Saturday, July 30, 2011

සාබිත්ගේ අර්ධ ශතකය....

අදත් පුරුදු විදිහට කොලේජ් ගිහින් වෙනදා වගේ බ්ලොගිය පැත්තේ   ආවම තමා දැක්කේ මං 50 ගහල බව :) ඔව්! ෆලොවර්ස්ලා 50ක්..ඒ විතරක් නෙවෙයි හිට්ස් 3008ක්! දෙකම එක දවසේ! මං හිට්ස් 1000 ගහපු දවසේ ගොඩක් විස්තර ලියපු නිසා (කියවපු නැති අය ගිහින් කියවන්න) අද ආපහු ලියන්න යන්නේ නෑ එවා! මං බ්ලොග් එක පටන් අරන් දැන් අවුරුද්දක් විතර! හැබැයි ලියල තියෙන්නේ පොස්ට් 12යි.. දැන් අලුතෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තු අය හිනා වෙන්න එපා හරිද මූට අවුරුද්දක් ගියාට මගේ බ්ලොග් එකට ඔය ටික සති 3න් හම්බුනා නේ කියල! ඇත්ත තමා! ගොඩක් අය ඇවිත් මාසයක් යද්දි සැහෙන්න ෆලෝවර්ස්ලයි හිට්ස් තොගේකුයි සෙට් වෙනවා..අනේ ඉතින් මට නම් ඒ හැටි ඔවා පස්සෙ එලවන්න බෑ! හිතෙන දෙයක් ලියල,තියන දෙයක් කාල වෙනදෙයක් බලා ගෙන ඉන්නවා ඇරෙන්න..කොහොමත් මං ගොඩක් ලියනවට වඩා කරන්නේ කියවන එක..ඇරත් මං ලියන්නං වාලේ ලියන කෙනෙකුත් නෙවෙයි....ඉතින් මගේ ගමන මං යනවා හිමින් සීරුවේ! මොකක් හරි ලියල දැම්මම දැන් දැන් 300ක් විතර බලලා යනව කොමෙන්ට් 20ක් විතර වැටෙනවා ඒ ටික මට ඇති! ඉතින් මගේ බ්ලොග් එක පැත්තේ ඉඳල හිටලා එන හැමෝටමයි ෆලෝ කරපු හැමොටමයි ගොඩක් ස්තුතියි!ජයවේවා! 
-සාබිත්-

Thursday, July 21, 2011

දන්න පැරසිටමෝල්(පැනඩෝල්) ගැන නොදන්න ටිකක්!


පැරසිටමොල් එසේත් නොමැතිනම් පැනඩොල් ලෙස අපි කවුරුත් හඳුන්වන මේ ඖෂධය බොහොම සුලභව අපි කවුරුත් එදිනෙදා භාවිතා කරන බෙහෙතක්...ඉතින් මේ බෙහෙත ගැන දන්න හා නොදන්නා කරුනු කිහිපයක් මේ කෙටි ලිපිය තුල අන්තර්ගත වෙලා තියනවා..

අතීතය: 
     මේ බෙහෙත පලමුව සොයාගෙන තිබෙන්නේ 1877 දී පමන හාර්මන් මෝර්ස් කියන පුද්ගලයා විසින්..නමුත් එය ඇමරිකානු වෙලඳ පොලට පිලිගත් ඖෂධයක් ලෙස එක් වන්නේ නවසිය ගනන් වල මුල් භාගයේ ලෙසයි සඳහන් වී ඇත්තේ..

රසායනික නාමය:   පැරසිටමොල් හෝ ඇසිටොමිනෝ‍ෆින් (C8H9NO2)

වෙලඳ නාම       :   පැනඩොල්, පැර්සිටෝල් (ලංකාවේ)


ලබා ගන්න පුලුවන් මොන විදිහේ තත්ත්වයන් වලදීද?
  • මෙය කුඩා හා මධ්‍යම ප්‍රමානයේ වේදනාවන් වලදී වේදනා නාශකයක් ලෙස ක්‍රියා කරනවා(හිසේ    කැක්කුම්,මාංශ පේශි වල වේදනාවන්,දත් කැක්කුම්)
  • දේහ උෂ්ණත්වය අඩු කරන නිසා උණ වැනි තත්ත්වයන් වලදී හා 
  • වෛද්්‍ය නිර්දේශය මත තවත් රෝග ගනනාවකදී...


