Showing posts with label මනෝවිකාර. Show all posts
Showing posts with label මනෝවිකාර. Show all posts

Monday, February 16, 2015

ප්ලාස්ටික් ලව! Plastic Love


තුන්සිය හැටපන් දවසකට කලින්
ඒ සී කරපු ලව් කඩේකින් 
අරන් දුන් ප්ලාස්ටික් රෝසමල
වගෙයි දැන් මට නුඹේ ආදරයත්..

ලෝකෙට ලස්සනට පෙනුනත් 
නැත එහි කිසි නැවුම් බවක්
තෙතමනයක්..
සුවඳක්..

ඇයි නොවුනේ නුඹ මට
පෙති ගිලිහී මියැදෙන කුසුමක්? 
නුඹටත් වැඩක් නැති..
මටත් වැඩක් නැති..
නිර්මාපිත මල වෙනුවට?

අයියෝ සල්ලි!

Friday, December 27, 2013

අනාගතයට ගිහින් ආපහු ජීවිතය දිහා හැරිලා බලමු! Things You’ll Regret When You’re Old!

සිංහල බ්ලොග් අවකාශය පරිශීලනය කරන බහුතරයකගේ වයස් සීමාව දිහා බැලුවහම බහුතරයක් තරුණ වයස් සීමාවේ සිටින අය බව පේනවා. ජීවිතයේ බොහෝ දේවල් වෙනස් කරගත හැකි වයස් සීමාවක් මේක.. 

ජීවිතයේ සතුට කියලා හිතාගෙන අපි හඹායන බොහොමයක් දේවල් ලඟ කරගත්තු දවසක ආපසු හැරිලා බලද්දි අපිට හිතෙන්න පුලුවන් සැබෑ සතුට තියෙන්නේ ඒ ලඟ කරගත්තු දේ තුල නෙවෙයි,ඒ දේ හඹා යන ගමනේදී අපි මග හැරලා ගිය ඒ පුංචි පුංචි දේවල් තුල කියලා. ඇත්ත.. ජීවිතය භෞතික ඉලක්ක වලට ගැටගහලා ඒවා හඹා යන ගමනේදී අපිට පුංචි පුංචි දේවල් ගොඩක් මග හැරිලා. ඒ දේවල් ලඟා කරගෙන පොඩ්ඩක් නැවතිලා ජීවිතය විඳින්න අපි සූදානම් වෙද්දි ගොඩක් වෙලාවට අපි පරක්කු වැඩියි. එක්කෝ අපි වයසට ගිහින්. එක්කෝ සෞඛ්‍යය පිරිහිලා. එක්කෝ අපි එක්ක එදා හිටිය උන්ගෙ ඇඩ්‍රසුත් නැහැ. ජීවිත ගමනේදී උන්ව අපිට මග ඇරිලා. ඒ නිසාම තමයි ජීවිතයේ අරමුණක් තියා ගන්න ගමන්ම ජීවිතයේ පුලුවන් හැම මොහොතක්ම අපි විඳින්න ඕන. (Enjoying the moments).. 

අර ඉස්සර අපේ ටීචර්ලා කියනවා මේ ටික හොඳට මහන්සි වෙයන් කැම්පස් ගියාම ගොඩ කියලා. කැම්පස් ගියාම කියනවා මේ අවුරුදු 4 හොඳට කට්ට කාලා ගොඩ දා ගනින් ඊට පස්සෙ ජීවිතේ ගොඩ ගියලා.. එතනින් එලියට ගියාම රස්සාව.. ඊට පස්සෙ ප්‍රොමෝෂන් වලට මහන්සි වෙනවා. ඊට පස්සේ බඳින්න ඕන.. වාහනයක්..හවුසින් ලෝන්.. ළමයි..ඉස්කෝල... මේක මිරිඟුවක්..  පවතින සමාජ ක්‍රමය තුල මේ රැල්ලට ගහගෙන යනවා ඇරෙන්න අපිටත් වෙන විකල්පයක් නෑ.. ඒත් මතක තියා ගන්න.. Enjoy the moments...

Thursday, August 16, 2012

චංචලා...




