Sunday, June 19, 2011

ලේ දන් දීම....තවත් එක් සාම්ප්‍රදායික ලිපියක් නොවේ!


(ජුනි 14 වෙනිදට යෙදුනු ලෝක ලේ දන් දීමේ දිනය වෙනුවෙන් ලියැවුනු සාම්ප්‍රදායික ලිපියක් නොවන බව කරුනාවෙන් සලකන්න..මන්ද යත් මේ වන විට එවැනි ලියුම් ගනනාවක් ඔබ දැනතමත් කියවා ඇති)
සැ:යු : මා කලින් ලියු දියවැඩියාව ලිපියට ඒ තරම් ප්‍රතිචාර හම්බ වුනේ නෑ...හේතුව තේරුම් ගැනීමේ අපහසුතාවය වෙන්න ඇති.ඒ නිසා පුලුවන් තරම් සරලව ලියන්න උත්සහ කරන්නම්.

ලේ.......

ඕන වෙන්නේ කාටද????

• හදිසි රුධිර වහනයන් නිසා රුධිර පරිමාව අඩු වු අයට..
හදිසි අනතුරු,සැත්කම්, දරු ප්‍රසූතියකදි මේ තත්ත්වය ඇති විය හැකි.
• රක්ත හීනතාවයෙන් පෙලෙන අයට
• ලියුකේමියා රොගීන්ට
• අධික පිලිස්සුම් තුවාල සහිත වූවන්ට
• රුධිරය කැටි නොගැසීමේ රෝග තත්ත්වයන්ට මුහුන දෙන අයට(හීමොෆීලියාව)
• ඇතැම්විට අලුත උපන් දරුවන්ට


කාටද ලේ දෙන්න පුලුවන්????

අපි හිතනවා වගෙ ඕන කෙනෙක්ට ඔන ඕන විදිහට ගිහින් ලේ දන් දෙන්න බෑ..ඒ සඳහා සපුරාලියයුතු කොන්දෙසි කිහිපයක් තියනවා!
• වයස අවුරුදු 18ත් 65ත් අතර විය යුතුයි
• බර කිලෝ ග්රෑඅම් 50ට වැඩි විය යුතුයි
• මැලේරියා.හෙපටයිටිස්,AIDS වැනි රෝග තත්ත්වයන් වලින් තොර විය යුතුයි
• රුධිර පීඩනය සාමාන්‍යය මට්ටමක තියෙන්න ඕන
• අවසන් වරට ලේ දන් දීමේ දිනය මාස 4කට කලින් නම් වඩත් යොග්‍යයි
• ගැබිනි මාතාවන්ගෙන් ලේ ලබා ගන්නෙත් නැහැ

ඉහත කොන්දෙසි සපුරාලන ඕන කෙනෙක්ගෙන් රුධිරය ලබා ගන්නවා! ගන්න විදිහ කලින් දැකලා ඇතිනේ!


කොච්චර ගන්නවද???
එක පයින්ට් එකයි! මිලි ලිටර් 450යි..ලේ ගන්න කොට කිසිම රිදිල්ලක් නැත්නම් අපහසුවක් ඇතිවෙන්නෙ නෑ ක‍ටුව ගහන කොට ඇරෙන්න!
මේ ලබා දෙන මිලි ලිටර් 450 අඩුව විනාඩි 30,40ක් යන කොට අපේ ශරීරය හරි ගස්ස ගන්නවා..රුධිර සෛල හැදෙන්න ටික දවසක් යනව උනාට අපි ඇත්තටම ලේ දුන්නත් නෑ වගේ තමා..කිසිම්ම පාඩුවක් වෙන්නෙ නෑ!

ඊට පස්සෙ මොකද කරන්නෙ???

රුධිරය අර ප්ලස්ටික් බෑග වල බහාල ලා එයට ප්‍රතිකැටිකාරක එකතු කරනවා කැටි නොගැහෙන්න..පස්සෙ සෙල්සියස් අංශක 4 ක් තරම් වන අඩු උෂ්නත්වයක ගබඩා කරනවා!එවිට ගොඩ කාලයක් තියා ගන්න පුලුවන්!


ඊටත් පස්සෙ????
ඊට පස්සෙ ඒ රුදිරය අරගෙන පහත පරීක්ශන වලට ලක් කරනවා!ඇතැම් විට මේ පරීක්ශන රුධිරය ගන්න කලින්ම කරන අවස්ථාත් තියනවා!

