Tuesday, September 25, 2018

Sri Lankan Cricket Crisis! Who to blame?



First they came for Sanga-Mahela.
They stood up. They fought back!
Then they came for Malinga. We didnt speak.
Then they came for Mathews. We didn't speak.

      Despite his questionable captaincy Angelo Mathews has neen the best batsmen for us over the last two years with a batting average of 59 and the highest run scorer of the recently concluded South African series has been dropped.

Why? Because he hit back at the cricket board for making him the scape goat.

We wanted the captain changed. 
Mathews stepped down from Captaincy.
We had 6 (SIX) captains during last two years. We ran out of captains and at one point even Chamara Kapugedara had to come and captain a match.
Utimately Cricket board and the coach had to ask Mathews to take over again.

Friday, November 4, 2016

SLTJ සහ මුස්ලිම් විවාහ නීතිය - මුස්ලිම්වරුන් සැබැවින්ම නිහඬද?

නිමිත්ත : SLTJ සහ මුස්ලිම් විවාහ නීතිය

ඊයේ දිනයේ ශ්‍රී ලංකා තවුහීද් ජමාත් නැමැති සංවිධානය(SLTJ)  පවත්වන්නට යෙදුනු විරෝධතා ව්‍යාපාරයක් නිසා විශාල කතිකාවතක් ඇතිවී තිබේ. මේ ගන්නට යෙදුනු ක්‍රියාමාර්ගය අනවශ්‍ය එකක් හා අනවශ්‍යය ප්‍රශ්න ඇතිකරන්නක් බවයි මැදහත් මුස්ලිම්වරුන්ගේ මතය.

මහ නාහිමිවරුන් අදාල නිකායන් නියෝජනය කරන්නේ යම්සේද ,අගරදගුරුතුමා කතෝලික ප්‍රජාව නියෝජනය කරන්නේ යම්සේද, ACJU ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන්ගේ නිල නියෝජනය ලෙස සලකනු ලබයි.
බොදුබල සේනාව, රාවණා බලය වැනි සංවිධාන සුවහසක් මැදහත් බෞද්ධයන් නියෝජනය නොකරන්නා සේම මෙකී අන්තවාදී ඉස්ලාමීය සංවිධානවල මතය අපගේ මැදහත් මුස්ලිම්වරුන්ගේ මතය නොවේ. ඔවුනගේ අදහස් බොහොමයක් සමග අපට ගනුදෙනුවක් නැත.

Monday, February 16, 2015

ප්ලාස්ටික් ලව! Plastic Love


තුන්සිය හැටපන් දවසකට කලින්
ඒ සී කරපු ලව් කඩේකින් 
අරන් දුන් ප්ලාස්ටික් රෝසමල
වගෙයි දැන් මට නුඹේ ආදරයත්..

ලෝකෙට ලස්සනට පෙනුනත් 
නැත එහි කිසි නැවුම් බවක්
තෙතමනයක්..
සුවඳක්..

ඇයි නොවුනේ නුඹ මට
පෙති ගිලිහී මියැදෙන කුසුමක්? 
නුඹටත් වැඩක් නැති..
මටත් වැඩක් නැති..
නිර්මාපිත මල වෙනුවට?

අයියෝ සල්ලි!

Tuesday, January 6, 2015

මහින්දට ඡන්දය දිය යුත්තේ ඇයි? Why MR?



ත්මන් රාජපක්ෂ රෙජිමයේ ප්‍රචාරන යාන්ත්‍රනයේ ප්‍රධාන පාඨයන් කිහිපය ගෑන සඳහනක් තබන්නට සිතුනි. ඔවුන්ගේ ප්‍රචාරනය දියත්වන්නේ මූලික තේමාවන් තුනක් ඔස්සෙයි.

  1. යුද්ධය/ කලගුණ
  2. සංවර්ධනය
  3. විදේශ කුමන්ත්‍රන/රට බෙදීම්
යුද්ධය ගැන කෙස් පැලෙනකන් සිංහල බ්ලොග් අවකාශයේ අප තර්ක කලෙමු. සටහන් කලෙමු. 2009 සිට මේ දක්වා 'ඇර ගත්' ප්‍රස්තූතයන් 'අතර යුධ ජයග්‍රහනයේ සෑබෑ අයිතිකරු කවුද?' ඉහලින්ම සිටී. යුධ ජයග්‍රහනය සඳහා දෙශපාලන නායකත්වය සේම සංග්‍රාමික නායකත්වයද එකසේ වැදගත්විය. ඒ නිසා එහි අයිතිය සමව බෙදී යා යුතු අතර එක් පාර්ශවයක් විසින් පමනක් එහි අයිතිය තමන් සතු කරගැනීම සාධාරන නොවේ!
වත්මන් ජනපතිතුමා උතුරට ගොස් දෙමළ ජනයා අමතා පරන දේවල් අමතක කර දමා එකට දෑත් බැදගන්න කතා කරන ගමන්ම ගිය හෙලිකොප්ටරෙන්ම ආපසු නුවරට ඇවිත් යුද්ධය මාකට් කරයි. ආපසු උතුරට ගොස් දන්න යකාට ඡන්දය දෙන්නැයි කියයි, අලුතෙන් පටන් ගමු කියයි. ඒ කියන ගමන්ම බම්බලපිටි හන්දියේ ලොකු තිර දමා කොටි බෝම්බ ගෑසූ හැටි දකුණෙ ජනයාට පෙන්වයි. මැරිච්ච මිනිසුන්ගේ මිනී මාකට් කරයි. එතුමාගේ අරමුන කෙසේ හෝ නැවත බලයට පැමිනීම විනා ප්‍රතිපත්ති මත පදනම් වූ එකක් නොවේ. අනික රට දියුණු කිරීම, ආර්ථිකය නගා සිටුවීම වැනිදෑ තමන් පත්වූ පදවියේ වගකීම විනා එය ජනතාවට කරන උපකාරකයක් නොවේ. ඒ නිසා අමුතුවෙන 'කලගුණ' සලකන්නට දෙයක් නැත.ඇරත් චාමි බුකියේ පැවසූ ආකාරයට සර්වජන ඡන්ද බලය වැනි දියුනු සංකල්ප තිබෙන්නේ කලගුණ සලකනවා වැනි ආචාරධාර්මිකවතාවත් ඉටු කිරීමට නොවේ!

Sunday, March 30, 2014

පලාත් සභා මැතිවරණය 2014 - ආණ්ඩුව ඇත්තටම දිණුම්ද?

බස්නාහිර පලාත් සභාවට සහ දකුණු පලාත් සභාවට නියෝජිතයන් තෝරා පත් කර ගැනීම සඳහා වූ මැතිවරණයේ අවසාන ප්‍රතිපලය මේ වනවිට නිකුත් වී හමාරයි. සැබෑවටම සිදුව ඇත්තේ කුමක්දැයි හුදී පාඨක ජනතාවගේ හිත සුව පිනිස මහප්‍රාන නොමැතිව තේරෙන සිංහලෙන් කෙටියෙන් ලියා දමන්නට සිතුනා!