නුඹයි මායි දැනං උන්නා ටික කාලෙක ඉඳන්,කවද කොහොම ඉඳන්ද කියන්න මතක නැති උනත්..
නුඹ ටික ටික මට කිට්ටු උනා..නුඹේ දුක මට කියන්න..
අපි විසඳුම් හෙව්වා උගෙන් ගැලවෙන්න..
ඒ කාලකන්ණියගෙන්...

කාලයත් එක්ක උඹ මට කැමැත්ත දුන්නා,ඉල්ලුවෙ නැති උනත්...
බොහොම සතුටින් උන්නා අපි,ටික කාලෙකුත් නොවෙන ගොඩකාලෙකුත් නොවෙන කාලෙකට..
ටික ටික මගෙන් නුඹ ඈතට යනවග දැනෙන්නට උනා..
ඉඳලා මං අහක බලනකං,මට හොරෙන් නුඹ කෙටියෙන් පණිවිඩ කොටන කොට
තේරුම් ගන්න අමාරු උනේ නැහැ මට,නුඹ තවකෙකු එක්ක විසදුම් හොයනව ඇති කියලා..
මගෙන් ගැලවෙන්න..

ඌ හිතන් ඉන්නව ඇත්තේ මං කාලකන්නියෙක් කියලා,මං හිතං ඉඳපු විදිහටම..
ඌ ඒ විදියටම හිතං ඉදීවී තව එකෙක් ඌ ගැන එහෙම හිතන දවස වෙනකම්ම...

වරද නුඹේ නෙවෙයි.. 
උගෙ...
මගෙ...

෴ සා බි ත්෴

Wednesday, July 25, 2012

අපි (නො)දන්න ඩීසන්සිය! da Decency we knw


යෙ කොන්ඩෙ කපන්න ගියා..
කාලෙකින් බාබර් සාප්පුවක් පැත්තෙ ගියේ..කොන්ඩෙ ටිකක් වැවිලා තිබ්බා..
හිතල වැව්වා නෙවෙයි....වැවෙන නිසා වැව්වා....කපන්න ඕක කමක් තිබ්බේ නෑ..අම්මා දවසක් දෙකක් කිව්වා..මං ඇහැව්වේ නෑ..ඉස්සර නම් සැර වැර කලාට දැන් එහෙම බැරි නිසා දෙපාරක් තුන් පාරක් කියලා නිකං ඉන්නවා..මොකද කියන දේ අහන්නේ නැහැ කියලා දැන ගත්තම තව කියන්න කියන්න වෙන්නේ එයාලා නෝන්ඩි වෙන එක කියලා එයාලා හිතන නිසා වෙන්න ඇති..

ඇයි කොන්ඩෙ කපන්න ඕන කියලා මං අම්මගෙන් ඇහුවා?
කොන්ඩේ කැපුවම පිලිවෙලයි,ඩීසන්ට්,මනුස්ස පාටයි,නැත්තම් රස්තියාදුකාරයෙක් වගේ.....ඕව තමයි හම්බඋන උත්තර..
මං ඇහුවා කවුද එහෙම කියන්නේ කියලා..
අම්ම කියනවා වැදගත් මිනිස්සු ඔක්කොම එහෙම තමයි ඉන්නෙ කියලා..

"උඹ කලාතුරකින් එක්කෙනෙක් දෙන්නෙක් ඇරෙන්න වැදගත් තැන්වල ඉන්න මිනිස්සු කොන්ඩ රැවුල් වවාගෙන ඉන්නවා දැකලා තියෙනවද ?"කියලා මගෙන් අහනවා..

"හරි ඔය කියන වැදගත්/ඩීසන්ට් උන් ඔක්කොම කොන්ඩෙ වවං ඉන්නවා කියලා හිතුවොත් එදාට නම් මං කොන්ඩෙ වවන එක ඩීසන්ට් වෙනවද? එදාට මං කොන්ඩෙ කපන්න ගත්තම මං ඩීසන්ට් නැතිවෙනවාද?" කියලා අම්මගෙන් මං ඇහුවා .හැමදේම සාපේක්ෂයි කියලා අම්මට මං තේරුම් කරන්න උතසහ කලා..
උඹත් එක්ක කතා කරලා දිනන්න බෑ කියලා අම්ම යන්න ගියා..
මං කොන්ඩෙ කැපුවා...

ඒත්...
මගේ සිතුවිලි ගැන මොකද කියන්නේ..?

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...