Wednesday, December 5, 2012

Shame!! ලැජ්ජයි!! සමග ලීක් වූ ලැජ්ජාවේ ලැජ්ජාවෙහි පින්තූර!

නිමිත්ත : අගවිනිසුරුවරියට එරෙහිව දෝෂාභියෝගයට සහය පලකරමින් පැවැත්වූ විරෝධතාව
from: lankaweb.lk
     ශ්‍රී ලංකාවේ පාලන තන්ත්‍රය මුලිකව ගත් කල්හි කොටස් තුනකි. බලය අඩුවෙන පිලිවෙලට විධායකය, ව්‍යවස්ථාධායකය සහ අධිකරණය ලෙස ගෙනහැර දැක්විය හැක. ජේ ආර් ජයවර්ධනට පිං සිදුවෙන්නට පහල තන්ත්‍රයේ කිසිම තැනකට වග නොකියන සුපර් පවර් එකක් සහිත ජනාධිපති තනතුරක් ලංකාවට තිබේ.
අද අපේ අවාසනාවකට ඒ සුපර් පවර් එකට මැජික් යෂ්ථියකුත් අප විසින්ම හා අවස්ථාවාදී දේශපාලුවන් විසින්  හිමිකර දී තිබේ. ඒ තුනෙන් දෙකේ පාර්ලිමේන්තු බලයයි.  මැජික් එකක් යනු දෘෂ්ථි මායාවකි. විජ්ජාවකි. එය සැබෑවක් නොවේ.පෙනෙන දේ යථාර්තය නොවේ.
සුපර් පවර් එකක් සහිත් සුපර් මෑන් කෙනෙක්ට මැජික් යෂ්ථියක් සතු වීම එතරම් සුබදායක නොවේ. එයින් වන හානිය සුලුපටු නොවේ.

     ලාංකීය ව්‍යවස්ථාදායකය සහ අධිකරනය අතර ඒ තරම් හොද ඇයි හොදැයියක් නැත. ඒ  දෙක අතර ඇති සීතල යුද්ධය එලිපිට ප්‍රදර්ශනය වුනු අවස්ථා කිපියක් මෑත කාලීනව දැක ගත හැකිවිය. පෙට්රල් (ඉන්ධන) මිල සම්බන්ධව අධිකරණය ලබදුන් නඩු තීන්දුව නොසලකා හැරීමට එවකට රජය ගත් තීරණය එහි එක් අවස්ථාවකි.

     මෙවර අගවිනිසුරුවරියට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට රජය තීරනය කර තිබේ. තමන්ට වාසි වෙන තාක් ඕනෑම කුඩ්ඩෙක් බේබද්දෙක් බඩු කාරයෙක් පිලිබදව රජයට කිසිම ප්‍රශ්ණයක් නැත. ඒ බව තේරුම් ගත් බොහෝ පිරිස් සහජීවනයෙන් ජීවත් වන බව ඇස් පනාපිටම පෙනෙන්නට තිබේ. ප්‍රශ්ණය ඇත්තේ තමන් සමග සහජීවනයෙන් ජීවත් වන්නට අකමැති පුද්ගලයන් ගැනය.

Saturday, October 13, 2012

අපේ ආතල්..අපිට ආතල්..අපි (නො)දන්න පොලිටික්ස්

"තාවක් තියෙනවා බුද්ධිමතුන්ට තමයි මර්ධකයෙක් එනකොට එයාගේ අඩිසද්දේ මුලින්ම ඇහෙන්නෙ කියල. එක තමයි මම හිතන්නේ මේ රටේ අචාර්යවරු මහාචාර්යවරු ගොඩක් දෙනෙක් අද එළියට ඇවිල්ලා තමන්ගේ අදහස් හඬ අවධිකරලා තියෙන්නේ"
 මහින්ද රාජපක්ෂ
දෙසැම්බර්-2009




මං විහිලු කරනවද? නෑ!! ඔබ කියෙව්වා හරි! බලන්න මට හම්බුනේ මොකක්ද කියලා.. හම්බවෙලා නම් ටිකක් කල්..ලියන්න බැරි උනා මුකුත්..ටිකක් පරක්කුයි තමයි..
මං කියනවට ටිකක් මේ වීඩියෝ එක බලලා ඉන්න..
සැකයක් නැහැනේ?
මේ කියන්නේ නන් අදර් දැන් අවර් වන් ඇන්ඩ් ඔන්ලි මිස්ටර් ප්‍රෙසිඩන්ට්!
විශ්වාස කරන්න අමාරුම වගේ නම් ITN එකේ උන්දැලා ඕන එහෙකට කියනවා වගේ එඩිට් කරපු එකක් කියලා හිතා ගන්නකෝ!

ඒ දවස් වල කෝකටත් තෛලය වෙච්ච 'විජාතික කුමන්ත්‍රන' සීල් එක රාජ්‍ය මාධ්‍ය FUTA එකටත් ගැහැව්වනේ..හැබැයි ඉස්සර තරම් ඒ ගුලිය දැන් මාකට් වෙන්නෙ නෑ.මොකද දැන් මිනිස්සු ITN ප්‍රවෘත්ති බලන්නේ ආතල් ගන්න විතරයි..තව කැපුවත් නිල් කට්ටියත් බලනවා.ඒත් ස්වයං ආතල් එකට.. හැබැයි ඒ ආතල් එකයි මේ ආතල් එකයි වෙනස්..
ඒ ආතල් හා මේ ආතල් හැර තවත් ආතල් තිබේද?
ඇයි සජිත් ලොක්කගේ අය ගන්න සිරස ආතල්!
ගාල්තැන්නේ ආතල්..තව ගොඩක් තියෙනවා..ලිස්ට් එක දිග වැඩියි..

Thursday, October 11, 2012

අයිතිය සහ වරප්‍රසාදය සමග 6%


     නිදහස් අධ්‍යාපනය ගැන මෑතකදී තරම් ඉතිහාසයේ කවමදාවත් කතා කරපු යුගයක් තවත් නැතුව ඇති.නිදහස් අධ්‍යාපනයේ උන්නතිය ගැන සලකලා මං FUTA එකට සහය පලකරන්න තීරනය කලා.නමුත් ඒ දේශපාලනිකව අපරිණත ශිෂ්‍ය සංගම්වලට ස්වායක්තව.ඔවුන්ගේ අරමුණු සහ ඉල්ලීම් ගැන මගේ තියෙන්නේ බලවත් අප්‍රසාදයක්. ඒ ගැන මං පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ගැන් ලියපු ලිපි පෙල තුල සවිස්තරව අදහස් දක්වලා තියනවා.( III )ඒ නිසා පැහැදිලිව මං සහය පලකරන්නේ FUTA එකේ ඉල්ලීම් වලට පමනයි.6% කියන එක යථාර්තයක් වේ යැයි මං විශ්වාස කරන්නේ නැති උනත් win-win situation එකකට යන්න පුලුවන් කියලා කියන්නේ දැන් තියෙන තත්ත්වයට වඩා පොඩි සංවර්ධනයක් හරි ලංකාවේ උසස් අධ්‍යාපන පද්ධතිය තුල ඇති වෙන්න ඉඩ තියෙනවා කියන එක. දැනටත් ලංකාවේ උසස් අධ්‍යාපනය සදහා වෙන කරන මුදලින් ලොකු කොටසක් නිසි භාවිතයකින් තොරව නැවත භාණ්ඩාගාරයට හරවා යැවෙන බව රජය පැත්තෙන් කියවෙනවා.එහි සත්‍ය අසත්‍යතාව ගැන මගේ දැනුමක් නැති නිසා මං ඒ ගැන අදහස් දක්වන්න යන්නේ නෑ.

     කොහොමින් කොහොම හරි දැන් වාර්තාවෙන විදිහට ආණ්ඩුව තම සුපුරුදු කල් මැරීමේ ප්‍රතිපත්තිය හා පොරොන්දු පත්‍රිකා යොදා ගනිමින් වර්ජනයෙන් ඉවත්වීමේ එකඟතාවකට ඇදුරන්ව කැමැතිකරවා ගන්නට උත්සහ කරනා බව පේනවා.ආණ්ඩුව බොහෝ තැන්වල ගනුදෙනු කල යුතු ආකාරය පටලවා ගන්නවා.ඔවුන් ගමේ බූරුපොලේ සියදෝරිස් සමග ප්‍රශ්න විසඳගන්නා විදියට සරම උස්සාගෙන ජාත්‍යන්තර ප්‍රශ්ණ විසඳන්නට ගිහින් නිකම් කිච වෙනවා.