Sunday, July 17, 2011

පෞද්ගලික වෛද්‍ය විද්්‍යාල, නිදහස් අධ්‍යාපනයේ මලගම(ද?) හා සිසු පරපුර..(දේශපාලනික නොවන ලිපියකි)



පෞද්ගලික විශ්ව විද්්‍යාල හා නිදහස් අධය්‍යාපනයේ මලගම ගැන වෙන කවරදාකටමත් වඩා පහුගිය වක වානුවේ කතා බහට ලක්වුනා..පස්සේ දැන් දැන් ඒ කතබහ සමාජයේ නැවතත් මතුවෙන්න පටන් අරගෙන..මේ නිසාම මේ වයේ ඇත්ත නැත්ත ගැන දේශපාලනීය නොවන බුද්ධිමත් සංවාදයකට මුල පුරන්න ඕන කියලා මට හිතුනේ ඒ ගැන කතා කරන්න මං සුදුසුයි වගේම මට ඒ ගැන අයිතියක් තියනව කියල මට හැඟුන..මොකද මාත් පෞද්ගලික විශ්වවිද්්‍යාලයක සිසුවෙක් නිසා...
බුලත්කොල,සීනු,අලි,හක්ගෙඩිකාරයන් කියවනවානම් තමන්ගේ(හෝ තමන්ට කා වද්දා ඇති) දේශපාලනික අදහස් පැත්තක තියල මැදහත් මනසින් මෙක කියවන ලෙසට ආරාධනා කරනවා..කවුරු හරි මගේ අදහස් වලට එකඟ නැත්නම් පිලිතුරු ලිපියක් ලියන්න...අපි සාකජ්ජා කරමු...වැදගත් විදිහට මේ ගැන කතා කරමු..බුද්ධිමත් සංවාදයක් ගොඩනගමු! ඒ තුලින් සාමාන්්‍යය පාඨකයාට අවස්ථාව දෙමු කිරල මැනලා අනුන්ගේ මතය වෙනුවට තමන්ගේ මතය ගොඩනගා ගන්න.......


ශ්‍රී ලංකාවට පෞද්ගලික විශ්වවිද්්‍යාල සංකල්පය අලුත් එකක් වුනාට දකුනු ආසියවේ සියලුම රටවල් වල මේ කියන පෞද්ගලික විශ්වවිද්්‍යාල දකින්නට ලැබෙනවා..ඇතැම රටවල් වල විදෙශ සිසුන් පවා මේවාට ඇතුල් කර ගන්නවා..
වාර්ශිකව ලංකාවේ වෛද්්‍ය විද්්‍යාලයකට යෑම සඳහ වරම් ලබන්නේ කොතරම් සුලු පිරිසක්ද කියන එක කියන්න අ‍ටුවාටිකා ඕන නෑ..ඉන්පසු සෙසු පිරිසට සිදුවන්නේ කුමක්ද????

Sunday, July 3, 2011

නො එන ගමන් යන මගේ මිතුරාට.........

පොඩි කාලේ ඉඳන් එකට හිටපු මගේ මිත්‍රයා මලිත් අද හවස 3ට නො එන ගමන් යනවා...



මතක මංපෙතේ ආපසු පිය නගන්නට හැකි නම්,
හමුවන සිතෙහි ‍රැඳුනු පැ‍රැණිම මතකයන් අතර කොහේ හෝ කොනක උඹත් ඇති..
අපි ඒ තරම් කාලයක සිට එකිනෙකා දැන උන්නා..
අපි එකට උස් මහත් උනා,හැදී වැඩුනා..
අපි එකිනෙකා ගැන හැම දෙයක්ම දැන හිටියා..
ඒ අපි අතර තිබුනු බැඳීමක තරම...
පාසල පංතිය සෙනෙහස මිතුදම අතර ගෙවුනු කාලය කොතරම් සොඳුරුද?

