නිමිත්ත : SLTJ සහ මුස්ලිම් විවාහ නීතිය
ඊයේ දිනයේ ශ්‍රී ලංකා තවුහීද් ජමාත් නැමැති සංවිධානය(SLTJ) පවත්වන්නට යෙදුනු විරෝධතා ව්‍යාපාරයක් නිසා විශාල කතිකාවතක් ඇතිවී තිබේ. මේ ගන්නට යෙදුනු ක්‍රියාමාර්ගය අනවශ්‍ය එකක් හා අනවශ්‍යය ප්‍රශ්න ඇතිකරන්නක් බවයි මැදහත් මුස්ලිම්වරුන්ගේ මතය.
මහ නාහිමිවරුන් අදාල නිකායන් නියෝජනය කරන්නේ යම්සේද ,අගරදගුරුතුමා කතෝලික ප්‍රජාව නියෝජනය කරන්නේ යම්සේද, ACJU ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන්ගේ නිල නියෝජනය ලෙස සලකනු ලබයි.
බොදුබල සේනාව, රාවණා බලය වැනි සංවිධාන සුවහසක් මැදහත් බෞද්ධයන් නියෝජනය නොකරන්නා සේම මෙකී අන්තවාදී ඉස්ලාමීය සංවිධානවල මතය අපගේ මැදහත් මුස්ලිම්වරුන්ගේ මතය නොවේ. ඔවුනගේ අදහස් බොහොමයක් සමග අපට ගනුදෙනුවක් නැත.
Friday, November 4, 2016
Monday, February 16, 2015
ප්ලාස්ටික් ලව! Plastic Love
ඒ සී කරපු ලව් කඩේකින්
අරන් දුන් ප්ලාස්ටික් රෝසමල
වගෙයි දැන් මට නුඹේ ආදරයත්..
ලෝකෙට ලස්සනට පෙනුනත්
නැත එහි කිසි නැවුම් බවක්
තෙතමනයක්..
සුවඳක්..
ඇයි නොවුනේ නුඹ මට
පෙති ගිලිහී මියැදෙන කුසුමක්?
නුඹටත් වැඩක් නැති..
මටත් වැඩක් නැති..
නිර්මාපිත මල වෙනුවට?
අයියෝ සල්ලි!
Tuesday, January 6, 2015
මහින්දට ඡන්දය දිය යුත්තේ ඇයි? Why MR?
වත්මන් රාජපක්ෂ රෙජිමයේ ප්‍රචාරන යාන්ත්රනයේ ප්‍රධාන පාඨයන් කිහිපය ගෑන සඳහනක් තබන්නට සිතුනි. ඔවුන්ගේ ප්‍රචාරනය දියත්වන්නේ මූලික තේමාවන් තුනක් ඔස්සෙයි.
- යුද්ධය/ කලගුණ
- සංවර්ධනය
- විදේශ කුමන්ත්රන/රට බෙදීම්
වත්මන් ජනපතිතුමා උතුරට ගොස් දෙමළ ජනයා අමතා පරන දේවල් අමතක කර දමා එකට දෑත් බැදගන්න කතා කරන ගමන්ම ගිය හෙලිකොප්ටරෙන්ම ආපසු නුවරට ඇවිත් යුද්ධය මාකට් කරයි. ආපසු උතුරට ගොස් දන්න යකාට ඡන්දය දෙන්නැයි කියයි, අලුතෙන් පටන් ගමු කියයි. ඒ කියන ගමන්ම බම්බලපිටි හන්දියේ ලොකු තිර දමා කොටි බෝම්බ ගෑසූ හැටි දකුණෙ ජනයාට පෙන්වයි. මැරිච්ච මිනිසුන්ගේ මිනී මාකට් කරයි. එතුමාගේ අරමුන කෙසේ හෝ නැවත බලයට පැමිනීම විනා ප්‍රතිපත්ති මත පදනම් වූ එකක් නොවේ. අනික රට දියුණු කිරීම, ආර්ථිකය නගා සිටුවීම වැනිදෑ තමන් පත්වූ පදවියේ වගකීම විනා එය ජනතාවට කරන උපකාරකයක් නොවේ. ඒ නිසා අමුතුවෙන 'කලගුණ' සලකන්නට දෙයක් නැත.ඇරත් චාමි බුකියේ පැවසූ ආකාරයට සර්වජන ඡන්ද බලය වැනි දියුනු සංකල්ප තිබෙන්නේ කලගුණ සලකනවා වැනි ආචාරධාර්මිකවතාවත් ඉටු කිරීමට නොවේ!
