Saturday, October 22, 2011
මම,නුඹ හා ඇය හා මම!
පෙම් කලා මං ඔබට..
සියයක් නොව සියයට දෙසියයක්..
හදවතින්,හැකි උපරිමෙන්..
මිතුරියක් ඇය මගේ..
නැහැ ඉන් එහා ගිය කිසි දෙයක්..
පාව දෙන්නට නොහැක මිතුදම,
ඔබේ සෙනෙහස නාමයෙන්..
සැක කිරීම ඔබ සතු අයිතියක්
තියේ නම් සාධාරන හේතුවක්..
සිතට ගනු මැන මේ ටිකත්..
විකාරුපී සිතුවිලි මතින් නුඹ,
ඈත් වෙනවා නම් මගෙ සෙනෙහසින්..
හඬනු පසුතැවෙනු එපා නුඹ,
දැනගත් කලට,පෙම් කල බව මං නුඹට,
වඩා අන් කවරෙකුට..
නුඹ නුඹට ආදරේ යැයි සිතන..
Friday, October 21, 2011
ජොකා,ලන්කට් ඇන්ඩ් වන් ජොකී!
මෙච්චර දවස් මගේ බ්ලොගියේ මං ලිව්වේ ටිකක් විතර වැදගත්, ගතයුත්තක් තියන දේවල් නේ..ඔන්න අද පලවෙනි පාරට ආතල් කතාවක් ලියන්න හදන්නේ!
මේ දවස්වල බ්ලොග් ලියන කියවන උන් අතර ජනප්‍රියම ටොපික් එකනේ "ලන්කට්"එක එහෙම නැත්නම් "ජොකා" කියන එක ගැන ආයි විවාදයක් නැහැනේ!!
කතන්දර ඇතිකරපු ඒ පුනරොදය හරහා බොහෝ දෙනෙක් තමන්ගේ "ලන්කට්" නැත්නම් "ජංගි" මතකයන් ආවර්ජනය කරල තිබුනා ගොඩක් ආසවෙන්!
ඔන්න මගේ ඉස්ටෝරිය!
Wednesday, October 12, 2011
ඇඳුම් ඇඳන් ඉන්නා ලැජ්ජ නැති උන්ට ලියා දන්වන වග නම්~
මා බුලත්කොල කාරයෙක්,පුටු,අලි,ගස්,පංචායුද.පචායුද කාරයෙක් හෝ සීනු කාරයෙකු නොවේ!
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ දේශපාලනික චරිතය සුදුද කලුදැයි දන්නා කෙනෙකුද නොවේ!
ඔහු පුද්ගලිකව දැන හඳුනන්නේද නැත..
ඔහු කොලොන්නාවට වැඩ කලාද ඔහුට වැඩ කරගත්තාද කියා දන්නෙත් නැත!
ඔහු දේශපාලුවෙක්ද..දේශපාලකයෙක්ද කියලා දන්නේද නැත...
එනිසා ඔහු සමග බැඳීමක් මට නැත..
ඔහුට අවසන් බුහුමන් දක්වන්නට රෙදි ඇඳන් ඉන්නා ලැජ්ජා නැති උන් එනවා යනවා මං දුටුවෙමි!
ඔහුගේ අවසන් කටයුතු සිදුවෙන අද දවසේ ඇවිත් පොර ටෝක් දී මිනිසුන්ට ආතල් සප්ලයි කර අධෝමුඛයෙන් හිනස්සනවා වෙනුවට
බඩුත් එක්ක හොරු මාට්‍ටු වී සිටින මේ වෙලාවේ
"අපි වෙනුවෙන් අපි" සංකල්පයේ හෝ සිට
නුඹලා ගන්නා පියවර දෙස හා,
උන්ව වැඩිම මනාපයෙන් උඩට ඇරිය අපේ උන්දැලා ගන්නා පියවර දෙස
අපි අවදානයෙන් බලා සිටිනා බව
මෙලෙස ලියා දන්වමු!
Thursday, October 6, 2011
මිනිසුන් තනන මිනිසුන් වෙත!!
පිදුම:
ලෝක ගුරු දිනය වෙනුවෙන්...
ලෝකය දකින්නට.. ජීවිතය ජීවත් කරවන්නට මට කියා දුන් සිරි කුරුසියේ මගේ ආදරණීය ගුරු දෙමාපියන්ට!
ලොව ශ්‍රේෂ්ඨටම වෘත්තීන් අතර ගුරු වෘත්තිය ඉහල කොට සලකන්නේ ලෝකයේ හා මනුස්සවර්ගයාගේ රඳා පැවැත්ම සඳහා වු පදනම සකසන පුද්ගලයා ගුරුවරයා වන හෙයිනි..
ළමයෙකුට ලෝකය දකින්නට ..
ලෝකයේ හිස ඔසවා ජීවත් වන්නට..
මිනිසුන් තේරුම් ගන්නට ඔබ අප හුරු කරන්නේ යම් සේද..
ගෙදර වැටි වැටි නැගිටින්නට දෙමාපියන් උදවු වන්න සේම,
සමාජයේ නොවැටී සිටින්නට අවැසි ආකල්පමය පදනම සපයන්නේ ඔබයි..
