Tuesday, January 10, 2012

මිල අධික සංකීර්ණ ජීවිතය~Expensive & complex



ජීවිතය හරි පුදුමාකාරයි... අද්භූතයි...

අපි මිල අධික බ්‍රෑන්ඩඩ් ඇඳූම් පැලඳුම් අඳින්න සිහින මවනවා..ඒත්
ඒ අපිම වැඩිම පහසුවක් සැහැල්ලුවක් සනීපයක් ලබන්නේ/දැනෙන්නේ ගෙදර තියන හඩු ටී එක,ෂෝට් එක හා රබර් දෙක තුල ..

අපි ටාජ්,හිල්ටන් එකෙන් ඔෆීස් එකේ ක්ලයන්ටලා,බොස්ලා එක්ක වාඩිවෙලා බුෆේ කෑවට
පාර අයිනේ නයිට් කඩේ යාලුවෝ එක්ක කන කොත්තුව ඊට වඩා රස විඳිනවා..

බෙන්ස්, BMW  ගන්න..අරං රට වටේ රවුම් ගහන්න හීන මවන අපිම,
තනියම ඇවිදිද්දි අපේ හදවත් එක්ක කතා කරනවා..
අපි අපිත් එක්කම කතා කරගන්නවා...

ගිගා ටෙරා බයිට් ගානට සිංදු පුරවපු හාඩ් ඩිස්ක්  I-pod තියන් හිටියට
රේඩියෝවෙ අහම්බෙන් යන සිංදුවක් අපි පුදුම විදිහට රස විඳිනවා..
මුමුනනවා..අපේ මුවගට සිනාවක් ගේනවා..

තරු හෝටල් වල නැති රස අපේ අම්මගේ කෑම වල තියනවා...

කොහේ නිදා ගත්තත් නැති සැපක් අපේ ගෙදර ඇදේ තියනවා...

පිටරටවල් වලට වෙලා මහන්සි වෙන මිනිස්සු තමන්ගේ රටේ විඳින දුකත් සැපක් ලෙස දකිනවා....


ජීවිතය සැබැවින්ම සරලයි....අපි විසින්ම ඒක සංකීර්ණ කර ගන්නවා.....

"Life is simple Indeed but we make it complex.."



Life is full of choices!! Have you made the correct one??

ජීවිතය තුල තෝරා ගන්න ගොඩක් දේවල් තියනවා..නමුත් ඔබ හරි දේ තෝරගෙනද?




මේ අවුරුද්දේ පලවෙනි පෝස්ට් එක නිසා සියලු දෙනාටම "සුභ නව වසරක් වේවා!"කියලා පතන්න මේක අවස්ථාවක් කරගන්නවා...

පහුගිය වසර මාව ගොඩක් දෙනා බ්ලොග් අවකාශය තුල දැන හදුනගත් වසරක් උනා...මගේ ලිපි කියවපු අදහස් දක්වපු හැමෝටම ස්තුතියි....



පහුගිය වසරේ වැඩියෙන්ම ජනප්‍රිය වුන/නොවුන මං කැමතිම ලිපි 6ක් මං පහලින් දානවා.. අතපසුවුන/කියවන්න බැරි වුන අයෙක් වේ නම් ඒ අයට කියවන්න.... 









30 comments:

  1. සිරාම පෝස්ට් එකක් බන්... ඇත්තටම අපිම තමයි ඔක්කොම පටලවගෙන සරල ජීවිතේ පටල ගන්නෙ...

    ReplyDelete
  2. නියමයි.. සිරාවට සරල බව සරල දෙයක් නෙමෙයි .. සරල වෙන එක හරි සංකීර්න වැඩක් වෙලා

    ReplyDelete
  3. සහතික ඇත්ත..ගෙදර ඇවිත් ඒ සින්දුව ඩවුන්ලොඩ් කරල සබ් වුෆර් එකේ ඇහුවත් රෙඩියො ඇහුව ගතිය නැ

    ReplyDelete
  4. සුන්දර ලියමනක්...

    ReplyDelete
  5. කතාව සැටිපිකේට් ට්රූ .

    ReplyDelete
  6. ෂා මසුරං පොස්ටුව

    ReplyDelete
  7. කතාව සම්පූර්ණ ඇත්ත, ඒත් ජීවිතේ හැමදාම සරල උනොත් ටික දවසක් යනකොට එපා වෙනව, ඒ වගේම සංකීර්ණ උනත් එහෙමයි. එක නිසා පොඩි පොඩි changes වලට ඔය දෙක තුනම ඕන මයෙ හිතේ.......

