Wednesday, July 25, 2012

අපි (නො)දන්න ඩීසන්සිය! da Decency we knw


යෙ කොන්ඩෙ කපන්න ගියා..
කාලෙකින් බාබර් සාප්පුවක් පැත්තෙ ගියේ..කොන්ඩෙ ටිකක් වැවිලා තිබ්බා..
හිතල වැව්වා නෙවෙයි....වැවෙන නිසා වැව්වා....කපන්න ඕක කමක් තිබ්බේ නෑ..අම්මා දවසක් දෙකක් කිව්වා..මං ඇහැව්වේ නෑ..ඉස්සර නම් සැර වැර කලාට දැන් එහෙම බැරි නිසා දෙපාරක් තුන් පාරක් කියලා නිකං ඉන්නවා..මොකද කියන දේ අහන්නේ නැහැ කියලා දැන ගත්තම තව කියන්න කියන්න වෙන්නේ එයාලා නෝන්ඩි වෙන එක කියලා එයාලා හිතන නිසා වෙන්න ඇති..

ඇයි කොන්ඩෙ කපන්න ඕන කියලා මං අම්මගෙන් ඇහුවා?
කොන්ඩේ කැපුවම පිලිවෙලයි,ඩීසන්ට්,මනුස්ස පාටයි,නැත්තම් රස්තියාදුකාරයෙක් වගේ.....ඕව තමයි හම්බඋන උත්තර..
මං ඇහුවා කවුද එහෙම කියන්නේ කියලා..
අම්ම කියනවා වැදගත් මිනිස්සු ඔක්කොම එහෙම තමයි ඉන්නෙ කියලා..

"උඹ කලාතුරකින් එක්කෙනෙක් දෙන්නෙක් ඇරෙන්න වැදගත් තැන්වල ඉන්න මිනිස්සු කොන්ඩ රැවුල් වවාගෙන ඉන්නවා දැකලා තියෙනවද ?"කියලා මගෙන් අහනවා..

"හරි ඔය කියන වැදගත්/ඩීසන්ට් උන් ඔක්කොම කොන්ඩෙ වවං ඉන්නවා කියලා හිතුවොත් එදාට නම් මං කොන්ඩෙ වවන එක ඩීසන්ට් වෙනවද? එදාට මං කොන්ඩෙ කපන්න ගත්තම මං ඩීසන්ට් නැතිවෙනවාද?" කියලා අම්මගෙන් මං ඇහුවා .හැමදේම සාපේක්ෂයි කියලා අම්මට මං තේරුම් කරන්න උතසහ කලා..
උඹත් එක්ක කතා කරලා දිනන්න බෑ කියලා අම්ම යන්න ගියා..
මං කොන්ඩෙ කැපුවා...

ඒත්...
මගේ සිතුවිලි ගැන මොකද කියන්නේ..?

Tuesday, July 10, 2012

හිරිවට්ටන දොස්තර! Medical Humour

     බස් රේඩියෝවේ උදවිය බ්ලොග් සතියක් විදිහට නම් කරලා තියෙන මේ සතියේ පෝස්ට් 7ක් පල කරන්න කියලා අපිට ආරාධනා කරලා තියනවා..! හැබැයි දවස් 7කට පෝස්ට් 7ක් දාන එක නම් මට කරන්න කොහොමත් බැරි වෙයි!මගේ අතින් මාසෙකට ලියවෙන්නෙත් පෝස්ට් 4ක් නැත්නම් 5යි...හැබැයි අපි වෙනුවෙන් යමක් කරන්න මහන්සිවෙන මේ අයට කරන ගරු කිරීමක් විදිහට මං පෝස්ට් 3ක් වත් දාන්න ට්‍රයි කරන්නම්! 8වෙනිදා දාපු 'සිත ඉල්ලන ෆැන්ටසිය' පලවෙනි එක කියලා සැලකුවාම අද ලියන්නේ දෙවෙනි එක!
අද පොඩි ජෝක්ස් එකක් බෙදා ගන්න හදන්නේ!
රංග අයියත් දාලා තිබුනා ඊයෙ දොස්තර කතාවක්..

මේකත් දොස්තර කතාවක්!

