Tuesday, September 25, 2018

Sri Lankan Cricket Crisis! Who to blame?



First they came for Sanga-Mahela.
They stood up. They fought back!
Then they came for Malinga. We didnt speak.
Then they came for Mathews. We didn't speak.

      Despite his questionable captaincy Angelo Mathews has neen the best batsmen for us over the last two years with a batting average of 59 and the highest run scorer of the recently concluded South African series has been dropped.

Why? Because he hit back at the cricket board for making him the scape goat.

We wanted the captain changed. 
Mathews stepped down from Captaincy.
We had 6 (SIX) captains during last two years. We ran out of captains and at one point even Chamara Kapugedara had to come and captain a match.
Utimately Cricket board and the coach had to ask Mathews to take over again.

Friday, November 4, 2016

SLTJ සහ මුස්ලිම් විවාහ නීතිය - මුස්ලිම්වරුන් සැබැවින්ම නිහඬද?

නිමිත්ත : SLTJ සහ මුස්ලිම් විවාහ නීතිය

ඊයේ දිනයේ ශ්‍රී ලංකා තවුහීද් ජමාත් නැමැති සංවිධානය(SLTJ)  පවත්වන්නට යෙදුනු විරෝධතා ව්‍යාපාරයක් නිසා විශාල කතිකාවතක් ඇතිවී තිබේ. මේ ගන්නට යෙදුනු ක්‍රියාමාර්ගය අනවශ්‍ය එකක් හා අනවශ්‍යය ප්‍රශ්න ඇතිකරන්නක් බවයි මැදහත් මුස්ලිම්වරුන්ගේ මතය.

මහ නාහිමිවරුන් අදාල නිකායන් නියෝජනය කරන්නේ යම්සේද ,අගරදගුරුතුමා කතෝලික ප්‍රජාව නියෝජනය කරන්නේ යම්සේද, ACJU ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන්ගේ නිල නියෝජනය ලෙස සලකනු ලබයි.
බොදුබල සේනාව, රාවණා බලය වැනි සංවිධාන සුවහසක් මැදහත් බෞද්ධයන් නියෝජනය නොකරන්නා සේම මෙකී අන්තවාදී ඉස්ලාමීය සංවිධානවල මතය අපගේ මැදහත් මුස්ලිම්වරුන්ගේ මතය නොවේ. ඔවුනගේ අදහස් බොහොමයක් සමග අපට ගනුදෙනුවක් නැත.

Monday, February 16, 2015

ප්ලාස්ටික් ලව! Plastic Love


තුන්සිය හැටපන් දවසකට කලින්
ඒ සී කරපු ලව් කඩේකින් 
අරන් දුන් ප්ලාස්ටික් රෝසමල
වගෙයි දැන් මට නුඹේ ආදරයත්..

ලෝකෙට ලස්සනට පෙනුනත් 
නැත එහි කිසි නැවුම් බවක්
තෙතමනයක්..
සුවඳක්..

ඇයි නොවුනේ නුඹ මට
පෙති ගිලිහී මියැදෙන කුසුමක්? 
නුඹටත් වැඩක් නැති..
මටත් වැඩක් නැති..
නිර්මාපිත මල වෙනුවට?

අයියෝ සල්ලි!

Tuesday, January 6, 2015

මහින්දට ඡන්දය දිය යුත්තේ ඇයි? Why MR?



ත්මන් රාජපක්ෂ රෙජිමයේ ප්‍රචාරන යාන්ත්‍රනයේ ප්‍රධාන පාඨයන් කිහිපය ගෑන සඳහනක් තබන්නට සිතුනි. ඔවුන්ගේ ප්‍රචාරනය දියත්වන්නේ මූලික තේමාවන් තුනක් ඔස්සෙයි.