මෙවර සහ පසුගිය පලාත් සභා මැතිවරණ ප්‍රතිපල දෙස සංසන්දනාත්මකව බලමු!


බස්නාහිර

පක්ෂයප්‍රතිශතය (ආසන)
2009
ප්‍රතිශතය (ආසන)
2014
වෙනස
එ.ජ.නි.ස64.73%  (68)53.35%  (56)-12
එජාපය29.58%  (30)26.59%  (28)-2
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය
7.97%  (9)+9
ජ.වි.පෙ2.42%  (3)6.16%  (6)+3
මුස්ලිම් කොන්ග්‍රසය2.12%   (2)(2)-
ප්‍රජාතන්ත්‍රවාදී මහජන පෙරමුන0.51%  (1)(2)+1 

Friday, March 28, 2014

හෙට කාටද?

වසර 30ක් රට ආගාධයකට ඇද දැමූ ත්‍රස්තවාදී සංවිධානයක හිටපු සන්නද්ධ අංශයේ නායකයෙකු උප සභාපති තනතුර හොබවන පක්ෂයක් වටා ගෙතුනු සන්ධානයකට කතිරය ගැසීමට හිත හදා ගත හැකිනම්, බටලන්ද වදකාගාර සහ ටයර් සෑයවල් වලට වගකිවයුතු පක්ෂයකට කතරය ගැසීමට හිත හදා ගත හැකිනම් ජනතා විමුක්ති පෙරමුණට කතිරය ගැසීම පිලිබඳව ගැටලුවක් තිබිය හැකිද?

අද බොහෝ දෙනාට තිබෙන්නේ ජවිපෙට ජන්දය නොදී සිටින්නට හේතුවක් නොව, ඡන්දය දීමට හේතුවක් නොමැතිවීමයි.
වර්තමානයේ,ලංකාවේ අනාගතයේ ඉරණම ගැන පැහැදිලි කැක්කුමක් සහ අවංක උවමනාවක් තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුනට පමණී!

ඔවුන්ට රට බාර දීමට පෙර නිරාකරනය කරගත යුතු ගැටලු රාශියක් මටත් තිබේ.
නමුත් මේ වෙනසකට මුල පිරීමට කාලයයි!

මතක තබගන්න. සල්ලාලයන්, කුඩුකාරයන් බඩු කාරයන් හා ගණිකාවන් ඒ ඒ තැන් වලට තේරි පත්වීමේ වගකීමේ කොටසක් අපටත් තිබේ. ඒ නිසා ඔවුන්ගේ තේරි පත්වීම් ගැන වද වෙන්නට ඒ ගැන දොස් තියන්නට වැරදි උන්ට කතිරය ගසන අයටත්, ඡන්දය දා ගෙදරට වී බුදිය ගන්නා අයටත් සදාචාරාත්මක අයිතියක් නැත.
කාගෙ කාගෙ කිල්ලෝටවලත් හුණු තිබේ. හොරකං නොකරන එකෙක් ඉඳී යයි මා විශ්වාස කරන්නේද නැත. නමුත් අඩුවෙන්ම වැරදි කරන එවුන් තෝරා පත් කරගැනීම අපේ වගකීමයි!

Friday, December 27, 2013

අනාගතයට ගිහින් ආපහු ජීවිතය දිහා හැරිලා බලමු! Things You’ll Regret When You’re Old!

සිංහල බ්ලොග් අවකාශය පරිශීලනය කරන බහුතරයකගේ වයස් සීමාව දිහා බැලුවහම බහුතරයක් තරුණ වයස් සීමාවේ සිටින අය බව පේනවා. ජීවිතයේ බොහෝ දේවල් වෙනස් කරගත හැකි වයස් සීමාවක් මේක.. 

ජීවිතයේ සතුට කියලා හිතාගෙන අපි හඹායන බොහොමයක් දේවල් ලඟ කරගත්තු දවසක ආපසු හැරිලා බලද්දි අපිට හිතෙන්න පුලුවන් සැබෑ සතුට තියෙන්නේ ඒ ලඟ කරගත්තු දේ තුල නෙවෙයි,ඒ දේ හඹා යන ගමනේදී අපි මග හැරලා ගිය ඒ පුංචි පුංචි දේවල් තුල කියලා. ඇත්ත.. ජීවිතය භෞතික ඉලක්ක වලට ගැටගහලා ඒවා හඹා යන ගමනේදී අපිට පුංචි පුංචි දේවල් ගොඩක් මග හැරිලා. ඒ දේවල් ලඟා කරගෙන පොඩ්ඩක් නැවතිලා ජීවිතය විඳින්න අපි සූදානම් වෙද්දි ගොඩක් වෙලාවට අපි පරක්කු වැඩියි. එක්කෝ අපි වයසට ගිහින්. එක්කෝ සෞඛ්‍යය පිරිහිලා. එක්කෝ අපි එක්ක එදා හිටිය උන්ගෙ ඇඩ්‍රසුත් නැහැ. ජීවිත ගමනේදී උන්ව අපිට මග ඇරිලා. ඒ නිසාම තමයි ජීවිතයේ අරමුණක් තියා ගන්න ගමන්ම ජීවිතයේ පුලුවන් හැම මොහොතක්ම අපි විඳින්න ඕන. (Enjoying the moments).. 

අර ඉස්සර අපේ ටීචර්ලා කියනවා මේ ටික හොඳට මහන්සි වෙයන් කැම්පස් ගියාම ගොඩ කියලා. කැම්පස් ගියාම කියනවා මේ අවුරුදු 4 හොඳට කට්ට කාලා ගොඩ දා ගනින් ඊට පස්සෙ ජීවිතේ ගොඩ ගියලා.. එතනින් එලියට ගියාම රස්සාව.. ඊට පස්සෙ ප්‍රොමෝෂන් වලට මහන්සි වෙනවා. ඊට පස්සේ බඳින්න ඕන.. වාහනයක්..හවුසින් ලෝන්.. ළමයි..ඉස්කෝල... මේක මිරිඟුවක්..  පවතින සමාජ ක්‍රමය තුල මේ රැල්ලට ගහගෙන යනවා ඇරෙන්න අපිටත් වෙන විකල්පයක් නෑ.. ඒත් මතක තියා ගන්න.. Enjoy the moments...

