අදට යෙදී තිබෙන ලෝක දියවැඩියා නිවාරන දිනය වෙනුවෙන් මා සිංහල බ්ලොග් ලිවීම ආරම්භ කල අවදියේ ලියූ (වැඩි පිරිසක් අතින් නොකියවුනු)මේ සටහන නැවත පලකරන්නට සිතුනා..
කියවන්න..දැනුවත්වන්න...
මොකක්ද මේ දියවැඩියාව????
වචනයෙ පරිසමාප්ත අර්තය සැලකුවිට අපට දල අවබෝධයක් ලබාගන්න පුලුවන්.
ඒ "වැඩියෙන් ජලය යාම" එනම් මුත්‍රා යාම.
දියවැඩියාව ප්‍රදාන ආකාර 2ක් තියනවා!
1. සිරුරේ ADH හොර්මොනය අඩුවෙන් ස්‍රාවය වීම/සම්පුර්නයෙන්ම ස්‍රාවය නොවීම නිස ඇතිවන දියවැඩියාව (Diabetes Insipidus)
2. ඉන්සියුලින් ස්‍රාවය නොවීම/අඩුවෙන් ස්‍රාවය වීම නිස ඇතිවන දියවැඩියාව(Diabetes Mellitus)
අප එදිනෙදා දියවැඩියාව (සීනි)ලෙස හදූන්වනු ලබන්නේ ඉහත කි ඉන්සියුලින් නිසා ඇතිවන දියවැඩියාව තත්වයයි.
ඉන්සියුලින් ස්‍රාවය නොවීම/අඩුවෙන් ස්‍රාවය වීම නිසා ඇතිවන දියවැඩියාව(Diabetes Mellitus)
අප කතා කරන්න බලාපොර්තු වන මෙ දියවැඩියා තත්වය වෛද්‍ය විද්්‍යනූකූලව වර්ග 2කට බෙදෙනවා.
1.Type 1: මෙය ඉන්සියුලින් නිෂ්පාදනය නොවීම නිස ඇතිවෙනවා(අග්නි්‍යාෂයේ ලැන්ගර්හෑන් දීපිකා වලින්)
2.Type 2:මෙය ඉන්සියුලින් වලට සෛල දක්වන සංවේදීතාව අඩු වීම නිසා ඇති වෙනවා