  1. යුද්ධය/ කලගුණ
  2. සංවර්ධනය
  3. විදේශ කුමන්ත්‍රන/රට බෙදීම්
යුද්ධය ගැන කෙස් පැලෙනකන් සිංහල බ්ලොග් අවකාශයේ අප තර්ක කලෙමු. සටහන් කලෙමු. 2009 සිට මේ දක්වා 'ඇර ගත්' ප්‍රස්තූතයන් 'අතර යුධ ජයග්‍රහනයේ සෑබෑ අයිතිකරු කවුද?' ඉහලින්ම සිටී. යුධ ජයග්‍රහනය සඳහා දෙශපාලන නායකත්වය සේම සංග්‍රාමික නායකත්වයද එකසේ වැදගත්විය. ඒ නිසා එහි අයිතිය සමව බෙදී යා යුතු අතර එක් පාර්ශවයක් විසින් පමනක් එහි අයිතිය තමන් සතු කරගැනීම සාධාරන නොවේ!
වත්මන් ජනපතිතුමා උතුරට ගොස් දෙමළ ජනයා අමතා පරන දේවල් අමතක කර දමා එකට දෑත් බැදගන්න කතා කරන ගමන්ම ගිය හෙලිකොප්ටරෙන්ම ආපසු නුවරට ඇවිත් යුද්ධය මාකට් කරයි. ආපසු උතුරට ගොස් දන්න යකාට ඡන්දය දෙන්නැයි කියයි, අලුතෙන් පටන් ගමු කියයි. ඒ කියන ගමන්ම බම්බලපිටි හන්දියේ ලොකු තිර දමා කොටි බෝම්බ ගෑසූ හැටි දකුණෙ ජනයාට පෙන්වයි. මැරිච්ච මිනිසුන්ගේ මිනී මාකට් කරයි. එතුමාගේ අරමුන කෙසේ හෝ නැවත බලයට පැමිනීම විනා ප්‍රතිපත්ති මත පදනම් වූ එකක් නොවේ. අනික රට දියුණු කිරීම, ආර්ථිකය නගා සිටුවීම වැනිදෑ තමන් පත්වූ පදවියේ වගකීම විනා එය ජනතාවට කරන උපකාරකයක් නොවේ. ඒ නිසා අමුතුවෙන 'කලගුණ' සලකන්නට දෙයක් නැත.ඇරත් චාමි බුකියේ පැවසූ ආකාරයට සර්වජන ඡන්ද බලය වැනි දියුනු සංකල්ප තිබෙන්නේ කලගුණ සලකනවා වැනි ආචාරධාර්මිකවතාවත් ඉටු කිරීමට නොවේ!

Sunday, March 30, 2014

පලාත් සභා මැතිවරණය 2014 - ආණ්ඩුව ඇත්තටම දිණුම්ද?

බස්නාහිර පලාත් සභාවට සහ දකුණු පලාත් සභාවට නියෝජිතයන් තෝරා පත් කර ගැනීම සඳහා වූ මැතිවරණයේ අවසාන ප්‍රතිපලය මේ වනවිට නිකුත් වී හමාරයි. සැබෑවටම සිදුව ඇත්තේ කුමක්දැයි හුදී පාඨක ජනතාවගේ හිත සුව පිනිස මහප්‍රාන නොමැතිව තේරෙන සිංහලෙන් කෙටියෙන් ලියා දමන්නට සිතුනා!

මෙවර සහ පසුගිය පලාත් සභා මැතිවරණ ප්‍රතිපල දෙස සංසන්දනාත්මකව බලමු!


බස්නාහිර

පක්ෂයප්‍රතිශතය (ආසන)
2009
ප්‍රතිශතය (ආසන)
2014
වෙනස
එ.ජ.නි.ස64.73%  (68)53.35%  (56)-12
එජාපය29.58%  (30)26.59%  (28)-2
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය
7.97%  (9)+9
ජ.වි.පෙ2.42%  (3)6.16%  (6)+3
මුස්ලිම් කොන්ග්‍රසය2.12%   (2)(2)-
ප්‍රජාතන්ත්‍රවාදී මහජන පෙරමුන0.51%  (1)(2)+1 

Friday, March 28, 2014

හෙට කාටද?

වසර 30ක් රට ආගාධයකට ඇද දැමූ ත්‍රස්තවාදී සංවිධානයක හිටපු සන්නද්ධ අංශයේ නායකයෙකු උප සභාපති තනතුර හොබවන පක්ෂයක් වටා ගෙතුනු සන්ධානයකට කතිරය ගැසීමට හිත හදා ගත හැකිනම්, බටලන්ද වදකාගාර සහ ටයර් සෑයවල් වලට වගකිවයුතු පක්ෂයකට කතරය ගැසීමට හිත හදා ගත හැකිනම් ජනතා විමුක්ති පෙරමුණට කතිරය ගැසීම පිලිබඳව ගැටලුවක් තිබිය හැකිද?

අද බොහෝ දෙනාට තිබෙන්නේ ජවිපෙට ජන්දය නොදී සිටින්නට හේතුවක් නොව, ඡන්දය දීමට හේතුවක් නොමැතිවීමයි.
වර්තමානයේ,ලංකාවේ අනාගතයේ ඉරණම ගැන පැහැදිලි කැක්කුමක් සහ අවංක උවමනාවක් තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුනට පමණී!

