Thursday, September 6, 2012

ලාංකීය සමාජ ජාලා වෙබ් අඩවි පරිශීලනයේ පරිණාමය Social media in Sri Lanka

   
     TweetupSL ලිපියට ලැබුන ප්‍රතිචාර එක්ක මට හිතුන ශ්‍රී ලාංකිය සමාජ ජාලා වෙබ් අඩවි භාවිතයේ විකසනය එහෙම නැත්නම් පරිණාමය ගැන සටහනක් තියන්න.මෙතෙක් මං සිංහල බ්ලොග් අවකාශයේ මේ වගේ ලිපියක් දැක්කේ නෑ!
මං කලින් ලිපියේ සඳහන් කලා වගේ ශ්‍රී ලාංකාවේ අන්තර්ජාල භාවිතය මිනිසුන් අතරට යන්නෙත් සැලකිය යුතු අන්දමට වැඩිවීමට පටන් ගන්නෙත් 2004-2005 කාලයේදි.වඩා පැහැදිලිව කියනවා නම් 2005න් පස්සේ.මේ විදිහට අන්තර්ජාලය මිනිසුන් අතරට යාමත් එක්ක අන්තර්ජාලය එලදායීව භාවිතා කරන්නට විශේෂයෙන් නව යොවුන් පරපුර පෙලඹෙනවා.

මේ විදිහට අන්තර්ජාලය තමන්ගේ විනෝදාස්වාදය සදහා යොදා ගැනීමේ අවශ්‍යතාවයත් එක්ක ඒ අවශ්‍යතාවය සපුරාලන්න තමයි Social media කියන සංකල්පය බිහිවෙන්නේ.
Social media කියන වචනය කොටස් 6ක සංකලනයක්.. ඒ වචනය අනු කොටස් 6කට විභේදනය කරන්න පුලුවන්!
     ඒ ඔස්සේ තමයි Social forum සහ Social Networking ලෙස කොටස් දෙකකට බෙදිලා social medias ලංකාව තුල ව්‍යාප්ත වෙන්න පටන් ගන්නේ!
(ඉතිරි අනුකොටස් වන්නේ collaborative projects (ex: Wikipedia), blogs and microblogs (Ex: Twitter), content communities (Ex:You tube), virtual game worlds සහ virtual social worlds )

     මුලදී Social Forums කියන සංකල්පය ඉතා තදින් ලාංකීය අන්තර්ජාල පරිශීලකයා වැලඳ ගන්නවා.කපුටා.com,අනං මනං,එලකිරි,සිංහලයා එලෙස ජනප්‍රිය වුන අඩවි වලින් කිහිපයක්. අදටත් ඇතැම් අඩවි ඉතා සක්‍රීය මට්ටමක පැවතෙනවා.එහි තිබුනු/තිබෙන චැට් රූම්,නොමිලේ ලබා දෙන විද්‍යූත් ලිපින,සමාජීය සංවාද වගේම පසු කලෙක නොමිලේ භාගත කිරීම් වගේ පහසුකම් මෙලෙස පරිශීලකයන් ඒවා වෙත ඇද බැද තබා ගන්න සමත් උනා..

     මේ විදිහට කල්ගත්වෙනවත් එක්කම social networking කියන සංකල්පය වෙත මිනිසුන් ආකර්ෂනය වෙන්න පටන් ගන්නවා. Myspace,tagged වැනි සමාජ වෙබ් අඩවි තුලට ලාංකිකයන් හුදකලා වශයෙන් සම්බන්ධවෙලා සිටියත් කණ්ඩායමක් විදිහට ඒකරාශී වෙන්න පටන් ගන්නේ hi5 වටා!

