Showing posts with label විනෝදාස්වාද. Show all posts
Showing posts with label විනෝදාස්වාද. Show all posts

Tuesday, February 26, 2013

අයි ඩෝන්ට් නෝ වයි V. How to understand women? ස්ත්‍රීයක තේරුම් ගන්නේ කෙලෙසද? (mens special)

ගේ බ්ලොග් එක ඉතින් පෘට් සැලඩ් එකක් කියලා කට්ටිය දන්නවනේ. කාලෙකින් ජෝක්ස් එකක් දාන්න බැරිවෙච්ච නිසා ඔන්න අද හිනා වෙන්න කැමති අයටයි පෝස්ට් එක.

හරි ඔන්න එහෙනම් කතාවට එන්ටර් වෙමු!
කියවලා හිනාවෙලා ලේ පිරිසිදු උනා නම් ඒ පින මගේ ගිණුමට බැර කරනු මැනවි!



ඔන්න ෂේප් එකේ බැඳලා තිස් ගනන් වල මුල වගේ ඉන්න ජෝඩුවක කතාවක් මේක..

බොහෝම ආදරෙන් වෙලිලා එතිලා ඉන්න මේ ජෝඩුව ඔන්න රෑ කෑම එහෙම කාලා කාමරයට එන්ටර් උනාලු. නෝනා ඉතින් කණ්නාඩි මේසෙ ඉස්සරහින් වාඩිවෙලා කොන්ඩෙ පීරන අතර නැගිටලා කණ්නාඩිය ඉස්සරහා එහෙට මෙහෙට කැරකෙනවා මහත්තයා ආසාවෙන් බලං හිටියලු.
හෙට අනිද්දට වයිෆ් ගේ උපන්දිනෙත් ලඟ ලඟම ඉන්න නිසා මහත්තයා ඇහුවලු

          "බබා.. ඔයාට උපන්දිනේ දාට මොනවද ඕන" කියලා..

          වයිෆ් කණ්නාඩිය දිහා බලා ගෙනම ඇහැක් අඩවන් කරලා
           "I want to be twenty six again"(මට ආයෙත් විසි හයක් වෙන්න ඕන) කියලා කිව්වලු!

Sunday, September 2, 2012

#TweetupSL 3 #ට්වීට් අප් SL

    
 සමාජ ජාල වෙබ් අඩවි එහම නැත්නම් Social Media කියන වචනය දැන් අපේ කන් වලට් නුහුරු එකක් නෙවෙයි..හරියට ඉස්සර 'බෝම්බය' කියන වචනේ කිසිම නුහුරක් අපිට තිබුනේ නෑ වගේ!
මේ සමාජ ජාල වෙබ් අඩවි ලංකාවේ ප්‍රචලිත වෙන්න පටන් ගන්නේ 2003-2004 අවධියේදි.ඒ දවස් වල ලංකාවේ නව යොවුන් පරම්පරාව අන්තර්ජාල භාවිතාව හුරුවෙන්න පටන් ගත්ත අවධිය මං හිතන්නේ.
මේ එක්ක අන්තර්ජාලය තුල කරන්න යමක් සොය සොය සිටි පිරිසට තමයි hi5 කියන සමාජ වෙබ් අඩවිය හම්බ වෙන්නේ.ඒ අඩවියේ තිබුන දත්ත වල විවෘත භාවය සහ ආරක්ෂාව පිලිබඳ ප්‍රශ්න වලට සාර්ථක විසදුම් එක්ක facebook සමාජ අඩවියේ ආගමනය සිද්දවෙනවා.ඒ නිසාම ගොඩක් දෙනා fb වටා රොක් වෙනවා.

     අද වෙනකොට ලංකාවේ මිලියනයක් පමන දෙනා facebook භාවිතා කරන බව නිල නොවෙන දත්ත වලින් පෙන්නනවා.(http://www.socialbakers.com/facebook-statistics/)ඉස්සර time line එක විවෘත උනාම අපේ සමීපතමයන්ගේ පිංතූර හා ස්ටෙටස් කිසිම අපහසුවකින් තොරව අපි රසවින්දා.ඒත් අද අරවතු,මේවතු,අර රූම් මේ රූම් වලින් ශෙයා වෙන පිංතුර වලින් පිරිලා.ඒවා දැක්කම වෙලාවකට කේන්තියි.වෙලාවකට අප්පිරියයි..ගෲප් එකක් විදිහට ඒවා බ්ලොක් කලත් විවිධ මිතුරන් මේවා බෙදාගන්න එක නවත්තන එක කරන්න අමාරු වැඩක්.

     මේ නිසාම තමයි දැන් බොහෝ දෙනා Twitter වටා රොක් වෙන්න පටන් අරං තියෙන්නේ.fb එකෙ සමකාලිනයෙකු උනත් fb වටා තිබුන යෝධ ජන පවුරේ සෙවනැල්ලෙන් ට්වීටරේ වැහිලා තිබුනෙ.ඒත් දැන් කෙමෙන් කෙමෙන් ට්විටරය සක්‍රීය භාවිතා කරන ලාංකීය පිරිසේ වැඩි වීමක් දකින්න පුලුවන්.
twitter එක තුල තියෙන්නේ මයික්‍රො බ්ලොගින් සංකල්පය .වචන 140ක් තුල තමන්ගේ අදහස පලකරන පුද්ගලයන් අතර බැරක් ඔබාමාගේ සිට අමිතාබ් බච්චන් දක්වා වූ විවිධ ක්ශේත්‍රවල ජනප්‍රිය පුද්ගලයින් විශාල ගනනක් ඉන්නවා.