ඔවුන්ට රට බාර දීමට පෙර නිරාකරනය කරගත යුතු ගැටලු රාශියක් මටත් තිබේ.
නමුත් මේ වෙනසකට මුල පිරීමට කාලයයි!

මතක තබගන්න. සල්ලාලයන්, කුඩුකාරයන් බඩු කාරයන් හා ගණිකාවන් ඒ ඒ තැන් වලට තේරි පත්වීමේ වගකීමේ කොටසක් අපටත් තිබේ. ඒ නිසා ඔවුන්ගේ තේරි පත්වීම් ගැන වද වෙන්නට ඒ ගැන දොස් තියන්නට වැරදි උන්ට කතිරය ගසන අයටත්, ඡන්දය දා ගෙදරට වී බුදිය ගන්නා අයටත් සදාචාරාත්මක අයිතියක් නැත.
කාගෙ කාගෙ කිල්ලෝටවලත් හුණු තිබේ. හොරකං නොකරන එකෙක් ඉඳී යයි මා විශ්වාස කරන්නේද නැත. නමුත් අඩුවෙන්ම වැරදි කරන එවුන් තෝරා පත් කරගැනීම අපේ වගකීමයි!

Friday, December 27, 2013

අනාගතයට ගිහින් ආපහු ජීවිතය දිහා හැරිලා බලමු! Things You’ll Regret When You’re Old!

සිංහල බ්ලොග් අවකාශය පරිශීලනය කරන බහුතරයකගේ වයස් සීමාව දිහා බැලුවහම බහුතරයක් තරුණ වයස් සීමාවේ සිටින අය බව පේනවා. ජීවිතයේ බොහෝ දේවල් වෙනස් කරගත හැකි වයස් සීමාවක් මේක.. 

ජීවිතයේ සතුට කියලා හිතාගෙන අපි හඹායන බොහොමයක් දේවල් ලඟ කරගත්තු දවසක ආපසු හැරිලා බලද්දි අපිට හිතෙන්න පුලුවන් සැබෑ සතුට තියෙන්නේ ඒ ලඟ කරගත්තු දේ තුල නෙවෙයි,ඒ දේ හඹා යන ගමනේදී අපි මග හැරලා ගිය ඒ පුංචි පුංචි දේවල් තුල කියලා. ඇත්ත.. ජීවිතය භෞතික ඉලක්ක වලට ගැටගහලා ඒවා හඹා යන ගමනේදී අපිට පුංචි පුංචි දේවල් ගොඩක් මග හැරිලා. ඒ දේවල් ලඟා කරගෙන පොඩ්ඩක් නැවතිලා ජීවිතය විඳින්න අපි සූදානම් වෙද්දි ගොඩක් වෙලාවට අපි පරක්කු වැඩියි. එක්කෝ අපි වයසට ගිහින්. එක්කෝ සෞඛ්‍යය පිරිහිලා. එක්කෝ අපි එක්ක එදා හිටිය උන්ගෙ ඇඩ්‍රසුත් නැහැ. ජීවිත ගමනේදී උන්ව අපිට මග ඇරිලා. ඒ නිසාම තමයි ජීවිතයේ අරමුණක් තියා ගන්න ගමන්ම ජීවිතයේ පුලුවන් හැම මොහොතක්ම අපි විඳින්න ඕන. (Enjoying the moments).. 

අර ඉස්සර අපේ ටීචර්ලා කියනවා මේ ටික හොඳට මහන්සි වෙයන් කැම්පස් ගියාම ගොඩ කියලා. කැම්පස් ගියාම කියනවා මේ අවුරුදු 4 හොඳට කට්ට කාලා ගොඩ දා ගනින් ඊට පස්සෙ ජීවිතේ ගොඩ ගියලා.. එතනින් එලියට ගියාම රස්සාව.. ඊට පස්සෙ ප්‍රොමෝෂන් වලට මහන්සි වෙනවා. ඊට පස්සේ බඳින්න ඕන.. වාහනයක්..හවුසින් ලෝන්.. ළමයි..ඉස්කෝල... මේක මිරිඟුවක්..  පවතින සමාජ ක්‍රමය තුල මේ රැල්ලට ගහගෙන යනවා ඇරෙන්න අපිටත් වෙන විකල්පයක් නෑ.. ඒත් මතක තියා ගන්න.. Enjoy the moments...

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...