Wednesday, July 25, 2012

අපි (නො)දන්න ඩීසන්සිය! da Decency we knw


යෙ කොන්ඩෙ කපන්න ගියා..
කාලෙකින් බාබර් සාප්පුවක් පැත්තෙ ගියේ..කොන්ඩෙ ටිකක් වැවිලා තිබ්බා..
හිතල වැව්වා නෙවෙයි....වැවෙන නිසා වැව්වා....කපන්න ඕක කමක් තිබ්බේ නෑ..අම්මා දවසක් දෙකක් කිව්වා..මං ඇහැව්වේ නෑ..ඉස්සර නම් සැර වැර කලාට දැන් එහෙම බැරි නිසා දෙපාරක් තුන් පාරක් කියලා නිකං ඉන්නවා..මොකද කියන දේ අහන්නේ නැහැ කියලා දැන ගත්තම තව කියන්න කියන්න වෙන්නේ එයාලා නෝන්ඩි වෙන එක කියලා එයාලා හිතන නිසා වෙන්න ඇති..

ඇයි කොන්ඩෙ කපන්න ඕන කියලා මං අම්මගෙන් ඇහුවා?
කොන්ඩේ කැපුවම පිලිවෙලයි,ඩීසන්ට්,මනුස්ස පාටයි,නැත්තම් රස්තියාදුකාරයෙක් වගේ.....ඕව තමයි හම්බඋන උත්තර..
මං ඇහුවා කවුද එහෙම කියන්නේ කියලා..
අම්ම කියනවා වැදගත් මිනිස්සු ඔක්කොම එහෙම තමයි ඉන්නෙ කියලා..

"උඹ කලාතුරකින් එක්කෙනෙක් දෙන්නෙක් ඇරෙන්න වැදගත් තැන්වල ඉන්න මිනිස්සු කොන්ඩ රැවුල් වවාගෙන ඉන්නවා දැකලා තියෙනවද ?"කියලා මගෙන් අහනවා..

"හරි ඔය කියන වැදගත්/ඩීසන්ට් උන් ඔක්කොම කොන්ඩෙ වවං ඉන්නවා කියලා හිතුවොත් එදාට නම් මං කොන්ඩෙ වවන එක ඩීසන්ට් වෙනවද? එදාට මං කොන්ඩෙ කපන්න ගත්තම මං ඩීසන්ට් නැතිවෙනවාද?" කියලා අම්මගෙන් මං ඇහුවා .හැමදේම සාපේක්ෂයි කියලා අම්මට මං තේරුම් කරන්න උතසහ කලා..
උඹත් එක්ක කතා කරලා දිනන්න බෑ කියලා අම්ම යන්න ගියා..
මං කොන්ඩෙ කැපුවා...

ඒත්...
මගේ සිතුවිලි ගැන මොකද කියන්නේ..?

Tuesday, July 10, 2012

හිරිවට්ටන දොස්තර! Medical Humour

     බස් රේඩියෝවේ උදවිය බ්ලොග් සතියක් විදිහට නම් කරලා තියෙන මේ සතියේ පෝස්ට් 7ක් පල කරන්න කියලා අපිට ආරාධනා කරලා තියනවා..! හැබැයි දවස් 7කට පෝස්ට් 7ක් දාන එක නම් මට කරන්න කොහොමත් බැරි වෙයි!මගේ අතින් මාසෙකට ලියවෙන්නෙත් පෝස්ට් 4ක් නැත්නම් 5යි...හැබැයි අපි වෙනුවෙන් යමක් කරන්න මහන්සිවෙන මේ අයට කරන ගරු කිරීමක් විදිහට මං පෝස්ට් 3ක් වත් දාන්න ට්‍රයි කරන්නම්! 8වෙනිදා දාපු 'සිත ඉල්ලන ෆැන්ටසිය' පලවෙනි එක කියලා සැලකුවාම අද ලියන්නේ දෙවෙනි එක!
අද පොඩි ජෝක්ස් එකක් බෙදා ගන්න හදන්නේ!
රංග අයියත් දාලා තිබුනා ඊයෙ දොස්තර කතාවක්..

මේකත් දොස්තර කතාවක්!

     වෛද්‍යවරුන්ට තිබ්බලු සම්මන්ත්‍රනයක්..සැලකිය යුතු තරම් පිරිසක් සහභාගිවෙලා හිටිය මේ සම්මන්ත්‍රනය දින තුනක එකක්ලු..ඔතන හිටියලු තරුණ වෛද්‍යවරු දෙන්නෙක්..දොස්තර නෝනා කෙනෙකුයි,දොස්තර මහත්තයෙකුයි..
   