Sunday, March 30, 2014
පලාත් සභා මැතිවරණය 2014 - ආණ්ඩුව ඇත්තටම දිණුම්ද?
බස්නාහිර පලාත් සභාවට සහ දකුණු පලාත් සභාවට නියෝජිතයන් තෝරා පත් කර ගැනීම සඳහා වූ මැතිවරණයේ අවසාන ප්‍රතිපලය මේ වනවිට නිකුත් වී හමාරයි. සැබෑවටම සිදුව ඇත්තේ කුමක්දැයි හුදී පාඨක ජනතාවගේ හිත සුව පිනිස මහප්‍රාන නොමැතිව තේරෙන සිංහලෙන් කෙටියෙන් ලියා දමන්නට සිතුනා!
මෙවර සහ පසුගිය පලාත් සභා මැතිවරණ ප්‍රතිපල දෙස සංසන්දනාත්මකව බලමු!
මෙවර සහ පසුගිය පලාත් සභා මැතිවරණ ප්‍රතිපල දෙස සංසන්දනාත්මකව බලමු!
බස්නාහිර
| පක්ෂය | ප්‍රතිශතය (ආසන) 2009 | ප්‍රතිශතය (ආසන) 2014 | වෙනස |
| එ.ජ.නි.ස | 64.73% (68) | 53.35% (56) | -12 |
| එජාපය | 29.58% (30) | 26.59% (28) | -2 |
| ප්රජාතන්ත්රවාදී පක්ෂය | 7.97% (9) | +9 | |
| ජ.වි.පෙ | 2.42% (3) | 6.16% (6) | +3 |
| මුස්ලිම් කොන්ග්රසය | 2.12% (2) | (2) | - |
| ප්රජාතන්ත්රවාදී මහජන පෙරමුන | 0.51% (1) | (2) | +1 |
Friday, March 28, 2014
හෙට කාටද?
වසර 30ක් රට ආගාධයකට ඇද දැමූ ත්‍රස්තවාදී සංවිධානයක හිටපු සන්නද්ධ අංශයේ නායකයෙකු උප සභාපති තනතුර හොබවන පක්ෂයක් වටා ගෙතුනු සන්ධානයකට කතිරය ගැසීමට හිත හදා ගත හැකිනම්, බටලන්ද වදකාගාර සහ ටයර් සෑයවල් වලට වගකිවයුතු පක්ෂයකට කතරය ගැසීමට හිත හදා ගත හැකිනම් ජනතා විමුක්ති පෙරමුණට කතිරය ගැසීම පිලිබඳව ගැටලුවක් තිබිය හැකිද?
අද බොහෝ දෙනාට තිබෙන්නේ ජවිපෙට ජන්දය නොදී සිටින්නට හේතුවක් නොව, ඡන්දය දීමට හේතුවක් නොමැතිවීමයි.
වර්තමානයේ,ලංකාවේ අනාගතයේ ඉරණම ගැන පැහැදිලි කැක්කුමක් සහ අවංක උවමනාවක් තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුනට පමණී!
ඔවුන්ට රට බාර දීමට පෙර නිරාකරනය කරගත යුතු ගැටලු රාශියක් මටත් තිබේ.
අද බොහෝ දෙනාට තිබෙන්නේ ජවිපෙට ජන්දය නොදී සිටින්නට හේතුවක් නොව, ඡන්දය දීමට හේතුවක් නොමැතිවීමයි.
වර්තමානයේ,ලංකාවේ අනාගතයේ ඉරණම ගැන පැහැදිලි කැක්කුමක් සහ අවංක උවමනාවක් තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුනට පමණී!
