Wednesday, August 31, 2011
ඇඳුම් ගනිද්දි පරිස්සමින්!!!
මං අද වෙනකම් මට වෙච්ච පෞද්ගලික දේවල් බ්ලොගියේ අකුරු කරපු එකෙක් නෙවේ! ඒ වැඩේට මං එච්චර ආසත් නෑ! හැබැයි ඒ ඉතින් ලියන්න දේවල් නැති නිසා නම් නෙවේ..මට වෙච්ච දේවල් ලියනවනම් පොත් ගනන් ලියලා ඒවායේ කවරවලත් ලියන්න දේවල් තියනවා..ඔන්න ඉතින් එහෙම ලියන උන් ඉන්නව නම් කලබල වෙන්න එපා! තව තව ලියපල්ලා!මං ගොඩක් ආසාවෙන් කියවනවා!මොකද ඉතින් එක එකා ගේ ආතල් විවිධාකාරයි නේ! අපේ ආතල් අපිට ආතල්..නැද්ද මං අහන්නේ!
රා.......යිට්! ඔන්න සිද්දිය!
Monday, August 29, 2011
අහිමි සැප!!
රෑ ඉතුරු වෙච්චවා උදේට අම්ම රත් කරල තියද්දි...ඒවා නොකා ගේ ලඟ තේ කඩෙන් බිත්තර රොටි දෙක තුනකට වග කියල..
ප්ලේන්ටියක් බීල..
අම්මගෙන් "උඹ් කන්නෙ නැද්ද? කන්නෙ නැද්ද?" කියල බැනුම් අහද්දි..
රැට යාලුවෝ එක්ක පචයක් ගහන ගමන්..
කොත්තු බාස්ගේ දා බිඳු වලින් පදමට ලුනු වැටිච්ච කොත්තු දෙකක් ප්ලේට් තුනකට දාල කාල..
අතේ තියන අන්තිම සතේ සතේ දාල බිල ගෙවල..
බඩට වඩා හිත පුරෝගෙන ගෙදර යද්දි..
බස් හොල්ට් එකට වෙලා හවසට ගවුමක් බලලා...
යලුවෝ එක්ක යන එන ජෝඩු වල හූල්ලද්දි..
කවදාවත් සෙට් නොවෙන බව ටක්කෙටම දන්න කෙල්ලෙක්ට පිස්සු වැටිලා
එකි පස්සෙ දවසගානේ බඩගාද්දි...
තියන සැප,දැනෙන හැඟීම වගේ සතුටක් ලොකේ තව තියෙන්න පුලුවන්ද???
රුපියල් සත වලින් අරගන්න පුලුවන්ද?
ඒ ඔක්කොම පැත්තක තියලා අපි මේ දුවන මිරිඟුව මොකක්ද?
ඒ තුලින් කවදා හරි අපිට හම්බ වේ කියල අපි විශ්වාස කරන්නේ අපෙ හිත ඉල්ලන දේද?
අපිට ඕන කරන දේ ද?
පිලිතුර නෑ කියන එක නම් (ඒ බව අපිත් දන්නවනම්)..
හිත ඉල්ලන දේ අපිට,අපිටම දීගන්න බැරි ඇයි?
(මේ දවස්වල ගෙදරට වෙලා යාලුවො එක්ක ඉන්නකොට හිතිච්ච සිතුවිලි ටිකක් ......)
Wednesday, August 24, 2011
පෞද්ගලික වෛද්‍ය විද්්‍යාල, නිදහස් අධ්‍යාපනයේ මලගම(ද?) හා සිසු පරපුර..දේශපාලනික නොවන සංවාදය - II කොටස
මා විසින් ලියන ලද පෞද්ගලික වෛද්‍ය විද්්‍යාල, නිදහස් අධ්‍යාපනයේ මලගම(ද?) හා සිසු පරපුර..(දේශපාලනික නොවන ලිපියකි) (මෙතනින් කියවන්න) ලිපියේ මාගේ අදහස් ප්‍රකාශ කරන අතරතුර බුද්ධිමත් සංවාදයකට මා ඇරයුම් කලා..ඊට පිලිතුරු ලෙස මේ ක්ෂේත්‍රයේ නියුතු වියතුන් බොහො දෙනෙක් අදහස් පල කිරීම ගැන පුද්ගලිකව මං පවා මවිත උනා...
සාමාන්්‍ය පාඨකයන්ට අමතරව වෛද්්‍යවරුන්,විදෙස් ව්.ව් වල ආචර්ය මණ්ඩලයේ සාමාජිකයින් පමනක් නොව දිනුක වැනි තව බොහෝදේශීය වි.වි වල සිසුන් පවා අදහස් දැක්වීමට එකතු වීම ගැන සතුටුයි..
