"කතාවක් තියෙනවා බුද්ධිමතුන්ට තමයි මර්ධකයෙක් එනකොට එයාගේ අඩිසද්දේ මුලින්ම ඇහෙන්නෙ කියල. එක තමයි මම හිතන්නේ මේ රටේ අචාර්යවරු මහාචාර්යවරු ගොඩක් දෙනෙක් අද එළියට ඇවිල්ලා තමන්ගේ අදහස් හඬ අවධිකරලා තියෙන්නේ"
මහින්ද රාජපක්ෂ
දෙසැම්බර්-2009
මං කියනවට ටිකක් මේ වීඩියෝ එක බලලා ඉන්න..
සැකයක් නැහැනේ?
මේ කියන්නේ නන් අදර් දැන් අවර් වන් ඇන්ඩ් ඔන්ලි මිස්ටර් ප්‍රෙසිඩන්ට්!
විශ්වාස කරන්න අමාරුම වගේ නම් ITN එකේ උන්දැලා ඕන එහෙකට කියනවා වගේ එඩිට් කරපු එකක් කියලා හිතා ගන්නකෝ!
ඒ දවස් වල කෝකටත් තෛලය වෙච්ච 'විජාතික කුමන්ත්‍රන' සීල් එක රාජ්‍ය මාධ්‍ය FUTA එකටත් ගැහැව්වනේ..හැබැයි ඉස්සර තරම් ඒ ගුලිය දැන් මාකට් වෙන්නෙ නෑ.මොකද දැන් මිනිස්සු ITN ප්‍රවෘත්ති බලන්නේ ආතල් ගන්න විතරයි..තව කැපුවත් නිල් කට්ටියත් බලනවා.ඒත් ස්වයං ආතල් එකට.. හැබැයි ඒ ආතල් එකයි මේ ආතල් එකයි වෙනස්..
ඒ ආතල් හා මේ ආතල් හැර තවත් ආතල් තිබේද?
ඇයි සජිත් ලොක්කගේ අය ගන්න සිරස ආතල්!
ගාල්තැන්නේ ආතල්..තව ගොඩක් තියෙනවා..ලිස්ට් එක දිග වැඩියි..