    ReplyDelete
  8. කොන්ෆියුසියස් කියලා තියනවාලු...
    Life is really simple, but we insist on making it complicated.

    ReplyDelete
  9. කතාව ඇත්ත බං . . අපි විහිංමයි කාගෙන තියෙන්නෙ . . .

    ReplyDelete
  10. සරලව ඉන්න ලොකු ආත්ම ශක්තියක් ඕනේ (තමන්ගේ තත්වේ අතාරින්න)...සංකීර්ණ වෙන එක සරල වෙන එකට වඩා ලේසියි කියල හිතෙනව ඇති..තත්වෙත් තියෙනවනේ එතකොට..

    ReplyDelete
  11. හරියටම හරි සභිත් . සරල දේ සුන්දරයි . මාත් ගොඩාක් සරලත්වයට කෑමති කෙනෙක් . හොඳ පෝස්ට් එකක් .

    …ඔයාටත් ලෑබුවාවූ නවවසර සියලු සිතුම් පෑතුම් ඉටු වෙන වාසනාවන්ත වසරක් වේවා !

    ReplyDelete
  12. සිරා කතාව! ලද දෙයින් අතුටු නොවීම තමයි කේස් එක...
    නව වසර සුභ වේවා මචං!

    ReplyDelete
  13. //පිටරටවල් වලට වෙලා මහන්සි වෙන මිනිස්සු තමන්ගේ රටේ විඳින දුකත් සැපක් ලෙස දකිනවා....// මචං මේක කී දවසක් මට හිතිලා තියෙනවද.

    ReplyDelete
  14. සහතික ඇත්ත සාබිත්,
    නමුත් අපි කීයෙන් කී දෙනාද ජීවිතය සරළව ගෙවන්නේ හෝ ගෙවන්න උත්සාහ කරන්නේ ?
    අපි නිතරම බලන්නේ දේවල් එකතු කරගන්න... භාණ්ඩ, යාන වාහන, ගෙවල්, හැම දෙයක්ම..
    කීයෙන් කී දෙනාද දේවල් අතහරින්නේ ? ඉඳලා හිටලා වත්....
    දන් දෙනවා තමයි.. නමුත් ඒ දන් දීමේ යට් අරමුණ දානය නෙවෙයි, තමන්ට තවත් යමක් ලබා ගැනීම නේද ?
    පහන් සිතින් දානයක් දෙන්නේ කීයෙන් කී දෙනාද ?
    මේවාට උත්තර හොයන එකත් හරිම සංකීර්ණයි...
    ගමට ගියාහ ඒ පලාතෙ තියෙන සරළ බව මට හොඳට පේනවා... නමුත් අපිට ඒ තත්ත්‍වයට ආයෙත් යන්න බැරිකමත් මට හොඳට පේනවා.... නමුත් අපි පුරුදු පුහුණු වුනොත් ආයෙම ඒ සරළ ජීවිතයට තරමක් දුරට යන්න පුළුවන් වේවි..
    සරළ ජීවිතයෙ ප්‍රශ්න අඩුයි...
    ඒකයි සිසිර සේනාරත්න කිවුවෙ
    පිදුරු සෙවි කළ පැල්පතේ ඇති
    සාමෙ නැත මහ මන්දිරේ
    කියලා...

    ඇල්කෙමියා

    ReplyDelete
  15. බියර් බිව්වම තිත්තයි එත් කියන්න බයයි!
    සංකිර්ණත්වයත් හරියට බියර් වගේ!

    ReplyDelete
  16. අනිවා මචං සරල ජිවිතේ මාර පට්ටම එකක් මචො සහතික ඇත්ත...

    ReplyDelete
  17. මාත් මේ අදහසට එකගයි සබිත්.. විශේෂයෙන්ම මේකට..

    "පිටරටවල් වලට වෙලා මහන්සි වෙන මිනිස්සු තමන්ගේ රටේ විඳින දුකත් සැපක් ලෙස දකිනවා.."

    ජීවිතේ ගැන වෙලාවකට තේරුම් ගන්න අමාරුයි...

    ReplyDelete
  18. අහ්... කියලා වැඩක් නෑ...කියන්ඩ වදන් නෑ....
    ගින්දර පෝස්ට් එක.