     මේ විදිහට ලංකාව තුල සිග්‍රයෙන් ජනප්‍රිය වෙන මේ සමාජ වෙබ් අඩවියේ ගෙට් එකක් එහෙම නැත්නම් සුහද හමුවක් සැප්තැම්බර් පලවෙනිදා මරදාන Warehouse Project හි පැවැත් උනා. Tweetup SL විදිහට නම් කරල තිබුන ගෙට් එක පැවැත්වුනේ තුන් වෙනි වතාවට. 2010 අවුරුද්දෙ පලවෙනියටම මේක පටං අරං තියෙන්නේ 100ක් පමන දෙනා සහභාගි කරගෙන. ගිය අවුරුද්දෙ ඩයලොග් ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ලේ මේක පවත්වලා තියෙනවා.මේ අවුරුද්දේ ලංකාවේ ඉන්න නිසා මටත් මේකට සහභාගිවෙන්න පුලුවන් උනා. කලින් කිව්වා වගේ මරදාන වෙයාහවුස් එකේ තිබුන මේ හමුවට විවිධ වයස්වල විවිධ තරාතිරම්වල 800+ දෙනා තමන්ගේ සහභාගීත්වය ස්ථිර කරලා තිබුනා.
නමුත් කී දෙනෙක් ආවද කියලා මට හරියට තාම හොයලා බලන්න බැරි උනා.

      ඇතුල්විමත් සමග ටී ෂර්ට් එකක් සමරුවක් විදිහට හැමෝටම හම්බවෙනවා.ඒ එක්කම දෙන බැජ් එකක තමන්ගේ නම ලියලා කැමති අයට ක්ලිප් කරගන්න පුලුවන්.  ඒ විදිහට තමන්ගේ සයිබර් මිතුරන්ව හදුනා ගෙන කතා කරන්න අවස්ථාව එදා තිබුනා.සහභාගිවෙච්ච අයගේ ගීත,මැජික් දර්ශනයක්,තරඟ කීපයක් එක්ක ගලා ගිය සන්ධ්‍යාවෙ  කාගෙත් සිත ගත්තේ වෙයාහවුස් හි පොඩි නංගිලා මල්ලිලාගේ ඉදිරිපත් කරපු නැටුම් ගැයුම් දෙක තුනක්.

     ට්විටර්හි වෙසෙන පුද්ගලයන්ව Tweeps ලා විදිහට හැදින්වෙනවා.හරියට බ්ලොග් ලියන අය බ්ලොගර්ස්ලා වගේ.ඉතින් අපේ චන්දයෙන් වසරේ Mr. Tweep of the Year,Ms. Tweep of the Year,Funniest Tweep of the Year,Most Controversial Tweep of the Year  වගේ විවිධ කැටගරි වලින් ජයග්‍රාහකයින් තෝරලා එයාලට තෑගි දෙන්නත් සංවිධායක මණ්ඩලය කටයුතු කරලා තිබුනා.

     අලියා බීම සමාගම නොමිලේ බීම ලබා දෙන්නත් කොකෝවැරෙන්ඩා ආයතනය ආහාර පාන සඳහාත් අනුග්‍රහය දක්වා තිබුනා.ඊට අමතරව Dialog,Warehouse Project,China Doll Noodles,Xiteb (Pvt) Ltd,Virtusa,SLIM,Beautiful-U යන ආයතනත් අනුග්‍රහය දක්වා තිබුනා.
මාධ්‍ය අනුග්‍රහය DailyMirror පුවත්පතෙන් සහ E fm ගුවන් විදුලියෙන්.

මටත් එදා වැදගත් දවසක්..නමින් පමනක් දැන සිටි දැවැන්ත බ්ලොග් කරුවන් කිහිප දෙනෙක් පෞද්ගලිකව හම්බවෙන්නත් ඔවුන් එක්ක කතා කරන්නත් මේ පුංචි බ්ලොග්කරුවාට පුලුවන් කම ලැබුනා.
ඇතැමෙක් මං ගැන දැනං හිටියෙත් නෑ :)
එයාලව හම්බවෙලා කතා කරන්න ලැබීම ඇත්තටම සතුටක්..
ඉතින් සමස්තයක් වශයෙන් ඉතා හොඳ දවසක්..
ඒ වෙනුවෙන් (අපි වෙනුවෙන්) මහන්සිවෙලා මේ event එක සංවිධානය කරපු සංවිධායක මණ්ඩලේ කට්ටියට ස්තුතියි කියන්නත් මේක අවථාවක් කරගන්න ඕන!
ඉතින්...එපමනයි..
                                                                    මං @sabithl

