Thursday, December 22, 2011

හොඳ දෙක!!!


මේ සීන් කෝන් එක මගේ යාලුවෙක් මට මේ පාර ගෙදර ගිය වෙලාවේ පච ගහ ගහ ඉන්න වෙලාවේ කියපු එකක්..මෑන්ස් වැඩ කරන්නෙ බෙන්තර පාලමෙන් එහා පලාතක ඔය පුන්කලස් වලට ඈඳිච්ච පෞද්ගලික බැංකුවක...මිනිහට ඒ ජොබ්ස් එක සැට් වෙච්ච විදිහත් මරු..ඒක වෙන දවසක වෙලා තියන වෙලාවක මෑන්ස්ගෙනුත් අහලා දාන්නං කෝ! අර කජුවත්තේ අහල තිබ්බ ප්‍රශ්න වගේ එව්වට උත්තර දීලා තමා  මෑන්ව තෝරගෙන තිබුනේ!

කොහොමින් කොහොම හරි මිනිහ දැන් ඒ බැංකුවේ වැඩ...

ඒ බැංකුවේ බොසා මහ නාහෙට අහන්නෙ නැති ටිකක් සැර පරුෂ හිට්ලර් ජාතියේ ඩයල් එකක් ලු...නිවාඩු එහෙම ගන්නවට ඒ හැටි කැමති නැති එහෙම ලේසියෙන් නිවාඩු දෙන්නෙත් නැති ජාතියෙලු..ප්‍රධාන නගරෙක තියන කාර්යබහුල බැංකුවක් නිසා වැඩ එහෙම හරි වෙහෙස කරයි කියලා තමා අපේ එකා කියන්නේ!
කොහොමත් ඔව්වයෙ ඔය 365 ඩේ බෑංකින්, 24/7 Open අරව මේවා කියලා හබල් නැති අපිට නැව් ටෝක් දුන්නට වැඩ කරන උන් එපැයි වැඩ කොරන්න..නේද?රාජ්‍ය තැන් වගේ බැහැල්ලු!

Sunday, December 18, 2011

සරල බව සරල නැත - Simplicity is not a simple thing.

Simplicity is not a simple thing  [Charles Chaplin]

සරල බව සරල දෙයක් නොවයි. [ චාලි චැප්ලින්]

මේ කියමන පහුගිය දවසක මගේ නෙත ගැටුනා..ලොවක් හිනස්සපු මේ මනුස්සයා කියල තියන දේ ගැන තේරුම් ගන්න උත්සහ කරන්න.උත්සහ කරන්න කියලා මං කිව්වේ ඒක තේරුම් ගන්න එක ඒ තරම් ලේසි වෙන එකක් නැති නිසා..

අද ඉන්න ජෝකර්ලා එක්ක බලද්දි ඒ  කාලේ වචනයක් වත් කතා නොකර හාස්‍යය නැමැති  පැනි රස සීනි බෝල කවරින් එකක් ඇතුලේ මේ මනුස්සය දාල දීපු තිත්ත ඇත්ත (පණිවිඩය ) හා මේ මනුස්සය රංගනය තුලින් කල  විප්ලවය ගැන චාලි චැප්ලින් චිත්‍රපට බලලා තියන අයට අමුතුවෙන් කියලා දෙන්න ඕන නෑ!(නැති අය ඉන්නවනම් බලන්න..සැබැවින්ම වටිනවා..)මොහුගේ රංග ප්‍රකාශනයන් ගැන චූලානන්ද සමරනායක මහතා විසින් සිංහලෙන් රචිත පොතකුත් තියනවා..

මේ කියමන එක්ක මගේ හිතට ආපු මං කියවල තියන සමහර විට ඔබත් කියවලා/අහලා ඇති කතාවක් මගේ මතකයට ආවා..

Sunday, December 11, 2011

කලුවර සඳ


පෙරදින කලුවර සඳ බලා සිටි සඳ
නිකමට සිතුනා මට,
උඳුවප් සඳ වන් මසිත වසාගත්
චන්ද්‍රග්‍රහනයද නුඹ........?

Saturday, December 3, 2011

අපේ කාලයේ ටියුෂන් මාෆියාව

අද බොහෝ දෙනෙකුගේ අවධානයට බඳූන් නොවූ නමුත් අනිවාර්යෙන් අවධානය යොමු විය යුතු අංශයක් ගැන සංවාදයක් ඇති කිරීමේ කාලෝචිත අවශ්‍යයතාවය මත මෙම ලිපිය ලියවෙන බව කිව යුතුයි.අද සමාජය තුල මාෆියාවක ආකාරයෙන් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපාරය නවතා දැමිය යුතු බවට හෝ තහනම් කල යුතු බවට මේ තුලින් කිසිසේත් අදහස් නොකරන අතර හුදෙක් අයාලේ යන මෙම ටියුෂන් කෙරුවාව ගුණාත්මක හා සිසු හිතවාදී එකක් බවට පත් කරවීමේ ඇති අවශ්‍යතාව පිලිබඳව පැහැදිලි සංවාදයක් ගොඩ නැගිය යුතු බව මගේ පෞද්ගලික විශ්වාසයයි.
   

