Friday, December 27, 2013

අනාගතයට ගිහින් ආපහු ජීවිතය දිහා හැරිලා බලමු! Things You’ll Regret When You’re Old!

සිංහල බ්ලොග් අවකාශය පරිශීලනය කරන බහුතරයකගේ වයස් සීමාව දිහා බැලුවහම බහුතරයක් තරුණ වයස් සීමාවේ සිටින අය බව පේනවා. ජීවිතයේ බොහෝ දේවල් වෙනස් කරගත හැකි වයස් සීමාවක් මේක.. 

ජීවිතයේ සතුට කියලා හිතාගෙන අපි හඹායන බොහොමයක් දේවල් ලඟ කරගත්තු දවසක ආපසු හැරිලා බලද්දි අපිට හිතෙන්න පුලුවන් සැබෑ සතුට තියෙන්නේ ඒ ලඟ කරගත්තු දේ තුල නෙවෙයි,ඒ දේ හඹා යන ගමනේදී අපි මග හැරලා ගිය ඒ පුංචි පුංචි දේවල් තුල කියලා. ඇත්ත.. ජීවිතය භෞතික ඉලක්ක වලට ගැටගහලා ඒවා හඹා යන ගමනේදී අපිට පුංචි පුංචි දේවල් ගොඩක් මග හැරිලා. ඒ දේවල් ලඟා කරගෙන පොඩ්ඩක් නැවතිලා ජීවිතය විඳින්න අපි සූදානම් වෙද්දි ගොඩක් වෙලාවට අපි පරක්කු වැඩියි. එක්කෝ අපි වයසට ගිහින්. එක්කෝ සෞඛ්‍යය පිරිහිලා. එක්කෝ අපි එක්ක එදා හිටිය උන්ගෙ ඇඩ්‍රසුත් නැහැ. ජීවිත ගමනේදී උන්ව අපිට මග ඇරිලා. ඒ නිසාම තමයි ජීවිතයේ අරමුණක් තියා ගන්න ගමන්ම ජීවිතයේ පුලුවන් හැම මොහොතක්ම අපි විඳින්න ඕන. (Enjoying the moments).. 

අර ඉස්සර අපේ ටීචර්ලා කියනවා මේ ටික හොඳට මහන්සි වෙයන් කැම්පස් ගියාම ගොඩ කියලා. කැම්පස් ගියාම කියනවා මේ අවුරුදු 4 හොඳට කට්ට කාලා ගොඩ දා ගනින් ඊට පස්සෙ ජීවිතේ ගොඩ ගියලා.. එතනින් එලියට ගියාම රස්සාව.. ඊට පස්සෙ ප්‍රොමෝෂන් වලට මහන්සි වෙනවා. ඊට පස්සේ බඳින්න ඕන.. වාහනයක්..හවුසින් ලෝන්.. ළමයි..ඉස්කෝල... මේක මිරිඟුවක්..  පවතින සමාජ ක්‍රමය තුල මේ රැල්ලට ගහගෙන යනවා ඇරෙන්න අපිටත් වෙන විකල්පයක් නෑ.. ඒත් මතක තියා ගන්න.. Enjoy the moments...

Thursday, September 12, 2013

සිය දිවි නසා ගැනීම || Suicide || Hot Line


     ලෝකයේ විවිධ දේ සමරන්නට විවිධ දින වෙන් කොට දී තිබේ. මෙලෙස දින වෙන් කර එක් දිනයකදී පමනක් මහා 'හා හූවක්' ඇති කිරීම වැඩකට නැති වැඩක් යැයි ඇතැම් හූ තර්ක කරති. නමුත් මා ඒ දින සංකල්පයට එකඟ වන්නේ ඇයිදැයි මා ගුරු දිනය ගැන ලියූ ලිපියක සදහන් කලා මට මතක ඇත.

