Friday, April 27, 2012

කන්ටේනර් පෙට්ටිය,මං එයා & මගේ පනහ




ඔන්න රාලහාමිලා දෙන්නෙක් රෑ වෙලා රාජකාරිය කරගෙන ඉන්නවලු! දෙන්න එක්ක කයිය ගහ ගහ ඉන්නකොට මෑන්ස්ලට පේනවලු ඈත ඉඳන් කන්ටේනර් ට්‍රක් එකක් විදගෙන එනවා..මේක දැකපු රාලහාමිලා ටෝච් ගහලා පාරට පැනලා කෑ ගහලා කොහොම හරි ට්‍රක් එක නවත්ත ගත්තලු!
පස්සෙ ඩ්‍රයිවර් උන්දැ බැහැලා ආවාලු!

රාලහාමි    : තමුසෙට පිස්සුද ඕයි..අඩි 40 කන්ටේනර් ගෙනියන මෙව්ව එකක්ද නැත්නම් සෙල්ලම් කාර් එකක්ද තමුසේ එලවන්නේ!
                    තමුසෙ බීලද?
ඩ්‍රයිවර්       :  අනේ නෑ ලොකු මහත්තයෝ!
රාලහාමි   :  නැත්තෙ මොකො! පුම්බනවා මේ බැලුම! 
                    මේ බලනවා  අයිසෙ..පිටිපස්සෙ ලයිට් වැඩ කරන්නෙත් නෑ

එක පාරටම ඩ්‍රයිවර් උන්නැහේ ඔලුවෙ අත ගහගෙන අනේ සර් කිය කිය හූ තිය තිය අඬන්න ගත්තලු...
රාලහාමිටත් මාර අස්පට් වගේලු (එහෙම අය ඉන්නවා යැයි උපකල්පනය කරගන්න)

Friday, April 13, 2012

මගේ පරන අවුරුද්ද! my old new year

නිමිත්ත!

මිහිරෙන් මතකයේ ඇඳේ...
ඒ රසේ රැදේ මා සිතේ...
සොඳුරු මතක සිත පිරේ...

නව යොවුන්,තරුණ හා තරුණ සමයේ සැඳෑ භාගයේ ඉන්න උදවියට මේ වෙළද දැන්වීම ගැන අටුවා ටිකා අවැසි නැති බව මං දන්නවා..කාලයක් අපේ සිත් පුදුම විදිහට කිති කවපු මේ වෙළඳ දැන්වීම පහුගිය දවසක මට අහම්බෙන් දකින්න ලැබුනා..
ඒක බලපු වෙලාවේ මගෙ හිත කාලෙකින්...සෑහෙන්න කාලෙකින් වචනයෙන් කියාගන්න බැරි නොස්ටැල්ජියාවකින් එහෙම නැත්නම් අතීත කාමයකින් වෙලිලා ගියා..ඒ අතීත කාමයෙන් වෙලුනු මගේ සිතේ ඇතිවුන ඉයුපෝරියාව එහෙම නැත්නම් අල්ලාසය/හැඟීම මටත් අකුරු කරන්නට හිතුනා..

අපි හැමෝටම අවුරුද්ද එක්ක බැඳිච්ච ලස්සන මතක සිතුවිලි ඇති!

මේ තියෙන්න මගේ කතාව!


Saturday, March 3, 2012

අයි ඩෝන්ට් නෝ වයි? IV සිරි යහනේ අත්දැකීම!



කවදා හරි නින්දේදි උඩකින් වැටෙනවා වගේ දැනිලා ඇඳ බදාගෙන ඇහැරිලා තියනවද?
නිකමට හිතුනද එහෙම වෙන්නේ ඇයි කියලා???

මෙන්න විස්තරේ! 
මේක අසාමාන්‍ය තත්ත්වයක් නෙවෙයි!අපෙන් සියයට 70%ක් පමන දෙනෙකු මේ තත්ත්වය දවසක් හරි අත්විඳලා තියනවා...

Sunday, February 19, 2012

ගස් ලබ්බි...(18 +-)

18+


18-


චුට්ටක් කැමැත්තෙන් චුට්ටක් අකමැත්තෙන්,
පොඩ්ඩක් පෙන්නලා පොඩ්ඩක් හැංගුවට
නංගියේ,අපි නොදන්නවැයි ඕවා ගැට ගස්ලබු වග..
ඉදෙන්න කලින් පැහෙන්න කල් දීහං..
එතකොටලු රස..

නොකෑවට මොකෝ අපිත් දන්නවා!!