     වෛද්‍යවරුන්ට තිබ්බලු සම්මන්ත්‍රනයක්..සැලකිය යුතු තරම් පිරිසක් සහභාගිවෙලා හිටිය මේ සම්මන්ත්‍රනය දින තුනක එකක්ලු..ඔතන හිටියලු තරුණ වෛද්‍යවරු දෙන්නෙක්..දොස්තර නෝනා කෙනෙකුයි,දොස්තර මහත්තයෙකුයි..
   
     ඔන්න පලවෙනි දවසේ උදේ දෙන්න හිනා වෙලා පටන් ගත්තු වැඩේ දවල් වෙද්දි කතා කරන මට්ටමට ගෙනල්ලා හවස් වෙද්දි යාලු කමක් හදාගන්න තත්ත්වෙට ගේන්න දෙන්නට පුලුවන් උනාලු..
ඊ ගාව දවසේ යාලුකම,යාලුකමිනුත් ටිකක් ඔබ්බට අරං ගිහින් රෑට රෑ කෑමකට (ඩේට් එහෙකට) යන්න යොදාගන්න තරමටම දෙන්නා ලං උනාලු!
ඔන්න ඉතින් රෑට කාලා පොඩ්ඩක් සප්පායම් වෙලා කොහොමින් කොහොම හරි දෙන්නා නැවතිලා ඉන්න හෝටලේටත් ගිහින් ඇඳක් උඩ දෙන්නා සෙටල් උනාලු!
ඔතනින් එහාට ඉතින් වෙන්න ඕන දේවලුත් වෙලා,කරන්න ඕන දේවලුත් අහවර කරලා දෙන්නා ඇඳ උඩ දිගා වෙලා කතාවට වැටුනලු!

Sunday, July 8, 2012

සිත ඉල්ලන ෆැන්ටසිය! The fantasy I need


මට මගේ ගමේ ඉන්නවා මරු යාලුවෝ සෙට් එකක්!
උන් මට සාමාන්‍යයෙන් ඉන්න අනිත් උන්ගෙන් ටිකක් වෙනස්..ටිකක් කිව්වට හොඳටම වෙනස්!
මට මං ගැන මතකයක් තියන කාලෙ ඉඳන්ම මට උන්වත් මතකයි!
පොඩිම කාලේ ඉඳන් උන් එක්ක හැදී වැඩුනා..
ක්‍රිකට් ගැහුවා..වැස්ස කාලෙට ජිල් ගැහුවා..වතු පාලු කලා..පොඩි කාලෙ කරන්න ඕනෙ දේවල් ඔක්කොම වගේ කලා..

මං ගියේ ටිකක් ලොකු ඉස්කෝලෙකට...උන් ගියේ ගමේ ඉස්කෝලෙට!
උන්ට ඉගෙනීම ගැන ඒ හැටි වටිනාකමක් තිබුනේ නෑ.
සමහරවිට උන්ට ඉගෙන ගන්නවට වඩා කරන්න වැඩ තිබුනා..
ගොඩක් උන්ගෙ ඉස්කෝලෙ ගමන ඕලෙවල් වලින් ඉවරයක් උනා..කලාතුරකින් එකෙක් ඒ ලෙවල් කලා..මං ඇරෙන්න සයන්ස් කරපු එකෙක් නැතිම තරම්.නැහැ ඇත්තටම..
උන් ඊට පස්සේ ජොබ් කරන්න ගත්තා..ගොඩක් වෙලාවට කොළඹ කොහේ හරි කඩේක සේල්ස් මෑන් කෙනෙක් විදිහට..

උන්ට අවුරුදු 24ක් විතර වෙද්දි උන් තේරුම් ගනවා කඩේට වෙලා ඉඳලා ගැලවීමක් නැහැ කියලා..
රට පනින උන ඔලුවට ගහන්නේ ඔය කාලෙට තමයි!
ඒ කාලේ නම් යූ කේ පිස්සුව තමයි හැමෝටම තිබුනේ..
උන්ගෙන් සමහරුන්ට ඉංගිරීසියෙන් නමක් වත් ලියාගන්න බැහැ.
ඒත් උන්ගේ වාසනාවටද අවාසනාවටද මංදා ලංකාවේ තිබුනු මහකොමසාරිස් කාර්‍යාලය වැහුවා.ලංකාවේ ඉන්න අයගේ ඩොකියුමන්ට් යවන්න ඕන ඉන්දියාවට..එහෙන් ලියකියවිලි හදාරලා විසා දෙනවද නැද්ද කියලා තීරණය කරනවා..මුන්ට ඉන්ටර්විව් යන්න ඕන වුනේ නෑ..