පිංතූර බලන්න කැමති අයට සම්පූර්ණ ඇල්බමයක් තියෙනවා --------> මෙතන

Tuesday, July 10, 2012

හිරිවට්ටන දොස්තර! Medical Humour

     බස් රේඩියෝවේ උදවිය බ්ලොග් සතියක් විදිහට නම් කරලා තියෙන මේ සතියේ පෝස්ට් 7ක් පල කරන්න කියලා අපිට ආරාධනා කරලා තියනවා..! හැබැයි දවස් 7කට පෝස්ට් 7ක් දාන එක නම් මට කරන්න කොහොමත් බැරි වෙයි!මගේ අතින් මාසෙකට ලියවෙන්නෙත් පෝස්ට් 4ක් නැත්නම් 5යි...හැබැයි අපි වෙනුවෙන් යමක් කරන්න මහන්සිවෙන මේ අයට කරන ගරු කිරීමක් විදිහට මං පෝස්ට් 3ක් වත් දාන්න ට්‍රයි කරන්නම්! 8වෙනිදා දාපු 'සිත ඉල්ලන ෆැන්ටසිය' පලවෙනි එක කියලා සැලකුවාම අද ලියන්නේ දෙවෙනි එක!
අද පොඩි ජෝක්ස් එකක් බෙදා ගන්න හදන්නේ!
රංග අයියත් දාලා තිබුනා ඊයෙ දොස්තර කතාවක්..

මේකත් දොස්තර කතාවක්!

     වෛද්‍යවරුන්ට තිබ්බලු සම්මන්ත්‍රනයක්..සැලකිය යුතු තරම් පිරිසක් සහභාගිවෙලා හිටිය මේ සම්මන්ත්‍රනය දින තුනක එකක්ලු..ඔතන හිටියලු තරුණ වෛද්‍යවරු දෙන්නෙක්..දොස්තර නෝනා කෙනෙකුයි,දොස්තර මහත්තයෙකුයි..
   
     ඔන්න පලවෙනි දවසේ උදේ දෙන්න හිනා වෙලා පටන් ගත්තු වැඩේ දවල් වෙද්දි කතා කරන මට්ටමට ගෙනල්ලා හවස් වෙද්දි යාලු කමක් හදාගන්න තත්ත්වෙට ගේන්න දෙන්නට පුලුවන් උනාලු..
ඊ ගාව දවසේ යාලුකම,යාලුකමිනුත් ටිකක් ඔබ්බට අරං ගිහින් රෑට රෑ කෑමකට (ඩේට් එහෙකට) යන්න යොදාගන්න තරමටම දෙන්නා ලං උනාලු!
ඔන්න ඉතින් රෑට කාලා පොඩ්ඩක් සප්පායම් වෙලා කොහොමින් කොහොම හරි දෙන්නා නැවතිලා ඉන්න හෝටලේටත් ගිහින් ඇඳක් උඩ දෙන්නා සෙටල් උනාලු!
ඔතනින් එහාට ඉතින් වෙන්න ඕන දේවලුත් වෙලා,කරන්න ඕන දේවලුත් අහවර කරලා දෙන්නා ඇඳ උඩ දිගා වෙලා කතාවට වැටුනලු!

Sunday, July 8, 2012

සිත ඉල්ලන ෆැන්ටසිය! The fantasy I need


මට මගේ ගමේ ඉන්නවා මරු යාලුවෝ සෙට් එකක්!
උන් මට සාමාන්‍යයෙන් ඉන්න අනිත් උන්ගෙන් ටිකක් වෙනස්..ටිකක් කිව්වට හොඳටම වෙනස්!
මට මං ගැන මතකයක් තියන කාලෙ ඉඳන්ම මට උන්වත් මතකයි!
පොඩිම කාලේ ඉඳන් උන් එක්ක හැදී වැඩුනා..
ක්‍රිකට් ගැහුවා..වැස්ස කාලෙට ජිල් ගැහුවා..වතු පාලු කලා..පොඩි කාලෙ කරන්න ඕනෙ දේවල් ඔක්කොම වගේ කලා..

මං ගියේ ටිකක් ලොකු ඉස්කෝලෙකට...උන් ගියේ ගමේ ඉස්කෝලෙට!
උන්ට ඉගෙනීම ගැන ඒ හැටි වටිනාකමක් තිබුනේ නෑ.
සමහරවිට උන්ට ඉගෙන ගන්නවට වඩා කරන්න වැඩ තිබුනා..
ගොඩක් උන්ගෙ ඉස්කෝලෙ ගමන ඕලෙවල් වලින් ඉවරයක් උනා..කලාතුරකින් එකෙක් ඒ ලෙවල් කලා..මං ඇරෙන්න සයන්ස් කරපු එකෙක් නැතිම තරම්.නැහැ ඇත්තටම..
උන් ඊට පස්සේ ජොබ් කරන්න ගත්තා..ගොඩක් වෙලාවට කොළඹ කොහේ හරි කඩේක සේල්ස් මෑන් කෙනෙක් විදිහට..

උන්ට අවුරුදු 24ක් විතර වෙද්දි උන් තේරුම් ගනවා කඩේට වෙලා ඉඳලා ගැලවීමක් නැහැ කියලා..
රට පනින උන ඔලුවට ගහන්නේ ඔය කාලෙට තමයි!
ඒ කාලේ නම් යූ කේ පිස්සුව තමයි හැමෝටම තිබුනේ..
උන්ගෙන් සමහරුන්ට ඉංගිරීසියෙන් නමක් වත් ලියාගන්න බැහැ.
ඒත් උන්ගේ වාසනාවටද අවාසනාවටද මංදා ලංකාවේ තිබුනු මහකොමසාරිස් කාර්‍යාලය වැහුවා.ලංකාවේ ඉන්න අයගේ ඩොකියුමන්ට් යවන්න ඕන ඉන්දියාවට..එහෙන් ලියකියවිලි හදාරලා විසා දෙනවද නැද්ද කියලා තීරණය කරනවා..මුන්ට ඉන්ටර්විව් යන්න ඕන වුනේ නෑ..

