Showing posts with label කාලීන. Show all posts
Showing posts with label කාලීන. Show all posts
Sunday, September 2, 2012
#TweetupSL 3 #ට්වීට් අප් SL
සමාජ ජාල වෙබ් අඩවි එහම නැත්නම් Social Media කියන වචනය දැන් අපේ කන් වලට් නුහුරු එකක් නෙවෙයි..හරියට ඉස්සර 'බෝම්බය' කියන වචනේ කිසිම නුහුරක් අපිට තිබුනේ නෑ වගේ!
මේ සමාජ ජාල වෙබ් අඩවි ලංකාවේ ප්‍රචලිත වෙන්න පටන් ගන්නේ 2003-2004 අවධියේදි.ඒ දවස් වල ලංකාවේ නව යොවුන් පරම්පරාව අන්තර්ජාල භාවිතාව හුරුවෙන්න පටන් ගත්ත අවධිය මං හිතන්නේ.
මේ එක්ක අන්තර්ජාලය තුල කරන්න යමක් සොය සොය සිටි පිරිසට තමයි hi5 කියන සමාජ වෙබ් අඩවිය හම්බ වෙන්නේ.ඒ අඩවියේ තිබුන දත්ත වල විවෘත භාවය සහ ආරක්ෂාව පිලිබඳ ප්‍රශ්න වලට සාර්ථක විසදුම් එක්ක facebook සමාජ අඩවියේ ආගමනය සිද්දවෙනවා.ඒ නිසාම ගොඩක් දෙනා fb වටා රොක් වෙනවා.
අද වෙනකොට ලංකාවේ මිලියනයක් පමන දෙනා facebook භාවිතා කරන බව නිල නොවෙන දත්ත වලින් පෙන්නනවා.(http://www.socialbakers.com/facebook-statistics/)ඉස්සර time line එක විවෘත උනාම අපේ සමීපතමයන්ගේ පිංතූර හා ස්ටෙටස් කිසිම අපහසුවකින් තොරව අපි රසවින්දා.ඒත් අද අරවතු,මේවතු,අර රූම් මේ රූම් වලින් ශෙයා වෙන පිංතුර වලින් පිරිලා.ඒවා දැක්කම වෙලාවකට කේන්තියි.වෙලාවකට අප්පිරියයි..ගෲප් එකක් විදිහට ඒවා බ්ලොක් කලත් විවිධ මිතුරන් මේවා බෙදාගන්න එක නවත්තන එක කරන්න අමාරු වැඩක්.
මේ නිසාම තමයි දැන් බොහෝ දෙනා Twitter වටා රොක් වෙන්න පටන් අරං තියෙන්නේ.fb එකෙ සමකාලිනයෙකු උනත් fb වටා තිබුන යෝධ ජන පවුරේ සෙවනැල්ලෙන් ට්වීටරේ වැහිලා තිබුනෙ.ඒත් දැන් කෙමෙන් කෙමෙන් ට්විටරය සක්‍රීය භාවිතා කරන ලාංකීය පිරිසේ වැඩි වීමක් දකින්න පුලුවන්.
twitter එක තුල තියෙන්නේ මයික්‍රො බ්ලොගින් සංකල්පය .වචන 140ක් තුල තමන්ගේ අදහස පලකරන පුද්ගලයන් අතර බැරක් ඔබාමාගේ සිට අමිතාබ් බච්චන් දක්වා වූ විවිධ ක්ශේත්‍රවල ජනප්‍රිය පුද්ගලයින් විශාල ගනනක් ඉන්නවා.