Tuesday, June 26, 2012

ඕන දේ vs අවශ්‍ය දේ & interview ඔත්තු!

     ජීවිතයේ  සමහර දේවල් වලට අපි කොච්චර ආස කලත් අපිට ඒවා හම්බවෙන්නේ නැති වෙන්න පුලුවන් වගේම කොච්චර ඒ දේ අපිට ඕන උනත් අපිට ඒක නොලැබෙන්න පුලුවන්..තවත් සමහර වෙලාවල් වලට අපිට ඕන නැතිම දේවල් බලෙන්ම වගේ අපිට හම්බවෙන වෙලාවලුත් තියනවා..
මං හිතන්නේ පලවෙනි එකට වඩා දෙවෙනි එක තමයි අපි ගොඩක් දෙනෙකුට වෙන්නේ!
ජීවිතේ අපිට ඕන දේවල් තියනවා..අපිට අවශ්‍ය දේවල් තියනවා...
සුද්ද සිංහලෙන් කියනවා නම් 'Things we want and things we need..'

     අපේ අම්මලා තාත්තලා අනන්ත පාවිච්චි කරන වචන කණ්ඩයක් තියනවා." ඕන දේට එපාදේටයි"
අපි ඕක වාක්‍යයක දාලා බලමු..
ඕනදේටයි එපාදේටයි වියදම් කරන්න එපා කියලා කවුරුහරි කියනවා නම් 'එපාදේට කව්ද වියදම් කරන්නේ?' කියල ප්‍රශ්නයක් මතු වෙනවා...

එතනදි ඇත්තෙන්ම අදහස් වෙන්නේ 'ඕන දේ හා අවශ්‍ය දේ' කියන සංකල්පය..ඔතනින් අපිට අවශ්‍ය දේවල් විතරක් අපි ලඟා කරගන්න උත්සහ කරනවා නම් අපේ ජීවිත සරල සුන්දර එකක් වේවි..
හැබැයි අර චාලි චැප්ලින් කියනවා වගේ සරළ දේ සරළ නැහැ!

මේ ගැන මගේ අදහස් සවිස්තරාත්මක මං කලින් ලිපි දෙකක ලියලා තියනවා..කැමැති කෙනෙක් වේ නම් කියවන්න පුලුවන්!
මෙතනින් මං ගොඩක් ආස මිල අධික සංකීර්ණ ජීවිතය~ කියන පෝස්ට් එකට..ඕක මූනු පොතෙත් ෂෙයා වෙවී තිබිලා මටත් හම්බුනා!

හරි..අද කතාවට එමු..මේක විහිලු කතාවක් විදිහට කෙනෙක්ට ගන්නත් පුලුවන්..වෙන විදිහක අර්ථකතනයක් කෙනෙක්ට දෙන්නත් පුලුවන්..

Friday, June 15, 2012

චේ!

      අද කාලෙකට පස්සෙ සෑහෙන්න හොඳ ලිපි දෙකක් කියවන්න හම්බුනා.පහුගිය දවස් දෙක තුනේ හරි හැටි හිතට දැනෙන දෙයක් කියවන්න නැති කම හින්දම වෙන්න ඇති මොකක් හරි ලොකු අඩුවක් වගේ දෙයකින් මගේ හිත වෙලිලා තිබුනේ! ඒකට සාංකාව කියල කිව්වත් වැරදි නැහැ..

     අද සාතන්ගේ රටේ සිට ලියමි කියලා අඩවියක් අහම්බෙන් කියවන්න හම්බ උනා.(මෙතනින්)
එතන තිබුන සමහරි ලිපි වල තිබුන සමහර අදහස් එක්ක ආකල්පමය හා දේශ්පාලනිකව එකඟ  වෙන්න නොහැකි උනත් සමහර අදහස් මගේ හිතට තදින්ම කා වැදුනා.ඒ වගේම වෙබ් ආලෝචනා අඩවියේ ආනන්දවර්ධන මහත්තයා ලියලා තිබුන ලිපිය සයිබරය ගැන ලිපියත් බ්ලොග් අවකාශයේ සියලු දෙනා කියවිය යුතු ලිපියක් ලෙස මං දකිනවා.(මෙතනින්)
මේ ලිපි දෙකට මං සමහරක් දේවල් ගැන හිතං හිටපු විදිය වෙනස් කරන්න සමත් උනා..කෙනෙක්ගේ එක ලිපියකට තවත් කෙනෙකුගේ පරිකල්පන හැකියාව ආමන්ත්‍රනය කරන්න පුලුවන් වෙනවා කියන්නේ ඒ ලිපිය අතිසාර්ථකයි කියන එක.ඒ හැකියාව එසේ මෙසේ දෙයක් නෙවෙයි!
එතනදි මගේ හිත තදින්ම නැවතුනේ ඔස්කාර් වයිල්ඩ් කිව්වයි කියලා කියන මේ ප්‍රකාශයේ!
“It is a very sad thing that nowadays there is so little useless information.” 