Saturday, October 6, 2012

මිස්ලා සර්ලා වෙත ලියමි..

ලෝක ගුරු දිනය අද,ඒ කියන්නේ ඔක්තොම්බර් 5 වෙනිදට යෙදිලා තියෙනවා..
දෙයක්/කෙනෙක් සමරන්න එක දිනක් වෙන්කරන එක මං පෞද්ගලිකව අනුමත නොකලත් 'එහෙමවත් දිනක් නොතිබුනා නම් මෙහෙම වත් තියේද?' කියලා නොහිතෙනවාම නෙවෙයි.අඩුගානෙ ඉස්කෝලෙ ළමයි තමන්ගේ මිස්ට සර්ට දනගහලා වඳින එකවත් එදාට වෙනවා ඇතිනේ!

ගුරු දිනයක් වෙනුවෙන් මං ටික කාලෙකට කලින් ලියපු නිදහස් පද පෙලක් තියෙනවා වැඩි දෙනෙක් නොකියවපු.අර අගමැතිලා ජනපතිලා කරනවා වගේ එකම දවසට අවුරුද්දෙන් අවුරුද්දට වෙනස් කතාවක් මාරුවෙන් මාරුවට පලකරනවා වෙනුවට කාලෙකින් මොනවත් ලියපු නැති නිසාත් අලුතෙන් බ්ලොග් ලියන කියවන සෑහෙන පිරිසක් ඉන්න නිසාත්  මං තීරණය කලා වැඩි දෙනෙක් නොකියවපු ඒ ලිපිය බෙදාගන්න..


බස් රේඩියෝවෙ සම්මාන උළෙලෙදි මගේ පුංචි බ්ලොග් එකත් නිර්දේශිත නාමයන් අතර තිබුනා..
ලොකු Viewer base එකක් නැති මට දිනන එක ගැන කොහෙත්ම අදහසක් තිබුනේ නැති උනත් බ්ලොග් ලියන අපි වෙනුවෙන් මොකක්හරි කරන්න මහන්සිවෙන අයට කරන ගරුකිරීමක්/දිරිදීමක් විදිහටයි මාත් මගෙ බ්ලොග් එක ඇතුල් කලේ.විනිශ්චය මණ්ඩලයක් අතින් මේ වගේ නිල ඇගයීමක් හම්බවුන පලවෙනි අවස්ථාව..බස් රේඩියෝවෙ අයත් අඩුපාඩු හදාගෙන වඩා සංවිධානාත්මකව  ඉස්සරහටත් මේ වැඩේ කරගෙන යයි කියලා බලාපොර්තුවෙනවා..ස්තුතියි හැම දෙනාටම!

Thursday, September 6, 2012

ලාංකීය සමාජ ජාලා වෙබ් අඩවි පරිශීලනයේ පරිණාමය Social media in Sri Lanka

   
     TweetupSL ලිපියට ලැබුන ප්‍රතිචාර එක්ක මට හිතුන ශ්‍රී ලාංකිය සමාජ ජාලා වෙබ් අඩවි භාවිතයේ විකසනය එහෙම නැත්නම් පරිණාමය ගැන සටහනක් තියන්න.මෙතෙක් මං සිංහල බ්ලොග් අවකාශයේ මේ වගේ ලිපියක් දැක්කේ නෑ!
මං කලින් ලිපියේ සඳහන් කලා වගේ ශ්‍රී ලාංකාවේ අන්තර්ජාල භාවිතය මිනිසුන් අතරට යන්නෙත් සැලකිය යුතු අන්දමට වැඩිවීමට පටන් ගන්නෙත් 2004-2005 කාලයේදි.වඩා පැහැදිලිව කියනවා නම් 2005න් පස්සේ.මේ විදිහට අන්තර්ජාලය මිනිසුන් අතරට යාමත් එක්ක අන්තර්ජාලය එලදායීව භාවිතා කරන්නට විශේෂයෙන් නව යොවුන් පරපුර පෙලඹෙනවා.

මේ විදිහට අන්තර්ජාලය තමන්ගේ විනෝදාස්වාදය සදහා යොදා ගැනීමේ අවශ්‍යතාවයත් එක්ක ඒ අවශ්‍යතාවය සපුරාලන්න තමයි Social media කියන සංකල්පය බිහිවෙන්නේ.
Social media කියන වචනය කොටස් 6ක සංකලනයක්.. ඒ වචනය අනු කොටස් 6කට විභේදනය කරන්න පුලුවන්!
     ඒ ඔස්සේ තමයි Social forum සහ Social Networking ලෙස කොටස් දෙකකට බෙදිලා social medias ලංකාව තුල ව්‍යාප්ත වෙන්න පටන් ගන්නේ!
(ඉතිරි අනුකොටස් වන්නේ collaborative projects (ex: Wikipedia), blogs and microblogs (Ex: Twitter), content communities (Ex:You tube), virtual game worlds සහ virtual social worlds )

     මුලදී Social Forums කියන සංකල්පය ඉතා තදින් ලාංකීය අන්තර්ජාල පරිශීලකයා වැලඳ ගන්නවා.කපුටා.com,අනං මනං,එලකිරි,සිංහලයා එලෙස ජනප්‍රිය වුන අඩවි වලින් කිහිපයක්. අදටත් ඇතැම් අඩවි ඉතා සක්‍රීය මට්ටමක පැවතෙනවා.එහි තිබුනු/තිබෙන චැට් රූම්,නොමිලේ ලබා දෙන විද්‍යූත් ලිපින,සමාජීය සංවාද වගේම පසු කලෙක නොමිලේ භාගත කිරීම් වගේ පහසුකම් මෙලෙස පරිශීලකයන් ඒවා වෙත ඇද බැද තබා ගන්න සමත් උනා..

     මේ විදිහට කල්ගත්වෙනවත් එක්කම social networking කියන සංකල්පය වෙත මිනිසුන් ආකර්ෂනය වෙන්න පටන් ගන්නවා. Myspace,tagged වැනි සමාජ වෙබ් අඩවි තුලට ලාංකිකයන් හුදකලා වශයෙන් සම්බන්ධවෙලා සිටියත් කණ්ඩායමක් විදිහට ඒකරාශී වෙන්න පටන් ගන්නේ hi5 වටා!

Sunday, September 2, 2012

#TweetupSL 3 #ට්වීට් අප් SL

    
 සමාජ ජාල වෙබ් අඩවි එහම නැත්නම් Social Media කියන වචනය දැන් අපේ කන් වලට් නුහුරු එකක් නෙවෙයි..හරියට ඉස්සර 'බෝම්බය' කියන වචනේ කිසිම නුහුරක් අපිට තිබුනේ නෑ වගේ!
මේ සමාජ ජාල වෙබ් අඩවි ලංකාවේ ප්‍රචලිත වෙන්න පටන් ගන්නේ 2003-2004 අවධියේදි.ඒ දවස් වල ලංකාවේ නව යොවුන් පරම්පරාව අන්තර්ජාල භාවිතාව හුරුවෙන්න පටන් ගත්ත අවධිය මං හිතන්නේ.
මේ එක්ක අන්තර්ජාලය තුල කරන්න යමක් සොය සොය සිටි පිරිසට තමයි hi5 කියන සමාජ වෙබ් අඩවිය හම්බ වෙන්නේ.ඒ අඩවියේ තිබුන දත්ත වල විවෘත භාවය සහ ආරක්ෂාව පිලිබඳ ප්‍රශ්න වලට සාර්ථක විසදුම් එක්ක facebook සමාජ අඩවියේ ආගමනය සිද්දවෙනවා.ඒ නිසාම ගොඩක් දෙනා fb වටා රොක් වෙනවා.

     අද වෙනකොට ලංකාවේ මිලියනයක් පමන දෙනා facebook භාවිතා කරන බව නිල නොවෙන දත්ත වලින් පෙන්නනවා.(http://www.socialbakers.com/facebook-statistics/)ඉස්සර time line එක විවෘත උනාම අපේ සමීපතමයන්ගේ පිංතූර හා ස්ටෙටස් කිසිම අපහසුවකින් තොරව අපි රසවින්දා.ඒත් අද අරවතු,මේවතු,අර රූම් මේ රූම් වලින් ශෙයා වෙන පිංතුර වලින් පිරිලා.ඒවා දැක්කම වෙලාවකට කේන්තියි.වෙලාවකට අප්පිරියයි..ගෲප් එකක් විදිහට ඒවා බ්ලොක් කලත් විවිධ මිතුරන් මේවා බෙදාගන්න එක නවත්තන එක කරන්න අමාරු වැඩක්.