මේ විදිහට ලංකාව තුල සිග්‍රයෙන් ජනප්‍රිය වෙන මේ සමාජ වෙබ් අඩවියේ ගෙට් එකක් එහෙම නැත්නම් සුහද හමුවක් සැප්තැම්බර් පලවෙනිදා මරදාන Warehouse Project හි පැවැත් උනා. Tweetup SL විදිහට නම් කරල තිබුන ගෙට් එක පැවැත්වුනේ තුන් වෙනි වතාවට. 2010 අවුරුද්දෙ පලවෙනියටම මේක පටං අරං තියෙන්නේ 100ක් පමන දෙනා සහභාගි කරගෙන. ගිය අවුරුද්දෙ ඩයලොග් ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ලේ මේක පවත්වලා තියෙනවා.මේ අවුරුද්දේ ලංකාවේ ඉන්න නිසා මටත් මේකට සහභාගිවෙන්න පුලුවන් උනා. කලින් කිව්වා වගේ මරදාන වෙයාහවුස් එකේ තිබුන මේ හමුවට විවිධ වයස්වල විවිධ තරාතිරම්වල 800+ දෙනා තමන්ගේ සහභාගීත්වය ස්ථිර කරලා තිබුනා.
නමුත් කී දෙනෙක් ආවද කියලා මට හරියට තාම හොයලා බලන්න බැරි උනා.
ඇතුල්විමත් සමග ටී ෂර්ට් එකක් සමරුවක් විදිහට හැමෝටම හම්බවෙනවා.ඒ එක්කම දෙන බැජ් එකක තමන්ගේ නම ලියලා කැමති අයට ක්ලිප් කරගන්න පුලුවන්. ඒ විදිහට තමන්ගේ සයිබර් මිතුරන්ව හදුනා ගෙන කතා කරන්න අවස්ථාව එදා තිබුනා.සහභාගිවෙච්ච අයගේ ගීත,මැජික් දර්ශනයක්,තරඟ කීපයක් එක්ක ගලා ගිය සන්ධ්‍යාවෙ කාගෙත් සිත ගත්තේ වෙයාහවුස් හි පොඩි නංගිලා මල්ලිලාගේ ඉදිරිපත් කරපු නැටුම් ගැයුම් දෙක තුනක්.
ට්විටර්හි වෙසෙන පුද්ගලයන්ව Tweeps ලා විදිහට හැදින්වෙනවා.හරියට බ්ලොග් ලියන අය බ්ලොගර්ස්ලා වගේ.ඉතින් අපේ චන්දයෙන් වසරේ Mr. Tweep of the Year,Ms. Tweep of the Year,Funniest Tweep of the Year,Most Controversial Tweep of the Year වගේ විවිධ කැටගරි වලින් ජයග්‍රාහකයින් තෝරලා එයාලට තෑගි දෙන්නත් සංවිධායක මණ්ඩලය කටයුතු කරලා තිබුනා.
අලියා බීම සමාගම නොමිලේ බීම ලබා දෙන්නත් කොකෝවැරෙන්ඩා ආයතනය ආහාර පාන සඳහාත් අනුග්‍රහය දක්වා තිබුනා.ඊට අමතරව Dialog,Warehouse Project,China Doll Noodles,Xiteb (Pvt) Ltd,Virtusa,SLIM,Beautiful-U යන ආයතනත් අනුග්‍රහය දක්වා තිබුනා.
මාධ්‍ය අනුග්‍රහය DailyMirror පුවත්පතෙන් සහ E fm ගුවන් විදුලියෙන්.
මටත් එදා වැදගත් දවසක්..නමින් පමනක් දැන සිටි දැවැන්ත බ්ලොග් කරුවන් කිහිප දෙනෙක් පෞද්ගලිකව හම්බවෙන්නත් ඔවුන් එක්ක කතා කරන්නත් මේ පුංචි බ්ලොග්කරුවාට පුලුවන් කම ලැබුනා.
ඇතැමෙක් මං ගැන දැනං හිටියෙත් නෑ :)
එයාලව හම්බවෙලා කතා කරන්න ලැබීම ඇත්තටම සතුටක්..
ඉතින් සමස්තයක් වශයෙන් ඉතා හොඳ දවසක්..
ඒ වෙනුවෙන් (අපි වෙනුවෙන්) මහන්සිවෙලා මේ event එක සංවිධානය කරපු සංවිධායක මණ්ඩලේ කට්ටියට ස්තුතියි කියන්නත් මේක අවථාවක් කරගන්න ඕන!