1. රුධිර කාණ්ඩය පිරික්සීම (A,AB,O,B යන වග පිරික්සීම) හා Rh සාධකය (+ ද - ද යන වග)පිරික්සීම

මේකෙන් ඔබට පේනව ඇයි කාන්ඩය පරීක්ශා කරන්නෙ කියල.
ඔබෙ වර්ගය O නම් ඔබට හැමොටම දන් දෙන්න පුලුවන් උනාට ඔබට අවශ්‍ය උනාම ගන්න පුලුවන් O වර්ගය විතරයි.A ට ඕන කෙනෙක්ගෙන් ගන්න පුලුවන්..ඒ විදිහට....

2.හෙපටයිටිස් B හා C පරීක්ෂව
3. AIDS පරීක්ෂාව

ඊට පස්සෙ මේ රුධිරය රොගියාට දෙන්න කලින් බලනවා එ රොගියාට ඒ ලේ ගැලපෙනවද කියල පොඩි පරීක්ෂාවකින්..පස්සෙ ගැලපෙනවා නම් ඔබේ කැපකිරිමෙන් ඔබ ඔහුව මේ ලොකේ තව තත්ත්පරයක් හරි ඇතැම්විට ජීවිතකාලෙම හරි ජීවත් කරවනවා..

සම්පූර්න රුධිරයම විතරක් නෙවේ දෙන්නෙ..එම රුධිරය පට්ටිකා,ප්ලස්මය,රුධිර ප්‍රෝටින,රුධිර කැටි ගැහෙන සාධක වෙන් කර ගෙන වෙන වෙනම ලබා දෙන අවස්ථාත් තියනවා!

ඔන්න ඔහොමයි වැඩේ වෙන්නෙ!මං කලින් කිව්වනේ මං ඇයි අපි ලේ දෙන්න ඔන,මිනිස්සු කොහොමද ඒකෙන් ජීවත් වෙන්නෙ,අපිට කොච්චර පින් ද කියල මං කියන්න යන්නෙ නෑ කියල!
හැබැයි ඔබේ රුධිරය බිංදුව බිංදුව වැටෙද්දි ඒ පවුල් වල අයගෙ සිතට දැනෙන සැනසීම,හැඟීම අපිට කවදවත් සල්ලි වලට ගන්න බැරි වෙයි!
වෙලා තියනවා නම් මේ දුක හිතෙන කතාවත් පොඩ්ඩක් කියවල යන්න!
http://www.bloodbanksrilanka.com/amazing_stories.php

මූලාශ්‍ර : පොත පත, ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ වෙබ් අඩවිය!

19 comments:

  1. බොහෝම වැදගත් ලිපියක් සහෝදරයා... මම දැනට දෙපාරක් දීලා තියනවා.... ලේ ගන්න තන අපි එක්ක ඉන්න කෙනා එක්ක පොඩි කයියක් ගහන් ලේ දෙන කොට අපිත් නොදැනිම ලේ ටික ගිහින් ඉවරයි...

    ReplyDelete
  2. වැදගත් පෝස්ට් එකක් අයියා... මාත් ගොඩක් ආසාවෙන් ඉන්නේ ලේ ‍දන් දෙන්න.. ඒත් තාම මගේ වයස 18 පැනලා නෑ නෙ :( ආ මේ තව ප්‍රශ්නයක් තියනවා මට දවසක් අංකල් කෙනෙක් කිව්වා පච්ච ගහපු අයගෙන් ලේ ගන්නේ නෑ කියලා ඒ කතාව ඇත්තද? (මම නං පච්ච ගහලා නෑ හොදේ... හි හි...)

    ReplyDelete
  3. ගොඩක් වැදගත් පෝස්ට් එකක් යාළුවා.. මම දැනට තුන්පාරක් ලේ දිල තියෙනවා ලංකාවේ ඉද්දී..

    ReplyDelete
  4. mamanam deela na kawadawath mokada thama mata 19i denna try 1k denna oni..eth mage bara na wadiya..ekai awla

    ReplyDelete
  5. ඇත්තටම වැදගත්...

    ReplyDelete
  6. ලේ දන්දීම ගැන ඒ ටු ඉසෙඩ් කියලා තියනවා, හොඳ දැනුවත් කිරීමක් වගේම වැඩදායි ලිපියක් .......

    ReplyDelete
  7. මුලින්ම කස්ටියගේ කොමෙන්‍ටු වලට පිලිතුරු දීමට ප්‍රමාද වීම පිලිබඳව සමාව භජනය කරනවා..ලැප් එකත් කැඩිලා...පොත පතේ වැඩත් පොඩ්ඩක් වැඩී..දන්නෙ නැද්ද ඉතින්..රා.....යිට්!
    ගොඩක් මහන්සි වෙලා ලිව්වට මොකද බොහොම අඩු හිට්ස් ප්‍රමානයක් හා කොමෙන්‍ටු ප්‍රමානයක් තම වැටිලා තියෙන්නේ අනිත් මගේම ලිපි වලට සාපේක්ෂව..මගේ දියවැඩියාව ලිපියටත් එහෙමයි...මොකද දන්නෙ නෑ..
    කොමෙන්‍ටුවක් දාපු හැමොටම ස්තුතියි..