සැප්තැම්බර් 10 එවන් වූ දිනයකි! ලෝක සියදිවි නසා ගැනීම් වැලැක්වීමේ දිනයයි!
මේ ලිපිය පුදන්නේ එවන් අකල් මරණයක් ලඟා කරගත් මාගේ මිතුරන් දෙදෙනා වෙනුවෙන්!

ශ්‍රී ලංකාව ලෝකයේ ඉහලින්ම ඉන්නට සමත්ව සිටිනා අංශ  අපට ආඩම්බර විය හැකි ඒවා නොවේ (ක්‍රිකට්, තේ වැනි ඒවා හැරුනු කොට). ශ්‍රි ලංකාවේ සියදිවි නසා ගැනීම් පිලිබඳව ඇති නවතම සමීක්ශන දත්තය (latest available data) පවා වසර 17ක් පමන පරන ඒවා. එනම් අවසාන වශයෙන් මේ පිලිබඳව ගනනයක් සිදුව ඇත්තේ 1996 වසරේදී. ඒ දත්ත අනුව පුද්ගලයින් ලක්ශයකට පුද්ගලයින් 21ක් සියදිවි නසා ගන්න බව සඳහන්. ඒ කාලේ දත්තවල හැටියටම අපේ ප්ලේස් එක 12 වෙනි ස්ථානය නම් නවතන සංඝනනයක් සිදු කලේ නම් අපට හිමි වන ස්ථානය ගැන දළ් අවබෝධයක් ඔබට ලබා ගත හැකි යැයි සිතමි!
Source: Wikipedia

සෞඛ්‍ය/නිරෝගී බව යනු කුමක්ද?

     අප නිරෝගී බව  කියා අර්ථ දක්වන්නේ කායික සුවය පමනයි. කෙනෙක් ලෙඩකින්න් තොරව සිටිනවා නම් ඔහු සෞඛ්‍යවත් යැයි අපි හිතනවා.
ඒත් ඇත්තටම ජාත්‍යන්තරව නිරෝගී/සෞඛ්‍යමත් යන්නෙන් අදහස් කරන්නේ පූර්ණ කායික,මානසික හා සමාජීය සුවයක්. ඒත් අවාසනාවකට ලංකාවේ බොහෝ අය අවධානය යොමුකරන්නේ කායික සෞඛ්‍ය ගැන පමනයි.
     2025 වනවිට ලෝකයේ මුලු රෝගින් ගනනින් 25%ක් මානසික රෝගීන් වන බවත් වර්තමානයේ සියලුම යුධ කටයුතු සහ මිනී මැරුම් නිසා මියයන සං‍ඛ්‍යාවට වඩා වැඩි ගනනක් සිය දිවි තොර කර ගැනීම නිසා මිය යන බවටත් ගනන් බලා තිබෙනවා.
ඒත් මේ ගැන කතාවෙන්නේ කොයි තරම් අඩුවෙන්ද?

Friday, August 2, 2013

North-South Rathupaswala and Us!! උතුර දකුණ රතුපස්වල සහ අපි!





First they came for the Socialists, and I did not speak out--
Because I was not a Socialist.

Then they came for the Trade Unionists, and I did not speak out--
Because I was not a Trade Unionist.

Then they came for the Jews, and I did not speak out--
Because I was not a Jew.

Then they came for me--and there was no one left to speak for me


෴Martin Niemöller (1892-1984)෴


P:S :
We should have seen this coming..
If you still don't, you are sill not too late!
But you better before its too little too late!

Thursday, May 16, 2013

විමසුම: මත්තල කොයිබටද?