Thursday, September 12, 2013

සිය දිවි නසා ගැනීම || Suicide || Hot Line


     ලෝකයේ විවිධ දේ සමරන්නට විවිධ දින වෙන් කොට දී තිබේ. මෙලෙස දින වෙන් කර එක් දිනයකදී පමනක් මහා 'හා හූවක්' ඇති කිරීම වැඩකට නැති වැඩක් යැයි ඇතැම් හූ තර්ක කරති. නමුත් මා ඒ දින සංකල්පයට එකඟ වන්නේ ඇයිදැයි මා ගුරු දිනය ගැන ලියූ ලිපියක සදහන් කලා මට මතක ඇත.

සැප්තැම්බර් 10 එවන් වූ දිනයකි! ලෝක සියදිවි නසා ගැනීම් වැලැක්වීමේ දිනයයි!
මේ ලිපිය පුදන්නේ එවන් අකල් මරණයක් ලඟා කරගත් මාගේ මිතුරන් දෙදෙනා වෙනුවෙන්!

ශ්‍රී ලංකාව ලෝකයේ ඉහලින්ම ඉන්නට සමත්ව සිටිනා අංශ  අපට ආඩම්බර විය හැකි ඒවා නොවේ (ක්‍රිකට්, තේ වැනි ඒවා හැරුනු කොට). ශ්‍රි ලංකාවේ සියදිවි නසා ගැනීම් පිලිබඳව ඇති නවතම සමීක්ශන දත්තය (latest available data) පවා වසර 17ක් පමන පරන ඒවා. එනම් අවසාන වශයෙන් මේ පිලිබඳව ගනනයක් සිදුව ඇත්තේ 1996 වසරේදී. ඒ දත්ත අනුව පුද්ගලයින් ලක්ශයකට පුද්ගලයින් 21ක් සියදිවි නසා ගන්න බව සඳහන්. ඒ කාලේ දත්තවල හැටියටම අපේ ප්ලේස් එක 12 වෙනි ස්ථානය නම් නවතන සංඝනනයක් සිදු කලේ නම් අපට හිමි වන ස්ථානය ගැන දළ් අවබෝධයක් ඔබට ලබා ගත හැකි යැයි සිතමි!
Source: Wikipedia

සෞඛ්‍ය/නිරෝගී බව යනු කුමක්ද?

     අප නිරෝගී බව  කියා අර්ථ දක්වන්නේ කායික සුවය පමනයි. කෙනෙක් ලෙඩකින්න් තොරව සිටිනවා නම් ඔහු සෞඛ්‍යවත් යැයි අපි හිතනවා.
ඒත් ඇත්තටම ජාත්‍යන්තරව නිරෝගී/සෞඛ්‍යමත් යන්නෙන් අදහස් කරන්නේ පූර්ණ කායික,මානසික හා සමාජීය සුවයක්. ඒත් අවාසනාවකට ලංකාවේ බොහෝ අය අවධානය යොමුකරන්නේ කායික සෞඛ්‍ය ගැන පමනයි.
     2025 වනවිට ලෝකයේ මුලු රෝගින් ගනනින් 25%ක් මානසික රෝගීන් වන බවත් වර්තමානයේ සියලුම යුධ කටයුතු සහ මිනී මැරුම් නිසා මියයන සං‍ඛ්‍යාවට වඩා වැඩි ගනනක් සිය දිවි තොර කර ගැනීම නිසා මිය යන බවටත් ගනන් බලා තිබෙනවා.
ඒත් මේ ගැන කතාවෙන්නේ කොයි තරම් අඩුවෙන්ද?

Friday, August 2, 2013

North-South Rathupaswala and Us!! උතුර දකුණ රතුපස්වල සහ අපි!





First they came for the Socialists, and I did not speak out--
Because I was not a Socialist.

Then they came for the Trade Unionists, and I did not speak out--
Because I was not a Trade Unionist.

Then they came for the Jews, and I did not speak out--
Because I was not a Jew.

Then they came for me--and there was no one left to speak for me


෴Martin Niemöller (1892-1984)෴


P:S :
We should have seen this coming..
If you still don't, you are sill not too late!
But you better before its too little too late!

Thursday, May 16, 2013

විමසුම: මත්තල කොයිබටද?



     මාස දෙකකට පසුවයි ලිපියක් ලියා පල කරන්නට තීරණය කලේ. සාමාන්‍යයෙන් මාසෙකට එක ලිපියක්වත් ලියා පල කරන්නට මා පසුගිය වසර කිහිපය තුලම උත්සහ කලත් ඉදිරියට එසේ සිදුවන එකක් නැහැ. අධ්‍යාපන කටයුතුත් සමග දැන් දැන් බ්ලොග් කියවෙන්නෙත් බොහොම අඩුවෙන්. නමුත් පසුගිය මාස දෙකක කාලය තුල කිසිවක් ලියන්න නොහැකි වූයේ කාර්‍යබහුල බව නිසාවත් ලියන්නට කිසිවක් නොමැති නිසාවත් නොවෙයි. මව් රටේ සිදුවෙන කියන කරන දෑ පිලිබඳව වූ බලවත් අප්පිරියාව සහ කනස්සල්ල නිසයි.
කොච්චර ලිව්වත් මේ තියෙන සිස්ට්ම් එක තුල කිසිම වෙනසක් සිදු නොවෙන බව/ කිසිම වෙනසක් අපිට කරන්න බැරි බව හැඟෙද්දි ලියන එක කොහොමත් වැඩක් නෑ කියන සිතුවිල්ලක්  ඇති වෙනවා.
ඒත් පස්සෙ,  වතුර බිංදුවකින් තමයි මහ සාගරය ඇතිවෙන්නෙ, එක ඉටි පහනකින් පහන් සීයක් දල්වන්න පුලුවන් කියලා හිතද්දී, හිත තුල කැකෑරෙන මේ ආවේගය මුදාහරින්න විදියක් හොයද්දි ලියනවා ඇරෙන්න වෙන විකල්පයක් නැහැ.
ඇරත් අපේ කොටස රට වෙනුවෙන් අපි ඉටු කරන්න ඕන කියන මතයෙයි මං ඉන්නේ.කවද හරි අපේ පොඩි උන් හරි උන්ගේ පොඩි උන් හරි ' ඔයාලා මේ රටට මෙච්චර දෙයක් වෙනකං මොනවද ඒ දවස්වල කලේ?' කියලා අහද්දි දෙන්න උත්තර මං ලඟ තියෙන්න ඕන.

 නිමිත්ත : Air Arabia ගුවන් සමාගම මත්තලට සිදුකල ගුවන් ගමන් නවතා දැමීමට තීරණය කිරීම.