ඉතින්...එපමනයි..
මං @sabithl
පිංතූර බලන්න කැමති අයට සම්පූර්ණ ඇල්බමයක් තියෙනවා --------> මෙතන
Wednesday, August 31, 2011
ඇඳුම් ගනිද්දි පරිස්සමින්!!!
මං අද වෙනකම් මට වෙච්ච පෞද්ගලික දේවල් බ්ලොගියේ අකුරු කරපු එකෙක් නෙවේ! ඒ වැඩේට මං එච්චර ආසත් නෑ! හැබැයි ඒ ඉතින් ලියන්න දේවල් නැති නිසා නම් නෙවේ..මට වෙච්ච දේවල් ලියනවනම් පොත් ගනන් ලියලා ඒවායේ කවරවලත් ලියන්න දේවල් තියනවා..ඔන්න ඉතින් එහෙම ලියන උන් ඉන්නව නම් කලබල වෙන්න එපා! තව තව ලියපල්ලා!මං ගොඩක් ආසාවෙන් කියවනවා!මොකද ඉතින් එක එකා ගේ ආතල් විවිධාකාරයි නේ! අපේ ආතල් අපිට ආතල්..නැද්ද මං අහන්නේ!
රා.......යිට්! ඔන්න සිද්දිය!
Wednesday, August 24, 2011
පෞද්ගලික වෛද්‍ය විද්්‍යාල, නිදහස් අධ්‍යාපනයේ මලගම(ද?) හා සිසු පරපුර..දේශපාලනික නොවන සංවාදය - II කොටස
මා විසින් ලියන ලද පෞද්ගලික වෛද්‍ය විද්්‍යාල, නිදහස් අධ්‍යාපනයේ මලගම(ද?) හා සිසු පරපුර..(දේශපාලනික නොවන ලිපියකි) (මෙතනින් කියවන්න) ලිපියේ මාගේ අදහස් ප්‍රකාශ කරන අතරතුර බුද්ධිමත් සංවාදයකට මා ඇරයුම් කලා..ඊට පිලිතුරු ලෙස මේ ක්ෂේත්‍රයේ නියුතු වියතුන් බොහො දෙනෙක් අදහස් පල කිරීම ගැන පුද්ගලිකව මං පවා මවිත උනා...
සාමාන්්‍ය පාඨකයන්ට අමතරව වෛද්්‍යවරුන්,විදෙස් ව්.ව් වල ආචර්ය මණ්ඩලයේ සාමාජිකයින් පමනක් නොව දිනුක වැනි තව බොහෝදේශීය වි.වි වල සිසුන් පවා අදහස් දැක්වීමට එකතු වීම ගැන සතුටුයි..
ඒ අතර මිගාර වෛද්්‍ය තුමා ඔහු විසින් ලියන ලද සවිස්තරාත්මක ලිපියක් මගේ ලිපියට පිලිතුරු ලෙස පල කලා...ඒ තුලින් මා සාකඡ්ඡා කල කරුනු සවිස්තරාත්මකව විස්තර කෙරෙනවා පමනක් නොව මගේ අදහසට ප්‍රතිවිරුද්ද මත පලකල බොහෝ දෙනෙකුගේ ගැටලුවලට විසඳුම් ලැබෙනවා..පැන නැගිය හැකි ප්‍රායොගික ප්‍රශ්න වගේම ඒවාට පිලිතුරුත් දක්වා තිබීම නිසා මෙය පලකරන්නට මා තීරනය කලා..පැහැදිලි සැලසුම් හා ප්‍රතිපත්තිමය තීරනයන් ගැනීම තුලින් පෞ.වෛ.වි ප්‍රයෝගික යථාර්තයක් බවට පත් කර ගැනීම එතරම් අපහසු නොවන බව මේ ලිපියෙන් ඔබට පැහැදිලි වේවි....