     මාස දෙකකට පසුවයි ලිපියක් ලියා පල කරන්නට තීරණය කලේ. සාමාන්‍යයෙන් මාසෙකට එක ලිපියක්වත් ලියා පල කරන්නට මා පසුගිය වසර කිහිපය තුලම උත්සහ කලත් ඉදිරියට එසේ සිදුවන එකක් නැහැ. අධ්‍යාපන කටයුතුත් සමග දැන් දැන් බ්ලොග් කියවෙන්නෙත් බොහොම අඩුවෙන්. නමුත් පසුගිය මාස දෙකක කාලය තුල කිසිවක් ලියන්න නොහැකි වූයේ කාර්‍යබහුල බව නිසාවත් ලියන්නට කිසිවක් නොමැති නිසාවත් නොවෙයි. මව් රටේ සිදුවෙන කියන කරන දෑ පිලිබඳව වූ බලවත් අප්පිරියාව සහ කනස්සල්ල නිසයි.
කොච්චර ලිව්වත් මේ තියෙන සිස්ට්ම් එක තුල කිසිම වෙනසක් සිදු නොවෙන බව/ කිසිම වෙනසක් අපිට කරන්න බැරි බව හැඟෙද්දි ලියන එක කොහොමත් වැඩක් නෑ කියන සිතුවිල්ලක්  ඇති වෙනවා.
ඒත් පස්සෙ,  වතුර බිංදුවකින් තමයි මහ සාගරය ඇතිවෙන්නෙ, එක ඉටි පහනකින් පහන් සීයක් දල්වන්න පුලුවන් කියලා හිතද්දී, හිත තුල කැකෑරෙන මේ ආවේගය මුදාහරින්න විදියක් හොයද්දි ලියනවා ඇරෙන්න වෙන විකල්පයක් නැහැ.
ඇරත් අපේ කොටස රට වෙනුවෙන් අපි ඉටු කරන්න ඕන කියන මතයෙයි මං ඉන්නේ.කවද හරි අපේ පොඩි උන් හරි උන්ගේ පොඩි උන් හරි ' ඔයාලා මේ රටට මෙච්චර දෙයක් වෙනකං මොනවද ඒ දවස්වල කලේ?' කියලා අහද්දි දෙන්න උත්තර මං ලඟ තියෙන්න ඕන.

 නිමිත්ත : Air Arabia ගුවන් සමාගම මත්තලට සිදුකල ගුවන් ගමන් නවතා දැමීමට තීරණය කිරීම.


     ඩුබායි සිට ක්‍රියාත්මක වන ලොව ප්‍රමුඛ පෙලේ ගුවන් සමාගමක් වන එයා ඇරේබියා ගුවන් සමාගම මත්තලට සිදුකල තම මෙහෙයුම් කටයුතු නවතා දැමීමට තීරණය කල බව Airline route වෙබ් අඩවිය පසුගියදා වාර්තා කලා. මේ වන විට එම ගුවන් සමාගමේ වෙබ් අඩවිය තුලින් මත්තලට ආසන වෙන් කිරීමට පහසුකම් ඉවත් කර තිබෙනවා. මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලට මේ දක්වා පියාසර කලේ ජාත්‍යන්තර ගුවන් සමාගම් දෙකක් පමනයි.(ලාංකීය නොවන) ඒ ඉහත සඳහන් කල ගුවන් සමාගම සහ Fly Dubai ගුවන් සේවය පමනයි. මීට අමතරව මිහින් සහ ශ්‍රී ලංකන් යන ගුවන් සමාගම් දෙකත් මත්තල හරහා තම ගුවන් ගමන් සිදුකලා. විවෘත කර මාස දෙකකට ආසන්න කාලයක් ගතවුවත් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල හරහා ලංකාවට ඇතුල් වූ මගීන් සංඛ්‍යාව 70කටත් අඩු බව නිල නොවන සංඛ්‍යා ලේඛන තහවුරු කරනවා.
මේ මත්තල පිලිබඳව කෙරෙන කෙටි විපරම් කිරීමක්!