     මේ නිසාම තමයි දැන් බොහෝ දෙනා Twitter වටා රොක් වෙන්න පටන් අරං තියෙන්නේ.fb එකෙ සමකාලිනයෙකු උනත් fb වටා තිබුන යෝධ ජන පවුරේ සෙවනැල්ලෙන් ට්වීටරේ වැහිලා තිබුනෙ.ඒත් දැන් කෙමෙන් කෙමෙන් ට්විටරය සක්‍රීය භාවිතා කරන ලාංකීය පිරිසේ වැඩි වීමක් දකින්න පුලුවන්.
twitter එක තුල තියෙන්නේ මයික්‍රො බ්ලොගින් සංකල්පය .වචන 140ක් තුල තමන්ගේ අදහස පලකරන පුද්ගලයන් අතර බැරක් ඔබාමාගේ සිට අමිතාබ් බච්චන් දක්වා වූ විවිධ ක්ශේත්‍රවල ජනප්‍රිය පුද්ගලයින් විශාල ගනනක් ඉන්නවා.

     මේ විදිහට ලංකාව තුල සිග්‍රයෙන් ජනප්‍රිය වෙන මේ සමාජ වෙබ් අඩවියේ ගෙට් එකක් එහෙම නැත්නම් සුහද හමුවක් සැප්තැම්බර් පලවෙනිදා මරදාන Warehouse Project හි පැවැත් උනා. Tweetup SL විදිහට නම් කරල තිබුන ගෙට් එක පැවැත්වුනේ තුන් වෙනි වතාවට. 2010 අවුරුද්දෙ පලවෙනියටම මේක පටං අරං තියෙන්නේ 100ක් පමන දෙනා සහභාගි කරගෙන. ගිය අවුරුද්දෙ ඩයලොග් ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ලේ මේක පවත්වලා තියෙනවා.මේ අවුරුද්දේ ලංකාවේ ඉන්න නිසා මටත් මේකට සහභාගිවෙන්න පුලුවන් උනා. කලින් කිව්වා වගේ මරදාන වෙයාහවුස් එකේ තිබුන මේ හමුවට විවිධ වයස්වල විවිධ තරාතිරම්වල 800+ දෙනා තමන්ගේ සහභාගීත්වය ස්ථිර කරලා තිබුනා.
නමුත් කී දෙනෙක් ආවද කියලා මට හරියට තාම හොයලා බලන්න බැරි උනා.

      ඇතුල්විමත් සමග ටී ෂර්ට් එකක් සමරුවක් විදිහට හැමෝටම හම්බවෙනවා.ඒ එක්කම දෙන බැජ් එකක තමන්ගේ නම ලියලා කැමති අයට ක්ලිප් කරගන්න පුලුවන්.  ඒ විදිහට තමන්ගේ සයිබර් මිතුරන්ව හදුනා ගෙන කතා කරන්න අවස්ථාව එදා තිබුනා.සහභාගිවෙච්ච අයගේ ගීත,මැජික් දර්ශනයක්,තරඟ කීපයක් එක්ක ගලා ගිය සන්ධ්‍යාවෙ  කාගෙත් සිත ගත්තේ වෙයාහවුස් හි පොඩි නංගිලා මල්ලිලාගේ ඉදිරිපත් කරපු නැටුම් ගැයුම් දෙක තුනක්.

     ට්විටර්හි වෙසෙන පුද්ගලයන්ව Tweeps ලා විදිහට හැදින්වෙනවා.හරියට බ්ලොග් ලියන අය බ්ලොගර්ස්ලා වගේ.ඉතින් අපේ චන්දයෙන් වසරේ Mr. Tweep of the Year,Ms. Tweep of the Year,Funniest Tweep of the Year,Most Controversial Tweep of the Year  වගේ විවිධ කැටගරි වලින් ජයග්‍රාහකයින් තෝරලා එයාලට තෑගි දෙන්නත් සංවිධායක මණ්ඩලය කටයුතු කරලා තිබුනා.

     අලියා බීම සමාගම නොමිලේ බීම ලබා දෙන්නත් කොකෝවැරෙන්ඩා ආයතනය ආහාර පාන සඳහාත් අනුග්‍රහය දක්වා තිබුනා.ඊට අමතරව Dialog,Warehouse Project,China Doll Noodles,Xiteb (Pvt) Ltd,Virtusa,SLIM,Beautiful-U යන ආයතනත් අනුග්‍රහය දක්වා තිබුනා.
මාධ්‍ය අනුග්‍රහය DailyMirror පුවත්පතෙන් සහ E fm ගුවන් විදුලියෙන්.

මටත් එදා වැදගත් දවසක්..නමින් පමනක් දැන සිටි දැවැන්ත බ්ලොග් කරුවන් කිහිප දෙනෙක් පෞද්ගලිකව හම්බවෙන්නත් ඔවුන් එක්ක කතා කරන්නත් මේ පුංචි බ්ලොග්කරුවාට පුලුවන් කම ලැබුනා.
ඇතැමෙක් මං ගැන දැනං හිටියෙත් නෑ :)
එයාලව හම්බවෙලා කතා කරන්න ලැබීම ඇත්තටම සතුටක්..
ඉතින් සමස්තයක් වශයෙන් ඉතා හොඳ දවසක්..
ඒ වෙනුවෙන් (අපි වෙනුවෙන්) මහන්සිවෙලා මේ event එක සංවිධානය කරපු සංවිධායක මණ්ඩලේ කට්ටියට ස්තුතියි කියන්නත් මේක අවථාවක් කරගන්න ඕන!
ඉතින්...එපමනයි..
                                                                    මං @sabithl

පිංතූර බලන්න කැමති අයට සම්පූර්ණ ඇල්බමයක් තියෙනවා --------> මෙතන

Thursday, August 16, 2012

චංචලා...




නුඹයි මායි දැනං උන්නා ටික කාලෙක ඉඳන්,කවද කොහොම ඉඳන්ද කියන්න මතක නැති උනත්..
නුඹ ටික ටික මට කිට්ටු උනා..නුඹේ දුක මට කියන්න..
අපි විසඳුම් හෙව්වා උගෙන් ගැලවෙන්න..
ඒ කාලකන්ණියගෙන්...

කාලයත් එක්ක උඹ මට කැමැත්ත දුන්නා,ඉල්ලුවෙ නැති උනත්...
බොහොම සතුටින් උන්නා අපි,ටික කාලෙකුත් නොවෙන ගොඩකාලෙකුත් නොවෙන කාලෙකට..
ටික ටික මගෙන් නුඹ ඈතට යනවග දැනෙන්නට උනා..
ඉඳලා මං අහක බලනකං,මට හොරෙන් නුඹ කෙටියෙන් පණිවිඩ කොටන කොට
තේරුම් ගන්න අමාරු උනේ නැහැ මට,නුඹ තවකෙකු එක්ක විසදුම් හොයනව ඇති කියලා..
මගෙන් ගැලවෙන්න..

ඌ හිතන් ඉන්නව ඇත්තේ මං කාලකන්නියෙක් කියලා,මං හිතං ඉඳපු විදිහටම..
ඌ ඒ විදියටම හිතං ඉදීවී තව එකෙක් ඌ ගැන එහෙම හිතන දවස වෙනකම්ම...

වරද නුඹේ නෙවෙයි.. 
උගෙ...
මගෙ...

෴ සා බි ත්෴

Wednesday, July 25, 2012

අපි (නො)දන්න ඩීසන්සිය! da Decency we knw


යෙ කොන්ඩෙ කපන්න ගියා..
කාලෙකින් බාබර් සාප්පුවක් පැත්තෙ ගියේ..කොන්ඩෙ ටිකක් වැවිලා තිබ්බා..
හිතල වැව්වා නෙවෙයි....වැවෙන නිසා වැව්වා....කපන්න ඕක කමක් තිබ්බේ නෑ..අම්මා දවසක් දෙකක් කිව්වා..මං ඇහැව්වේ නෑ..ඉස්සර නම් සැර වැර කලාට දැන් එහෙම බැරි නිසා දෙපාරක් තුන් පාරක් කියලා නිකං ඉන්නවා..මොකද කියන දේ අහන්නේ නැහැ කියලා දැන ගත්තම තව කියන්න කියන්න වෙන්නේ එයාලා නෝන්ඩි වෙන එක කියලා එයාලා හිතන නිසා වෙන්න ඇති..