Tuesday, August 16, 2011
ගබ්සාව
මං ඉගෙන ගත්තු පාසල ඒ කියන්නේ කලුතර සිරි කුරුස විදුහලේ හරි අපුරු දෙයක් සිදු වෙනවා...සැම වසරකම ජේෂ්ඨ ශිෂ්්‍ය නායකයන් හා ශිෂ්්‍ය නායක සංගමය පාසලේ වි්‍යාපෘතියක් කරන්න ඕන..පස්සේ එක අව්ට පාසල් හා මහ ජනතවට ඉදිරිපත් කරන්න ඕන..මේක සාමන්්‍යයෙන් ලොකු වැඩක්...ලක්ෂ ගනනින් මුදල් හුවමාරු වෙන වගේම සමහර විට හොඳ ලාභයකුත් තියනවා...ටිකත් විකුනලා,ඇඩ් හොයලා තමා වියදම කවර් කරගන්නේ! විශේෂත්වය තමා සියලු දේම මෙහෙය වන්නේ සිසුන් වීම..
ඉතින් ඔය විදිහට මැතකදී 2004 දී දැහැන්සර,2005 සමාශ්‍ර, 2006 Rhythm of the Horizon, 2007 Revolution අධ්‍යාපනික ප්‍රදර්ශනය වගේ දේවල් සංවිධානය උනා...2004 දැහැන්සර කියන්නේ පාසලේම සිසුන්ගේ පද රචනයෙන් ගායනයෙන් හැඩවුනු තැටියක් එලි දැක්වුනු අවුරුද්ද..ලොකු ප්‍රසංගයක් එහෙම තියාඅ තමයි මේ එලි දැක්වුවේ.. මේ තියෙන්නේ එහි හොඳම ගීතයට ලෙස තේරුනු පද රචනය..සංගීතය එක්ක මුසු උනාම ගොඩක් ලස්සන ගොඩක් තේරුමක් තියන සිංදුවක්...
පද රචනය : හිමාල් නාලක අයියා ( මේක ලිව්වේ එය 12 වසරේ ඉන්නකොට..දැන් දන්ත වෛද්‍ය වරයෙක්)
ගායනය : ෂෙනෝ කුරේ අයියා
සංගීතය : ජුඩ් ඇන්ටන් පිය නම
Sunday, June 19, 2011
ලේ දන් දීම....තවත් එක් සාම්ප්‍රදායික ලිපියක් නොවේ!
(ජුනි 14 වෙනිදට යෙදුනු ලෝක ලේ දන් දීමේ දිනය වෙනුවෙන් ලියැවුනු සාම්ප්‍රදායික ලිපියක් නොවන බව කරුනාවෙන් සලකන්න..මන්ද යත් මේ වන විට එවැනි ලියුම් ගනනාවක් ඔබ දැනතමත් කියවා ඇති)
සැ:යු : මා කලින් ලියු දියවැඩියාව ලිපියට ඒ තරම් ප්‍රතිචාර හම්බ වුනේ නෑ...හේතුව තේරුම් ගැනීමේ අපහසුතාවය වෙන්න ඇති.ඒ නිසා පුලුවන් තරම් සරලව ලියන්න උත්සහ කරන්නම්.
ලේ.......
ඕන වෙන්නේ කාටද????
• හදිසි රුධිර වහනයන් නිසා රුධිර පරිමාව අඩු වු අයට..
හදිසි අනතුරු,සැත්කම්, දරු ප්‍රසූතියකදි මේ තත්ත්වය ඇති විය හැකි.
• රක්ත හීනතාවයෙන් පෙලෙන අයට
• ලියුකේමියා රොගීන්ට
• අධික පිලිස්සුම් තුවාල සහිත වූවන්ට
• රුධිරය කැටි නොගැසීමේ රෝග තත්ත්වයන්ට මුහුන දෙන අයට(හීමොෆීලියාව)
• ඇතැම්විට අලුත උපන් දරුවන්ට
කාටද ලේ දෙන්න පුලුවන්????