    ReplyDelete
  19. සතුටුයි සහෝදරයා....
    ලස්සනට ලියල තියෙනවා ..
    හැබැවටම සතුටුයි ...!!

    ReplyDelete
  20. ජීවිතේට ඇත්තටම වටින්නෙ සරලකම..පුශ්ණෙ තියෙන්නෙ මිනිස්සු සරලකම ගැන හිතන්නෙ ගැඹුරින්...

    ReplyDelete
  21. එල එල මචෝ... සුභ අළුත් අවුරුද්දක් වේවා...

    ReplyDelete
  22. කට්ටියටම පෝස්ට් එකක හිතට අල්ලලා වගේ! ගොඩක් සතුටුයි ඒ ගැන..
    ඇල්කේමියා ගේ පැමිනීම ඊටත් වඩා සතුටක්..
    බොහොම ස්තුතියි කට්ටියගෙම අදහස් වලට..

    @දිනේශ්, අසරණයා :
    "පිටරටවල් වලට වෙලා මහන්සි වෙන මිනිස්සු තමන්ගේ රටේ විඳින දුකත් සැපක් ලෙස දකිනවා"
    එක මගේත් සිතිවිල්ලක්..මටත් මෙහෙම හිතෙන වෙලාවල් අනන්තයි..රටින් පිටට වෙලා දුක් විඳින හැමෝටම පොදු සිතුවිල්ලක් මේක මං හිතන්නේ!

    පැතුම් : ඔව්..සමහරු සරල බව දකින්නේ ලෝබ කමක් විදිහට...ඒවට නොසැලී ඉන්න පැහැදිලි ආත්ම ශක්තියක් ඕන තමා

    ReplyDelete
  23. උබේ පෝස්ට් එකක් දකින්න ආසාවෙන් හිටියේ..

    සරල අල්පේඡ්ජ ජීවිතයට පුරැදු වෙන එක දුක් කරදර අඩු වෙන්න හේතුවක්.

    මතක් වුණා සිංදු දෙකක් දෙකම ගායනා කරන්නේ සෝමතිලක ජයමහ..

    1 - ආදරයේ උණුසුම ලග දුක දැනෙන්නේ නෑ..
    2 - පොඩි දුවගේ සිනා වැලයි, පොඩි පුතුගේ කතා පෙලයි..

    ෂේප් එකේ මම කියනවට අහන්න.. සබියා සිරා ලිවිල්ල බොල..

    ReplyDelete
  24. හ්ම්ම්ම්... මරු ලිපියක්.. අපිට සරළ වෙන්න පුළුවන් නම් ලෝකෙ කොච්චර සුන්දර වේවි ද? ජය වේවා !!!

    ReplyDelete
  25. ජීවිතේ රසවිඳින එක හරිම සරලයි කියල නොතේරෙණ තරමට මේ පරිභෝජනය අපිව අන්ධ කරල මචං... උඹේ මේ පෝස්ට් එකත් ඒ වගේ ආයෙමත් ජීවිතේට අපිව අරන් එන එකක්!

    ReplyDelete
  26. සුභ නව වසරක් වේවා සබීත්...

    ReplyDelete
  27. උබට කියන්න බන් මටත් හිතෙන්නෙ ඕකමනේ... අපි විහින්ම යන්නෙ සංකීර්න ලෝකෙකට... අපි ආස නැති. ඒත් මේ සමාජය... අපි වටේ ඉන්න මිනිස්සු නිසා අපිත් නොදැනුවත්වම ඔය රේස් එකට වැටෙනවා..

    මේ ලිපියට මම හෙන ආසයි මචන්.

    ReplyDelete
  28. සෑම් : මං අහලා තියනවා මචං සිංදු දෙකම...ශබ්ද රසයට වඩා අර්ථ රසයට ඉඩ වෙන් වෙච්ච හිත නිවන සිංදු..

    ReplyDelete
  29. නියම අදහස් ටික. මම බැලුවෙ එකගවෙන්නෙ නැතිදෙයක් හොයාගන්න. එහෙම දෙයක් අහුවුනේ නෑ. හැබැයි සහෝදරය කිව්ව වගේ සරළ වෙනඑක ලේසිවැඩක් නෙවේ. ඒ වගේම තමයි සරළබව විතරක්ම තිබුනොත් ඒකත් එපා වෙනව.

    ReplyDelete
  30. අනිවා මචං.ඩෙනිමටත් වඩා සරම ආතල්.සුභ අලුත් අවුරුද්දක් මචං

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...