    @කිඩෝ : එහෙම නම් මං දන්න තරමින් නම් නෑ...පොත පතෙත් එහෙම කෙනෙක් ගෙන් ලේ ගන්නේ නෑ කියල කොහෙවත් සඳහනක් නැ...හැබැයි සමහරු පච්චයක් කෙ‍ටුවම එකෙ තියන ඩයි වර්ග එයාට ඇලජික් වෙන්න පුලුවන්..ඉතින් එහෙම ඇලජික් එකක් තියන වෙලාවක නම් ලේ නොගෙන ඉන්න පුලුවන්...මේ පැත්තට ආපු හැමොටම තැන්ක්යූ වේවා!කැමතිනම් ෆලෝ පාරක් දාල යන්න!

    ReplyDelete
  8. නියමයි මචං.

    ReplyDelete
  9. බොහෝම අගෙයි.. කාලෙකට උඩදි මමත් ලේ දන් දීම ගැන ලිපියක් ලිව්වා.. නිවාඩු පාඩු වෙලාවක කියවලා බලන්ඩ.

    http://sameerausa.wordpress.com/2010/12/27/donate-your-blood-to-save-a-life/

    ReplyDelete
  10. මං අහලා තිබෙනවා උණ සන්නිපාතය හැදුනු කෙනෙකුට ලේ දෙන්න බැහැ කියලා. ඒ ගැන පොඩ්ඩක් කියන්න පුළුවන් නම් අගෙයි.,

    ReplyDelete
  11. shaa ...shook shook!!! maath asai le denna.vayasa tmai case eka!!! :D tama podi ne..hoda post eka..

    ReplyDelete
  12. sabith : maxxaaaa. this one is perrrrfect.

    ReplyDelete
  13. සබියා.උඹ මලිත් සංඛව දන්නව නේද උඹලගේ ඉස්කෝලේ.ඌ නැති වෙලා ලු බන්.(06-30).... :(

    ReplyDelete
  14. කොමෙන්‍ටු දාපු හැමොටම ස්තුතියි...
    @කිඩො : මම තව දුරටත් ඔයා ගෙ ප්‍රශ්නෙ ගැන හොයල බැලුව...ඔයා හරි..ගොඩක් වෙලාවට පච්ච කොටපු කෙනෙක් ගෙන් ලේ ගන්නෙ නැ කියල තමා කියන්නේ! හෙතුව ක‍ටු භාවිතයෙදී හෙපටයිටීස් වැනි රොග තත්ත්වයන් බෝ වීමට වැඩි ප්‍රවනතාවක් තියන නිසාලු!හැබැයි වෙන කෙනෙක් ඇත්තෙම නැත්නම් තදින් පරීක්ශන කටයුතු කරලා ලේ ගන්නව කියල තමා සඳහන් වෙන්නෙ!

    ReplyDelete
  15. සමීර : එල මචං..මං උඹේ එක කියවලා කොමෙන්‍ටුවකුත් දැම්මා!

    පාල : ඔව් බං! මට එදා හවසම ආරංචි උනා!

    ReplyDelete
  16. රන්දිල් ; මං හොයලා බැලුවා...ඔව්...උණ සන්නිපාතය තියන කෙනෙක්ගෙන් සාමාන්‍යයෙන් ලේ ගන්නෙ නෑ...හේතුව රෝගය සුවවුවත් ඔහු රෝග ලක්ෂණ නොපෙන්වන වාහකයෙකු ලෙස ක්‍රියා කරන්න තියන හැකියාව(asymptomatic carrier)..

    ReplyDelete
  17. ඇත්තෙන්ම මෙ ලිපිය මගෙ "ලේ(දන්)දීම" ලිපියට කලින් බලන්න ලැබුනනම් එම ලිපියට ගොඩක් දෙ එකතු කරගන්න තිබුනා .

    …පලි : ඔන්න මම ඇඩ් එකකුත් මගෙ ලිපියෙ දැම්මා

    ReplyDelete
  18. පරක්කූ වෙලා හරි ඔන්න බැලුවා

    ReplyDelete
  19. වැදගත් ලිපියක් මචෝ... මමත් දෙපාරක් දීල තියනවා. කට්ට දැක්කම බය හිතුනට එච්චර රිදෙන්නේ නෑ.

    දෙලොවක් අතර සිට

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...