පාසල් ගේට්ටුවෙන් අපිව බාරගෙන ගෙදර බිත්ති හතරින් එහා ලෝකයක් ඇති බව අපිට මුලින්ම පසක් කර දුන්නේත්..
හැමදාම එකම තැන වාඩි නොකර එක එක තැන් වලා වාඩිකරලා සමාජයේ හැම එකාම එක වගේ නොවන බව මුලින්ම දැනෙන්න සැලැස්වුවේත් නුඹයි..
Thursday, September 29, 2011
ඔබේ සෞඛ්‍ය සම්පන්න බව මෙතනින් මැනගන්න!
අද කියන්න යන්නේ ඔබේ නිරොගී බව නැත්නම් සෞඛ්‍ය සම්පන්න බව ඔබටම මැන ගන්න පුලුවන් ක්‍රමයක් ගැන..මේකට කියන්නේ BMI (Body Mass Index) සිංහලෙන් මට මතක හැටියට කියන්නේ ස්කන්ධ දේහ දර්ශකය වෙන්න ඕන..(වැරදි නම් නිවරැදි කරන්න).. ජීව විද්්‍යා අංශයෙන් උ.පෙල හදාරපු අය නම් මේක ගැන දන්නවා ඇති..අනිත් අයත් ඔය සොෆ්ට්වෙයා වලට දාලා පිලිතුර අරන් ඇති!හැබැයි වෙන්න මොනවද කියල නම් දන්නෙ නැතුව ඇති!
Thursday, September 15, 2011
පොඩි ජෝක්ස් එකක් :)
මේ ලඟදි දවසක අහපු විහිලු කතාවක්..අනන්ත අප්‍රමාන විහිලු කතා අහලා තිබුනත් මේ කතාව අහලා තිබුනේ නෑ..මං වගේ අහල නැති අයත් එක්ක කතාව බෙදා ගන්න හිතුනා..දවසක් මිනිහෙක් පිහි ඇනුමකින් තුවාල වෙලා ඉස්පිරිතාලේට ආවලු වෛද්‍ය වරයෙක් හොයාගෙන..
මේකත් අර හැමෝම අහල තියන සනීපනෑඩෝ වගේ එකක් තමයි..
ඔන්න කතාව..
ඩොකා : තමුන්ගේ නම කියන්න බලන්න!
ලෙඩා : ඇන්නේ පියසේන
ඩොකා : හරි හරි..අපි එයා ගැන පස්සේ බලමු..දැන් නම කියල ඉන්න බෙහෙත් කරන්න!
ලෙඩා : ඇන්නේ පියසේන සර්
ඩොකා : අයිසේ..තමුසෙගේ නම කියල ඉන්නවකො ඇනපු උන් ගැන කියන්න කලින්..
ලෙඩා : නම තමයි සර් ඇන්නේ පියසේන..
බැලින්නම් මිනිහගෙ නම N.A පියසේන...ඇන්.ඇම්.පෙරේරා වගේ ඒ නම් සිංහලෙන් ශබ්ද වෙන්නේ ඒ විදිහට නේ!
Sunday, September 11, 2011
මොනවද මේ බජට් එයාලයින්?? හා මිහින් vs Sri Lankan
අද මං තෝරගත්තේ බොහෝ දෙනෙකුට අහල පුරුදු ඒත් පැහැදිලි අවබෝධයක් නැති දන්නෝ දනිති මොඩලයේ මාතෘකාවක්..මිහින් සමාගම ඇරඹීමත් සමග බොහෝ දෙනෙකුට මතුවෙච්ච ගැටලුවක් තමා ඇයි එකක් තියෙද්දි තව එකක් කියන ප්‍රශ්නය..ඇත්තටම මේ දෙක එකක් නෙවෙයි දෙකක් කියලා මේ ලිපිය අවසානයේදි තේරුම්ගන්න පුලුවන් වේවි..මොනවද මේ අඩුවැය නැත්නම් බජට් එයා ලයින් කියන්නේ?
ඇත්තටම අනවශ්‍ය වියදම් කපා දමමින්සාපේක්ෂව අඩු මුදලකට මගීන් ගෙනයාම පදනම් කරගත් ගුවන් සේවා මෙලෙස හැඳින්විය හැකියි..ලංකාවේ සිට එලෙස ක්‍රියාත්මක වන ගුවන්සේවා කිහිපයක් ලෙස Mihin Lanka,Air Asia, Air Arabia,Fly Dubai දැක්විය හැකියි..
අරමුණ :
මොවුන්ගේ ප්‍රධාන අරමුන හෝ තේමාව වන්නේ low fairs low comfort(අඩු මිල අඩු සුවපහසුව) කියන එක.. නමුත් අද ඇති තරඟ කාරීත්වය සමග සාමාන්්‍යයෙන් හොඳ පහසුකම් ලබාදෙන්න මොවුන් පෙලඹී තියෙනවා..
අනිත් ඒවායින් අඩුවැය ගුවන් යානා වෙනස් වෙන්නේ කොහොමද?
Subscribe to:
Posts (Atom)