ඒ අතර මිගාර වෛද්්‍ය තුමා ඔහු විසින් ලියන ලද සවිස්තරාත්මක ලිපියක් මගේ ලිපියට පිලිතුරු ලෙස පල කලා...ඒ තුලින් මා සාකඡ්ඡා කල කරුනු සවිස්තරාත්මකව විස්තර කෙරෙනවා පමනක් නොව මගේ අදහසට ප්‍රතිවිරුද්ද මත පලකල බොහෝ දෙනෙකුගේ ගැටලුවලට විසඳුම් ලැබෙනවා..පැන නැගිය හැකි ප්‍රායොගික ප්‍රශ්න වගේම ඒවාට පිලිතුරුත් දක්වා තිබීම නිසා මෙය පලකරන්නට මා තීරනය කලා..පැහැදිලි සැලසුම් හා ප්‍රතිපත්තිමය තීරනයන් ගැනීම තුලින් පෞ.වෛ.වි ප්‍රයෝගික යථාර්තයක් බවට පත් කර ගැනීම එතරම් අපහසු නොවන බව මේ ලිපියෙන් ඔබට පැහැදිලි වේවි....
Tuesday, August 16, 2011
ගබ්සාව
මං ඉගෙන ගත්තු පාසල ඒ කියන්නේ කලුතර සිරි කුරුස විදුහලේ හරි අපුරු දෙයක් සිදු වෙනවා...සැම වසරකම ජේෂ්ඨ ශිෂ්්‍ය නායකයන් හා ශිෂ්්‍ය නායක සංගමය පාසලේ වි්‍යාපෘතියක් කරන්න ඕන..පස්සේ එක අව්ට පාසල් හා මහ ජනතවට ඉදිරිපත් කරන්න ඕන..මේක සාමන්්‍යයෙන් ලොකු වැඩක්...ලක්ෂ ගනනින් මුදල් හුවමාරු වෙන වගේම සමහර විට හොඳ ලාභයකුත් තියනවා...ටිකත් විකුනලා,ඇඩ් හොයලා තමා වියදම කවර් කරගන්නේ! විශේෂත්වය තමා සියලු දේම මෙහෙය වන්නේ සිසුන් වීම..
ඉතින් ඔය විදිහට මැතකදී 2004 දී දැහැන්සර,2005 සමාශ්‍ර, 2006 Rhythm of the Horizon, 2007 Revolution අධ්‍යාපනික ප්‍රදර්ශනය වගේ දේවල් සංවිධානය උනා...2004 දැහැන්සර කියන්නේ පාසලේම සිසුන්ගේ පද රචනයෙන් ගායනයෙන් හැඩවුනු තැටියක් එලි දැක්වුනු අවුරුද්ද..ලොකු ප්‍රසංගයක් එහෙම තියාඅ තමයි මේ එලි දැක්වුවේ.. මේ තියෙන්නේ එහි හොඳම ගීතයට ලෙස තේරුනු පද රචනය..සංගීතය එක්ක මුසු උනාම ගොඩක් ලස්සන ගොඩක් තේරුමක් තියන සිංදුවක්...
පද රචනය : හිමාල් නාලක අයියා ( මේක ලිව්වේ එය 12 වසරේ ඉන්නකොට..දැන් දන්ත වෛද්‍ය වරයෙක්)
ගායනය : ෂෙනෝ කුරේ අයියා
සංගීතය : ජුඩ් ඇන්ටන් පිය නම
Saturday, July 30, 2011
සාබිත්ගේ අර්ධ ශතකය....
අදත් පුරුදු විදිහට කොලේජ් ගිහින් වෙනදා වගේ බ්ලොගිය පැත්තේ ආවම තමා දැක්කේ මං 50 ගහල බව :) ඔව්! ෆලොවර්ස්ලා 50ක්..ඒ විතරක් නෙවෙයි හිට්ස් 3008ක්! දෙකම එක දවසේ! මං හිට්ස් 1000 ගහපු දවසේ ගොඩක් විස්තර ලියපු නිසා (කියවපු නැති අය ගිහින් කියවන්න) අද ආපහු ලියන්න යන්නේ නෑ එවා! මං බ්ලොග් එක පටන් අරන් දැන් අවුරුද්දක් විතර! හැබැයි ලියල තියෙන්නේ පොස්ට් 12යි.. දැන් අලුතෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තු අය හිනා වෙන්න එපා හරිද මූට අවුරුද්දක් ගියාට මගේ බ්ලොග් එකට ඔය ටික සති 3න් හම්බුනා නේ කියල! ඇත්ත තමා! ගොඩක් අය ඇවිත් මාසයක් යද්දි සැහෙන්න ෆලෝවර්ස්ලයි හිට්ස් තොගේකුයි සෙට් වෙනවා..අනේ ඉතින් මට නම් ඒ හැටි ඔවා පස්සෙ එලවන්න බෑ! හිතෙන දෙයක් ලියල,තියන දෙයක් කාල වෙනදෙයක් බලා ගෙන ඉන්නවා ඇරෙන්න..කොහොමත් මං ගොඩක් ලියනවට වඩා කරන්නේ කියවන එක..ඇරත් මං ලියන්නං වාලේ ලියන කෙනෙකුත් නෙවෙයි....ඉතින් මගේ ගමන මං යනවා හිමින් සීරුවේ! මොකක් හරි ලියල දැම්මම දැන් දැන් 300ක් විතර බලලා යනව කොමෙන්ට් 20ක් විතර වැටෙනවා ඒ ටික මට ඇති! ඉතින් මගේ බ්ලොග් එක පැත්තේ ඉඳල හිටලා එන හැමෝටමයි ෆලෝ කරපු හැමොටමයි ගොඩක් ස්තුතියි!ජයවේවා!