කොහේ සිට හෝ බලා ඉන්නවා නම් අද අපි දිහා..
උඹ ආඩම්බර වේවි!
කෙටි ජීවිතය තුල ලඟා කරගත් දෙවල් ගැන,මිනිස්සු ගැන,මනුස්සකම ගැන,
උඹ දුක් වේවි!
උඹට ලඟා කරගන්න තිබුන දෙවල් ගැන,මිනිස්සු ගැන..

අද.....
ජීවිතය ජීවත් කරවීමේ අභියෝගය හමුවේ උඹ පැරදිලා
නිසලව අපි දිහා බලන් ඉන්නවා...
ඔබෙන් කවදාවත් නොදැකපු නුපුරුදු නිහඬ බව අපිට ලොකු පණිවිඩයක් කියනව...
කෙටි ජීවිතයක්..ලොකු පණිවිඩයක්...

ඒ මරණය තුලින් ලෝකය නතර කල නොහැකි බව,
ලෝකය පෙරටම පෙරටත් වඩා වේගයෙන් ගමන් ගන්නා බව..
ලෝකය වෙනස් කල හැක්කේ මරණය තුලින් නොව ජීවිතය තුලින්ම පමනක් බව..
ප්‍රශ්න වලට විසඳුම ජීවිතයම බව...

යමක් ලබා ගැනීමට නම් යමක් කැප කල යුතුයි..
ඒත්..උඹ කල කැප කිරීමෙන් උඹට ලැබුනේ මොනවාද?
අපිට ලැබුනේ මොනවද???

පිලිතුරු නැති ප්‍රශ්ණ ඉතුරුකරලා උඹ අද අපෙන් යන්නම යනවා...

පිට රටක ඉඳගෙන උඹේ මතක එක එක අමුනද්දී...
උඹේ මූන අන්තිම පාරට බලගන්න බැරි වෙන බව දැනෙද්දී...
මගේ කර පිට පොඩි දුරක් හරි උඹේ අන්තිම ගමන ගෙනියන්න මට බැරි බව හැ‍ඟෙද්දී
මේ ජීවිතේ කොච්චර කාලකණ්නිද කියල හිතෙන වාර ගනන අනන්තයි බං!

මලිත්..
එහෙනම් මචං උඹට සුබ ගමන්!

Sunday, June 19, 2011

ලේ දන් දීම....තවත් එක් සාම්ප්‍රදායික ලිපියක් නොවේ!


(ජුනි 14 වෙනිදට යෙදුනු ලෝක ලේ දන් දීමේ දිනය වෙනුවෙන් ලියැවුනු සාම්ප්‍රදායික ලිපියක් නොවන බව කරුනාවෙන් සලකන්න..මන්ද යත් මේ වන විට එවැනි ලියුම් ගනනාවක් ඔබ දැනතමත් කියවා ඇති)
සැ:යු : මා කලින් ලියු දියවැඩියාව ලිපියට ඒ තරම් ප්‍රතිචාර හම්බ වුනේ නෑ...හේතුව තේරුම් ගැනීමේ අපහසුතාවය වෙන්න ඇති.ඒ නිසා පුලුවන් තරම් සරලව ලියන්න උත්සහ කරන්නම්.

ලේ.......

ඕන වෙන්නේ කාටද????

• හදිසි රුධිර වහනයන් නිසා රුධිර පරිමාව අඩු වු අයට..
හදිසි අනතුරු,සැත්කම්, දරු ප්‍රසූතියකදි මේ තත්ත්වය ඇති විය හැකි.
• රක්ත හීනතාවයෙන් පෙලෙන අයට
• ලියුකේමියා රොගීන්ට
• අධික පිලිස්සුම් තුවාල සහිත වූවන්ට
• රුධිරය කැටි නොගැසීමේ රෝග තත්ත්වයන්ට මුහුන දෙන අයට(හීමොෆීලියාව)
• ඇතැම්විට අලුත උපන් දරුවන්ට


කාටද ලේ දෙන්න පුලුවන්????