Wednesday, June 13, 2012

පුලින ප්‍රාසාද


මටම මං හිමි නැති මගේ ලෝකයේ 
කවදා කොහොම මං නුඹේ වෙන්නද?
ඊලඟ රැල්ලට සේදෙන බව දැන දැනම
වැල්ලේ මාලිගා තැනීම 
නුඹේ සතුට නම්..
තාවකාලික සතුට වෙනුවෙන්...
සදාකාලිකව දුක් වෙන්නට....
එතකම් විතරක් මං නුඹේ වෙන්නම්...

Saturday, May 12, 2012

පාර්ලිමන්ට් ජෝක්ස්

පාර්ලිමන්ට් ජෝක්ස් වලට තියෙන්නේ සුළුපටු ඉතිහාසයක් නෙවෙයි!
හුඟක් ඒවා ඇත්ත නොවුනත් ඔවුන්ගේ චරිත වල තියන සියුම් තැන්,හැසිරීම් පුරුදු අලලා කියවෙන නිසා ඇත්ත වෙන්න ඇතියි සිතෙන තරමටම මේ කතා රසවත්..
J.R- සිරිමා,J.R-ප්‍රේමදාස,ප්‍රේමදාස- ජෝජ් බුශ්,චන්ද්‍රිකා රනිල් ආදීන් අලලා කියවෙන රසවත් කතා ඔබ අසා ඇතිවාට සැකයක් නෑ! 
J.R- ප්‍රේමදාසගේ 'රිදී හැන්දේ කතාව', ප්‍රේමදාස-ජෝජ් බුශ් ගේ 'ලංකාව මගේ අත උඩ' කතාව ඒ දවස් වල නම් සෑහෙන්න හිට්!

පස්සෙ පස්සේ පාර්ලිමේන්තුවේ කියන කරන ඒවා කොහොමත් විහිලුවක් වෙන්න ගත්තු එකේ,මිනිස්සුන්ට ආයි අමුතුවෙන් ජෝක්ස් හදන්න මහන්සි වෙන්න ඕන වුනේ නෑ!

කොහොමින් කොහොම හරි ඒවගෙ ජෝක්ස් වඳවී යාමේ තර්ජනයට මුහුන දෙමින් තිබෙන අවදියක ඒවාට නැවත පනදෙන,ඒවා දෙපයින් නැගිටවන යුග පුරුෂයෙකුගේ පුනරාගමනක් සිදුවෙලා කියලා ලංකාව පැත්තෙන් ආරංචි වෙනවා!
ඒ නන් අදර් දැන් වන් ඇන්ඩ් ඔන්ලි ලව්ලි ගැමුනු පරම්පරාවේ කිං හන්ටර්........!
රා...යිට්.... අටුවා ටිකා ටිප්පනි වලට පස්සෙ මෙන්න ජෝක්ස් එක!

මර්වින් සිල්වා පාර්ලිමේන්තුව අමතමින්..


Friday, April 27, 2012

කන්ටේනර් පෙට්ටිය,මං එයා & මගේ පනහ




ඔන්න රාලහාමිලා දෙන්නෙක් රෑ වෙලා රාජකාරිය කරගෙන ඉන්නවලු! දෙන්න එක්ක කයිය ගහ ගහ ඉන්නකොට මෑන්ස්ලට පේනවලු ඈත ඉඳන් කන්ටේනර් ට්‍රක් එකක් විදගෙන එනවා..මේක දැකපු රාලහාමිලා ටෝච් ගහලා පාරට පැනලා කෑ ගහලා කොහොම හරි ට්‍රක් එක නවත්ත ගත්තලු!
පස්සෙ ඩ්‍රයිවර් උන්දැ බැහැලා ආවාලු!

රාලහාමි    : තමුසෙට පිස්සුද ඕයි..අඩි 40 කන්ටේනර් ගෙනියන මෙව්ව එකක්ද නැත්නම් සෙල්ලම් කාර් එකක්ද තමුසේ එලවන්නේ!
                    තමුසෙ බීලද?
ඩ්‍රයිවර්       :  අනේ නෑ ලොකු මහත්තයෝ!
රාලහාමි   :  නැත්තෙ මොකො! පුම්බනවා මේ බැලුම! 
                    මේ බලනවා  අයිසෙ..පිටිපස්සෙ ලයිට් වැඩ කරන්නෙත් නෑ

එක පාරටම ඩ්‍රයිවර් උන්නැහේ ඔලුවෙ අත ගහගෙන අනේ සර් කිය කිය හූ තිය තිය අඬන්න ගත්තලු...
රාලහාමිටත් මාර අස්පට් වගේලු (එහෙම අය ඉන්නවා යැයි උපකල්පනය කරගන්න)

Friday, April 13, 2012

මගේ පරන අවුරුද්ද! my old new year

නිමිත්ත!

මිහිරෙන් මතකයේ ඇඳේ...
ඒ රසේ රැදේ මා සිතේ...
සොඳුරු මතක සිත පිරේ...