-සාබිත්-
Thursday, July 21, 2011
දන්න පැරසිටමෝල්(පැනඩෝල්) ගැන නොදන්න ටිකක්!
පැරසිටමොල් එසේත් නොමැතිනම් පැනඩොල් ලෙස අපි කවුරුත් හඳුන්වන මේ ඖෂධය බොහොම සුලභව අපි කවුරුත් එදිනෙදා භාවිතා කරන බෙහෙතක්...ඉතින් මේ බෙහෙත ගැන දන්න හා නොදන්නා කරුනු කිහිපයක් මේ කෙටි ලිපිය තුල අන්තර්ගත වෙලා තියනවා..
අතීතය:
මේ බෙහෙත පලමුව සොයාගෙන තිබෙන්නේ 1877 දී පමන හාර්මන් මෝර්ස් කියන පුද්ගලයා විසින්..නමුත් එය ඇමරිකානු වෙලඳ පොලට පිලිගත් ඖෂධයක් ලෙස එක් වන්නේ නවසිය ගනන් වල මුල් භාගයේ ලෙසයි සඳහන් වී ඇත්තේ..
රසායනික නාමය: පැරසිටමොල් හෝ ඇසිටොමිනෝෆින් (C8H9NO2)
වෙලඳ නාම : පැනඩොල්, පැර්සිටෝල් (ලංකාවේ)
ලබා ගන්න පුලුවන් මොන විදිහේ තත්ත්වයන් වලදීද?
- මෙය කුඩා හා මධ්‍යම ප්‍රමානයේ වේදනාවන් වලදී වේදනා නාශකයක් ලෙස ක්‍රියා කරනවා(හිසේ කැක්කුම්,මාංශ පේශි වල වේදනාවන්,දත් කැක්කුම්)
- දේහ උෂ්ණත්වය අඩු කරන නිසා උණ වැනි තත්ත්වයන් වලදී හා
- වෛද්්‍ය නිර්දේශය මත තවත් රෝග ගනනාවකදී...
Sunday, July 17, 2011
පෞද්ගලික වෛද්‍ය විද්්‍යාල, නිදහස් අධ්‍යාපනයේ මලගම(ද?) හා සිසු පරපුර..(දේශපාලනික නොවන ලිපියකි)
පෞද්ගලික විශ්ව විද්්‍යාල හා නිදහස් අධය්‍යාපනයේ මලගම ගැන වෙන කවරදාකටමත් වඩා පහුගිය වක වානුවේ කතා බහට ලක්වුනා..පස්සේ දැන් දැන් ඒ කතබහ සමාජයේ නැවතත් මතුවෙන්න පටන් අරගෙන..මේ නිසාම මේ වයේ ඇත්ත නැත්ත ගැන දේශපාලනීය නොවන බුද්ධිමත් සංවාදයකට මුල පුරන්න ඕන කියලා මට හිතුනේ ඒ ගැන කතා කරන්න මං සුදුසුයි වගේම මට ඒ ගැන අයිතියක් තියනව කියල මට හැඟුන..මොකද මාත් පෞද්ගලික විශ්වවිද්්‍යාලයක සිසුවෙක් නිසා...
බුලත්කොල,සීනු,අලි,හක්ගෙඩිකාරයන් කියවනවානම් තමන්ගේ(හෝ තමන්ට කා වද්දා ඇති) දේශපාලනික අදහස් පැත්තක තියල මැදහත් මනසින් මෙක කියවන ලෙසට ආරාධනා කරනවා..කවුරු හරි මගේ අදහස් වලට එකඟ නැත්නම් පිලිතුරු ලිපියක් ලියන්න...අපි සාකජ්ජා කරමු...වැදගත් විදිහට මේ ගැන කතා කරමු..බුද්ධිමත් සංවාදයක් ගොඩනගමු! ඒ තුලින් සාමාන්්‍යය පාඨකයාට අවස්ථාව දෙමු කිරල මැනලා අනුන්ගේ මතය වෙනුවට තමන්ගේ මතය ගොඩනගා ගන්න.......
ශ්‍රී ලංකාවට පෞද්ගලික විශ්වවිද්්‍යාල සංකල්පය අලුත් එකක් වුනාට දකුනු ආසියවේ සියලුම රටවල් වල මේ කියන පෞද්ගලික විශ්වවිද්්‍යාල දකින්නට ලැබෙනවා..ඇතැම රටවල් වල විදෙශ සිසුන් පවා මේවාට ඇතුල් කර ගන්නවා..
වාර්ශිකව ලංකාවේ වෛද්්‍ය විද්්‍යාලයකට යෑම සඳහ වරම් ලබන්නේ කොතරම් සුලු පිරිසක්ද කියන එක කියන්න අටුවාටිකා ඕන නෑ..ඉන්පසු සෙසු පිරිසට සිදුවන්නේ කුමක්ද????
Subscribe to:
Posts (Atom)