Monday, November 21, 2011

අපි නොදන්න බජට්!



1 + 1  එකට එකතු කලාම තුනයි කියල,
1 + 1 දෙකයි,කොහෙද යකෝ තුන කියල අපෙන් අහන..
බෝල කතිර ඉරි කොටු අකුරු ඉලක්කම් සුත්‍ර විජ්ජාවෙන්
අපි අන්දලා ,
ආදරයෙන් අපෙ කටට දාන,
හපලත් බැරි..
නොහපා ගිලින්නත් බැරි,
අපි නොදන්න බුල්ටො ටොපිය!



Friday, November 18, 2011

වීරයෝ හා ද්‍රෝහියෝ -එදා සහ අද

කියන්නට දෙයක් නැත..
කිව්වා කියල වැඩකුත් නැත..
වැරදි නොකරන මිනිසුන් මෙලොව නැත...

පුද්ගල දේශපාලනයන් මට අදාල නැත..
මා දන්නේ මෙපමනකි...
මොහුට මෙය සිදුවිය යුතු නැත..
මොහු වැරදිකරුවෙක් වියහැක,
නමුත් අපරාධකරුවෙකු නොවේ!

ඔහු කල වැරැද්ද වැරදි පැත්තේ හිටගැනීමයි..
අද අපිට කෙලවූ කරුණලා,පිල්ලෙයාන් සර්ලා ගරු. ය..
ඔවුන් සැකකරුවන් නොවේ...වැරදිකරුවන් නොවේ...
දේශප්‍රේමීය..ජාතිමාමකය..

ඔවුන් අපේ මුදලින් නඩත්තුවේ...ඒ මහා මන්දිරවලය..
මොහුද අපේ මුදලින් නඩත්තුවේ..හැබැයි ඒ බන්ධනාගාරයේය...
රට වෙනුවෙන් සටන් කල ඇත්තෝ පාවාදෙන්නෝය,දේශද්‍රෝහීය...

මිනිසුන් තනිවම ගස් බැඳගන්නා,
වෙඩි තියන්න අනුබල දුන් උන් සැකකරුවන් නොවන,
එහෙත් ගමේ කසිප්පු පෙරන එකාගේ අල්ලපු ගෙදර එකාවත් අල්ලාගෙන යන
රටක සිටිනා මිනිසුනේ,

සිතන්න...
දේශපාලන රෙදි උනා දමා...
බලන්න...
රතු කොල නිල් පාට කණ්නාඩි ගලවා...


මොහුට මෙය සිදුවිය යුතුද??
Does he deserve this????


Monday, November 14, 2011

ලෝක දියවැඩියා නිවාරන දිනය වෙනුවෙන් -කියවන්න..දැනුවත්වන්න...


අදට යෙදී තිබෙන ලෝක දියවැඩියා නිවාරන දිනය වෙනුවෙන් මා සිංහල බ්ලොග් ලිවීම ආරම්භ කල අවදියේ ලියූ (වැඩි පිරිසක් අතින් නොකියවුනු)මේ සටහන නැවත පලකරන්නට සිතුනා..
කියවන්න..දැනුවත්වන්න...


මොකක්ද මේ දියවැඩියාව????

වචනයෙ පරිසමාප්ත අර්තය සැලකුවිට අපට දල අවබෝධයක් ලබාගන්න පුලුවන්.
ඒ "වැඩියෙන් ජලය යාම" එනම් මුත්‍රා යාම.

දියවැඩියාව ප්‍රදාන ආකාර 2ක් තියනවා!
1. සිරුරේ ADH හොර්මොනය අඩුවෙන් ස්‍රාවය වීම/සම්පුර්නයෙන්ම ස්‍රාවය නොවීම නිස ඇතිවන දියවැඩියාව (Diabetes Insipidus)

2. ඉන්සියුලින් ස්‍රාවය නොවීම/අඩුවෙන් ස්‍රාවය වීම නිස ඇතිවන දියවැඩියාව(Diabetes Mellitus)
අප එදිනෙදා දියවැඩියාව (සීනි)ලෙස හදූන්වනු ලබන්නේ ඉහත කි ඉන්සියුලින් නිසා ඇතිවන දියවැඩියාව තත්වයයි.

ඉන්සියුලින් ස්‍රාවය නොවීම/අඩුවෙන් ස්‍රාවය වීම නිසා ඇතිවන දියවැඩියාව(Diabetes Mellitus)

අප කතා කරන්න බලාපොර්තු වන මෙ දියවැඩියා තත්වය වෛද්‍ය විද්්‍යනූකූලව වර්ග 2කට බෙදෙනවා.

1.Type 1: මෙය ඉන්සියුලින් නිෂ්පාදනය නොවීම නිස ඇතිවෙනවා(අග්නි්‍යාෂයේ ලැන්ගර්හෑන් දීපිකා වලින්)
2.Type 2:මෙය ඉන්සියුලින් වලට සෛල දක්වන සංවේදීතාව අඩු වීම නිසා ඇති වෙනවා

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...