ඇයි කොන්ඩෙ කපන්න ඕන කියලා මං අම්මගෙන් ඇහුවා?
කොන්ඩේ කැපුවම පිලිවෙලයි,ඩීසන්ට්,මනුස්ස පාටයි,නැත්තම් රස්තියාදුකාරයෙක් වගේ.....ඕව තමයි හම්බඋන උත්තර..
මං ඇහුවා කවුද එහෙම කියන්නේ කියලා..
අම්ම කියනවා වැදගත් මිනිස්සු ඔක්කොම එහෙම තමයි ඉන්නෙ කියලා..

"උඹ කලාතුරකින් එක්කෙනෙක් දෙන්නෙක් ඇරෙන්න වැදගත් තැන්වල ඉන්න මිනිස්සු කොන්ඩ රැවුල් වවාගෙන ඉන්නවා දැකලා තියෙනවද ?"කියලා මගෙන් අහනවා..

"හරි ඔය කියන වැදගත්/ඩීසන්ට් උන් ඔක්කොම කොන්ඩෙ වවං ඉන්නවා කියලා හිතුවොත් එදාට නම් මං කොන්ඩෙ වවන එක ඩීසන්ට් වෙනවද? එදාට මං කොන්ඩෙ කපන්න ගත්තම මං ඩීසන්ට් නැතිවෙනවාද?" කියලා අම්මගෙන් මං ඇහුවා .හැමදේම සාපේක්ෂයි කියලා අම්මට මං තේරුම් කරන්න උතසහ කලා..
උඹත් එක්ක කතා කරලා දිනන්න බෑ කියලා අම්ම යන්න ගියා..
මං කොන්ඩෙ කැපුවා...

ඒත්...
මගේ සිතුවිලි ගැන මොකද කියන්නේ..?

Tuesday, July 10, 2012

හිරිවට්ටන දොස්තර! Medical Humour

     බස් රේඩියෝවේ උදවිය බ්ලොග් සතියක් විදිහට නම් කරලා තියෙන මේ සතියේ පෝස්ට් 7ක් පල කරන්න කියලා අපිට ආරාධනා කරලා තියනවා..! හැබැයි දවස් 7කට පෝස්ට් 7ක් දාන එක නම් මට කරන්න කොහොමත් බැරි වෙයි!මගේ අතින් මාසෙකට ලියවෙන්නෙත් පෝස්ට් 4ක් නැත්නම් 5යි...හැබැයි අපි වෙනුවෙන් යමක් කරන්න මහන්සිවෙන මේ අයට කරන ගරු කිරීමක් විදිහට මං පෝස්ට් 3ක් වත් දාන්න ට්‍රයි කරන්නම්! 8වෙනිදා දාපු 'සිත ඉල්ලන ෆැන්ටසිය' පලවෙනි එක කියලා සැලකුවාම අද ලියන්නේ දෙවෙනි එක!
අද පොඩි ජෝක්ස් එකක් බෙදා ගන්න හදන්නේ!
රංග අයියත් දාලා තිබුනා ඊයෙ දොස්තර කතාවක්..

මේකත් දොස්තර කතාවක්!

     වෛද්‍යවරුන්ට තිබ්බලු සම්මන්ත්‍රනයක්..සැලකිය යුතු තරම් පිරිසක් සහභාගිවෙලා හිටිය මේ සම්මන්ත්‍රනය දින තුනක එකක්ලු..ඔතන හිටියලු තරුණ වෛද්‍යවරු දෙන්නෙක්..දොස්තර නෝනා කෙනෙකුයි,දොස්තර මහත්තයෙකුයි..
   
     ඔන්න පලවෙනි දවසේ උදේ දෙන්න හිනා වෙලා පටන් ගත්තු වැඩේ දවල් වෙද්දි කතා කරන මට්ටමට ගෙනල්ලා හවස් වෙද්දි යාලු කමක් හදාගන්න තත්ත්වෙට ගේන්න දෙන්නට පුලුවන් උනාලු..
ඊ ගාව දවසේ යාලුකම,යාලුකමිනුත් ටිකක් ඔබ්බට අරං ගිහින් රෑට රෑ කෑමකට (ඩේට් එහෙකට) යන්න යොදාගන්න තරමටම දෙන්නා ලං උනාලු!
ඔන්න ඉතින් රෑට කාලා පොඩ්ඩක් සප්පායම් වෙලා කොහොමින් කොහොම හරි දෙන්නා නැවතිලා ඉන්න හෝටලේටත් ගිහින් ඇඳක් උඩ දෙන්නා සෙටල් උනාලු!
ඔතනින් එහාට ඉතින් වෙන්න ඕන දේවලුත් වෙලා,කරන්න ඕන දේවලුත් අහවර කරලා දෙන්නා ඇඳ උඩ දිගා වෙලා කතාවට වැටුනලු!

Sunday, July 8, 2012

සිත ඉල්ලන ෆැන්ටසිය! The fantasy I need


මට මගේ ගමේ ඉන්නවා මරු යාලුවෝ සෙට් එකක්!
උන් මට සාමාන්‍යයෙන් ඉන්න අනිත් උන්ගෙන් ටිකක් වෙනස්..ටිකක් කිව්වට හොඳටම වෙනස්!
මට මං ගැන මතකයක් තියන කාලෙ ඉඳන්ම මට උන්වත් මතකයි!
පොඩිම කාලේ ඉඳන් උන් එක්ක හැදී වැඩුනා..
ක්‍රිකට් ගැහුවා..වැස්ස කාලෙට ජිල් ගැහුවා..වතු පාලු කලා..පොඩි කාලෙ කරන්න ඕනෙ දේවල් ඔක්කොම වගේ කලා..

මං ගියේ ටිකක් ලොකු ඉස්කෝලෙකට...උන් ගියේ ගමේ ඉස්කෝලෙට!
උන්ට ඉගෙනීම ගැන ඒ හැටි වටිනාකමක් තිබුනේ නෑ.
සමහරවිට උන්ට ඉගෙන ගන්නවට වඩා කරන්න වැඩ තිබුනා..
ගොඩක් උන්ගෙ ඉස්කෝලෙ ගමන ඕලෙවල් වලින් ඉවරයක් උනා..කලාතුරකින් එකෙක් ඒ ලෙවල් කලා..මං ඇරෙන්න සයන්ස් කරපු එකෙක් නැතිම තරම්.නැහැ ඇත්තටම..
උන් ඊට පස්සේ ජොබ් කරන්න ගත්තා..ගොඩක් වෙලාවට කොළඹ කොහේ හරි කඩේක සේල්ස් මෑන් කෙනෙක් විදිහට..

උන්ට අවුරුදු 24ක් විතර වෙද්දි උන් තේරුම් ගනවා කඩේට වෙලා ඉඳලා ගැලවීමක් නැහැ කියලා..
රට පනින උන ඔලුවට ගහන්නේ ඔය කාලෙට තමයි!
ඒ කාලේ නම් යූ කේ පිස්සුව තමයි හැමෝටම තිබුනේ..
උන්ගෙන් සමහරුන්ට ඉංගිරීසියෙන් නමක් වත් ලියාගන්න බැහැ.
ඒත් උන්ගේ වාසනාවටද අවාසනාවටද මංදා ලංකාවේ තිබුනු මහකොමසාරිස් කාර්‍යාලය වැහුවා.ලංකාවේ ඉන්න අයගේ ඩොකියුමන්ට් යවන්න ඕන ඉන්දියාවට..එහෙන් ලියකියවිලි හදාරලා විසා දෙනවද නැද්ද කියලා තීරණය කරනවා..මුන්ට ඉන්ටර්විව් යන්න ඕන වුනේ නෑ..

Tuesday, June 26, 2012

ඕන දේ vs අවශ්‍ය දේ & interview ඔත්තු!

     ජීවිතයේ  සමහර දේවල් වලට අපි කොච්චර ආස කලත් අපිට ඒවා හම්බවෙන්නේ නැති වෙන්න පුලුවන් වගේම කොච්චර ඒ දේ අපිට ඕන උනත් අපිට ඒක නොලැබෙන්න පුලුවන්..තවත් සමහර වෙලාවල් වලට අපිට ඕන නැතිම දේවල් බලෙන්ම වගේ අපිට හම්බවෙන වෙලාවලුත් තියනවා..
මං හිතන්නේ පලවෙනි එකට වඩා දෙවෙනි එක තමයි අපි ගොඩක් දෙනෙකුට වෙන්නේ!
ජීවිතේ අපිට ඕන දේවල් තියනවා..අපිට අවශ්‍ය දේවල් තියනවා...
සුද්ද සිංහලෙන් කියනවා නම් 'Things we want and things we need..'

     අපේ අම්මලා තාත්තලා අනන්ත පාවිච්චි කරන වචන කණ්ඩයක් තියනවා." ඕන දේට එපාදේටයි"
අපි ඕක වාක්‍යයක දාලා බලමු..
ඕනදේටයි එපාදේටයි වියදම් කරන්න එපා කියලා කවුරුහරි කියනවා නම් 'එපාදේට කව්ද වියදම් කරන්නේ?' කියල ප්‍රශ්නයක් මතු වෙනවා...

එතනදි ඇත්තෙන්ම අදහස් වෙන්නේ 'ඕන දේ හා අවශ්‍ය දේ' කියන සංකල්පය..ඔතනින් අපිට අවශ්‍ය දේවල් විතරක් අපි ලඟා කරගන්න උත්සහ කරනවා නම් අපේ ජීවිත සරල සුන්දර එකක් වේවි..
හැබැයි අර චාලි චැප්ලින් කියනවා වගේ සරළ දේ සරළ නැහැ!

මේ ගැන මගේ අදහස් සවිස්තරාත්මක මං කලින් ලිපි දෙකක ලියලා තියනවා..කැමැති කෙනෙක් වේ නම් කියවන්න පුලුවන්!
මෙතනින් මං ගොඩක් ආස මිල අධික සංකීර්ණ ජීවිතය~ කියන පෝස්ට් එකට..ඕක මූනු පොතෙත් ෂෙයා වෙවී තිබිලා මටත් හම්බුනා!

හරි..අද කතාවට එමු..මේක විහිලු කතාවක් විදිහට කෙනෙක්ට ගන්නත් පුලුවන්..වෙන විදිහක අර්ථකතනයක් කෙනෙක්ට දෙන්නත් පුලුවන්..

Friday, June 15, 2012

චේ!

      අද කාලෙකට පස්සෙ සෑහෙන්න හොඳ ලිපි දෙකක් කියවන්න හම්බුනා.පහුගිය දවස් දෙක තුනේ හරි හැටි හිතට දැනෙන දෙයක් කියවන්න නැති කම හින්දම වෙන්න ඇති මොකක් හරි ලොකු අඩුවක් වගේ දෙයකින් මගේ හිත වෙලිලා තිබුනේ! ඒකට සාංකාව කියල කිව්වත් වැරදි නැහැ..

     අද සාතන්ගේ රටේ සිට ලියමි කියලා අඩවියක් අහම්බෙන් කියවන්න හම්බ උනා.(මෙතනින්)
එතන තිබුන සමහරි ලිපි වල තිබුන සමහර අදහස් එක්ක ආකල්පමය හා දේශ්පාලනිකව එකඟ  වෙන්න නොහැකි උනත් සමහර අදහස් මගේ හිතට තදින්ම කා වැදුනා.ඒ වගේම වෙබ් ආලෝචනා අඩවියේ ආනන්දවර්ධන මහත්තයා ලියලා තිබුන ලිපිය සයිබරය ගැන ලිපියත් බ්ලොග් අවකාශයේ සියලු දෙනා කියවිය යුතු ලිපියක් ලෙස මං දකිනවා.(මෙතනින්)
මේ ලිපි දෙකට මං සමහරක් දේවල් ගැන හිතං හිටපු විදිය වෙනස් කරන්න සමත් උනා..කෙනෙක්ගේ එක ලිපියකට තවත් කෙනෙකුගේ පරිකල්පන හැකියාව ආමන්ත්‍රනය කරන්න පුලුවන් වෙනවා කියන්නේ ඒ ලිපිය අතිසාර්ථකයි කියන එක.ඒ හැකියාව එසේ මෙසේ දෙයක් නෙවෙයි!
එතනදි මගේ හිත තදින්ම නැවතුනේ ඔස්කාර් වයිල්ඩ් කිව්වයි කියලා කියන මේ ප්‍රකාශයේ!
“It is a very sad thing that nowadays there is so little useless information.” 

Wednesday, June 13, 2012

පුලින ප්‍රාසාද


මටම මං හිමි නැති මගේ ලෝකයේ 
කවදා කොහොම මං නුඹේ වෙන්නද?
ඊලඟ රැල්ලට සේදෙන බව දැන දැනම
වැල්ලේ මාලිගා තැනීම 
නුඹේ සතුට නම්..
තාවකාලික සතුට වෙනුවෙන්...
සදාකාලිකව දුක් වෙන්නට....
එතකම් විතරක් මං නුඹේ වෙන්නම්...

Saturday, May 26, 2012

අන්ධයින් මුදල් නෝට්ටු අඳුරගන්න හැටි & අන්ධයාගේ මගුල් පොටෝ එක


     අලුත්ගම ටවුන් එකේ සෑහෙන් කල් ඉඳලා ස්වීප් විකුනන මනුස්සයෙක් හිටියා..මිනිහා අන්ධයෙක්! මිනිහා ස්වීප් වික්කේ ස්වීප් මඩුවක ඉඳලා නෙවෙයි..ඇවිද ඇවිද..ලෑල්ලක ස්වීප් ටික ගහගෙන අර අතේ ගෙනියන -මයික්-ලව්ඩ්ස්පීකර් එකත් බෙල්ලෙ එල්ලගෙන සුදු සැරයටියක උදව්වෙන් එහෙ මෙහෙ යන මේ මනුස්සයා ඒ දවස් වල අපිට දුලබ දර්ශනයක් නෙවෙයි.තාම ඉන්නවද කියන්න මං දන්නේ නෑ! වයස තිස්ගානක් විතර ඇති පෙනුමේ හැටියට නම්! අහම්බෙන් ස්වීප් ගන්න මිනිස්සුන්ට අමතරව දිනපතා ස්වීප් ගන්න රෙගුලර් කස්ටමර්ලා සැට් එහෙකුත් මිනිහට හිටියා..

     මිනිහා කසාදයක් එහෙමත් ඔය අස්සේ කර ගත්තා..ඒ ගෑනු කෙනත් ස්වීප් විකුනන්න පස්සෙ මෙයාටම එකතු උනා..ඒ ගෑනු මනුස්සයත් අන්ධයිද නැද්ද කියලා හරියටම කියන්න මට නිච්චියක් නෑ..
දවසක් මං කලිසමක් මහගන්න ටේලර් සාප්පුවට ගිය වෙලේක මේ මනුස්සයා එතනින් යනවා දැකලා ටේලර් කඩේ ලාල් අයියා මේ මනුස්සයව පෙන්නලා 'මල්ලි දන්නවද..ඔය මනුස්සයා ගිය මාසේ බැන්දනේ..
15 000ක් දීලා කෝට් සූට් එකක් මහ ගත්තා වෙඩින් පොටෝ එකට අඳින්න කියලා' කියලා මට කියලා මහ හයියෙන් හිනා උනා..මාත් ඉතින් හිනා වෙලා කිව්වා "ඔව් පොටෝ එකට නම් ඉතින් හයර් කරගන්න තිබ්බනේ කියලා..ඇරත් ඔය මිනිස්සුන්ට මොන පොටෝ ද" කියලා ලාල්ගේ හිනාවටම එකතු උනා.
හැබැයි ගෙදර ආවට පස්සේ මට ඔය සිද්දිය තදින්ම හිතට කා වැදුනා.මිනිහා ගැන දුකකටත් වඩා අනුකම්පාවක් මට දැනෙන්න ගත්තා..
කවුරු උනත් මිනිස්සුනේ.කාගෙ කාගෙත් ආසාවන් තියනවනේ,නැද්ද?

Saturday, May 12, 2012

පාර්ලිමන්ට් ජෝක්ස්

පාර්ලිමන්ට් ජෝක්ස් වලට තියෙන්නේ සුළුපටු ඉතිහාසයක් නෙවෙයි!
හුඟක් ඒවා ඇත්ත නොවුනත් ඔවුන්ගේ චරිත වල තියන සියුම් තැන්,හැසිරීම් පුරුදු අලලා කියවෙන නිසා ඇත්ත වෙන්න ඇතියි සිතෙන තරමටම මේ කතා රසවත්..
J.R- සිරිමා,J.R-ප්‍රේමදාස,ප්‍රේමදාස- ජෝජ් බුශ්,චන්ද්‍රිකා රනිල් ආදීන් අලලා කියවෙන රසවත් කතා ඔබ අසා ඇතිවාට සැකයක් නෑ! 
J.R- ප්‍රේමදාසගේ 'රිදී හැන්දේ කතාව', ප්‍රේමදාස-ජෝජ් බුශ් ගේ 'ලංකාව මගේ අත උඩ' කතාව ඒ දවස් වල නම් සෑහෙන්න හිට්!

පස්සෙ පස්සේ පාර්ලිමේන්තුවේ කියන කරන ඒවා කොහොමත් විහිලුවක් වෙන්න ගත්තු එකේ,මිනිස්සුන්ට ආයි අමුතුවෙන් ජෝක්ස් හදන්න මහන්සි වෙන්න ඕන වුනේ නෑ!

කොහොමින් කොහොම හරි ඒවගෙ ජෝක්ස් වඳවී යාමේ තර්ජනයට මුහුන දෙමින් තිබෙන අවදියක ඒවාට නැවත පනදෙන,ඒවා දෙපයින් නැගිටවන යුග පුරුෂයෙකුගේ පුනරාගමනක් සිදුවෙලා කියලා ලංකාව පැත්තෙන් ආරංචි වෙනවා!
ඒ නන් අදර් දැන් වන් ඇන්ඩ් ඔන්ලි ලව්ලි ගැමුනු පරම්පරාවේ කිං හන්ටර්........!
රා...යිට්.... අටුවා ටිකා ටිප්පනි වලට පස්සෙ මෙන්න ජෝක්ස් එක!

මර්වින් සිල්වා පාර්ලිමේන්තුව අමතමින්..


Friday, April 27, 2012

කන්ටේනර් පෙට්ටිය,මං එයා & මගේ පනහ




ඔන්න රාලහාමිලා දෙන්නෙක් රෑ වෙලා රාජකාරිය කරගෙන ඉන්නවලු! දෙන්න එක්ක කයිය ගහ ගහ ඉන්නකොට මෑන්ස්ලට පේනවලු ඈත ඉඳන් කන්ටේනර් ට්‍රක් එකක් විදගෙන එනවා..මේක දැකපු රාලහාමිලා ටෝච් ගහලා පාරට පැනලා කෑ ගහලා කොහොම හරි ට්‍රක් එක නවත්ත ගත්තලු!
පස්සෙ ඩ්‍රයිවර් උන්දැ බැහැලා ආවාලු!

රාලහාමි    : තමුසෙට පිස්සුද ඕයි..අඩි 40 කන්ටේනර් ගෙනියන මෙව්ව එකක්ද නැත්නම් සෙල්ලම් කාර් එකක්ද තමුසේ එලවන්නේ!
                    තමුසෙ බීලද?
ඩ්‍රයිවර්       :  අනේ නෑ ලොකු මහත්තයෝ!
රාලහාමි   :  නැත්තෙ මොකො! පුම්බනවා මේ බැලුම! 
                    මේ බලනවා  අයිසෙ..පිටිපස්සෙ ලයිට් වැඩ කරන්නෙත් නෑ

එක පාරටම ඩ්‍රයිවර් උන්නැහේ ඔලුවෙ අත ගහගෙන අනේ සර් කිය කිය හූ තිය තිය අඬන්න ගත්තලු...
රාලහාමිටත් මාර අස්පට් වගේලු (එහෙම අය ඉන්නවා යැයි උපකල්පනය කරගන්න)

Friday, April 13, 2012

මගේ පරන අවුරුද්ද! my old new year

නිමිත්ත!

මිහිරෙන් මතකයේ ඇඳේ...
ඒ රසේ රැදේ මා සිතේ...
සොඳුරු මතක සිත පිරේ...

නව යොවුන්,තරුණ හා තරුණ සමයේ සැඳෑ භාගයේ ඉන්න උදවියට මේ වෙළද දැන්වීම ගැන අටුවා ටිකා අවැසි නැති බව මං දන්නවා..කාලයක් අපේ සිත් පුදුම විදිහට කිති කවපු මේ වෙළඳ දැන්වීම පහුගිය දවසක මට අහම්බෙන් දකින්න ලැබුනා..
ඒක බලපු වෙලාවේ මගෙ හිත කාලෙකින්...සෑහෙන්න කාලෙකින් වචනයෙන් කියාගන්න බැරි නොස්ටැල්ජියාවකින් එහෙම නැත්නම් අතීත කාමයකින් වෙලිලා ගියා..ඒ අතීත කාමයෙන් වෙලුනු මගේ සිතේ ඇතිවුන ඉයුපෝරියාව එහෙම නැත්නම් අල්ලාසය/හැඟීම මටත් අකුරු කරන්නට හිතුනා..

අපි හැමෝටම අවුරුද්ද එක්ක බැඳිච්ච ලස්සන මතක සිතුවිලි ඇති!

මේ තියෙන්න මගේ කතාව!


Saturday, March 3, 2012

අයි ඩෝන්ට් නෝ වයි? IV සිරි යහනේ අත්දැකීම!



කවදා හරි නින්දේදි උඩකින් වැටෙනවා වගේ දැනිලා ඇඳ බදාගෙන ඇහැරිලා තියනවද?
නිකමට හිතුනද එහෙම වෙන්නේ ඇයි කියලා???

මෙන්න විස්තරේ! 
මේක අසාමාන්‍ය තත්ත්වයක් නෙවෙයි!අපෙන් සියයට 70%ක් පමන දෙනෙකු මේ තත්ත්වය දවසක් හරි අත්විඳලා තියනවා...

Sunday, February 19, 2012

ගස් ලබ්බි...(18 +-)

18+


18-


චුට්ටක් කැමැත්තෙන් චුට්ටක් අකමැත්තෙන්,
පොඩ්ඩක් පෙන්නලා පොඩ්ඩක් හැංගුවට
නංගියේ,අපි නොදන්නවැයි ඕවා ගැට ගස්ලබු වග..
ඉදෙන්න කලින් පැහෙන්න කල් දීහං..
එතකොටලු රස..

නොකෑවට මොකෝ අපිත් දන්නවා!!



ප: ලි : කොහොමද ඇඳුම??????? (මගේ බ්ලොග් එකේ :D )

Wednesday, February 15, 2012

ප්‍රෙෂ්‍ර් II


කලින් ලිපියේ රුධිර පීඩනය කියන්නේ මොකක්ද?මනින්නේ කොහොමද කියලා විස්තර කෙරුනා...
කියවපු නැති අයට -----------------------> ප්‍රෙෂර් I




අධික රුධිර පීඩනය ආකාර දෙකක් තියනවා..

1.ප්‍රාථමික අධික රුධිර පීඩනය    : අධික රුධිර පීඩනය සහිත වූවන්ගෙන් 90-95%කට තියෙන්නේ මේ කියන ආකාරයේ රුධිර පීඩනය.මේ ආකාරයේ රුධිර පිඩනය ඇතිවෙන්න හේතුව මෙන්න මේකයි කියලා හරියටම කියන්න තාම පුලුවන් වෙලා නෑ..නමුත් මෙන්න මේවයින් එකක් හරි හෝ කිහිපයක් හරි නිසා ඇතිවෙන්න පුලුවන් කියලා හොයා ගත්තු තත්ත්වයන් කිහිපයක් තියනවා.

  • ජානමය(පරම්පරාවෙන් පැවත එන)
  • තරබාරු බව
  • අධික ලුනු භාවිතය
  • අධික මත්පැන් භාවිතය
  • හෝමෝන ශ්‍රාවය වීමේ ආකූලතා
  • වයස්ගතවීම
  • මානසික තත්ත්වයන

Saturday, February 11, 2012

ප්‍රෙෂර්....


මුලින්ම මගේ කලින් ලිපි දෙක තුනට ප්‍රතිචාර දක්වපු අයට පිළිතුරු සපයන්න බැරි වුන එක ගැන සමාවෙන්න ඕන.ඔබේ වෙලාවෙන් ටිකක් මගේ ලිපියකට අදහස් දක්වන්න වැය කලාම එයට පිලිතුරු සපයන එක මගේ සදාචාරාත්මක යුතුකමක්.ඒත් පාඩම් වැඩ එක්ක නිතර ඒ දේවල් කරන්න අමාරුයි.ඒ නිසා ඉස්සරහටත් ගොඩක් වෙලාවට මට පිලිතුරු සපයන්න වෙන එකක් නෑ! අමනාප වෙන්නෙ නැති වෙයි කියලා හිතනවා..ඔබගේ ප්‍රතිචාර මට හැමදාමත් වැදගත්!
මං සාමන්‍යයෙන් පෝස්ට් එකක් අන්තිමට මට කියන්න තියන ටික කිව්වට අද උඩින්ම කියන්න තීරණය කලේ මේ වගේ ලිපියක් අන්තිම වෙනකම් බොහෝ දෙනෙක් කියවන්නේ නැති බව දන්න නිසා..
මේ ලිපිය මගේ මිත්‍රයා සනෝජ් ගේ ඉල්ලීම මත ලියවෙන ලිපියක්.


ප්‍රෙෂර්....
අපි එදිනෙදා ප්‍රෙෂර් කියලා හඳුන්වන්නේ අධික රුධිර පීඩනය කියන තත්ත්වය.ලෝකයේ බෝ නොවන රෝග අතරින් ඉහලින්ම තියන රෝගයක් තමා මේක.වසර 2000දි ලෝක වැඩිහිටි ජනගහනයෙන් සෑම 4 දෙනෙකුගෙන්ම එක් අයෙකුට මේ රෝග තත්ත්වය තියනවා කියලා ගනන් බලලා තියනවා..මේ ලෙඩේ ගැන පෝස්ට් දානවනම් බ්ලොග් එකක්ම ලියන්න වෙයි..ඒ නිසා මං වැදගත්ම හා සාමාන්‍ය පාඨකයෙක්ට තේරෙන විදිහට සාරාංශ ගත කරලයි මේක ලියන්නේ! මේ ගැන දන්න කෙනෙක්ට නම් කරුණු මදි වගේ හැඟෙන්න පුලුවන්.

මොකක්ද මේ රුධිර පීඩනය?
 රුධිරය රුධිර නාලයක් තුලින් ගමන් කරද්දි ඒ නාලයේ(ධමනියේ හෝ ශිරාවේ) බිත්තියේ ඒකක වර්ගපලයක් මත ඇති කරන තෙරපුමට තමයි රුධිර පීඩනය කියන්නේ!

මේ තෙරපුම හෘදය මගින් පොම්ප කරන රුධිර ප්‍රමානය මත හා ඒවා නාල දිගේ ගලා යාමේදි ඇතිවන ප්‍රතිරෝධය මත රඳා පවතිනවා.
මේ තෙරපුම අසාමාන්‍ය ලෙස ඉහල ගියාම ඇතිවෙන තත්ත්වයට තමයි අපි අධික රුධිර පීඩනය එහෙම නැතිනම් ප්‍රෙෂර් කියලා කියන්නේ!
මේ පීඩනය අඩු වුනාම අවපීඩනයක් ඇතිවෙන්නත් පුලුවන්.(low pressure/Hypo tension) මේ අවපීඩනය අධික රුදීර පීඩනයට වඩා භයානකයි.

Sunday, January 29, 2012

දක්ෂයා සහ සුදුස්සා...ඔබේ තේරීම?


කථාව :
     මං ගියේ කතෝලික පාසලකට..ඒ දවස් වල මගේ ඉස්කෝලෙ ශිෂ්‍ය නායක සංගමය සාමාන්‍යයෙන් ගුරු සංගමේට වඩා බලවත් වෙලා හිටපු කාලයක්..ගුරු සංගමේට වැඩිය සල්ලිත් තිබුනද මංදා බැංකු පොතේ!ශිෂ්‍ය නායක කාමරයේ ඔය හැම ඉස්කෝලෙකම තියන කැරම් බෝඩ් එකට අමතරව අපේ කාලයේ ටීවී එකක් ටික දවසකට CDMA ටැලිපෝන් එකක් එහෙමත් තිබ්බා..කොටින්ම සාමාන්‍ය ගුරුවරයෙකුට නැති තැනක් පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයට තිබුනා.
කතාවට ආයෙ ප්‍රවිශ්ඨ වෙමු!
     ඔය ප්‍රධාන ශිෂ්‍ය නායකයා තෝරන්නේ අනෙකුත් ශිෂ්‍ය නායකයන්ගේ හා ගුරුවරුන්ගේ ඡන්දයෙන්.හැබැයි අවසන් තීරණය තිබුනේ විදුහල්පති තුමාගේ අතේ!(නිෂේධ බලය) හැබැයි අපේ කණ්ඩායමේ හා ඉවත්ව යාමට නියමිත ජේෂ්ඨ කණ්ඩායමේ කැමැත්ත ගැන වැඩිපුර අවධානයක් එතුමා යොමු කරනවා..
අපි අපි අතර තරඟයක් නැතත් අවසානයේ නිර්දේශිත නම් 4ක් තිබුනා තනතුරු තුන සඳහා(ප්‍රධාන හා උප ප්‍රධාන දෙදෙනෙක්)එතනින් එක්කෙනෙක් බෞද්ධ,දෙන්නෙක් කතෝලික,එක්කෙනෙක් මුස්ලිම්.

     අපේ කණ්ඩායමේ බහුතර කැමැත්ත සහ හැමෝම හිතන් හිටියේ මුස්ලිම් සහෝදරයාට ප්‍රධාන තනතුර හම්බ වෙයි කියලා!ජේෂ්ඨ කණ්ඩායමේ කැමැත්ත තිබුනේ බෞද්ධ සහෝදරයට!බහුතරයකගේ මනාප ලැයිස්තුව හැදිලා තිබුනේ  

Friday, January 27, 2012

නුඹ....



සිහිනෙකිදු සිහිනෙන් වත් බලන්නට සිත් නොවු බියකරු සිහිනයද නුඹ..?

සිසිරයට නැව්තුම් තබන්නට,
සිත හිරිවට්ටන හැගුම් පුබුදුවන්නට ආ අප්සරාවියද නුඹ...?

නුඹ බියකරුද?
නුඹ පියකරුද?
නුඹ ඒ සිහිනයද?
නුඹ හැබැවක්ද?
නැත්නම් මා නුඹව දකිමින් සිටින්නේ ඒ බියකරු සිහිනය තුලමද?

නුඹ කවුද....?

නුඹ කොහෙද....?


ප.ලි : මේ මං සිංහලෙන් ලියපු පලවෙනි නැත්නම් දෙවෙනි පෝස්ට් එක..පහුගිය දවසක මං පෝස්ට් ඔක්කොම ලේබල් කලා..එහෙම කරද්දි මොකක් හරි වෙලා මේක අලුත් පෝස්ට් එකක් විදිහට ඩ්‍රාෆ්ට් එකට ඇවිල්ලා..පරණ තැන මේක නෑ! ඩිලීට් කරන්නත් ලෝබයි! බ්ලොග් ලියපු අලුතම දාපු එකක් නිසා ගොඩ දෙනෙක් දැකලා නැති බව මට විශ්වාසයි(වැටිලා තිබුනේ එක කොමෙන්ට් එකයි)නැවත පල කරන්නට සිදුවීම ගැන කනගාටුයි!

Saturday, January 21, 2012

අයි ඩෝන්ට් නෝ වයි? man Vs women III ගෑනුන්ගේ අලි පස්ස


ගැහැනුන්ට අලි පස්සක් තියෙන්නෙත් පිරිමින්ට රා බඩක් එන්නෙත් ඇයි???




පස්ස......අපි ඉස්සර ඉස්කෝලෙ යන කාලේ පස්සට කිව්වේ බස් එක කියලා...අම්මෝ බලන්න එපැයි සමහර කෙල්ලොන්ගේ බස්...මං ක්ලාස් යන කාලේ ඒ දවස් වල හැටියට ලොකුම බස්  එක තිබ්බ කෙල්ලගේ නමයි මූනයි මට අද වගේ මතකයි..මුලු කළුතරටම තිබුනේ නෑ ඒ වගේ බස් එකක්..සමහරුන්ගේ ඒවා ඩබල් ඩෙකර්..සමහරුන්ගේ ඒවා ටාටා..ඩීමෝ,රෝසා,අශෝක් ලේලන්ඩ් අරවා මේවා අස්සේ තනි දොරේ ලේලන්ඩ් එහෙම නොතිබුනාම නෙවෙයි..ඒවා දිහා නම් බැලුනෙ කලාතුරකින් තමයි..ක්ලාස් වල ලෑලි බංකුව උඩ බස් එක පැය ගානක් පාක් කරන් ඉන්න එක තමා ඒ දවස් වල තිබුන අමාරුම වැඩේ!
එහෙනම් අද කතාවට එන්ටර් වෙමු!

හැබෑටම බවලත් උදවියට සාපේක්ශව ලොකු පස්සක් එන්නේ ඇයි?


Sunday, January 15, 2012

අයි ඩෝන්ට් නෝ වයි? man Vs women II වහෙන් ඔරෝ!

I dont know y? මෙහෙම වෙන්නේ ඇයි?  man Vs women පලවෙනි කොටස 
අද අපේ මාතෘකාව වෙන්නේ ස්ත්‍රී වර්ගයාගේ ජාන තුලින් පැවත එතැයි විශ්වාස කල හැකි නමුත් කිසිම පිරිමියෙකුට අද වෙනකම් තේරුම් ගන්න බැරි ඉස්සරහටත් තේරුම් ගනී යැයි විශ්වාස කල නොහැකි වහෙන් ඔරෝ භාෂාව ගැන..

කතාව: (බිරිඳ හා සැමියා වාහනයක ගමන් ගන්න අතර තුර ඇතිවන දෙබස)

බි : මේ...ඔයාට නවත්තලා කෝපි කෝප්පයක් බොන්න කැමතිද?වක් කරන් ආපු කෝපි තියනවා..
සැ: එපා අනේ....දැන් බොන්න බෑ...


බි : (කිසිවක් කතා නොකර මූන එල්ල ගෙන ගමන් කරයි..ටික වෙලාවකින් සැමියාට වෙනස තේරෙයි..)


සැ: ඇයි කතා කරන්නේ නැත්තේ? මොකෝ අවුල?
බි : න්න්න්න්න්නෑ....මුකූත් නෑ( මුකුත් නැත්තේ නෑ කියලා අරන ගැහැනු කියන විදියට පවසයි)


සැ: දැන් මං මොකක්ද කරපු වරද ඔයාට පුම්ඹගෙන යන්න තරම්?
බි: ඔයාට පොඩ්ඩක් වාහනේ නවත්තන්න බැරි උනා නේද?


සැ: ඔයා මොන වෙලාවෙද වාහනේ නවත්තන්න කිව්වේ...ඔයා මගෙන්නේ ඇහුවේ බොන්න ඕනද කියලා?
බි: ඉතින් කියන්න ඕන යැ..දැනගන්න එපැයි...


සැ: ඔයා හිතුවද මට හිත් කියවන්න පුලුවන් කියලා??????කියන දෙයක් කෙලින් කිව්වනම් ඉවරයිනේ!

(ගෝරිය පටන් ගනී........)

මෙතනදි මොකද වෙලා තියෙන්නේ?

Friday, January 13, 2012

I dnt knw y?මෙහෙම වෙන්නෙ ඇයි? man Vs women

සැමියාගේ කබාය මත ඇති දිග හිසකෙසක් අඩි ගානක් ඈතින් පේන බිරිඳම වාහනය ඕන පොටට්යෙකුට පේන පත කනුවක හප්පා ගැනීම!!



කතාව I : ගැහැනු වාහන එලවන්න ගියාම ඇතැම් අවස්ථාවල නාගන්නා නා ගැනීම ගැන අමුතුවෙන් විස්තර කරන්න ඕන නෑ කියල හිතනවා..ඔය කොළඹ රටේ ඉන්න නෝනලා සමහර වෙලාවන් වලට පාරේ වාහනයක් එහෙම හප්පා ගත්තම අනිත් මිනිස්සුන්ට තියන ඇතිවෙන ප්‍රශ්නෙ තමා මෙච්චර ඉඩ තියන පාරක මේක කොහොමද වද්දගත්තේ කියන එක..සමහර වෙලාවල් වලට ගොඩක් ඉඩ තියෙන තැනක තියෙන අලි සයිස් කනුවක වාහන රිවර්ස් කරන්න ගිහින් වද්ද ගන්නවා..ඇයි නෝනා මෙච්චර ඉඩ තියෙද්දි වද්ද ගත්තේ කියල ඇහුවම හුඟක් වෙලාවට අපිට අහන්න ලැබෙන්නේ "හානේ...මා දැක්කේ නැහැ නේ..." කියන එක...On the Spot කට්ටියට එහෙම මොලේ අමාරු හැදෙනවා ඇති වෙලාවකට...

හැබැයි ඔය ගැහැනු කෙනාම මහත්තයා ගෙදර ගිහින් ආවම සර්ට් එකේ ඇමිනිලා තියන දිග කෙස් ගහක් අඩි 10ක් 12ක් දුර තියා උනත් ලේසියෙන් දකිනවා...කාගෙද මේක???කොහෙන්ද මේක???හොමද ඔයාගේ සර්ට් එකේ ඇමිනුනේ??..........................

කතාව II :  (පවුලක දෙබසක්...)

අම්මා/බිරිඳ : මේ..ෆ්‍රිජ් එකේ බටර් එකක් ඇති පොඩ්ඩක් අරං දෙන්න පුලුවන්ද?

පුතා/සැමියා: කෝ නෑ නේ??

අම්මා/බිරිඳ : බලන්න කෝ පොඩ්ඩක්...මං දැන් ටිකකට කලින් නේ තිබ්බේ!
පුතා/සැමියා:මං දන්නේ නෑ..මෙතන නෑ!තිබ්බ නම් ඇවිත් අරගන්න..

(ඇය පැමිනේ..අත දමා මැජික් එකක මෙන් බටර් එක අරං පෙන්වයි..)

අම්මා/බිරිඳ  : මේ තියෙන්නේ...තමුසෙට ඇස් පේන්නේ නැද්ද...??
සැමියා/පුතා : +*&#%$@*^%@*

ඇත්තටම මොකද මෙතනදි උනේ...?



අපි දැන් විද්‍යාත්මකව පොඩ්ඩක් මේ ගැන බලමු...

Tuesday, January 10, 2012

මිල අධික සංකීර්ණ ජීවිතය~Expensive & complex



ජීවිතය හරි පුදුමාකාරයි... අද්භූතයි...

අපි මිල අධික බ්‍රෑන්ඩඩ් ඇඳූම් පැලඳුම් අඳින්න සිහින මවනවා..ඒත්
ඒ අපිම වැඩිම පහසුවක් සැහැල්ලුවක් සනීපයක් ලබන්නේ/දැනෙන්නේ ගෙදර තියන හඩු ටී එක,ෂෝට් එක හා රබර් දෙක තුල ..

අපි ටාජ්,හිල්ටන් එකෙන් ඔෆීස් එකේ ක්ලයන්ටලා,බොස්ලා එක්ක වාඩිවෙලා බුෆේ කෑවට
පාර අයිනේ නයිට් කඩේ යාලුවෝ එක්ක කන කොත්තුව ඊට වඩා රස විඳිනවා..

බෙන්ස්, BMW  ගන්න..අරං රට වටේ රවුම් ගහන්න හීන මවන අපිම,
තනියම ඇවිදිද්දි අපේ හදවත් එක්ක කතා කරනවා..
අපි අපිත් එක්කම කතා කරගන්නවා...

ගිගා ටෙරා බයිට් ගානට සිංදු පුරවපු හාඩ් ඩිස්ක්  I-pod තියන් හිටියට
රේඩියෝවෙ අහම්බෙන් යන සිංදුවක් අපි පුදුම විදිහට රස විඳිනවා..
මුමුනනවා..අපේ මුවගට සිනාවක් ගේනවා..

තරු හෝටල් වල නැති රස අපේ අම්මගේ කෑම වල තියනවා...

කොහේ නිදා ගත්තත් නැති සැපක් අපේ ගෙදර ඇදේ තියනවා...

පිටරටවල් වලට වෙලා මහන්සි වෙන මිනිස්සු තමන්ගේ රටේ විඳින දුකත් සැපක් ලෙස දකිනවා....


ජීවිතය සැබැවින්ම සරලයි....අපි විසින්ම ඒක සංකීර්ණ කර ගන්නවා.....

"Life is simple Indeed but we make it complex.."



Life is full of choices!! Have you made the correct one??

ජීවිතය තුල තෝරා ගන්න ගොඩක් දේවල් තියනවා..නමුත් ඔබ හරි දේ තෝරගෙනද?




මේ අවුරුද්දේ පලවෙනි පෝස්ට් එක නිසා සියලු දෙනාටම "සුභ නව වසරක් වේවා!"කියලා පතන්න මේක අවස්ථාවක් කරගන්නවා...

පහුගිය වසර මාව ගොඩක් දෙනා බ්ලොග් අවකාශය තුල දැන හදුනගත් වසරක් උනා...මගේ ලිපි කියවපු අදහස් දක්වපු හැමෝටම ස්තුතියි....



පහුගිය වසරේ වැඩියෙන්ම ජනප්‍රිය වුන/නොවුන මං කැමතිම ලිපි 6ක් මං පහලින් දානවා.. අතපසුවුන/කියවන්න බැරි වුන අයෙක් වේ නම් ඒ අයට කියවන්න.... 









LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...