     ඩුබායි සිට ක්‍රියාත්මක වන ලොව ප්‍රමුඛ පෙලේ ගුවන් සමාගමක් වන එයා ඇරේබියා ගුවන් සමාගම මත්තලට සිදුකල තම මෙහෙයුම් කටයුතු නවතා දැමීමට තීරණය කල බව Airline route වෙබ් අඩවිය පසුගියදා වාර්තා කලා. මේ වන විට එම ගුවන් සමාගමේ වෙබ් අඩවිය තුලින් මත්තලට ආසන වෙන් කිරීමට පහසුකම් ඉවත් කර තිබෙනවා. මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලට මේ දක්වා පියාසර කලේ ජාත්‍යන්තර ගුවන් සමාගම් දෙකක් පමනයි.(ලාංකීය නොවන) ඒ ඉහත සඳහන් කල ගුවන් සමාගම සහ Fly Dubai ගුවන් සේවය පමනයි. මීට අමතරව මිහින් සහ ශ්‍රී ලංකන් යන ගුවන් සමාගම් දෙකත් මත්තල හරහා තම ගුවන් ගමන් සිදුකලා. විවෘත කර මාස දෙකකට ආසන්න කාලයක් ගතවුවත් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල හරහා ලංකාවට ඇතුල් වූ මගීන් සංඛ්‍යාව 70කටත් අඩු බව නිල නොවන සංඛ්‍යා ලේඛන තහවුරු කරනවා.
මේ මත්තල පිලිබඳව කෙරෙන කෙටි විපරම් කිරීමක්!

Thursday, March 7, 2013

වීරයෝ සහ ද්‍රෝහියෝ II -Sri Lanka Cricket (Insight in to the contracts)

cricnama.com

     මේ ලියන්න හදන්නේ මාලිංග ගැන නොවේ. මේ ලියන්න හදන්නේ සිංහල බ්ලොග් අවකාශය තුල මේ වෙද්දී ලියැවී තිබිය යුතු නමුත් ලිය වී නැති ආන්දෝලනාත්මක ක්‍රිකට් කොන්ත්‍රාත්තුව තුලට කෙරෙන එබී බැල්මකි.
සිංහල බ්ලොග් අවකාශයේ ක්‍රීඩාව ගැන ලියැවෙන විශේෂයෙන් සිංහලෙන් ලියැවෙන වෙබ්/බ්ලොග් අඩවි කිහිපයක් පවතී. නමුත් කණගාටුදායකවව වුවත් පැවසිය යුතුව ඇත්තේ ඒවා තුලින් පාඨකයාගේ අපේක්ෂාවන් මුදුන් පත් නොවනා බවයි. නම සදහන් කිරීමට අකමැති වූවත් ඔතනින් එක අඩවියක් කරන්නේ ඉතා සිත් ඇදගන්නා සුලු,ආවේගයන් ඇති කරන,කුතුහලය දනවන මාතෘකා තමන්ගේ ලිපි වලට යොදා පාඨකයින් ගෙන්වා ගෙන ඔවුන් නොමග ඇරීමයි. ඒ අඩවියේ ඇතැම් තොරතුරු වල විශ්වාසනීයත්වය බිලිබඳවද (reliability) ගැටලු පවතී.

     ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව නොවූවත් ලංකාවේ නාමය ජාත්‍යන්තරයට ගෙන ගිය ක්‍රීඩාව ක්‍රිකට්ය. එය අප හොඳින් දන්නා සහ හොඳින් කරනා එකම ක්‍රීඩාව බව අලුතෙන් කිව යුතු නොවේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් වෘත්තීමය ක්‍රීඩකයින් පිරිසකි. ඉස්සර වාගේ සහ තවමත් ඇතැම් රටවල වාගේ පාර්ට් ටයිම් ප්ලෙයර්ස්ලා දැන් SLC* හි නැත.

සෑම වසරකම වාගේ කොන්ත්‍රාත්තුව ගැන ප්‍රශ්න අපට ඇසෙන්නට ලැබේ. එය පසුගිය වසරේ මෙන්ම මෙම වසරේද නැවත මතුව තිබේ. පසුගිය වසරේ අප තෝරා ගත්තේ පඩි නොගෙවා සෙල්ලම් කරවනවා යැයි පවසමින් පාලනාධිකාරයිට දොස් තැබිමේ ක්‍රමවේදයයි. නමුත් මෙවර අප බොහෝ දෙනෙක් ක්‍රීඩකයින් මුදල් පසුපස යනවා යැයි කියමින් ඔවුන්ට දොස් තැබීමේ කාර්‍ය්යෙහි නියැලී සිටී.

     ඇත්තටම ක්‍රීඩකයින් මෙම කොන්ත්‍රාත්තුව අත්සන් තැබීමට විරෝධය පල කලේ ඇයි කියා දොස් දෙවොල් තැබීමට කලින් සොයා බලන්නට සහ එය වාර්තා කරන්නට ජනමාධ්‍යකරුවා හෝ බලෙන් ඔලුවලට අදහස් ඔබ්බවන ෆේස්බුක්බුක් වීරයෝ උනන්දු වූයේ වත් මහන්සිවූයේ වත් නැත.

ආන්දෝලනයට තුඩු දුන් කොන්ත්‍රාත් කරුණු කිහිපය පහත වේ.

Tuesday, February 26, 2013

අයි ඩෝන්ට් නෝ වයි V. How to understand women? ස්ත්‍රීයක තේරුම් ගන්නේ කෙලෙසද? (mens special)

ගේ බ්ලොග් එක ඉතින් පෘට් සැලඩ් එකක් කියලා කට්ටිය දන්නවනේ. කාලෙකින් ජෝක්ස් එකක් දාන්න බැරිවෙච්ච නිසා ඔන්න අද හිනා වෙන්න කැමති අයටයි පෝස්ට් එක.

හරි ඔන්න එහෙනම් කතාවට එන්ටර් වෙමු!
කියවලා හිනාවෙලා ලේ පිරිසිදු උනා නම් ඒ පින මගේ ගිණුමට බැර කරනු මැනවි!



ඔන්න ෂේප් එකේ බැඳලා තිස් ගනන් වල මුල වගේ ඉන්න ජෝඩුවක කතාවක් මේක..

බොහෝම ආදරෙන් වෙලිලා එතිලා ඉන්න මේ ජෝඩුව ඔන්න රෑ කෑම එහෙම කාලා කාමරයට එන්ටර් උනාලු. නෝනා ඉතින් කණ්නාඩි මේසෙ ඉස්සරහින් වාඩිවෙලා කොන්ඩෙ පීරන අතර නැගිටලා කණ්නාඩිය ඉස්සරහා එහෙට මෙහෙට කැරකෙනවා මහත්තයා ආසාවෙන් බලං හිටියලු.
හෙට අනිද්දට වයිෆ් ගේ උපන්දිනෙත් ලඟ ලඟම ඉන්න නිසා මහත්තයා ඇහුවලු

          "බබා.. ඔයාට උපන්දිනේ දාට මොනවද ඕන" කියලා..