Sunday, September 2, 2012

#TweetupSL 3 #ට්වීට් අප් SL

    
 සමාජ ජාල වෙබ් අඩවි එහම නැත්නම් Social Media කියන වචනය දැන් අපේ කන් වලට් නුහුරු එකක් නෙවෙයි..හරියට ඉස්සර 'බෝම්බය' කියන වචනේ කිසිම නුහුරක් අපිට තිබුනේ නෑ වගේ!
මේ සමාජ ජාල වෙබ් අඩවි ලංකාවේ ප්‍රචලිත වෙන්න පටන් ගන්නේ 2003-2004 අවධියේදි.ඒ දවස් වල ලංකාවේ නව යොවුන් පරම්පරාව අන්තර්ජාල භාවිතාව හුරුවෙන්න පටන් ගත්ත අවධිය මං හිතන්නේ.
මේ එක්ක අන්තර්ජාලය තුල කරන්න යමක් සොය සොය සිටි පිරිසට තමයි hi5 කියන සමාජ වෙබ් අඩවිය හම්බ වෙන්නේ.ඒ අඩවියේ තිබුන දත්ත වල විවෘත භාවය සහ ආරක්ෂාව පිලිබඳ ප්‍රශ්න වලට සාර්ථක විසදුම් එක්ක facebook සමාජ අඩවියේ ආගමනය සිද්දවෙනවා.ඒ නිසාම ගොඩක් දෙනා fb වටා රොක් වෙනවා.

     අද වෙනකොට ලංකාවේ මිලියනයක් පමන දෙනා facebook භාවිතා කරන බව නිල නොවෙන දත්ත වලින් පෙන්නනවා.(http://www.socialbakers.com/facebook-statistics/)ඉස්සර time line එක විවෘත උනාම අපේ සමීපතමයන්ගේ පිංතූර හා ස්ටෙටස් කිසිම අපහසුවකින් තොරව අපි රසවින්දා.ඒත් අද අරවතු,මේවතු,අර රූම් මේ රූම් වලින් ශෙයා වෙන පිංතුර වලින් පිරිලා.ඒවා දැක්කම වෙලාවකට කේන්තියි.වෙලාවකට අප්පිරියයි..ගෲප් එකක් විදිහට ඒවා බ්ලොක් කලත් විවිධ මිතුරන් මේවා බෙදාගන්න එක නවත්තන එක කරන්න අමාරු වැඩක්.

     මේ නිසාම තමයි දැන් බොහෝ දෙනා Twitter වටා රොක් වෙන්න පටන් අරං තියෙන්නේ.fb එකෙ සමකාලිනයෙකු උනත් fb වටා තිබුන යෝධ ජන පවුරේ සෙවනැල්ලෙන් ට්වීටරේ වැහිලා තිබුනෙ.ඒත් දැන් කෙමෙන් කෙමෙන් ට්විටරය සක්‍රීය භාවිතා කරන ලාංකීය පිරිසේ වැඩි වීමක් දකින්න පුලුවන්.
twitter එක තුල තියෙන්නේ මයික්‍රො බ්ලොගින් සංකල්පය .වචන 140ක් තුල තමන්ගේ අදහස පලකරන පුද්ගලයන් අතර බැරක් ඔබාමාගේ සිට අමිතාබ් බච්චන් දක්වා වූ විවිධ ක්ශේත්‍රවල ජනප්‍රිය පුද්ගලයින් විශාල ගනනක් ඉන්නවා.

     මේ විදිහට ලංකාව තුල සිග්‍රයෙන් ජනප්‍රිය වෙන මේ සමාජ වෙබ් අඩවියේ ගෙට් එකක් එහෙම නැත්නම් සුහද හමුවක් සැප්තැම්බර් පලවෙනිදා මරදාන Warehouse Project හි පැවැත් උනා. Tweetup SL විදිහට නම් කරල තිබුන ගෙට් එක පැවැත්වුනේ තුන් වෙනි වතාවට. 2010 අවුරුද්දෙ පලවෙනියටම මේක පටං අරං තියෙන්නේ 100ක් පමන දෙනා සහභාගි කරගෙන. ගිය අවුරුද්දෙ ඩයලොග් ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ලේ මේක පවත්වලා තියෙනවා.මේ අවුරුද්දේ ලංකාවේ ඉන්න නිසා මටත් මේකට සහභාගිවෙන්න පුලුවන් උනා. කලින් කිව්වා වගේ මරදාන වෙයාහවුස් එකේ තිබුන මේ හමුවට විවිධ වයස්වල විවිධ තරාතිරම්වල 800+ දෙනා තමන්ගේ සහභාගීත්වය ස්ථිර කරලා තිබුනා.
නමුත් කී දෙනෙක් ආවද කියලා මට හරියට තාම හොයලා බලන්න බැරි උනා.

