TweetupSL ලිපියට ලැබුන ප්‍රතිචාර එක්ක මට හිතුන ශ්‍රී ලාංකිය සමාජ ජාලා වෙබ් අඩවි භාවිතයේ විකසනය එහෙම නැත්නම් පරිණාමය ගැන සටහනක් තියන්න.මෙතෙක් මං සිංහල බ්ලොග් අවකාශයේ මේ වගේ ලිපියක් දැක්කේ නෑ!
මං කලින් ලිපියේ සඳහන් කලා වගේ ශ්‍රී ලාංකාවේ අන්තර්ජාල භාවිතය මිනිසුන් අතරට යන්නෙත් සැලකිය යුතු අන්දමට වැඩිවීමට පටන් ගන්නෙත් 2004-2005 කාලයේදි.වඩා පැහැදිලිව කියනවා නම් 2005න් පස්සේ.මේ විදිහට අන්තර්ජාලය මිනිසුන් අතරට යාමත් එක්ක අන්තර්ජාලය එලදායීව භාවිතා කරන්නට විශේෂයෙන් නව යොවුන් පරපුර පෙලඹෙනවා.
මේ විදිහට අන්තර්ජාලය තමන්ගේ විනෝදාස්වාදය සදහා යොදා ගැනීමේ අවශ්‍යතාවයත් එක්ක ඒ අවශ්‍යතාවය සපුරාලන්න තමයි Social media කියන සංකල්පය බිහිවෙන්නේ.
Social media කියන වචනය කොටස් 6ක සංකලනයක්.. ඒ වචනය අනු කොටස් 6කට විභේදනය කරන්න පුලුවන්!
ඒ ඔස්සේ තමයි Social forum සහ Social Networking ලෙස කොටස් දෙකකට බෙදිලා social medias ලංකාව තුල ව්‍යාප්ත වෙන්න පටන් ගන්නේ!
(ඉතිරි අනුකොටස් වන්නේ collaborative projects (ex: Wikipedia), blogs and microblogs (Ex: Twitter), content communities (Ex:You tube), virtual game worlds සහ virtual social worlds )
මුලදී Social Forums කියන සංකල්පය ඉතා තදින් ලාංකීය අන්තර්ජාල පරිශීලකයා වැලඳ ගන්නවා.
කපුටා.com,අනං මනං,එලකිරි,සිංහලයා එලෙස ජනප්‍රිය වුන අඩවි වලින් කිහිපයක්. අදටත් ඇතැම් අඩවි ඉතා සක්‍රීය මට්ටමක පැවතෙනවා.එහි තිබුනු/තිබෙන චැට් රූම්,නොමිලේ ලබා දෙන විද්‍යූත් ලිපින,සමාජීය සංවාද වගේම පසු කලෙක නොමිලේ භාගත කිරීම් වගේ පහසුකම් මෙලෙස පරිශීලකයන් ඒවා වෙත ඇද බැද තබා ගන්න සමත් උනා..
මේ විදිහට කල්ගත්වෙනවත් එක්කම social networking කියන සංකල්පය වෙත මිනිසුන් ආකර්ෂනය වෙන්න පටන් ගන්නවා. Myspace,tagged වැනි සමාජ වෙබ් අඩවි තුලට ලාංකිකයන් හුදකලා වශයෙන් සම්බන්ධවෙලා සිටියත් කණ්ඩායමක් විදිහට ඒකරාශී වෙන්න පටන් ගන්නේ
hi5 වටා!