          වයිෆ් කණ්නාඩිය දිහා බලා ගෙනම ඇහැක් අඩවන් කරලා
           "I want to be twenty six again"(මට ආයෙත් විසි හයක් වෙන්න ඕන) කියලා කිව්වලු!

Wednesday, February 6, 2013

ජංගම දුක.. නතරවෙන්න!! කියවන්න. A message to all mobile users!


     ජංගම දුරකතනය කියන අපූරු උපාංගය අද මිනිසාගේ මූලික අවශ්‍යතාවක් බවට පත් වෙලා. ඇදුම් නැතුව එලියට බැස්සත් අද ෆෝන් එක නැතුව එලියට බහින්නේ කීයෙන් කී දෙනාද? නිකම් හරි තමන්ගෙ ෆෝන් එක වැරදිලා හරි තියලා ගිහින් තිබුනා නම් ඒ  සම්පූර්ණ වෙලාවම අපි ගත කරන්නේ මොන තරම් අසහනයකින්ද?

සැම්සුන්ග් ඇපල් බ්ලැක්බෙරි තරඟයේ ප්‍රතිපලයක් විහිහට අද මුලු විශ්වයම අපේ ඇඟිලි තුඩු අතර, එක බොත්තමක් දුරින්.
වසර දෙක තුනකට පෙර තිබුන ජංගම දුරකතනයයි අද තියෙන ජංගම දුරකතනය අතර තියෙන වෙනස බලන්න.. ඒ වෙනසට වඩා එහි භාවිතාවේ පරිණාමය දිහා පොඩ්ඩක් බලන්න..

තාක්ෂනයේ දියුණුව හොඳද නරකද කියන එක වෙනම කතිකාවකට බඳුන් කරන්න උවමනා මාතෘකාවක් උනත් මට හිතෙන හැටියට නම් ඒක තීරනණය වෙන්නේ ගොඩක් වෙලාවට එය වැලඳ ගන්නා පුද්ගලයාගේ භාවිතාව මත.

දැන් දැන් ජංගම දුරකතනය  'දුරින් ඉන්න අයව ලං කරන,ඒත් අපි ලඟින්ම ඉන්න අයව අපෙන් ඈත්කරන' උපාංගයක් බවට පත්වෙලා. මේ කතාවට එකඟ වෙන්න අමාරුයි වගේ නම් පහල තියෙන මේ වීඩියෝ ක්ලිප් එක එක පාරක් බලන්න.
සමහර විට මේ වීඩියෝ එක ඇතුලේ තියෙන්නේ ඔබේ ජීවිතය වෙනස් කරන ඒ පණිවිඩය වෙන්න පුලුවන්.

Wednesday, December 5, 2012

Shame!! ලැජ්ජයි!! සමග ලීක් වූ ලැජ්ජාවේ ලැජ්ජාවෙහි පින්තූර!

නිමිත්ත : අගවිනිසුරුවරියට එරෙහිව දෝෂාභියෝගයට සහය පලකරමින් පැවැත්වූ විරෝධතාව
from: lankaweb.lk
     ශ්‍රී ලංකාවේ පාලන තන්ත්‍රය මුලිකව ගත් කල්හි කොටස් තුනකි. බලය අඩුවෙන පිලිවෙලට විධායකය, ව්‍යවස්ථාධායකය සහ අධිකරණය ලෙස ගෙනහැර දැක්විය හැක. ජේ ආර් ජයවර්ධනට පිං සිදුවෙන්නට පහල තන්ත්‍රයේ කිසිම තැනකට වග නොකියන සුපර් පවර් එකක් සහිත ජනාධිපති තනතුරක් ලංකාවට තිබේ.
අද අපේ අවාසනාවකට ඒ සුපර් පවර් එකට මැජික් යෂ්ථියකුත් අප විසින්ම හා අවස්ථාවාදී දේශපාලුවන් විසින්  හිමිකර දී තිබේ. ඒ තුනෙන් දෙකේ පාර්ලිමේන්තු බලයයි.  මැජික් එකක් යනු දෘෂ්ථි මායාවකි. විජ්ජාවකි. එය සැබෑවක් නොවේ.පෙනෙන දේ යථාර්තය නොවේ.
සුපර් පවර් එකක් සහිත් සුපර් මෑන් කෙනෙක්ට මැජික් යෂ්ථියක් සතු වීම එතරම් සුබදායක නොවේ. එයින් වන හානිය සුලුපටු නොවේ.

     ලාංකීය ව්‍යවස්ථාදායකය සහ අධිකරනය අතර ඒ තරම් හොද ඇයි හොදැයියක් නැත. ඒ  දෙක අතර ඇති සීතල යුද්ධය එලිපිට ප්‍රදර්ශනය වුනු අවස්ථා කිපියක් මෑත කාලීනව දැක ගත හැකිවිය. පෙට්රල් (ඉන්ධන) මිල සම්බන්ධව අධිකරණය ලබදුන් නඩු තීන්දුව නොසලකා හැරීමට එවකට රජය ගත් තීරණය එහි එක් අවස්ථාවකි.

     මෙවර අගවිනිසුරුවරියට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට රජය තීරනය කර තිබේ. තමන්ට වාසි වෙන තාක් ඕනෑම කුඩ්ඩෙක් බේබද්දෙක් බඩු කාරයෙක් පිලිබදව රජයට කිසිම ප්‍රශ්ණයක් නැත. ඒ බව තේරුම් ගත් බොහෝ පිරිස් සහජීවනයෙන් ජීවත් වන බව ඇස් පනාපිටම පෙනෙන්නට තිබේ. ප්‍රශ්ණය ඇත්තේ තමන් සමග සහජීවනයෙන් ජීවත් වන්නට අකමැති පුද්ගලයන් ගැනය.

Saturday, October 13, 2012

අපේ ආතල්..අපිට ආතල්..අපි (නො)දන්න පොලිටික්ස්

"තාවක් තියෙනවා බුද්ධිමතුන්ට තමයි මර්ධකයෙක් එනකොට එයාගේ අඩිසද්දේ මුලින්ම ඇහෙන්නෙ කියල. එක තමයි මම හිතන්නේ මේ රටේ අචාර්යවරු මහාචාර්යවරු ගොඩක් දෙනෙක් අද එළියට ඇවිල්ලා තමන්ගේ අදහස් හඬ අවධිකරලා තියෙන්නේ"
 මහින්ද රාජපක්ෂ
දෙසැම්බර්-2009




මං විහිලු කරනවද? නෑ!! ඔබ කියෙව්වා හරි! බලන්න මට හම්බුනේ මොකක්ද කියලා.. හම්බවෙලා නම් ටිකක් කල්..ලියන්න බැරි උනා මුකුත්..ටිකක් පරක්කුයි තමයි..
මං කියනවට ටිකක් මේ වීඩියෝ එක බලලා ඉන්න..
සැකයක් නැහැනේ?
මේ කියන්නේ නන් අදර් දැන් අවර් වන් ඇන්ඩ් ඔන්ලි මිස්ටර් ප්‍රෙසිඩන්ට්!
විශ්වාස කරන්න අමාරුම වගේ නම් ITN එකේ උන්දැලා ඕන එහෙකට කියනවා වගේ එඩිට් කරපු එකක් කියලා හිතා ගන්නකෝ!