Wednesday, June 13, 2012

පුලින ප්‍රාසාද


මටම මං හිමි නැති මගේ ලෝකයේ 
කවදා කොහොම මං නුඹේ වෙන්නද?
ඊලඟ රැල්ලට සේදෙන බව දැන දැනම
වැල්ලේ මාලිගා තැනීම 
නුඹේ සතුට නම්..
තාවකාලික සතුට වෙනුවෙන්...
සදාකාලිකව දුක් වෙන්නට....
එතකම් විතරක් මං නුඹේ වෙන්නම්...

Saturday, May 26, 2012

අන්ධයින් මුදල් නෝට්ටු අඳුරගන්න හැටි & අන්ධයාගේ මගුල් පොටෝ එක


     අලුත්ගම ටවුන් එකේ සෑහෙන් කල් ඉඳලා ස්වීප් විකුනන මනුස්සයෙක් හිටියා..මිනිහා අන්ධයෙක්! මිනිහා ස්වීප් වික්කේ ස්වීප් මඩුවක ඉඳලා නෙවෙයි..ඇවිද ඇවිද..ලෑල්ලක ස්වීප් ටික ගහගෙන අර අතේ ගෙනියන -මයික්-ලව්ඩ්ස්පීකර් එකත් බෙල්ලෙ එල්ලගෙන සුදු සැරයටියක උදව්වෙන් එහෙ මෙහෙ යන මේ මනුස්සයා ඒ දවස් වල අපිට දුලබ දර්ශනයක් නෙවෙයි.තාම ඉන්නවද කියන්න මං දන්නේ නෑ! වයස තිස්ගානක් විතර ඇති පෙනුමේ හැටියට නම්! අහම්බෙන් ස්වීප් ගන්න මිනිස්සුන්ට අමතරව දිනපතා ස්වීප් ගන්න රෙගුලර් කස්ටමර්ලා සැට් එහෙකුත් මිනිහට හිටියා..

     මිනිහා කසාදයක් එහෙමත් ඔය අස්සේ කර ගත්තා..ඒ ගෑනු කෙනත් ස්වීප් විකුනන්න පස්සෙ මෙයාටම එකතු උනා..ඒ ගෑනු මනුස්සයත් අන්ධයිද නැද්ද කියලා හරියටම කියන්න මට නිච්චියක් නෑ..
දවසක් මං කලිසමක් මහගන්න ටේලර් සාප්පුවට ගිය වෙලේක මේ මනුස්සයා එතනින් යනවා දැකලා ටේලර් කඩේ ලාල් අයියා මේ මනුස්සයව පෙන්නලා 'මල්ලි දන්නවද..ඔය මනුස්සයා ගිය මාසේ බැන්දනේ..
15 000ක් දීලා කෝට් සූට් එකක් මහ ගත්තා වෙඩින් පොටෝ එකට අඳින්න කියලා' කියලා මට කියලා මහ හයියෙන් හිනා උනා..මාත් ඉතින් හිනා වෙලා කිව්වා "ඔව් පොටෝ එකට නම් ඉතින් හයර් කරගන්න තිබ්බනේ කියලා..ඇරත් ඔය මිනිස්සුන්ට මොන පොටෝ ද" කියලා ලාල්ගේ හිනාවටම එකතු උනා.
හැබැයි ගෙදර ආවට පස්සේ මට ඔය සිද්දිය තදින්ම හිතට කා වැදුනා.මිනිහා ගැන දුකකටත් වඩා අනුකම්පාවක් මට දැනෙන්න ගත්තා..
කවුරු උනත් මිනිස්සුනේ.කාගෙ කාගෙත් ආසාවන් තියනවනේ,නැද්ද?

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...