ඔවුන්ට රට බාර දීමට පෙර නිරාකරනය කරගත යුතු ගැටලු රාශියක් මටත් තිබේ.
නමුත් මේ වෙනසකට මුල පිරීමට කාලයයි!
මතක තබගන්න. සල්ලාලයන්, කුඩුකාරයන් බඩු කාරයන් හා ගණිකාවන් ඒ ඒ තැන් වලට තේරි පත්වීමේ වගකීමේ කොටසක් අපටත් තිබේ. ඒ නිසා ඔවුන්ගේ තේරි පත්වීම් ගැන වද වෙන්නට ඒ ගැන දොස් තියන්නට වැරදි උන්ට කතිරය ගසන අයටත්, ඡන්දය දා ගෙදරට වී බුදිය ගන්නා අයටත් සදාචාරාත්මක අයිතියක් නැත.
මතක තබගන්න. සල්ලාලයන්, කුඩුකාරයන් බඩු කාරයන් හා ගණිකාවන් ඒ ඒ තැන් වලට තේරි පත්වීමේ වගකීමේ කොටසක් අපටත් තිබේ. ඒ නිසා ඔවුන්ගේ තේරි පත්වීම් ගැන වද වෙන්නට ඒ ගැන දොස් තියන්නට වැරදි උන්ට කතිරය ගසන අයටත්, ඡන්දය දා ගෙදරට වී බුදිය ගන්නා අයටත් සදාචාරාත්මක අයිතියක් නැත.
කාගෙ කාගෙ කිල්ලෝටවලත් හුණු තිබේ. හොරකං නොකරන එකෙක් ඉඳී යයි මා විශ්වාස කරන්නේද නැත. නමුත් අඩුවෙන්ම වැරදි කරන එවුන් තෝරා පත් කරගැනීම අපේ වගකීමයි!
Friday, December 27, 2013
අනාගතයට ගිහින් ආපහු ජීවිතය දිහා හැරිලා බලමු! Things You’ll Regret When You’re Old!
සිංහල බ්ලොග් අවකාශය පරිශීලනය කරන බහුතරයකගේ වයස් සීමාව දිහා බැලුවහම බහුතරයක් තරුණ වයස් සීමාවේ සිටින අය බව පේනවා. ජීවිතයේ බොහෝ දේවල් වෙනස් කරගත හැකි වයස් සීමාවක් මේක..
ජීවිතයේ සතුට කියලා හිතාගෙන අපි හඹායන බොහොමයක් දේවල් ලඟ කරගත්තු දවසක ආපසු හැරිලා බලද්දි අපිට හිතෙන්න පුලුවන් සැබෑ සතුට තියෙන්නේ ඒ ලඟ කරගත්තු දේ තුල නෙවෙයි,ඒ දේ හඹා යන ගමනේදී අපි මග හැරලා ගිය ඒ පුංචි පුංචි දේවල් තුල කියලා. ඇත්ත.. ජීවිතය භෞතික ඉලක්ක වලට ගැටගහලා ඒවා හඹා යන ගමනේදී අපිට පුංචි පුංචි දේවල් ගොඩක් මග හැරිලා. ඒ දේවල් ලඟා කරගෙන පොඩ්ඩක් නැවතිලා ජීවිතය විඳින්න අපි සූදානම් වෙද්දි ගොඩක් වෙලාවට අපි පරක්කු වැඩියි. එක්කෝ අපි වයසට ගිහින්. එක්කෝ සෞඛ්‍යය පිරිහිලා. එක්කෝ අපි එක්ක එදා හිටිය උන්ගෙ ඇඩ්රසුත් නැහැ. ජීවිත ගමනේදී උන්ව අපිට මග ඇරිලා. ඒ නිසාම තමයි ජීවිතයේ අරමුණක් තියා ගන්න ගමන්ම ජීවිතයේ පුලුවන් හැම මොහොතක්ම අපි විඳින්න ඕන. (Enjoying the moments)..