ඒ දවස් වල කෝකටත් තෛලය වෙච්ච 'විජාතික කුමන්ත්‍රන' සීල් එක රාජ්‍ය මාධ්‍ය FUTA එකටත් ගැහැව්වනේ..හැබැයි ඉස්සර තරම් ඒ ගුලිය දැන් මාකට් වෙන්නෙ නෑ.මොකද දැන් මිනිස්සු ITN ප්‍රවෘත්ති බලන්නේ ආතල් ගන්න විතරයි..තව කැපුවත් නිල් කට්ටියත් බලනවා.ඒත් ස්වයං ආතල් එකට.. හැබැයි ඒ ආතල් එකයි මේ ආතල් එකයි වෙනස්..
ඒ ආතල් හා මේ ආතල් හැර තවත් ආතල් තිබේද?
ඇයි සජිත් ලොක්කගේ අය ගන්න සිරස ආතල්!
ගාල්තැන්නේ ආතල්..තව ගොඩක් තියෙනවා..ලිස්ට් එක දිග වැඩියි..

Thursday, October 11, 2012

අයිතිය සහ වරප්‍රසාදය සමග 6%


     නිදහස් අධ්‍යාපනය ගැන මෑතකදී තරම් ඉතිහාසයේ කවමදාවත් කතා කරපු යුගයක් තවත් නැතුව ඇති.නිදහස් අධ්‍යාපනයේ උන්නතිය ගැන සලකලා මං FUTA එකට සහය පලකරන්න තීරනය කලා.නමුත් ඒ දේශපාලනිකව අපරිණත ශිෂ්‍ය සංගම්වලට ස්වායක්තව.ඔවුන්ගේ අරමුණු සහ ඉල්ලීම් ගැන මගේ තියෙන්නේ බලවත් අප්‍රසාදයක්. ඒ ගැන මං පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ගැන් ලියපු ලිපි පෙල තුල සවිස්තරව අදහස් දක්වලා තියනවා.( III )ඒ නිසා පැහැදිලිව මං සහය පලකරන්නේ FUTA එකේ ඉල්ලීම් වලට පමනයි.6% කියන එක යථාර්තයක් වේ යැයි මං විශ්වාස කරන්නේ නැති උනත් win-win situation එකකට යන්න පුලුවන් කියලා කියන්නේ දැන් තියෙන තත්ත්වයට වඩා පොඩි සංවර්ධනයක් හරි ලංකාවේ උසස් අධ්‍යාපන පද්ධතිය තුල ඇති වෙන්න ඉඩ තියෙනවා කියන එක. දැනටත් ලංකාවේ උසස් අධ්‍යාපනය සදහා වෙන කරන මුදලින් ලොකු කොටසක් නිසි භාවිතයකින් තොරව නැවත භාණ්ඩාගාරයට හරවා යැවෙන බව රජය පැත්තෙන් කියවෙනවා.එහි සත්‍ය අසත්‍යතාව ගැන මගේ දැනුමක් නැති නිසා මං ඒ ගැන අදහස් දක්වන්න යන්නේ නෑ.

     කොහොමින් කොහොම හරි දැන් වාර්තාවෙන විදිහට ආණ්ඩුව තම සුපුරුදු කල් මැරීමේ ප්‍රතිපත්තිය හා පොරොන්දු පත්‍රිකා යොදා ගනිමින් වර්ජනයෙන් ඉවත්වීමේ එකඟතාවකට ඇදුරන්ව කැමැතිකරවා ගන්නට උත්සහ කරනා බව පේනවා.ආණ්ඩුව බොහෝ තැන්වල ගනුදෙනු කල යුතු ආකාරය පටලවා ගන්නවා.ඔවුන් ගමේ බූරුපොලේ සියදෝරිස් සමග ප්‍රශ්න විසඳගන්නා විදියට සරම උස්සාගෙන ජාත්‍යන්තර ප්‍රශ්ණ විසඳන්නට ගිහින් නිකම් කිච වෙනවා.

Saturday, October 6, 2012

මිස්ලා සර්ලා වෙත ලියමි..

ලෝක ගුරු දිනය අද,ඒ කියන්නේ ඔක්තොම්බර් 5 වෙනිදට යෙදිලා තියෙනවා..
දෙයක්/කෙනෙක් සමරන්න එක දිනක් වෙන්කරන එක මං පෞද්ගලිකව අනුමත නොකලත් 'එහෙමවත් දිනක් නොතිබුනා නම් මෙහෙම වත් තියේද?' කියලා නොහිතෙනවාම නෙවෙයි.අඩුගානෙ ඉස්කෝලෙ ළමයි තමන්ගේ මිස්ට සර්ට දනගහලා වඳින එකවත් එදාට වෙනවා ඇතිනේ!

ගුරු දිනයක් වෙනුවෙන් මං ටික කාලෙකට කලින් ලියපු නිදහස් පද පෙලක් තියෙනවා වැඩි දෙනෙක් නොකියවපු.අර අගමැතිලා ජනපතිලා කරනවා වගේ එකම දවසට අවුරුද්දෙන් අවුරුද්දට වෙනස් කතාවක් මාරුවෙන් මාරුවට පලකරනවා වෙනුවට කාලෙකින් මොනවත් ලියපු නැති නිසාත් අලුතෙන් බ්ලොග් ලියන කියවන සෑහෙන පිරිසක් ඉන්න නිසාත්  මං තීරණය කලා වැඩි දෙනෙක් නොකියවපු ඒ ලිපිය බෙදාගන්න..


බස් රේඩියෝවෙ සම්මාන උළෙලෙදි මගේ පුංචි බ්ලොග් එකත් නිර්දේශිත නාමයන් අතර තිබුනා..
ලොකු Viewer base එකක් නැති මට දිනන එක ගැන කොහෙත්ම අදහසක් තිබුනේ නැති උනත් බ්ලොග් ලියන අපි වෙනුවෙන් මොකක්හරි කරන්න මහන්සිවෙන අයට කරන ගරුකිරීමක්/දිරිදීමක් විදිහටයි මාත් මගෙ බ්ලොග් එක ඇතුල් කලේ.විනිශ්චය මණ්ඩලයක් අතින් මේ වගේ නිල ඇගයීමක් හම්බවුන පලවෙනි අවස්ථාව..බස් රේඩියෝවෙ අයත් අඩුපාඩු හදාගෙන වඩා සංවිධානාත්මකව  ඉස්සරහටත් මේ වැඩේ කරගෙන යයි කියලා බලාපොර්තුවෙනවා..ස්තුතියි හැම දෙනාටම!

