ටෙ අරං මූන වහගත්තා..

හ්ම්ම්ම්...
රංගි එක්ක එක දිගට රණ්ඩු වුන කීවෙනි දවසද මේ කියල මං කල්පනා කරන්න පටන් ගත්තා..
අදත් සුපුරුදු පරිදි අපි කතා කලා...රණ්ඩු උනා..
මට පුලුවන් උපරිමයෙන් මං එයාට ආදරේ කලා..අදටත් කරනවා..හැබැයි එයා කවදාවත් ම‍ං කරන කිසිම දෙයක හොඳක් දැක්කේ නෑ..ම‍ං කරන හැම දේම වැරදි..
එයා ගැන හිතුවත් වැරදි..නොහිතුවත් වැරදි!

Friday, November 11, 2011

විවාද ආතල්:අන්තිම ගහත් හිඳූන දවසට අන්තිම ඟඟත් කැපුනු දවසට


මේ සීන් කෝන් එකත් ම‍ම විවාද කණ්ඩායමට සම්බන්ධ වෙච්ච මුල් දවස් වල හරි වෙන්න කලින් හරි වෙච්ච දෙයක්.ඒ දවස් වල ඉතින් ඔය සිංහල සාහිත්‍ය දින ආවම පංති මට්ටමින් විවාද තරඟ එහෙම පැවැත්වෙනව එක කොහෙත් වෙන දෙයක් නේ!
 ඔය විදිහට පැවැත්වෙන විවාද තරඟ ඒ තරම් ප්‍රොෆෙෂනල් විදිහට තියන්නේ නැති නිසා ගොඩක් වෙලාවට කෙරෙන්නේ විවාදෙ පැත්තක තියලා දෙපැත්ත බෙදිලා කියුම් කියා ගන්න එක!
පොඩි දවස් නිසාත් බුද්ධියෙන් තර්ක කරන්න ඒ හැටි අවබෝධයක් නැති නිසාත් එකෙක්ට වචනයක් වරදිනක‍‍ං ඉන්නේ අනිත් පැත්තේ උන් ඕක අල්ලන් කෑ ගහන්න...හරියට අපේ පාර්ලිමේන්තුව වගේ..(පහල වීඩි‍යෝ එක බලන්න කෝ)

Wednesday, November 9, 2011

ඇස් ලෙඩ පැතිරීමේ අවදානමක්!!දැනුවත් වෙන්න..


පූර්විකාව: 
මේ දිනවල වයිරසයක් නිසා බෝ වන අක්ෂි රෝගයක් සීඝ්‍රයෙන් පැතිරී යාමේ අවදානමක් ඇති බවත් විශාල පිරිසක් දෛනිකව මේ සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට පැමිනෙන බව ජාතික අක්ෂි රෝහලේ අධ්‍යයක්ෂ වෛද්‍යය S.A.H ලියනගේ මහතා සන්ඩේ ටයිම්ස් පුවත්පතට පවසා තිබුනා!
මේ එම රෝගය ගැන කරන පොඩි විස්තර කිරීමක්! මෙහි සඳහන් බොහෝ කරුනු බොහෝ දෙනා දැනටමත් දන්නා දේවල්!නමුත් කියවීම තුලින් නැවත එම කරුණු මතක් කරදීමයි ලිපියේ අරමුන!!

මොකක්ද මේ ඇස් ලෙඩ???
අපි සරල බසින් ඇස් ලෙඩ කියල හඳුන්වන්නේ අක්ෂි පටලය ඉදිමීම හේතුවෙන් ඇතිවන ඇස් රතු වීමේ තත්ත්වයට!

Monday, November 7, 2011

වැර්ලස් මතකයන්: අක්කගේ ලයිට් හවුස්!



හුගිය සතියේ කතා බස් වැඩසටහනට සහභාගිවුන මං ඒ වෑරලස් එහෙක කතාකරපු තුන් වෙනි වතාව!
පලවෙනිපාර මං ගොඩක් පුංචි කාලේ ජාතික ගුවන් විදුලියේ වැඩසටහනකට දහම් පාසලෙන් එක්ක ගියා ලාවට වගේ මතකයි!හැබැයි ඒ හැටි තේරුමක් තිබුනේ නෑ!
දෙවෙනි පාරට ගියා මං 12 වසරේ ඉන්නකොට මං හිතන්නේ!
එහෙම ගිහින් වෙච්ච රසබර සිද්දියක මතකයන් දිග අරින්න තම දැන් හදන්නේ :)

Saturday, November 5, 2011

සාබිත් සමග කතා බස්...