Thursday, March 7, 2013

වීරයෝ සහ ද්‍රෝහියෝ II -Sri Lanka Cricket (Insight in to the contracts)

cricnama.com

     මේ ලියන්න හදන්නේ මාලිංග ගැන නොවේ. මේ ලියන්න හදන්නේ සිංහල බ්ලොග් අවකාශය තුල මේ වෙද්දී ලියැවී තිබිය යුතු නමුත් ලිය වී නැති ආන්දෝලනාත්මක ක්‍රිකට් කොන්ත්‍රාත්තුව තුලට කෙරෙන එබී බැල්මකි.
සිංහල බ්ලොග් අවකාශයේ ක්‍රීඩාව ගැන ලියැවෙන විශේෂයෙන් සිංහලෙන් ලියැවෙන වෙබ්/බ්ලොග් අඩවි කිහිපයක් පවතී. නමුත් කණගාටුදායකවව වුවත් පැවසිය යුතුව ඇත්තේ ඒවා තුලින් පාඨකයාගේ අපේක්ෂාවන් මුදුන් පත් නොවනා බවයි. නම සදහන් කිරීමට අකමැති වූවත් ඔතනින් එක අඩවියක් කරන්නේ ඉතා සිත් ඇදගන්නා සුලු,ආවේගයන් ඇති කරන,කුතුහලය දනවන මාතෘකා තමන්ගේ ලිපි වලට යොදා පාඨකයින් ගෙන්වා ගෙන ඔවුන් නොමග ඇරීමයි. ඒ අඩවියේ ඇතැම් තොරතුරු වල විශ්වාසනීයත්වය බිලිබඳවද (reliability) ගැටලු පවතී.

     ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව නොවූවත් ලංකාවේ නාමය ජාත්‍යන්තරයට ගෙන ගිය ක්‍රීඩාව ක්‍රිකට්ය. එය අප හොඳින් දන්නා සහ හොඳින් කරනා එකම ක්‍රීඩාව බව අලුතෙන් කිව යුතු නොවේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් වෘත්තීමය ක්‍රීඩකයින් පිරිසකි. ඉස්සර වාගේ සහ තවමත් ඇතැම් රටවල වාගේ පාර්ට් ටයිම් ප්ලෙයර්ස්ලා දැන් SLC* හි නැත.

සෑම වසරකම වාගේ කොන්ත්‍රාත්තුව ගැන ප්‍රශ්න අපට ඇසෙන්නට ලැබේ. එය පසුගිය වසරේ මෙන්ම මෙම වසරේද නැවත මතුව තිබේ. පසුගිය වසරේ අප තෝරා ගත්තේ පඩි නොගෙවා සෙල්ලම් කරවනවා යැයි පවසමින් පාලනාධිකාරයිට දොස් තැබිමේ ක්‍රමවේදයයි. නමුත් මෙවර අප බොහෝ දෙනෙක් ක්‍රීඩකයින් මුදල් පසුපස යනවා යැයි කියමින් ඔවුන්ට දොස් තැබීමේ කාර්‍ය්යෙහි නියැලී සිටී.

     ඇත්තටම ක්‍රීඩකයින් මෙම කොන්ත්‍රාත්තුව අත්සන් තැබීමට විරෝධය පල කලේ ඇයි කියා දොස් දෙවොල් තැබීමට කලින් සොයා බලන්නට සහ එය වාර්තා කරන්නට ජනමාධ්‍යකරුවා හෝ බලෙන් ඔලුවලට අදහස් ඔබ්බවන ෆේස්බුක්බුක් වීරයෝ උනන්දු වූයේ වත් මහන්සිවූයේ වත් නැත.

ආන්දෝලනයට තුඩු දුන් කොන්ත්‍රාත් කරුණු කිහිපය පහත වේ.

Tuesday, February 26, 2013

අයි ඩෝන්ට් නෝ වයි V. How to understand women? ස්ත්‍රීයක තේරුම් ගන්නේ කෙලෙසද? (mens special)

ගේ බ්ලොග් එක ඉතින් පෘට් සැලඩ් එකක් කියලා කට්ටිය දන්නවනේ. කාලෙකින් ජෝක්ස් එකක් දාන්න බැරිවෙච්ච නිසා ඔන්න අද හිනා වෙන්න කැමති අයටයි පෝස්ට් එක.