අපි හිතනවා වගෙ ඕන කෙනෙක්ට ඔන ඕන විදිහට ගිහින් ලේ දන් දෙන්න බෑ..ඒ සඳහා සපුරාලියයුතු කොන්දෙසි කිහිපයක් තියනවා!
• වයස අවුරුදු 18ත් 65ත් අතර විය යුතුයි
• බර කිලෝ ග්රෑඅම් 50ට වැඩි විය යුතුයි
• මැලේරියා.හෙපටයිටිස්,AIDS වැනි රෝග තත්ත්වයන් වලින් තොර විය යුතුයි
• රුධිර පීඩනය සාමාන්‍යය මට්ටමක තියෙන්න ඕන
• අවසන් වරට ලේ දන් දීමේ දිනය මාස 4කට කලින් නම් වඩත් යොග්‍යයි
• ගැබිනි මාතාවන්ගෙන් ලේ ලබා ගන්නෙත් නැහැ
ඉහත කොන්දෙසි සපුරාලන ඕන කෙනෙක්ගෙන් රුධිරය ලබා ගන්නවා! ගන්න විදිහ කලින් දැකලා ඇතිනේ!
කොච්චර ගන්නවද???
එක පයින්ට් එකයි! මිලි ලිටර් 450යි..ලේ ගන්න කොට කිසිම රිදිල්ලක් නැත්නම් අපහසුවක් ඇතිවෙන්නෙ නෑ කටුව ගහන කොට ඇරෙන්න!
මේ ලබා දෙන මිලි ලිටර් 450 අඩුව විනාඩි 30,40ක් යන කොට අපේ ශරීරය හරි ගස්ස ගන්නවා..රුධිර සෛල හැදෙන්න ටික දවසක් යනව උනාට අපි ඇත්තටම ලේ දුන්නත් නෑ වගේ තමා..කිසිම්ම පාඩුවක් වෙන්නෙ නෑ!
ඊට පස්සෙ මොකද කරන්නෙ???
රුධිරය අර ප්ලස්ටික් බෑග වල බහාල ලා එයට ප්‍රතිකැටිකාරක එකතු කරනවා කැටි නොගැහෙන්න..පස්සෙ සෙල්සියස් අංශක 4 ක් තරම් වන අඩු උෂ්නත්වයක ගබඩා කරනවා!එවිට ගොඩ කාලයක් තියා ගන්න පුලුවන්!
ඊටත් පස්සෙ????
ඊට පස්සෙ ඒ රුදිරය අරගෙන පහත පරීක්ශන වලට ලක් කරනවා!ඇතැම් විට මේ පරීක්ශන රුධිරය ගන්න කලින්ම කරන අවස්ථාත් තියනවා!
1. රුධිර කාණ්ඩය පිරික්සීම (A,AB,O,B යන වග පිරික්සීම) හා Rh සාධකය (+ ද - ද යන වග)පිරික්සීම
මේකෙන් ඔබට පේනව ඇයි කාන්ඩය පරීක්ශා කරන්නෙ කියල.
ඔබෙ වර්ගය O නම් ඔබට හැමොටම දන් දෙන්න පුලුවන් උනාට ඔබට අවශ්‍ය උනාම ගන්න පුලුවන් O වර්ගය විතරයි.A ට ඕන කෙනෙක්ගෙන් ගන්න පුලුවන්..ඒ විදිහට....
2.හෙපටයිටිස් B හා C පරීක්ෂව
3. AIDS පරීක්ෂාව
ඊට පස්සෙ මේ රුධිරය රොගියාට දෙන්න කලින් බලනවා එ රොගියාට ඒ ලේ ගැලපෙනවද කියල පොඩි පරීක්ෂාවකින්..පස්සෙ ගැලපෙනවා නම් ඔබේ කැපකිරිමෙන් ඔබ ඔහුව මේ ලොකේ තව තත්ත්පරයක් හරි ඇතැම්විට ජීවිතකාලෙම හරි ජීවත් කරවනවා..