අපි හිතනවා වගෙ ඕන කෙනෙක්ට ඔන ඕන විදිහට ගිහින් ලේ දන් දෙන්න බෑ..ඒ සඳහා සපුරාලියයුතු කොන්දෙසි කිහිපයක් තියනවා!
• වයස අවුරුදු 18ත් 65ත් අතර විය යුතුයි
• බර කිලෝ ග්රෑඅම් 50ට වැඩි විය යුතුයි
• මැලේරියා.හෙපටයිටිස්,AIDS වැනි රෝග තත්ත්වයන් වලින් තොර විය යුතුයි
• රුධිර පීඩනය සාමාන්‍යය මට්ටමක තියෙන්න ඕන
• අවසන් වරට ලේ දන් දීමේ දිනය මාස 4කට කලින් නම් වඩත් යොග්‍යයි
• ගැබිනි මාතාවන්ගෙන් ලේ ලබා ගන්නෙත් නැහැ

ඉහත කොන්දෙසි සපුරාලන ඕන කෙනෙක්ගෙන් රුධිරය ලබා ගන්නවා! ගන්න විදිහ කලින් දැකලා ඇතිනේ!


කොච්චර ගන්නවද???
එක පයින්ට් එකයි! මිලි ලිටර් 450යි..ලේ ගන්න කොට කිසිම රිදිල්ලක් නැත්නම් අපහසුවක් ඇතිවෙන්නෙ නෑ ක‍ටුව ගහන කොට ඇරෙන්න!
මේ ලබා දෙන මිලි ලිටර් 450 අඩුව විනාඩි 30,40ක් යන කොට අපේ ශරීරය හරි ගස්ස ගන්නවා..රුධිර සෛල හැදෙන්න ටික දවසක් යනව උනාට අපි ඇත්තටම ලේ දුන්නත් නෑ වගේ තමා..කිසිම්ම පාඩුවක් වෙන්නෙ නෑ!

ඊට පස්සෙ මොකද කරන්නෙ???

රුධිරය අර ප්ලස්ටික් බෑග වල බහාල ලා එයට ප්‍රතිකැටිකාරක එකතු කරනවා කැටි නොගැහෙන්න..පස්සෙ සෙල්සියස් අංශක 4 ක් තරම් වන අඩු උෂ්නත්වයක ගබඩා කරනවා!එවිට ගොඩ කාලයක් තියා ගන්න පුලුවන්!


ඊටත් පස්සෙ????
ඊට පස්සෙ ඒ රුදිරය අරගෙන පහත පරීක්ශන වලට ලක් කරනවා!ඇතැම් විට මේ පරීක්ශන රුධිරය ගන්න කලින්ම කරන අවස්ථාත් තියනවා!

1. රුධිර කාණ්ඩය පිරික්සීම (A,AB,O,B යන වග පිරික්සීම) හා Rh සාධකය (+ ද - ද යන වග)පිරික්සීම

මේකෙන් ඔබට පේනව ඇයි කාන්ඩය පරීක්ශා කරන්නෙ කියල.
ඔබෙ වර්ගය O නම් ඔබට හැමොටම දන් දෙන්න පුලුවන් උනාට ඔබට අවශ්‍ය උනාම ගන්න පුලුවන් O වර්ගය විතරයි.A ට ඕන කෙනෙක්ගෙන් ගන්න පුලුවන්..ඒ විදිහට....

2.හෙපටයිටිස් B හා C පරීක්ෂව
3. AIDS පරීක්ෂාව

ඊට පස්සෙ මේ රුධිරය රොගියාට දෙන්න කලින් බලනවා එ රොගියාට ඒ ලේ ගැලපෙනවද කියල පොඩි පරීක්ෂාවකින්..පස්සෙ ගැලපෙනවා නම් ඔබේ කැපකිරිමෙන් ඔබ ඔහුව මේ ලොකේ තව තත්ත්පරයක් හරි ඇතැම්විට ජීවිතකාලෙම හරි ජීවත් කරවනවා..

සම්පූර්න රුධිරයම විතරක් නෙවේ දෙන්නෙ..එම රුධිරය පට්ටිකා,ප්ලස්මය,රුධිර ප්‍රෝටින,රුධිර කැටි ගැහෙන සාධක වෙන් කර ගෙන වෙන වෙනම ලබා දෙන අවස්ථාත් තියනවා!