අර ඉස්සර අපේ ටීචර්ලා කියනවා මේ ටික හොඳට මහන්සි වෙයන් කැම්පස් ගියාම ගොඩ කියලා. කැම්පස් ගියාම කියනවා මේ අවුරුදු 4 හොඳට කට්ට කාලා ගොඩ දා ගනින් ඊට පස්සෙ ජීවිතේ ගොඩ ගියලා.. එතනින් එලියට ගියාම රස්සාව.. ඊට පස්සෙ ප්‍රොමෝෂන් වලට මහන්සි වෙනවා. ඊට පස්සේ බඳින්න ඕන.. වාහනයක්..හවුසින් ලෝන්.. ළමයි..ඉස්කෝල... මේක මිරිඟුවක්.. පවතින සමාජ ක්‍රමය තුල මේ රැල්ලට ගහගෙන යනවා ඇරෙන්න අපිටත් වෙන විකල්පයක් නෑ.. ඒත් මතක තියා ගන්න.. Enjoy the moments...
Thursday, September 12, 2013
සිය දිවි නසා ගැනීම || Suicide || Hot Line
සැප්තැම්බර් 10 එවන් වූ දිනයකි! ලෝක සියදිවි නසා ගැනීම් වැලැක්වීමේ දිනයයි!
මේ ලිපිය පුදන්නේ එවන් අකල් මරණයක් ලඟා කරගත් මාගේ මිතුරන් දෙදෙනා වෙනුවෙන්!
ශ්‍රී ලංකාව ලෝකයේ ඉහලින්ම ඉන්නට සමත්ව සිටිනා අංශ අපට ආඩම්බර විය හැකි ඒවා නොවේ (ක්‍රිකට්, තේ වැනි ඒවා හැරුනු කොට). ශ්‍රි ලංකාවේ සියදිවි නසා ගැනීම් පිලිබඳව ඇති නවතම සමීක්ශන දත්තය (latest available data) පවා වසර 17ක් පමන පරන ඒවා. එනම් අවසාන වශයෙන් මේ පිලිබඳව ගනනයක් සිදුව ඇත්තේ 1996 වසරේදී. ඒ දත්ත අනුව පුද්ගලයින් ලක්ශයකට පුද්ගලයින් 21ක් සියදිවි නසා ගන්න බව සඳහන්. ඒ කාලේ දත්තවල හැටියටම අපේ ප්ලේස් එක 12 වෙනි ස්ථානය නම් නවතන සංඝනනයක් සිදු කලේ නම් අපට හිමි වන ස්ථානය ගැන දළ් අවබෝධයක් ඔබට ලබා ගත හැකි යැයි සිතමි!
![]() |
| Source: Wikipedia |
සෞඛ්‍ය/නිරෝගී බව යනු කුමක්ද?
අප නිරෝගී බව කියා අර්ථ දක්වන්නේ කායික සුවය පමනයි. කෙනෙක් ලෙඩකින්න් තොරව සිටිනවා නම් ඔහු සෞඛ්‍යවත් යැයි අපි හිතනවා.
ඒත් ඇත්තටම ජාත්‍යන්තරව නිරෝගී/සෞඛ්‍යමත් යන්නෙන් අදහස් කරන්නේ පූර්ණ කායික,මානසික හා සමාජීය සුවයක්. ඒත් අවාසනාවකට ලංකාවේ බොහෝ අය අවධානය යොමුකරන්නේ කායික සෞඛ්‍ය ගැන පමනයි.
2025 වනවිට ලෝකයේ මුලු රෝගින් ගනනින් 25%ක් මානසික රෝගීන් වන බවත් වර්තමානයේ සියලුම යුධ කටයුතු සහ මිනී මැරුම් නිසා මියයන සංඛ්‍යාවට වඩා වැඩි ගනනක් සිය දිවි තොර කර ගැනීම නිසා මිය යන බවටත් ගනන් බලා තිබෙනවා.
ඒත් මේ ගැන කතාවෙන්නේ කොයි තරම් අඩුවෙන්ද?
ඒත් මේ ගැන කතාවෙන්නේ කොයි තරම් අඩුවෙන්ද?
Subscribe to:
Posts (Atom)