Thursday, September 6, 2012

ලාංකීය සමාජ ජාලා වෙබ් අඩවි පරිශීලනයේ පරිණාමය Social media in Sri Lanka

   
     TweetupSL ලිපියට ලැබුන ප්‍රතිචාර එක්ක මට හිතුන ශ්‍රී ලාංකිය සමාජ ජාලා වෙබ් අඩවි භාවිතයේ විකසනය එහෙම නැත්නම් පරිණාමය ගැන සටහනක් තියන්න.මෙතෙක් මං සිංහල බ්ලොග් අවකාශයේ මේ වගේ ලිපියක් දැක්කේ නෑ!
මං කලින් ලිපියේ සඳහන් කලා වගේ ශ්‍රී ලාංකාවේ අන්තර්ජාල භාවිතය මිනිසුන් අතරට යන්නෙත් සැලකිය යුතු අන්දමට වැඩිවීමට පටන් ගන්නෙත් 2004-2005 කාලයේදි.වඩා පැහැදිලිව කියනවා නම් 2005න් පස්සේ.මේ විදිහට අන්තර්ජාලය මිනිසුන් අතරට යාමත් එක්ක අන්තර්ජාලය එලදායීව භාවිතා කරන්නට විශේෂයෙන් නව යොවුන් පරපුර පෙලඹෙනවා.

මේ විදිහට අන්තර්ජාලය තමන්ගේ විනෝදාස්වාදය සදහා යොදා ගැනීමේ අවශ්‍යතාවයත් එක්ක ඒ අවශ්‍යතාවය සපුරාලන්න තමයි Social media කියන සංකල්පය බිහිවෙන්නේ.
Social media කියන වචනය කොටස් 6ක සංකලනයක්.. ඒ වචනය අනු කොටස් 6කට විභේදනය කරන්න පුලුවන්!
     ඒ ඔස්සේ තමයි Social forum සහ Social Networking ලෙස කොටස් දෙකකට බෙදිලා social medias ලංකාව තුල ව්‍යාප්ත වෙන්න පටන් ගන්නේ!
(ඉතිරි අනුකොටස් වන්නේ collaborative projects (ex: Wikipedia), blogs and microblogs (Ex: Twitter), content communities (Ex:You tube), virtual game worlds සහ virtual social worlds )

     මුලදී Social Forums කියන සංකල්පය ඉතා තදින් ලාංකීය අන්තර්ජාල පරිශීලකයා වැලඳ ගන්නවා.කපුටා.com,අනං මනං,එලකිරි,සිංහලයා එලෙස ජනප්‍රිය වුන අඩවි වලින් කිහිපයක්. අදටත් ඇතැම් අඩවි ඉතා සක්‍රීය මට්ටමක පැවතෙනවා.එහි තිබුනු/තිබෙන චැට් රූම්,නොමිලේ ලබා දෙන විද්‍යූත් ලිපින,සමාජීය සංවාද වගේම පසු කලෙක නොමිලේ භාගත කිරීම් වගේ පහසුකම් මෙලෙස පරිශීලකයන් ඒවා වෙත ඇද බැද තබා ගන්න සමත් උනා..

     මේ විදිහට කල්ගත්වෙනවත් එක්කම social networking කියන සංකල්පය වෙත මිනිසුන් ආකර්ෂනය වෙන්න පටන් ගන්නවා. Myspace,tagged වැනි සමාජ වෙබ් අඩවි තුලට ලාංකිකයන් හුදකලා වශයෙන් සම්බන්ධවෙලා සිටියත් කණ්ඩායමක් විදිහට ඒකරාශී වෙන්න පටන් ගන්නේ hi5 වටා!

Sunday, September 2, 2012

#TweetupSL 3 #ට්වීට් අප් SL

    
 සමාජ ජාල වෙබ් අඩවි එහම නැත්නම් Social Media කියන වචනය දැන් අපේ කන් වලට් නුහුරු එකක් නෙවෙයි..හරියට ඉස්සර 'බෝම්බය' කියන වචනේ කිසිම නුහුරක් අපිට තිබුනේ නෑ වගේ!
මේ සමාජ ජාල වෙබ් අඩවි ලංකාවේ ප්‍රචලිත වෙන්න පටන් ගන්නේ 2003-2004 අවධියේදි.ඒ දවස් වල ලංකාවේ නව යොවුන් පරම්පරාව අන්තර්ජාල භාවිතාව හුරුවෙන්න පටන් ගත්ත අවධිය මං හිතන්නේ.
මේ එක්ක අන්තර්ජාලය තුල කරන්න යමක් සොය සොය සිටි පිරිසට තමයි hi5 කියන සමාජ වෙබ් අඩවිය හම්බ වෙන්නේ.ඒ අඩවියේ තිබුන දත්ත වල විවෘත භාවය සහ ආරක්ෂාව පිලිබඳ ප්‍රශ්න වලට සාර්ථක විසදුම් එක්ක facebook සමාජ අඩවියේ ආගමනය සිද්දවෙනවා.ඒ නිසාම ගොඩක් දෙනා fb වටා රොක් වෙනවා.

     අද වෙනකොට ලංකාවේ මිලියනයක් පමන දෙනා facebook භාවිතා කරන බව නිල නොවෙන දත්ත වලින් පෙන්නනවා.(http://www.socialbakers.com/facebook-statistics/)ඉස්සර time line එක විවෘත උනාම අපේ සමීපතමයන්ගේ පිංතූර හා ස්ටෙටස් කිසිම අපහසුවකින් තොරව අපි රසවින්දා.ඒත් අද අරවතු,මේවතු,අර රූම් මේ රූම් වලින් ශෙයා වෙන පිංතුර වලින් පිරිලා.ඒවා දැක්කම වෙලාවකට කේන්තියි.වෙලාවකට අප්පිරියයි..ගෲප් එකක් විදිහට ඒවා බ්ලොක් කලත් විවිධ මිතුරන් මේවා බෙදාගන්න එක නවත්තන එක කරන්න අමාරු වැඩක්.

     මේ නිසාම තමයි දැන් බොහෝ දෙනා Twitter වටා රොක් වෙන්න පටන් අරං තියෙන්නේ.fb එකෙ සමකාලිනයෙකු උනත් fb වටා තිබුන යෝධ ජන පවුරේ සෙවනැල්ලෙන් ට්වීටරේ වැහිලා තිබුනෙ.ඒත් දැන් කෙමෙන් කෙමෙන් ට්විටරය සක්‍රීය භාවිතා කරන ලාංකීය පිරිසේ වැඩි වීමක් දකින්න පුලුවන්.
twitter එක තුල තියෙන්නේ මයික්‍රො බ්ලොගින් සංකල්පය .වචන 140ක් තුල තමන්ගේ අදහස පලකරන පුද්ගලයන් අතර බැරක් ඔබාමාගේ සිට අමිතාබ් බච්චන් දක්වා වූ විවිධ ක්ශේත්‍රවල ජනප්‍රිය පුද්ගලයින් විශාල ගනනක් ඉන්නවා.