      ඇතුල්විමත් සමග ටී ෂර්ට් එකක් සමරුවක් විදිහට හැමෝටම හම්බවෙනවා.ඒ එක්කම දෙන බැජ් එකක තමන්ගේ නම ලියලා කැමති අයට ක්ලිප් කරගන්න පුලුවන්.  ඒ විදිහට තමන්ගේ සයිබර් මිතුරන්ව හදුනා ගෙන කතා කරන්න අවස්ථාව එදා තිබුනා.සහභාගිවෙච්ච අයගේ ගීත,මැජික් දර්ශනයක්,තරඟ කීපයක් එක්ක ගලා ගිය සන්ධ්‍යාවෙ  කාගෙත් සිත ගත්තේ වෙයාහවුස් හි පොඩි නංගිලා මල්ලිලාගේ ඉදිරිපත් කරපු නැටුම් ගැයුම් දෙක තුනක්.

     ට්විටර්හි වෙසෙන පුද්ගලයන්ව Tweeps ලා විදිහට හැදින්වෙනවා.හරියට බ්ලොග් ලියන අය බ්ලොගර්ස්ලා වගේ.ඉතින් අපේ චන්දයෙන් වසරේ Mr. Tweep of the Year,Ms. Tweep of the Year,Funniest Tweep of the Year,Most Controversial Tweep of the Year  වගේ විවිධ කැටගරි වලින් ජයග්‍රාහකයින් තෝරලා එයාලට තෑගි දෙන්නත් සංවිධායක මණ්ඩලය කටයුතු කරලා තිබුනා.

     අලියා බීම සමාගම නොමිලේ බීම ලබා දෙන්නත් කොකෝවැරෙන්ඩා ආයතනය ආහාර පාන සඳහාත් අනුග්‍රහය දක්වා තිබුනා.ඊට අමතරව Dialog,Warehouse Project,China Doll Noodles,Xiteb (Pvt) Ltd,Virtusa,SLIM,Beautiful-U යන ආයතනත් අනුග්‍රහය දක්වා තිබුනා.
මාධ්‍ය අනුග්‍රහය DailyMirror පුවත්පතෙන් සහ E fm ගුවන් විදුලියෙන්.

මටත් එදා වැදගත් දවසක්..නමින් පමනක් දැන සිටි දැවැන්ත බ්ලොග් කරුවන් කිහිප දෙනෙක් පෞද්ගලිකව හම්බවෙන්නත් ඔවුන් එක්ක කතා කරන්නත් මේ පුංචි බ්ලොග්කරුවාට පුලුවන් කම ලැබුනා.
ඇතැමෙක් මං ගැන දැනං හිටියෙත් නෑ :)
එයාලව හම්බවෙලා කතා කරන්න ලැබීම ඇත්තටම සතුටක්..
ඉතින් සමස්තයක් වශයෙන් ඉතා හොඳ දවසක්..
ඒ වෙනුවෙන් (අපි වෙනුවෙන්) මහන්සිවෙලා මේ event එක සංවිධානය කරපු සංවිධායක මණ්ඩලේ කට්ටියට ස්තුතියි කියන්නත් මේක අවථාවක් කරගන්න ඕන!
ඉතින්...එපමනයි..
                                                                    මං @sabithl

පිංතූර බලන්න කැමති අයට සම්පූර්ණ ඇල්බමයක් තියෙනවා --------> මෙතන

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...