බ්ලොග් කලාව තුල සාබිත් කියන්නේ මහා ලොකු චරිතයක් නෙවෙයි..
බ්ලොග් ලෝකේ පතාක යෝධයෙක් වත්,
සිංහල බ්ලොග් කලාවේ උන්නතිය උදෙසා ලියනවා ඇරෙන්න වෙන මොනවත් මහා ලොකුවට කරපු කෙනෙකුත් නෙවෙයි!
දවසගානේ පෝස්ට් දාන කෙනෙක් වත් ඉලක්කම් හතර පහක හිට්ස් තියන කෙනෙක්වත්
පෝස්ට් එකක් ලිව්වම වැල වගේ කොමෙන්ට්ස් දාන්න කට්ටිය ඉන්න කෙනෙකුත් නෙවෙයි!
අද වෙනකොට මං ලියල තියෙන්නේ ලිපි 27යි..
මේ අවුරුද්දයි මාස තුනටම!
ඔව් මාස 15ටම...
එහෙව් මට ආරධනාවක් ලැබෙනවා බස් රේඩියෝවෙන් රේඩියෝ වැඩසටහනකට!


කතා බස් 10වෙනි පියවරට!

ඒ ආරාධනය ඔස්සේ මට තේරුම් යනවා මාත් බ්ලොග් අවකාශයේ "කවුරුහරි"කියල!
අනපේක්ශිත ආරාධනයට බස් රේඩියෝවට ස්තුති කරන ගමන්ම,
වැඩසටහන අහලා අදහස් දක්වපු හැමෝටමත්  ස්තුතිවන්ත වෙනවා...
මට කියන්න තියනදේ මට හිතෙන දේ අහන්න ඔබට මගහැරුණා නම් පහත පටිගත කල වැඩසටහන හරහා එය රසවිඳින්න පුළුවන්

http://blog.buzzradio.lk/2011/11/buzz_05.html

ඒ වගේම මගේ හොඳම යාලුවෙක් අලුත් බ්ලොග් එකක් එක්ක සිංහල බ්ලොග් අවකාශයට අද එයාගේ පැමිනීම සනිටුහන් කලා..ඔහුගේ අඩවියට යන්න පුලුවන් මෙතනින්.

ස්තුතියි!


Tuesday, November 1, 2011

ශ්‍රී ලාංකීය විභාග,ක්‍රමයේ වැරැද්ද හා විකල්ප!



නිමිත්ත : පැමිණිලිකරු,විත්තිකරු හා විනිසුරු එක් අයෙක් වු විට අප කල යුත්තේ සිනාසීමද ඇඬීමද?


පසුගියදා මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග සහ සහතික පත් ප්‍රදානෝත්සවය වෙනුවෙන් පැවති උත්සවය අමතමින් විභාග කොමසාරිස් ‍ජනරාල්වරයා පැවසු අදස් බැඳේ!
"මේ විභාග දෙකම සාමන්‍යයපෙළ,උසස්පෙළ ගන්ධස්කාර කුනුවෙච්ච් විභාග,කිසිම ප්‍රයෝජනයක් නෑ ජීවිතේට.දැන් මට කව්රුවත් දඬුවම් කරන නෑ මේක මම ම කියන නිසා.
අප්‍රිකාවේ ගෝත්‍රික සමාජ කිහිපයක හැරුනම මේ වගේ බරපතල නින්දා සහගත ගතානුගතික විභාග ක්‍රමයක් නෑ.
විභාග කියන උපකරණය මේ දරුවන්ගේ විවිධ හැකියා මනින්න පාවිච්චි කරන මේ උපකරණය මොට්ටම මොට්ටයි. කිසිකෙනෙකුට මේක මුවහත් කරන්න බැහැ"
උපුටා ගැනීම:http://www.gossip9.com/2011/10/blog-post_31.html#ixzz1cMU9JFFy

     විභාගය, නිශ්චිත කාල පරාසයක් තුලදී තමන් කලින් ලබාගත් දැනුම ආශ්‍රයෙන් නිශ්චිත ප්‍රශ්න සංඛ්‍යාවකට පිලිතුරු සැපයීමේ ක්‍රියාවලිය ලෙස අර්ථ දැක්විය හැකියි.. දැනුම මැනීමේ ක්‍රමයක් ලෙස බොහෝ කලක සිටන් භාවිතා වන මෙම ක්‍රියාවලිය අසාර්ථක එකක් ලෙස විද්වතුන් බොහෝ කලක සිට අදහස් දක්වා තිබුනා..මේ ගැන විවිධ මති මතාන්තර තිබුනත් පැහැදිලී නවීකරනයන්/යාවත්කාලීන කිරීම් තුල තවමත්  තිබේන වඩා හොඳම නිර්නායකය ලෙස සැලකිය හැකියි..

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...