වත්මන් රාජපක්ෂ රෙජිමයේ ප්රචාරන යාන්ත්රනයේ ප්රධාන පාඨයන් කිහිපය ගෑන සඳහනක් තබන්නට සිතුනි. ඔවුන්ගේ ප්රචාරනය දියත්වන්නේ මූලික තේමාවන් තුනක් ඔස්සෙයි.
- යුද්ධය/ කලගුණ
- සංවර්ධනය
- විදේශ කුමන්ත්රන/රට බෙදීම්
වත්මන් ජනපතිතුමා උතුරට ගොස් දෙමළ ජනයා අමතා පරන දේවල් අමතක කර දමා එකට දෑත් බැදගන්න කතා කරන ගමන්ම ගිය හෙලිකොප්ටරෙන්ම ආපසු නුවරට ඇවිත් යුද්ධය මාකට් කරයි. ආපසු උතුරට ගොස් දන්න යකාට ඡන්දය දෙන්නැයි කියයි, අලුතෙන් පටන් ගමු කියයි. ඒ කියන ගමන්ම බම්බලපිටි හන්දියේ ලොකු තිර දමා කොටි බෝම්බ ගෑසූ හැටි දකුණෙ ජනයාට පෙන්වයි. මැරිච්ච මිනිසුන්ගේ මිනී මාකට් කරයි. එතුමාගේ අරමුන කෙසේ හෝ නැවත බලයට පැමිනීම විනා ප්රතිපත්ති මත පදනම් වූ එකක් නොවේ. අනික රට දියුණු කිරීම, ආර්ථිකය නගා සිටුවීම වැනිදෑ තමන් පත්වූ පදවියේ වගකීම විනා එය ජනතාවට කරන උපකාරකයක් නොවේ. ඒ නිසා අමුතුවෙන 'කලගුණ' සලකන්නට දෙයක් නැත.ඇරත් චාමි බුකියේ පැවසූ ආකාරයට සර්වජන ඡන්ද බලය වැනි දියුනු සංකල්ප තිබෙන්නේ කලගුණ සලකනවා වැනි ආචාරධාර්මිකවතාවත් ඉටු කිරීමට නොවේ!