ඔන්න ඔහොමයි වැඩේ වෙන්නෙ!මං කලින් කිව්වනේ මං ඇයි අපි ලේ දෙන්න ඔන,මිනිස්සු කොහොමද ඒකෙන් ජීවත් වෙන්නෙ,අපිට කොච්චර පින් ද කියල මං කියන්න යන්නෙ නෑ කියල!
හැබැයි ඔබේ රුධිරය බිංදුව බිංදුව වැටෙද්දි ඒ පවුල් වල අයගෙ සිතට දැනෙන සැනසීම,හැඟීම අපිට කවදවත් සල්ලි වලට ගන්න බැරි වෙයි!
වෙලා තියනවා නම් මේ දුක හිතෙන කතාවත් පොඩ්ඩක් කියවල යන්න!
http://www.bloodbanksrilanka.com/amazing_stories.php

මූලාශ්‍ර : පොත පත, ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ වෙබ් අඩවිය!

Thursday, June 9, 2011

හිට්ස් 1000 කඩඉමෙ සිට ආපසු හැරි බැලිම..


නවකයෙකුගෙ සිහිනය මොකක්ද කියල කවුරු හරි ඇහුවොත් පුලුවන් තරම් ඉක්මනට හිට්ස් 1000ක් ගන්න එක කියල 10න් 8ක් වත් කියනව සුවර්!!!
තමන්ගෙ බ්ලොග් එකට ඇවිත් කවුරු හරි කොමෙන්ටුවක් හරි ෆලො පාරක් හරි දැම්මම තියන ආතල් එක නැත්නම් කිතිය එහමත් නැත්නම් ඉයුෆොරාව ගැන බ්ලොග් ලියන කියවන ඔයාලට අමුතුවෙන් කියන්න ඔන නැහ නෙ...
ඉස්සර වගෙ නෙවෙයි දැන් හිට්ස් 1000ක් වට්ටගන්න එක එ හැටි වැඩක් නෙවෙයි..හරියට ගෙමට බැස්සොත්.සිංඩි දෙක තුනකට රිංග ගෙන පොස්ට් දෙක තුනක් සතියට ලියල දැම්මොත්..කාගෙ හරි හොදට හිට් බ්ලොගියක කොමෙන්ටුවක් දැම්මොත් මාසෙකින් කිසි කරදරයක් නැතුව හිට්ස් 1000 ලගා කරගන්න පුලුවන්..

මගෙ නම ඔයාලා ජංජාලයෙ දකින්න පටන් ගත්තෙ ඊයෙ පෙරෙදා ඉදන් උනාට මගෙ බ්ලොගිය මාස 10ක් විතර පරනයි...
මං මෙක පටන් ගත්තෙ නිකන් මට හිතෙන දෙවල් යාලුවන්ට කියන්න දැන ගන්න සලස්වන්න හිත්ගෙන..එහෙම හිතල මාස හය හතක් එ විදිහට වැඩෙ කරගෙන ගියා...පහුගිය අප්‍රෙල් වෙනකන්ම තිබ්බෙ හිට්ස් 200යිද කොහෙද ...හික්ස්..
හිට්ස් අඩු වෙන්න හෙතු උන් මං සිංඩි වල නොහිටපු එක..අනිත් එක මට උවමනාවක් හා වෙලාවක් නොතිබ්බ එක..අදටත් මං බස් එකෙ නැහැ..
මං (කොන්)දොස්තර කෙනෙක් වෙන්න ඉගෙන ගන්නවා කියල කස්ටිය දන්නවා ඇතිනෙ..ඉතින් exam සෙට් උනාම මෙවට තියන වෙලාව ගොඩක් අඩුයි...
2 වසරෙ විබාගෙ පොඩ්ඩක් ලොකු එකක්..එක දෙයියනෙ කියල ගොඩ දාගෙන මගෙ අලුත් ලැපත් ගත්තා...එ අරන් පොඩ්ඩක් ජංජාලෙ බ්ලොග් කියවද්දි මටත් හිතුන මහ මෙරක් උසට තියන වැඩ නිසා මොට්ට වෙගෙන යන මගෙ රසවින්දනය ගොඩ ගන්න බ්ලොගිය මරු පොට් එක කියලා...මොකද මාත් ඉස්කොලෙ යන කාලෙ හොදට ලියපු කියවපු එකා නොවැ..
බ්ලොගිය ඇතුලෙ තියන sub culture එකට මට ආස හිතුන..හවසට බොඩිමට ඇවිත් ප්ලෙන්ටියක් ගහන ගමන් අනිත් උන් ලියපුව කියවද්දි තියන ආතල් එක කියල වැඩක් නෑ..දුර ඈත රටක ඉන්න අපි වගෙ උන්ගෙ පිහිටට ඉන්නෙ බුකිය විතරයි කියල හිතාගෙන ඉදපු මට බුකියෙම ඉදලා කාලකන්නි වෙනවට වඩා මෙ වගෙ වැඩකුත් කරගෙන ඉන්න පුලුවන් නම් මරු කියල හිතුනා..
මගෙ සිතුවිලි වලට අනිත් උන් කියන්නෙ මොනාද කියල මටත් දැන ගන්න ඔන උනා ( මොකද මෙහෙ ඉන්න පොත් ගුල්ලොන්ට හා ගුල්ලියොන්ට ඔව රස වින්දින්න වෙල තියන එකක් යැ..)