සම්පූර්න රුධිරයම විතරක් නෙවේ දෙන්නෙ..එම රුධිරය පට්ටිකා,ප්ලස්මය,රුධිර ප්‍රෝටින,රුධිර කැටි ගැහෙන සාධක වෙන් කර ගෙන වෙන වෙනම ලබා දෙන අවස්ථාත් තියනවා!
ඔන්න ඔහොමයි වැඩේ වෙන්නෙ!මං කලින් කිව්වනේ මං ඇයි අපි ලේ දෙන්න ඔන,මිනිස්සු කොහොමද ඒකෙන් ජීවත් වෙන්නෙ,අපිට කොච්චර පින් ද කියල මං කියන්න යන්නෙ නෑ කියල!
හැබැයි ඔබේ රුධිරය බිංදුව බිංදුව වැටෙද්දි ඒ පවුල් වල අයගෙ සිතට දැනෙන සැනසීම,හැඟීම අපිට කවදවත් සල්ලි වලට ගන්න බැරි වෙයි!
වෙලා තියනවා නම් මේ දුක හිතෙන කතාවත් පොඩ්ඩක් කියවල යන්න!
http://www.bloodbanksrilanka.com/amazing_stories.php
මූලාශ්‍ර : පොත පත, ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ වෙබ් අඩවිය!
Thursday, June 9, 2011
හිට්ස් 1000 කඩඉමෙ සිට ආපසු හැරි බැලිම..
නවකයෙකුගෙ සිහිනය මොකක්ද කියල කවුරු හරි ඇහුවොත් පුලුවන් තරම් ඉක්මනට හිට්ස් 1000ක් ගන්න එක කියල 10න් 8ක් වත් කියනව සුවර්!!!
තමන්ගෙ බ්ලොග් එකට ඇවිත් කවුරු හරි කොමෙන්ටුවක් හරි ෆලො පාරක් හරි දැම්මම තියන ආතල් එක නැත්නම් කිතිය එහමත් නැත්නම් ඉයුෆොරාව ගැන බ්ලොග් ලියන කියවන ඔයාලට අමුතුවෙන් කියන්න ඔන නැහ නෙ...
ඉස්සර වගෙ නෙවෙයි දැන් හිට්ස් 1000ක් වට්ටගන්න එක එ හැටි වැඩක් නෙවෙයි..හරියට ගෙමට බැස්සොත්.සිංඩි දෙක තුනකට රිංග ගෙන පොස්ට් දෙක තුනක් සතියට ලියල දැම්මොත්..කාගෙ හරි හොදට හිට් බ්ලොගියක කොමෙන්ටුවක් දැම්මොත් මාසෙකින් කිසි කරදරයක් නැතුව හිට්ස් 1000 ලගා කරගන්න පුලුවන්..
මගෙ නම ඔයාලා ජංජාලයෙ දකින්න පටන් ගත්තෙ ඊයෙ පෙරෙදා ඉදන් උනාට මගෙ බ්ලොගිය මාස 10ක් විතර පරනයි...
මං මෙක පටන් ගත්තෙ නිකන් මට හිතෙන දෙවල් යාලුවන්ට කියන්න දැන ගන්න සලස්වන්න හිත්ගෙන..එහෙම හිතල මාස හය හතක් එ විදිහට වැඩෙ කරගෙන ගියා...පහුගිය අප්‍රෙල් වෙනකන්ම තිබ්බෙ හිට්ස් 200යිද කොහෙද ...හික්ස්..
හිට්ස් අඩු වෙන්න හෙතු උන් මං සිංඩි වල නොහිටපු එක..අනිත් එක මට උවමනාවක් හා වෙලාවක් නොතිබ්බ එක..අදටත් මං බස් එකෙ නැහැ..
මං (කොන්)දොස්තර කෙනෙක් වෙන්න ඉගෙන ගන්නවා කියල කස්ටිය දන්නවා ඇතිනෙ..ඉතින් exam සෙට් උනාම මෙවට තියන වෙලාව ගොඩක් අඩුයි...