නව යොවුන්,තරුණ හා තරුණ සමයේ සැඳෑ භාගයේ ඉන්න උදවියට මේ වෙළද දැන්වීම ගැන අටුවා ටිකා අවැසි නැති බව මං දන්නවා..කාලයක් අපේ සිත් පුදුම විදිහට කිති කවපු මේ වෙළඳ දැන්වීම පහුගිය දවසක මට අහම්බෙන් දකින්න ලැබුනා..
ඒක බලපු වෙලාවේ මගෙ හිත කාලෙකින්...සෑහෙන්න කාලෙකින් වචනයෙන් කියාගන්න බැරි නොස්ටැල්ජියාවකින් එහෙම නැත්නම් අතීත කාමයකින් වෙලිලා ගියා..ඒ අතීත කාමයෙන් වෙලුනු මගේ සිතේ ඇතිවුන ඉයුපෝරියාව එහෙම නැත්නම් අල්ලාසය/හැඟීම මටත් අකුරු කරන්නට හිතුනා..

අපි හැමෝටම අවුරුද්ද එක්ක බැඳිච්ච ලස්සන මතක සිතුවිලි ඇති!

මේ තියෙන්න මගේ කතාව!


Sunday, February 19, 2012

ගස් ලබ්බි...(18 +-)

18+


18-


චුට්ටක් කැමැත්තෙන් චුට්ටක් අකමැත්තෙන්,
පොඩ්ඩක් පෙන්නලා පොඩ්ඩක් හැංගුවට
නංගියේ,අපි නොදන්නවැයි ඕවා ගැට ගස්ලබු වග..
ඉදෙන්න කලින් පැහෙන්න කල් දීහං..
එතකොටලු රස..

නොකෑවට මොකෝ අපිත් දන්නවා!!



ප: ලි : කොහොමද ඇඳුම??????? (මගේ බ්ලොග් එකේ :D )

Friday, January 27, 2012

නුඹ....



සිහිනෙකිදු සිහිනෙන් වත් බලන්නට සිත් නොවු බියකරු සිහිනයද නුඹ..?

සිසිරයට නැව්තුම් තබන්නට,
සිත හිරිවට්ටන හැගුම් පුබුදුවන්නට ආ අප්සරාවියද නුඹ...?

නුඹ බියකරුද?
නුඹ පියකරුද?
නුඹ ඒ සිහිනයද?
නුඹ හැබැවක්ද?
නැත්නම් මා නුඹව දකිමින් සිටින්නේ ඒ බියකරු සිහිනය තුලමද?

නුඹ කවුද....?

නුඹ කොහෙද....?


ප.ලි : මේ මං සිංහලෙන් ලියපු පලවෙනි නැත්නම් දෙවෙනි පෝස්ට් එක..පහුගිය දවසක මං පෝස්ට් ඔක්කොම ලේබල් කලා..එහෙම කරද්දි මොකක් හරි වෙලා මේක අලුත් පෝස්ට් එකක් විදිහට ඩ්‍රාෆ්ට් එකට ඇවිල්ලා..පරණ තැන මේක නෑ! ඩිලීට් කරන්නත් ලෝබයි! බ්ලොග් ලියපු අලුතම දාපු එකක් නිසා ගොඩ දෙනෙක් දැකලා නැති බව මට විශ්වාසයි(වැටිලා තිබුනේ එක කොමෙන්ට් එකයි)නැවත පල කරන්නට සිදුවීම ගැන කනගාටුයි!

Saturday, January 21, 2012

අයි ඩෝන්ට් නෝ වයි? man Vs women III ගෑනුන්ගේ අලි පස්ස


ගැහැනුන්ට අලි පස්සක් තියෙන්නෙත් පිරිමින්ට රා බඩක් එන්නෙත් ඇයි???




පස්ස......අපි ඉස්සර ඉස්කෝලෙ යන කාලේ පස්සට කිව්වේ බස් එක කියලා...අම්මෝ බලන්න එපැයි සමහර කෙල්ලොන්ගේ බස්...මං ක්ලාස් යන කාලේ ඒ දවස් වල හැටියට ලොකුම බස්  එක තිබ්බ කෙල්ලගේ නමයි මූනයි මට අද වගේ මතකයි..මුලු කළුතරටම තිබුනේ නෑ ඒ වගේ බස් එකක්..සමහරුන්ගේ ඒවා ඩබල් ඩෙකර්..සමහරුන්ගේ ඒවා ටාටා..ඩීමෝ,රෝසා,අශෝක් ලේලන්ඩ් අරවා මේවා අස්සේ තනි දොරේ ලේලන්ඩ් එහෙම නොතිබුනාම නෙවෙයි..ඒවා දිහා නම් බැලුනෙ කලාතුරකින් තමයි..ක්ලාස් වල ලෑලි බංකුව උඩ බස් එක පැය ගානක් පාක් කරන් ඉන්න එක තමා ඒ දවස් වල තිබුන අමාරුම වැඩේ!
එහෙනම් අද කතාවට එන්ටර් වෙමු!

හැබෑටම බවලත් උදවියට සාපේක්ශව ලොකු පස්සක් එන්නේ ඇයි?


Sunday, January 15, 2012

අයි ඩෝන්ට් නෝ වයි? man Vs women II වහෙන් ඔරෝ!

I dont know y? මෙහෙම වෙන්නේ ඇයි?  man Vs women පලවෙනි කොටස 
අද අපේ මාතෘකාව වෙන්නේ ස්ත්‍රී වර්ගයාගේ ජාන තුලින් පැවත එතැයි විශ්වාස කල හැකි නමුත් කිසිම පිරිමියෙකුට අද වෙනකම් තේරුම් ගන්න බැරි ඉස්සරහටත් තේරුම් ගනී යැයි විශ්වාස කල නොහැකි වහෙන් ඔරෝ භාෂාව ගැන..

කතාව: (බිරිඳ හා සැමියා වාහනයක ගමන් ගන්න අතර තුර ඇතිවන දෙබස)

බි : මේ...ඔයාට නවත්තලා කෝපි කෝප්පයක් බොන්න කැමතිද?වක් කරන් ආපු කෝපි තියනවා..
සැ: එපා අනේ....දැන් බොන්න බෑ...


බි : (කිසිවක් කතා නොකර මූන එල්ල ගෙන ගමන් කරයි..ටික වෙලාවකින් සැමියාට වෙනස තේරෙයි..)


සැ: ඇයි කතා කරන්නේ නැත්තේ? මොකෝ අවුල?
බි : න්න්න්න්න්නෑ....මුකූත් නෑ( මුකුත් නැත්තේ නෑ කියලා අරන ගැහැනු කියන විදියට පවසයි)


සැ: දැන් මං මොකක්ද කරපු වරද ඔයාට පුම්ඹගෙන යන්න තරම්?
බි: ඔයාට පොඩ්ඩක් වාහනේ නවත්තන්න බැරි උනා නේද?


සැ: ඔයා මොන වෙලාවෙද වාහනේ නවත්තන්න කිව්වේ...ඔයා මගෙන්නේ ඇහුවේ බොන්න ඕනද කියලා?
බි: ඉතින් කියන්න ඕන යැ..දැනගන්න එපැයි...


සැ: ඔයා හිතුවද මට හිත් කියවන්න පුලුවන් කියලා??????කියන දෙයක් කෙලින් කිව්වනම් ඉවරයිනේ!

(ගෝරිය පටන් ගනී........)

මෙතනදි මොකද වෙලා තියෙන්නේ?

Friday, January 13, 2012

I dnt knw y?මෙහෙම වෙන්නෙ ඇයි? man Vs women

සැමියාගේ කබාය මත ඇති දිග හිසකෙසක් අඩි ගානක් ඈතින් පේන බිරිඳම වාහනය ඕන පොටට්යෙකුට පේන පත කනුවක හප්පා ගැනීම!!



කතාව I : ගැහැනු වාහන එලවන්න ගියාම ඇතැම් අවස්ථාවල නාගන්නා නා ගැනීම ගැන අමුතුවෙන් විස්තර කරන්න ඕන නෑ කියල හිතනවා..ඔය කොළඹ රටේ ඉන්න නෝනලා සමහර වෙලාවන් වලට පාරේ වාහනයක් එහෙම හප්පා ගත්තම අනිත් මිනිස්සුන්ට තියන ඇතිවෙන ප්‍රශ්නෙ තමා මෙච්චර ඉඩ තියන පාරක මේක කොහොමද වද්දගත්තේ කියන එක..සමහර වෙලාවල් වලට ගොඩක් ඉඩ තියෙන තැනක තියෙන අලි සයිස් කනුවක වාහන රිවර්ස් කරන්න ගිහින් වද්ද ගන්නවා..ඇයි නෝනා මෙච්චර ඉඩ තියෙද්දි වද්ද ගත්තේ කියල ඇහුවම හුඟක් වෙලාවට අපිට අහන්න ලැබෙන්නේ "හානේ...මා දැක්කේ නැහැ නේ..." කියන එක...On the Spot කට්ටියට එහෙම මොලේ අමාරු හැදෙනවා ඇති වෙලාවකට...

හැබැයි ඔය ගැහැනු කෙනාම මහත්තයා ගෙදර ගිහින් ආවම සර්ට් එකේ ඇමිනිලා තියන දිග කෙස් ගහක් අඩි 10ක් 12ක් දුර තියා උනත් ලේසියෙන් දකිනවා...කාගෙද මේක???කොහෙන්ද මේක???හොමද ඔයාගේ සර්ට් එකේ ඇමිනුනේ??..........................

කතාව II :  (පවුලක දෙබසක්...)

අම්මා/බිරිඳ : මේ..ෆ්‍රිජ් එකේ බටර් එකක් ඇති පොඩ්ඩක් අරං දෙන්න පුලුවන්ද?

පුතා/සැමියා: කෝ නෑ නේ??

අම්මා/බිරිඳ : බලන්න කෝ පොඩ්ඩක්...මං දැන් ටිකකට කලින් නේ තිබ්බේ!
පුතා/සැමියා:මං දන්නේ නෑ..මෙතන නෑ!තිබ්බ නම් ඇවිත් අරගන්න..

(ඇය පැමිනේ..අත දමා මැජික් එකක මෙන් බටර් එක අරං පෙන්වයි..)

අම්මා/බිරිඳ  : මේ තියෙන්නේ...තමුසෙට ඇස් පේන්නේ නැද්ද...??
සැමියා/පුතා : +*&#%$@*^%@*

ඇත්තටම මොකද මෙතනදි උනේ...?



අපි දැන් විද්‍යාත්මකව පොඩ්ඩක් මේ ගැන බලමු...

Tuesday, January 10, 2012

මිල අධික සංකීර්ණ ජීවිතය~Expensive & complex



ජීවිතය හරි පුදුමාකාරයි... අද්භූතයි...

අපි මිල අධික බ්‍රෑන්ඩඩ් ඇඳූම් පැලඳුම් අඳින්න සිහින මවනවා..ඒත්
ඒ අපිම වැඩිම පහසුවක් සැහැල්ලුවක් සනීපයක් ලබන්නේ/දැනෙන්නේ ගෙදර තියන හඩු ටී එක,ෂෝට් එක හා රබර් දෙක තුල ..

අපි ටාජ්,හිල්ටන් එකෙන් ඔෆීස් එකේ ක්ලයන්ටලා,බොස්ලා එක්ක වාඩිවෙලා බුෆේ කෑවට
පාර අයිනේ නයිට් කඩේ යාලුවෝ එක්ක කන කොත්තුව ඊට වඩා රස විඳිනවා..

බෙන්ස්, BMW  ගන්න..අරං රට වටේ රවුම් ගහන්න හීන මවන අපිම,
තනියම ඇවිදිද්දි අපේ හදවත් එක්ක කතා කරනවා..
අපි අපිත් එක්කම කතා කරගන්නවා...

ගිගා ටෙරා බයිට් ගානට සිංදු පුරවපු හාඩ් ඩිස්ක්  I-pod තියන් හිටියට
රේඩියෝවෙ අහම්බෙන් යන සිංදුවක් අපි පුදුම විදිහට රස විඳිනවා..
මුමුනනවා..අපේ මුවගට සිනාවක් ගේනවා..

තරු හෝටල් වල නැති රස අපේ අම්මගේ කෑම වල තියනවා...

කොහේ නිදා ගත්තත් නැති සැපක් අපේ ගෙදර ඇදේ තියනවා...

පිටරටවල් වලට වෙලා මහන්සි වෙන මිනිස්සු තමන්ගේ රටේ විඳින දුකත් සැපක් ලෙස දකිනවා....


ජීවිතය සැබැවින්ම සරලයි....අපි විසින්ම ඒක සංකීර්ණ කර ගන්නවා.....

"Life is simple Indeed but we make it complex.."



Life is full of choices!! Have you made the correct one??

ජීවිතය තුල තෝරා ගන්න ගොඩක් දේවල් තියනවා..නමුත් ඔබ හරි දේ තෝරගෙනද?




මේ අවුරුද්දේ පලවෙනි පෝස්ට් එක නිසා සියලු දෙනාටම "සුභ නව වසරක් වේවා!"කියලා පතන්න මේක අවස්ථාවක් කරගන්නවා...

පහුගිය වසර මාව ගොඩක් දෙනා බ්ලොග් අවකාශය තුල දැන හදුනගත් වසරක් උනා...මගේ ලිපි කියවපු අදහස් දක්වපු හැමෝටම ස්තුතියි....



පහුගිය වසරේ වැඩියෙන්ම ජනප්‍රිය වුන/නොවුන මං කැමතිම ලිපි 6ක් මං පහලින් දානවා.. අතපසුවුන/කියවන්න බැරි වුන අයෙක් වේ නම් ඒ අයට කියවන්න.... 









Thursday, December 22, 2011

හොඳ දෙක!!!


මේ සීන් කෝන් එක මගේ යාලුවෙක් මට මේ පාර ගෙදර ගිය වෙලාවේ පච ගහ ගහ ඉන්න වෙලාවේ කියපු එකක්..මෑන්ස් වැඩ කරන්නෙ බෙන්තර පාලමෙන් එහා පලාතක ඔය පුන්කලස් වලට ඈඳිච්ච පෞද්ගලික බැංකුවක...මිනිහට ඒ ජොබ්ස් එක සැට් වෙච්ච විදිහත් මරු..ඒක වෙන දවසක වෙලා තියන වෙලාවක මෑන්ස්ගෙනුත් අහලා දාන්නං කෝ! අර කජුවත්තේ අහල තිබ්බ ප්‍රශ්න වගේ එව්වට උත්තර දීලා තමා  මෑන්ව තෝරගෙන තිබුනේ!

කොහොමින් කොහොම හරි මිනිහ දැන් ඒ බැංකුවේ වැඩ...

ඒ බැංකුවේ බොසා මහ නාහෙට අහන්නෙ නැති ටිකක් සැර පරුෂ හිට්ලර් ජාතියේ ඩයල් එකක් ලු...නිවාඩු එහෙම ගන්නවට ඒ හැටි කැමති නැති එහෙම ලේසියෙන් නිවාඩු දෙන්නෙත් නැති ජාතියෙලු..ප්‍රධාන නගරෙක තියන කාර්යබහුල බැංකුවක් නිසා වැඩ එහෙම හරි වෙහෙස කරයි කියලා තමා අපේ එකා කියන්නේ!
කොහොමත් ඔව්වයෙ ඔය 365 ඩේ බෑංකින්, 24/7 Open අරව මේවා කියලා හබල් නැති අපිට නැව් ටෝක් දුන්නට වැඩ කරන උන් එපැයි වැඩ කොරන්න..නේද?රාජ්‍ය තැන් වගේ බැහැල්ලු!

Sunday, December 18, 2011

සරල බව සරල නැත - Simplicity is not a simple thing.

Simplicity is not a simple thing  [Charles Chaplin]

සරල බව සරල දෙයක් නොවයි. [ චාලි චැප්ලින්]

මේ කියමන පහුගිය දවසක මගේ නෙත ගැටුනා..ලොවක් හිනස්සපු මේ මනුස්සයා කියල තියන දේ ගැන තේරුම් ගන්න උත්සහ කරන්න.උත්සහ කරන්න කියලා මං කිව්වේ ඒක තේරුම් ගන්න එක ඒ තරම් ලේසි වෙන එකක් නැති නිසා..

අද ඉන්න ජෝකර්ලා එක්ක බලද්දි ඒ  කාලේ වචනයක් වත් කතා නොකර හාස්‍යය නැමැති  පැනි රස සීනි බෝල කවරින් එකක් ඇතුලේ මේ මනුස්සය දාල දීපු තිත්ත ඇත්ත (පණිවිඩය ) හා මේ මනුස්සය රංගනය තුලින් කල  විප්ලවය ගැන චාලි චැප්ලින් චිත්‍රපට බලලා තියන අයට අමුතුවෙන් කියලා දෙන්න ඕන නෑ!(නැති අය ඉන්නවනම් බලන්න..සැබැවින්ම වටිනවා..)මොහුගේ රංග ප්‍රකාශනයන් ගැන චූලානන්ද සමරනායක මහතා විසින් සිංහලෙන් රචිත පොතකුත් තියනවා..

මේ කියමන එක්ක මගේ හිතට ආපු මං කියවල තියන සමහර විට ඔබත් කියවලා/අහලා ඇති කතාවක් මගේ මතකයට ආවා..

Monday, November 21, 2011

අපි නොදන්න බජට්!



1 + 1  එකට එකතු කලාම තුනයි කියල,
1 + 1 දෙකයි,කොහෙද යකෝ තුන කියල අපෙන් අහන..
බෝල කතිර ඉරි කොටු අකුරු ඉලක්කම් සුත්‍ර විජ්ජාවෙන්
අපි අන්දලා ,
ආදරයෙන් අපෙ කටට දාන,
හපලත් බැරි..
නොහපා ගිලින්නත් බැරි,
අපි නොදන්න බුල්ටො ටොපිය!



Saturday, November 12, 2011

සිරා කරපු මගේ ලව් එක:කෙථි කතාව


අද පෝය දවස..
කාමරේ ලයිට් නිවල තිබ්බට ඒ වගේම එලියකින් කාමරේ පිරිලා..
ම‍ං ආස නෑ එලියට..මට ඕන කළුවර..
එහෙම හිතලා පැත්තකින් තිබ්බ කොට්ටෙ අරං මූන වහගත්තා..

හ්ම්ම්ම්...
රංගි එක්ක එක දිගට රණ්ඩු වුන කීවෙනි දවසද මේ කියල මං කල්පනා කරන්න පටන් ගත්තා..
අදත් සුපුරුදු පරිදි අපි කතා කලා...රණ්ඩු උනා..
මට පුලුවන් උපරිමයෙන් මං එයාට ආදරේ කලා..අදටත් කරනවා..හැබැයි එයා කවදාවත් ම‍ං කරන කිසිම දෙයක හොඳක් දැක්කේ නෑ..ම‍ං කරන හැම දේම වැරදි..
එයා ගැන හිතුවත් වැරදි..නොහිතුවත් වැරදි!

Friday, November 11, 2011

විවාද ආතල්:අන්තිම ගහත් හිඳූන දවසට අන්තිම ඟඟත් කැපුනු දවසට


මේ සීන් කෝන් එකත් ම‍ම විවාද කණ්ඩායමට සම්බන්ධ වෙච්ච මුල් දවස් වල හරි වෙන්න කලින් හරි වෙච්ච දෙයක්.ඒ දවස් වල ඉතින් ඔය සිංහල සාහිත්‍ය දින ආවම පංති මට්ටමින් විවාද තරඟ එහෙම පැවැත්වෙනව එක කොහෙත් වෙන දෙයක් නේ!
 ඔය විදිහට පැවැත්වෙන විවාද තරඟ ඒ තරම් ප්‍රොෆෙෂනල් විදිහට තියන්නේ නැති නිසා ගොඩක් වෙලාවට කෙරෙන්නේ විවාදෙ පැත්තක තියලා දෙපැත්ත බෙදිලා කියුම් කියා ගන්න එක!
පොඩි දවස් නිසාත් බුද්ධියෙන් තර්ක කරන්න ඒ හැටි අවබෝධයක් නැති නිසාත් එකෙක්ට වචනයක් වරදිනක‍‍ං ඉන්නේ අනිත් පැත්තේ උන් ඕක අල්ලන් කෑ ගහන්න...හරියට අපේ පාර්ලිමේන්තුව වගේ..(පහල වීඩි‍යෝ එක බලන්න කෝ)

Monday, November 7, 2011

වැර්ලස් මතකයන්: අක්කගේ ලයිට් හවුස්!



හුගිය සතියේ කතා බස් වැඩසටහනට සහභාගිවුන මං ඒ වෑරලස් එහෙක කතාකරපු තුන් වෙනි වතාව!
පලවෙනිපාර මං ගොඩක් පුංචි කාලේ ජාතික ගුවන් විදුලියේ වැඩසටහනකට දහම් පාසලෙන් එක්ක ගියා ලාවට වගේ මතකයි!හැබැයි ඒ හැටි තේරුමක් තිබුනේ නෑ!
දෙවෙනි පාරට ගියා මං 12 වසරේ ඉන්නකොට මං හිතන්නේ!
එහෙම ගිහින් වෙච්ච රසබර සිද්දියක මතකයන් දිග අරින්න තම දැන් හදන්නේ :)

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...