කොහොමත් ‍‍‍ඨනිකගෙ සිතුවිලි ලියන දනික අයියත් සංකල්පනා ලියන දිලිපත් අපෙ ඉස්කොල් නෙ..මං දනික අයියා යටතෙත්,දිලිප මගෙ යටතෙත් වැඩ කරල තියනව ඉස්කොලෙ..ඉතින් මං උන් දෙන්නගෙ බ්ලොගිය පැත්තෙ එ දවස් වල ඉදල ඉදල ආවා...ඉතින් ඔවා ඔක්කොම බලපාන්න ඇති මටත් සිංඩි වලට දාලා වැඩෙට සෙන්ටර් වෙන්න...

ඉතින් ආතල් එකෙ වෙලා තියන විදියට මොන මොනා හරි ලියල දාන්න තම හිතන් ඉන්නෙ....මොකද අනිත් අය වගෙ කියන්න ලියන්න ලස්සන ජොලි කතා මටත් තිබුනට මොකො ඔව ඉදගෙන කොටන්න වෙලා නැති එක තමා අවුල.
දැනට ඉතින් පොඩ්ඩ පොඩ්ඩ ප්‍රතිචාර එනවා...
මොනා හරි ලියලා දාලා සතියක් විතර යද්දි කොමෙන්ටු 10ක් විතර වැටෙනවා..පස්සෙන් එන අය නම් ගොඩක් නෑ..තාම 18 දෙනයි.....ඉස්සරහටත් හිට්ස් වැඩි කරගන්නවත් පස්සෙන් කස්ටිය ගෙන්න ගන්නවත් ලොකුවට වැඩෙට සෙන්ටර් වෙන්නවත් අදහසක් නෑ.
පුලු පුලුවන් වෙලාවට මොනා හරි ලියලා දාන ගමන් හවසට ඔයාලා ලියල කියලා තියන දෙවල් සිංඩියකට ගිහින් බලලා තියන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න තමා හිතන් ඉන්නෙ...

තාම මගෙ බ්ලොගිය පැත්තෙ ඇවිත් නැති අය ඇවිත් තියන දෙයක් කියවලා කොමෙන්ටුවක් දාලා යයි කියල හිතනවා..
ජය වෙවා!

Friday, June 3, 2011

හැර (නො)ගිය සිතුවිලි...



ආදර සිතුම්,
පොපියන හැඟුම්,
සිත මත් කලා ඔබ දුටු සැනින්..

සිත කි වදන් ඇසුවා එදා,
අමතක උනා එය මත් වි කියා..

අමයුරුවන්වු ඔබ ප්‍රෙමයෙන්,
මත් වු මා සිතෙ වෙරි
දැන් හිදිලා ගොසින්..

ගතින් හා සිතින්..වෙතත් ඔබ අද ලගින්..
ඔබ ගැන හැගුම් නම් බොහො දුර ගිහින්..
සිත හැරදා ගිහින්...
යලි නොඑනා ලෙසින්...

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...