2 වසරෙ විබාගෙ පොඩ්ඩක් ලොකු එකක්..එක දෙයියනෙ කියල ගොඩ දාගෙන මගෙ අලුත් ලැපත් ගත්තා...එ අරන් පොඩ්ඩක් ජංජාලෙ බ්ලොග් කියවද්දි මටත් හිතුන මහ මෙරක් උසට තියන වැඩ නිසා මොට්ට වෙගෙන යන මගෙ රසවින්දනය ගොඩ ගන්න බ්ලොගිය මරු පොට් එක කියලා...මොකද මාත් ඉස්කොලෙ යන කාලෙ හොදට ලියපු කියවපු එකා නොවැ..
බ්ලොගිය ඇතුලෙ තියන sub culture එකට මට ආස හිතුන..හවසට බොඩිමට ඇවිත් ප්ලෙන්ටියක් ගහන ගමන් අනිත් උන් ලියපුව කියවද්දි තියන ආතල් එක කියල වැඩක් නෑ..දුර ඈත රටක ඉන්න අපි වගෙ උන්ගෙ පිහිටට ඉන්නෙ බුකිය විතරයි කියල හිතාගෙන ඉදපු මට බුකියෙම ඉදලා කාලකන්නි වෙනවට වඩා මෙ වගෙ වැඩකුත් කරගෙන ඉන්න පුලුවන් නම් මරු කියල හිතුනා..
මගෙ සිතුවිලි වලට අනිත් උන් කියන්නෙ මොනාද කියල මටත් දැන ගන්න ඔන උනා ( මොකද මෙහෙ ඉන්න පොත් ගුල්ලොන්ට හා ගුල්ලියොන්ට ඔව රස වින්දින්න වෙල තියන එකක් යැ..)
කොහොමත් ඨනිකගෙ සිතුවිලි ලියන දනික අයියත් සංකල්පනා ලියන දිලිපත් අපෙ ඉස්කොල් නෙ..මං දනික අයියා යටතෙත්,දිලිප මගෙ යටතෙත් වැඩ කරල තියනව ඉස්කොලෙ..ඉතින් මං උන් දෙන්නගෙ බ්ලොගිය පැත්තෙ එ දවස් වල ඉදල ඉදල ආවා...ඉතින් ඔවා ඔක්කොම බලපාන්න ඇති මටත් සිංඩි වලට දාලා වැඩෙට සෙන්ටර් වෙන්න...
ඉතින් ආතල් එකෙ වෙලා තියන විදියට මොන මොනා හරි ලියල දාන්න තම හිතන් ඉන්නෙ....මොකද අනිත් අය වගෙ කියන්න ලියන්න ලස්සන ජොලි කතා මටත් තිබුනට මොකො ඔව ඉදගෙන කොටන්න වෙලා නැති එක තමා අවුල.
දැනට ඉතින් පොඩ්ඩ පොඩ්ඩ ප්‍රතිචාර එනවා...
මොනා හරි ලියලා දාලා සතියක් විතර යද්දි කොමෙන්ටු 10ක් විතර වැටෙනවා..පස්සෙන් එන අය නම් ගොඩක් නෑ..තාම 18 දෙනයි.....ඉස්සරහටත් හිට්ස් වැඩි කරගන්නවත් පස්සෙන් කස්ටිය ගෙන්න ගන්නවත් ලොකුවට වැඩෙට සෙන්ටර් වෙන්නවත් අදහසක් නෑ.
පුලු පුලුවන් වෙලාවට මොනා හරි ලියලා දාන ගමන් හවසට ඔයාලා ලියල කියලා තියන දෙවල් සිංඩියකට ගිහින් බලලා තියන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න තමා හිතන් ඉන්නෙ...
තාම මගෙ බ්ලොගිය පැත්තෙ ඇවිත් නැති අය ඇවිත් තියන දෙයක් කියවලා කොමෙන්ටුවක් දාලා යයි කියල හිතනවා..
ජය වෙවා!
Subscribe to:
Posts (Atom)