     ඔන්න පලවෙනි දවසේ උදේ දෙන්න හිනා වෙලා පටන් ගත්තු වැඩේ දවල් වෙද්දි කතා කරන මට්ටමට ගෙනල්ලා හවස් වෙද්දි යාලු කමක් හදාගන්න තත්ත්වෙට ගේන්න දෙන්නට පුලුවන් උනාලු..
ඊ ගාව දවසේ යාලුකම,යාලුකමිනුත් ටිකක් ඔබ්බට අරං ගිහින් රෑට රෑ කෑමකට (ඩේට් එහෙකට) යන්න යොදාගන්න තරමටම දෙන්නා ලං උනාලු!
ඔන්න ඉතින් රෑට කාලා පොඩ්ඩක් සප්පායම් වෙලා කොහොමින් කොහොම හරි දෙන්නා නැවතිලා ඉන්න හෝටලේටත් ගිහින් ඇඳක් උඩ දෙන්නා සෙටල් උනාලු!
ඔතනින් එහාට ඉතින් වෙන්න ඕන දේවලුත් වෙලා,කරන්න ඕන දේවලුත් අහවර කරලා දෙන්නා ඇඳ උඩ දිගා වෙලා කතාවට වැටුනලු!

Sunday, July 8, 2012

සිත ඉල්ලන ෆැන්ටසිය! The fantasy I need


මට මගේ ගමේ ඉන්නවා මරු යාලුවෝ සෙට් එකක්!
උන් මට සාමාන්‍යයෙන් ඉන්න අනිත් උන්ගෙන් ටිකක් වෙනස්..ටිකක් කිව්වට හොඳටම වෙනස්!
මට මං ගැන මතකයක් තියන කාලෙ ඉඳන්ම මට උන්වත් මතකයි!
පොඩිම කාලේ ඉඳන් උන් එක්ක හැදී වැඩුනා..
ක්‍රිකට් ගැහුවා..වැස්ස කාලෙට ජිල් ගැහුවා..වතු පාලු කලා..පොඩි කාලෙ කරන්න ඕනෙ දේවල් ඔක්කොම වගේ කලා..

මං ගියේ ටිකක් ලොකු ඉස්කෝලෙකට...උන් ගියේ ගමේ ඉස්කෝලෙට!
උන්ට ඉගෙනීම ගැන ඒ හැටි වටිනාකමක් තිබුනේ නෑ.
සමහරවිට උන්ට ඉගෙන ගන්නවට වඩා කරන්න වැඩ තිබුනා..
ගොඩක් උන්ගෙ ඉස්කෝලෙ ගමන ඕලෙවල් වලින් ඉවරයක් උනා..කලාතුරකින් එකෙක් ඒ ලෙවල් කලා..මං ඇරෙන්න සයන්ස් කරපු එකෙක් නැතිම තරම්.නැහැ ඇත්තටම..
උන් ඊට පස්සේ ජොබ් කරන්න ගත්තා..ගොඩක් වෙලාවට කොළඹ කොහේ හරි කඩේක සේල්ස් මෑන් කෙනෙක් විදිහට..

උන්ට අවුරුදු 24ක් විතර වෙද්දි උන් තේරුම් ගනවා කඩේට වෙලා ඉඳලා ගැලවීමක් නැහැ කියලා..
රට පනින උන ඔලුවට ගහන්නේ ඔය කාලෙට තමයි!
ඒ කාලේ නම් යූ කේ පිස්සුව තමයි හැමෝටම තිබුනේ..
උන්ගෙන් සමහරුන්ට ඉංගිරීසියෙන් නමක් වත් ලියාගන්න බැහැ.
ඒත් උන්ගේ වාසනාවටද අවාසනාවටද මංදා ලංකාවේ තිබුනු මහකොමසාරිස් කාර්‍යාලය වැහුවා.ලංකාවේ ඉන්න අයගේ ඩොකියුමන්ට් යවන්න ඕන ඉන්දියාවට..එහෙන් ලියකියවිලි හදාරලා විසා දෙනවද නැද්ද කියලා තීරණය කරනවා..මුන්ට ඉන්ටර්විව් යන්න ඕන වුනේ නෑ..

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...