ප: ලි : කොහොමද ඇඳුම??????? (මගේ බ්ලොග් එකේ :D )

Wednesday, February 15, 2012

ප්‍රෙෂ්‍ර් II


කලින් ලිපියේ රුධිර පීඩනය කියන්නේ මොකක්ද?මනින්නේ කොහොමද කියලා විස්තර කෙරුනා...
කියවපු නැති අයට -----------------------> ප්‍රෙෂර් I




අධික රුධිර පීඩනය ආකාර දෙකක් තියනවා..

1.ප්‍රාථමික අධික රුධිර පීඩනය    : අධික රුධිර පීඩනය සහිත වූවන්ගෙන් 90-95%කට තියෙන්නේ මේ කියන ආකාරයේ රුධිර පීඩනය.මේ ආකාරයේ රුධිර පිඩනය ඇතිවෙන්න හේතුව මෙන්න මේකයි කියලා හරියටම කියන්න තාම පුලුවන් වෙලා නෑ..නමුත් මෙන්න මේවයින් එකක් හරි හෝ කිහිපයක් හරි නිසා ඇතිවෙන්න පුලුවන් කියලා හොයා ගත්තු තත්ත්වයන් කිහිපයක් තියනවා.

  • ජානමය(පරම්පරාවෙන් පැවත එන)
  • තරබාරු බව
  • අධික ලුනු භාවිතය
  • අධික මත්පැන් භාවිතය
  • හෝමෝන ශ්‍රාවය වීමේ ආකූලතා
  • වයස්ගතවීම
  • මානසික තත්ත්වයන

Saturday, February 11, 2012

ප්‍රෙෂර්....


මුලින්ම මගේ කලින් ලිපි දෙක තුනට ප්‍රතිචාර දක්වපු අයට පිළිතුරු සපයන්න බැරි වුන එක ගැන සමාවෙන්න ඕන.ඔබේ වෙලාවෙන් ටිකක් මගේ ලිපියකට අදහස් දක්වන්න වැය කලාම එයට පිලිතුරු සපයන එක මගේ සදාචාරාත්මක යුතුකමක්.ඒත් පාඩම් වැඩ එක්ක නිතර ඒ දේවල් කරන්න අමාරුයි.ඒ නිසා ඉස්සරහටත් ගොඩක් වෙලාවට මට පිලිතුරු සපයන්න වෙන එකක් නෑ! අමනාප වෙන්නෙ නැති වෙයි කියලා හිතනවා..ඔබගේ ප්‍රතිචාර මට හැමදාමත් වැදගත්!
මං සාමන්‍යයෙන් පෝස්ට් එකක් අන්තිමට මට කියන්න තියන ටික කිව්වට අද උඩින්ම කියන්න තීරණය කලේ මේ වගේ ලිපියක් අන්තිම වෙනකම් බොහෝ දෙනෙක් කියවන්නේ නැති බව දන්න නිසා..
මේ ලිපිය මගේ මිත්‍රයා සනෝජ් ගේ ඉල්ලීම මත ලියවෙන ලිපියක්.


ප්‍රෙෂර්....
අපි එදිනෙදා ප්‍රෙෂර් කියලා හඳුන්වන්නේ අධික රුධිර පීඩනය කියන තත්ත්වය.ලෝකයේ බෝ නොවන රෝග අතරින් ඉහලින්ම තියන රෝගයක් තමා මේක.වසර 2000දි ලෝක වැඩිහිටි ජනගහනයෙන් සෑම 4 දෙනෙකුගෙන්ම එක් අයෙකුට මේ රෝග තත්ත්වය තියනවා කියලා ගනන් බලලා තියනවා..මේ ලෙඩේ ගැන පෝස්ට් දානවනම් බ්ලොග් එකක්ම ලියන්න වෙයි..ඒ නිසා මං වැදගත්ම හා සාමාන්‍ය පාඨකයෙක්ට තේරෙන විදිහට සාරාංශ ගත කරලයි මේක ලියන්නේ! මේ ගැන දන්න කෙනෙක්ට නම් කරුණු මදි වගේ හැඟෙන්න පුලුවන්.

මොකක්ද මේ රුධිර පීඩනය?
 රුධිරය රුධිර නාලයක් තුලින් ගමන් කරද්දි ඒ නාලයේ(ධමනියේ හෝ ශිරාවේ) බිත්තියේ ඒකක වර්ගපලයක් මත ඇති කරන තෙරපුමට තමයි රුධිර පීඩනය කියන්නේ!

මේ තෙරපුම හෘදය මගින් පොම්ප කරන රුධිර ප්‍රමානය මත හා ඒවා නාල දිගේ ගලා යාමේදි ඇතිවන ප්‍රතිරෝධය මත රඳා පවතිනවා.
මේ තෙරපුම අසාමාන්‍ය ලෙස ