Showing posts with label අපි (නො)දන්න පොලිටික්ස්. Show all posts
Showing posts with label අපි (නො)දන්න පොලිටික්ස්. Show all posts

Tuesday, January 6, 2015

මහින්දට ඡන්දය දිය යුත්තේ ඇයි? Why MR?



ත්මන් රාජපක්ෂ රෙජිමයේ ප්‍රචාරන යාන්ත්‍රනයේ ප්‍රධාන පාඨයන් කිහිපය ගෑන සඳහනක් තබන්නට සිතුනි. ඔවුන්ගේ ප්‍රචාරනය දියත්වන්නේ මූලික තේමාවන් තුනක් ඔස්සෙයි.

  1. යුද්ධය/ කලගුණ
  2. සංවර්ධනය
  3. විදේශ කුමන්ත්‍රන/රට බෙදීම්
යුද්ධය ගැන කෙස් පැලෙනකන් සිංහල බ්ලොග් අවකාශයේ අප තර්ක කලෙමු. සටහන් කලෙමු. 2009 සිට මේ දක්වා 'ඇර ගත්' ප්‍රස්තූතයන් 'අතර යුධ ජයග්‍රහනයේ සෑබෑ අයිතිකරු කවුද?' ඉහලින්ම සිටී. යුධ ජයග්‍රහනය සඳහා දෙශපාලන නායකත්වය සේම සංග්‍රාමික නායකත්වයද එකසේ වැදගත්විය. ඒ නිසා එහි අයිතිය සමව බෙදී යා යුතු අතර එක් පාර්ශවයක් විසින් පමනක් එහි අයිතිය තමන් සතු කරගැනීම සාධාරන නොවේ!
වත්මන් ජනපතිතුමා උතුරට ගොස් දෙමළ ජනයා අමතා පරන දේවල් අමතක කර දමා එකට දෑත් බැදගන්න කතා කරන ගමන්ම ගිය හෙලිකොප්ටරෙන්ම ආපසු නුවරට ඇවිත් යුද්ධය මාකට් කරයි. ආපසු උතුරට ගොස් දන්න යකාට ඡන්දය දෙන්නැයි කියයි, අලුතෙන් පටන් ගමු කියයි. ඒ කියන ගමන්ම බම්බලපිටි හන්දියේ ලොකු තිර දමා කොටි බෝම්බ ගෑසූ හැටි දකුණෙ ජනයාට පෙන්වයි. මැරිච්ච මිනිසුන්ගේ මිනී මාකට් කරයි. එතුමාගේ අරමුන කෙසේ හෝ නැවත බලයට පැමිනීම විනා ප්‍රතිපත්ති මත පදනම් වූ එකක් නොවේ. අනික රට දියුණු කිරීම, ආර්ථිකය නගා සිටුවීම වැනිදෑ තමන් පත්වූ පදවියේ වගකීම විනා එය ජනතාවට කරන උපකාරකයක් නොවේ. ඒ නිසා අමුතුවෙන 'කලගුණ' සලකන්නට දෙයක් නැත.ඇරත් චාමි බුකියේ පැවසූ ආකාරයට සර්වජන ඡන්ද බලය වැනි දියුනු සංකල්ප තිබෙන්නේ කලගුණ සලකනවා වැනි ආචාරධාර්මිකවතාවත් ඉටු කිරීමට නොවේ!

Sunday, March 30, 2014

පලාත් සභා මැතිවරණය 2014 - ආණ්ඩුව ඇත්තටම දිණුම්ද?

බස්නාහිර පලාත් සභාවට සහ දකුණු පලාත් සභාවට නියෝජිතයන් තෝරා පත් කර ගැනීම සඳහා වූ මැතිවරණයේ අවසාන ප්‍රතිපලය මේ වනවිට නිකුත් වී හමාරයි. සැබෑවටම සිදුව ඇත්තේ කුමක්දැයි හුදී පාඨක ජනතාවගේ හිත සුව පිනිස මහප්‍රාන නොමැතිව තේරෙන සිංහලෙන් කෙටියෙන් ලියා දමන්නට සිතුනා!

මෙවර සහ පසුගිය පලාත් සභා මැතිවරණ ප්‍රතිපල දෙස සංසන්දනාත්මකව බලමු!


බස්නාහිර

පක්ෂයප්‍රතිශතය (ආසන)
2009
ප්‍රතිශතය (ආසන)
2014
වෙනස
එ.ජ.නි.ස64.73%  (68)53.35%  (56)-12
එජාපය29.58%  (30)26.59%  (28)-2
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය
7.97%  (9)+9
ජ.වි.පෙ2.42%  (3)6.16%  (6)+3
මුස්ලිම් කොන්ග්‍රසය2.12%   (2)(2)-
ප්‍රජාතන්ත්‍රවාදී මහජන පෙරමුන0.51%  (1)(2)+1 

Friday, August 2, 2013

North-South Rathupaswala and Us!! උතුර දකුණ රතුපස්වල සහ අපි!





First they came for the Socialists, and I did not speak out--
Because I was not a Socialist.

Then they came for the Trade Unionists, and I did not speak out--
Because I was not a Trade Unionist.

Then they came for the Jews, and I did not speak out--
Because I was not a Jew.

Then they came for me--and there was no one left to speak for me


෴Martin Niemöller (1892-1984)෴


P:S :
We should have seen this coming..
If you still don't, you are sill not too late!
But you better before its too little too late!

Thursday, May 16, 2013

විමසුම: මත්තල කොයිබටද?



     මාස දෙකකට පසුවයි ලිපියක් ලියා පල කරන්නට තීරණය කලේ. සාමාන්‍යයෙන් මාසෙකට එක ලිපියක්වත් ලියා පල කරන්නට මා පසුගිය වසර කිහිපය තුලම උත්සහ කලත් ඉදිරියට එසේ සිදුවන එකක් නැහැ. අධ්‍යාපන කටයුතුත් සමග දැන් දැන් බ්ලොග් කියවෙන්නෙත් බොහොම අඩුවෙන්. නමුත් පසුගිය මාස දෙකක කාලය තුල කිසිවක් ලියන්න නොහැකි වූයේ කාර්‍යබහුල බව නිසාවත් ලියන්නට කිසිවක් නොමැති නිසාවත් නොවෙයි. මව් රටේ සිදුවෙන කියන කරන දෑ පිලිබඳව වූ බලවත් අප්පිරියාව සහ කනස්සල්ල නිසයි.
කොච්චර ලිව්වත් මේ තියෙන සිස්ට්ම් එක තුල කිසිම වෙනසක් සිදු නොවෙන බව/ කිසිම වෙනසක් අපිට කරන්න බැරි බව හැඟෙද්දි ලියන එක කොහොමත් වැඩක් නෑ කියන සිතුවිල්ලක්  ඇති වෙනවා.
ඒත් පස්සෙ,  වතුර බිංදුවකින් තමයි මහ සාගරය ඇතිවෙන්නෙ, එක ඉටි පහනකින් පහන් සීයක් දල්වන්න පුලුවන් කියලා හිතද්දී, හිත තුල කැකෑරෙන මේ ආවේගය මුදාහරින්න විදියක් හොයද්දි ලියනවා ඇරෙන්න වෙන විකල්පයක් නැහැ.
ඇරත් අපේ කොටස රට වෙනුවෙන් අපි ඉටු කරන්න ඕන කියන මතයෙයි මං ඉන්නේ.කවද හරි අපේ පොඩි උන් හරි උන්ගේ පොඩි උන් හරි ' ඔයාලා මේ රටට මෙච්චර දෙයක් වෙනකං මොනවද ඒ දවස්වල කලේ?' කියලා අහද්දි දෙන්න උත්තර මං ලඟ තියෙන්න ඕන.

 නිමිත්ත : Air Arabia ගුවන් සමාගම මත්තලට සිදුකල ගුවන් ගමන් නවතා දැමීමට තීරණය කිරීම.


     ඩුබායි සිට ක්‍රියාත්මක වන ලොව ප්‍රමුඛ පෙලේ ගුවන් සමාගමක් වන එයා ඇරේබියා ගුවන් සමාගම මත්තලට සිදුකල තම මෙහෙයුම් කටයුතු නවතා දැමීමට තීරණය කල බව Airline route වෙබ් අඩවිය පසුගියදා වාර්තා කලා. මේ වන විට එම ගුවන් සමාගමේ වෙබ් අඩවිය තුලින් මත්තලට ආසන වෙන් කිරීමට පහසුකම් ඉවත් කර තිබෙනවා. මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලට මේ දක්වා පියාසර කලේ ජාත්‍යන්තර ගුවන් සමාගම් දෙකක් පමනයි.(ලාංකීය නොවන) ඒ ඉහත සඳහන් කල ගුවන් සමාගම සහ Fly Dubai ගුවන් සේවය පමනයි. මීට අමතරව මිහින් සහ ශ්‍රී ලංකන් යන ගුවන් සමාගම් දෙකත් මත්තල හරහා තම ගුවන් ගමන් සිදුකලා. විවෘත කර මාස දෙකකට ආසන්න කාලයක් ගතවුවත් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල හරහා ලංකාවට ඇතුල් වූ මගීන් සංඛ්‍යාව 70කටත් අඩු බව නිල නොවන සංඛ්‍යා ලේඛන තහවුරු කරනවා.
මේ මත්තල පිලිබඳව කෙරෙන කෙටි විපරම් කිරීමක්!

Wednesday, December 5, 2012

Shame!! ලැජ්ජයි!! සමග ලීක් වූ ලැජ්ජාවේ ලැජ්ජාවෙහි පින්තූර!

නිමිත්ත : අගවිනිසුරුවරියට එරෙහිව දෝෂාභියෝගයට සහය පලකරමින් පැවැත්වූ විරෝධතාව
from: lankaweb.lk
     ශ්‍රී ලංකාවේ පාලන තන්ත්‍රය මුලිකව ගත් කල්හි කොටස් තුනකි. බලය අඩුවෙන පිලිවෙලට විධායකය, ව්‍යවස්ථාධායකය සහ අධිකරණය ලෙස ගෙනහැර දැක්විය හැක. ජේ ආර් ජයවර්ධනට පිං සිදුවෙන්නට පහල තන්ත්‍රයේ කිසිම තැනකට වග නොකියන සුපර් පවර් එකක් සහිත ජනාධිපති තනතුරක් ලංකාවට තිබේ.
අද අපේ අවාසනාවකට ඒ සුපර් පවර් එකට මැජික් යෂ්ථියකුත් අප විසින්ම හා අවස්ථාවාදී දේශපාලුවන් විසින්  හිමිකර දී තිබේ. ඒ තුනෙන් දෙකේ පාර්ලිමේන්තු බලයයි.  මැජික් එකක් යනු දෘෂ්ථි මායාවකි. විජ්ජාවකි. එය සැබෑවක් නොවේ.පෙනෙන දේ යථාර්තය නොවේ.
සුපර් පවර් එකක් සහිත් සුපර් මෑන් කෙනෙක්ට මැජික් යෂ්ථියක් සතු වීම එතරම් සුබදායක නොවේ. එයින් වන හානිය සුලුපටු නොවේ.

     ලාංකීය ව්‍යවස්ථාදායකය සහ අධිකරනය අතර ඒ තරම් හොද ඇයි හොදැයියක් නැත. ඒ  දෙක අතර ඇති සීතල යුද්ධය එලිපිට ප්‍රදර්ශනය වුනු අවස්ථා කිපියක් මෑත කාලීනව දැක ගත හැකිවිය. පෙට්රල් (ඉන්ධන) මිල සම්බන්ධව අධිකරණය ලබදුන් නඩු තීන්දුව නොසලකා හැරීමට එවකට රජය ගත් තීරණය එහි එක් අවස්ථාවකි.

     මෙවර අගවිනිසුරුවරියට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට රජය තීරනය කර තිබේ. තමන්ට වාසි වෙන තාක් ඕනෑම කුඩ්ඩෙක් බේබද්දෙක් බඩු කාරයෙක් පිලිබදව රජයට කිසිම ප්‍රශ්ණයක් නැත. ඒ බව තේරුම් ගත් බොහෝ පිරිස් සහජීවනයෙන් ජීවත් වන බව ඇස් පනාපිටම පෙනෙන්නට තිබේ. ප්‍රශ්ණය ඇත්තේ තමන් සමග සහජීවනයෙන් ජීවත් වන්නට අකමැති පුද්ගලයන් ගැනය.

Saturday, October 13, 2012

අපේ ආතල්..අපිට ආතල්..අපි (නො)දන්න පොලිටික්ස්

"තාවක් තියෙනවා බුද්ධිමතුන්ට තමයි මර්ධකයෙක් එනකොට එයාගේ අඩිසද්දේ මුලින්ම ඇහෙන්නෙ කියල. එක තමයි මම හිතන්නේ මේ රටේ අචාර්යවරු මහාචාර්යවරු ගොඩක් දෙනෙක් අද එළියට ඇවිල්ලා තමන්ගේ අදහස් හඬ අවධිකරලා තියෙන්නේ"
 මහින්ද රාජපක්ෂ
දෙසැම්බර්-2009




මං විහිලු කරනවද? නෑ!! ඔබ කියෙව්වා හරි! බලන්න මට හම්බුනේ මොකක්ද කියලා.. හම්බවෙලා නම් ටිකක් කල්..ලියන්න බැරි උනා මුකුත්..ටිකක් පරක්කුයි තමයි..
මං කියනවට ටිකක් මේ වීඩියෝ එක බලලා ඉන්න..
සැකයක් නැහැනේ?
මේ කියන්නේ නන් අදර් දැන් අවර් වන් ඇන්ඩ් ඔන්ලි මිස්ටර් ප්‍රෙසිඩන්ට්!
විශ්වාස කරන්න අමාරුම වගේ නම් ITN එකේ උන්දැලා ඕන එහෙකට කියනවා වගේ එඩිට් කරපු එකක් කියලා හිතා ගන්නකෝ!

ඒ දවස් වල කෝකටත් තෛලය වෙච්ච 'විජාතික කුමන්ත්‍රන' සීල් එක රාජ්‍ය මාධ්‍ය FUTA එකටත් ගැහැව්වනේ..හැබැයි ඉස්සර තරම් ඒ ගුලිය දැන් මාකට් වෙන්නෙ නෑ.මොකද දැන් මිනිස්සු ITN ප්‍රවෘත්ති බලන්නේ ආතල් ගන්න විතරයි..තව කැපුවත් නිල් කට්ටියත් බලනවා.ඒත් ස්වයං ආතල් එකට.. හැබැයි ඒ ආතල් එකයි මේ ආතල් එකයි වෙනස්..
ඒ ආතල් හා මේ ආතල් හැර තවත් ආතල් තිබේද?
ඇයි සජිත් ලොක්කගේ අය ගන්න සිරස ආතල්!
ගාල්තැන්නේ ආතල්..තව ගොඩක් තියෙනවා..ලිස්ට් එක දිග වැඩියි..

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...