     මේ විදිහට ලංකාව තුල සිග්‍රයෙන් ජනප්‍රිය වෙන මේ සමාජ වෙබ් අඩවියේ ගෙට් එකක් එහෙම නැත්නම් සුහද හමුවක් සැප්තැම්බර් පලවෙනිදා මරදාන Warehouse Project හි පැවැත් උනා. Tweetup SL විදිහට නම් කරල තිබුන ගෙට් එක පැවැත්වුනේ තුන් වෙනි වතාවට. 2010 අවුරුද්දෙ පලවෙනියටම මේක පටං අරං තියෙන්නේ 100ක් පමන දෙනා සහභාගි කරගෙන. ගිය අවුරුද්දෙ ඩයලොග් ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ලේ මේක පවත්වලා තියෙනවා.මේ අවුරුද්දේ ලංකාවේ ඉන්න නිසා මටත් මේකට සහභාගිවෙන්න පුලුවන් උනා. කලින් කිව්වා වගේ මරදාන වෙයාහවුස් එකේ තිබුන මේ හමුවට විවිධ වයස්වල විවිධ තරාතිරම්වල 800+ දෙනා තමන්ගේ සහභාගීත්වය ස්ථිර කරලා තිබුනා.
නමුත් කී දෙනෙක් ආවද කියලා මට හරියට තාම හොයලා බලන්න බැරි උනා.

      ඇතුල්විමත් සමග ටී ෂර්ට් එකක් සමරුවක් විදිහට හැමෝටම හම්බවෙනවා.ඒ එක්කම දෙන බැජ් එකක තමන්ගේ නම ලියලා කැමති අයට ක්ලිප් කරගන්න පුලුවන්.  ඒ විදිහට තමන්ගේ සයිබර් මිතුරන්ව හදුනා ගෙන කතා කරන්න අවස්ථාව එදා තිබුනා.සහභාගිවෙච්ච අයගේ ගීත,මැජික් දර්ශනයක්,තරඟ කීපයක් එක්ක ගලා ගිය සන්ධ්‍යාවෙ  කාගෙත් සිත ගත්තේ වෙයාහවුස් හි පොඩි නංගිලා මල්ලිලාගේ ඉදිරිපත් කරපු නැටුම් ගැයුම් දෙක තුනක්.

     ට්විටර්හි වෙසෙන පුද්ගලයන්ව Tweeps ලා විදිහට හැදින්වෙනවා.හරියට බ්ලොග් ලියන අය බ්ලොගර්ස්ලා වගේ.ඉතින් අපේ චන්දයෙන් වසරේ Mr. Tweep of the Year,Ms. Tweep of the Year,Funniest Tweep of the Year,Most Controversial Tweep of the Year  වගේ විවිධ කැටගරි වලින් ජයග්‍රාහකයින් තෝරලා එයාලට තෑගි දෙන්නත් සංවිධායක මණ්ඩලය කටයුතු කරලා තිබුනා.

     අලියා බීම සමාගම නොමිලේ බීම ලබා දෙන්නත් කොකෝවැරෙන්ඩා ආයතනය ආහාර පාන සඳහාත් අනුග්‍රහය දක්වා තිබුනා.ඊට අමතරව Dialog,Warehouse Project,China Doll Noodles,Xiteb (Pvt) Ltd,Virtusa,SLIM,Beautiful-U යන ආයතනත් අනුග්‍රහය දක්වා තිබුනා.
මාධ්‍ය අනුග්‍රහය DailyMirror පුවත්පතෙන් සහ E fm ගුවන් විදුලියෙන්.

මටත් එදා වැදගත් දවසක්..නමින් පමනක් දැන සිටි දැවැන්ත බ්ලොග් කරුවන් කිහිප දෙනෙක් පෞද්ගලිකව හම්බවෙන්නත් ඔවුන් එක්ක කතා කරන්නත් මේ පුංචි බ්ලොග්කරුවාට පුලුවන් කම ලැබුනා.
ඇතැමෙක් මං ගැන දැනං හිටියෙත් නෑ :)
එයාලව හම්බවෙලා කතා කරන්න ලැබීම ඇත්තටම සතුටක්..
ඉතින් සමස්තයක් වශයෙන් ඉතා හොඳ දවසක්..
ඒ වෙනුවෙන් (අපි වෙනුවෙන්) මහන්සිවෙලා මේ event එක සංවිධානය කරපු සංවිධායක මණ්ඩලේ කට්ටියට ස්තුතියි කියන්නත් මේක අවථාවක් කරගන්න ඕන!
ඉතින්...එපමනයි..
                                                                    මං @sabithl

පිංතූර බලන්න කැමති අයට සම්පූර්ණ ඇල්බමයක් තියෙනවා --------> මෙතන

Thursday, August 16, 2012

චංචලා...




නුඹයි මායි දැනං උන්නා ටික කාලෙක ඉඳන්,කවද කොහොම ඉඳන්ද කියන්න මතක නැති උනත්..
නුඹ ටික ටික මට කිට්ටු උනා..නුඹේ දුක මට කියන්න..
අපි විසඳුම් හෙව්වා උගෙන් ගැලවෙන්න..
ඒ කාලකන්ණියගෙන්...

කාලයත් එක්ක උඹ මට කැමැත්ත දුන්නා,ඉල්ලුවෙ නැති උනත්...
බොහොම සතුටින් උන්නා අපි,ටික කාලෙකුත් නොවෙන ගොඩකාලෙකුත් නොවෙන කාලෙකට..
ටික ටික මගෙන් නුඹ ඈතට යනවග දැනෙන්නට උනා..
ඉඳලා මං අහක බලනකං,මට හොරෙන් නුඹ කෙටියෙන් පණිවිඩ කොටන කොට
තේරුම් ගන්න අමාරු උනේ නැහැ මට,නුඹ තවකෙකු එක්ක විසදුම් හොයනව ඇති කියලා..
මගෙන් ගැලවෙන්න..

ඌ හිතන් ඉන්නව ඇත්තේ මං කාලකන්නියෙක් කියලා,මං හිතං ඉඳපු විදිහටම..
ඌ ඒ විදියටම හිතං ඉදීවී තව එකෙක් ඌ ගැන එහෙම හිතන දවස වෙනකම්ම...

වරද නුඹේ නෙවෙයි.. 
උගෙ...
මගෙ...

෴ සා බි ත්෴

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...