හරි ඔන්න එහෙනම් කතාවට එන්ටර් වෙමු!
කියවලා හිනාවෙලා ලේ පිරිසිදු උනා නම් ඒ පින මගේ ගිණුමට බැර කරනු මැනවි!



ඔන්න ෂේප් එකේ බැඳලා තිස් ගනන් වල මුල වගේ ඉන්න ජෝඩුවක කතාවක් මේක..

බොහෝම ආදරෙන් වෙලිලා එතිලා ඉන්න මේ ජෝඩුව ඔන්න රෑ කෑම එහෙම කාලා කාමරයට එන්ටර් උනාලු. නෝනා ඉතින් කණ්නාඩි මේසෙ ඉස්සරහින් වාඩිවෙලා කොන්ඩෙ පීරන අතර නැගිටලා කණ්නාඩිය ඉස්සරහා එහෙට මෙහෙට කැරකෙනවා මහත්තයා ආසාවෙන් බලං හිටියලු.
හෙට අනිද්දට වයිෆ් ගේ උපන්දිනෙත් ලඟ ලඟම ඉන්න නිසා මහත්තයා ඇහුවලු

          "බබා.. ඔයාට උපන්දිනේ දාට මොනවද ඕන" කියලා..

          වයිෆ් කණ්නාඩිය දිහා බලා ගෙනම ඇහැක් අඩවන් කරලා
           "I want to be twenty six again"(මට ආයෙත් විසි හයක් වෙන්න ඕන) කියලා කිව්වලු!

Wednesday, February 6, 2013

ජංගම දුක.. නතරවෙන්න!! කියවන්න. A message to all mobile users!


     ජංගම දුරකතනය කියන අපූරු උපාංගය අද මිනිසාගේ මූලික අවශ්‍යතාවක් බවට පත් වෙලා. ඇදුම් නැතුව එලියට බැස්සත් අද ෆෝන් එක නැතුව එලියට බහින්නේ කීයෙන් කී දෙනාද? නිකම් හරි තමන්ගෙ ෆෝන් එක වැරදිලා හරි තියලා ගිහින් තිබුනා නම් ඒ  සම්පූර්ණ වෙලාවම අපි ගත කරන්නේ මොන තරම් අසහනයකින්ද?

සැම්සුන්ග් ඇපල් බ්ලැක්බෙරි තරඟයේ ප්‍රතිපලයක් විහිහට අද මුලු විශ්වයම අපේ ඇඟිලි තුඩු අතර, එක බොත්තමක් දුරින්.
වසර දෙක තුනකට පෙර තිබුන ජංගම දුරකතනයයි අද තියෙන ජංගම දුරකතනය අතර තියෙන වෙනස බලන්න.. ඒ වෙනසට වඩා එහි භාවිතාවේ පරිණාමය දිහා පොඩ්ඩක් බලන්න..

තාක්ෂනයේ දියුණුව හොඳද නරකද කියන එක වෙනම කතිකාවකට බඳුන් කරන්න උවමනා මාතෘකාවක් උනත් මට හිතෙන හැටියට නම් ඒක තීරනණය වෙන්නේ ගොඩක් වෙලාවට එය වැලඳ ගන්නා පුද්ගලයාගේ භාවිතාව මත.

දැන් දැන් ජංගම දුරකතනය  'දුරින් ඉන්න අයව ලං කරන,ඒත් අපි ලඟින්ම ඉන්න අයව අපෙන් ඈත්කරන' උපාංගයක් බවට පත්වෙලා. මේ කතාවට එකඟ වෙන්න අමාරුයි වගේ නම් පහල තියෙන මේ වීඩියෝ ක්ලිප් එක එක පාරක් බලන්න.
සමහර විට මේ වීඩියෝ එක ඇතුලේ තියෙන්නේ ඔබේ ජීවිතය වෙනස් කරන ඒ පණිවිඩය වෙන්න පුලුවන්.

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...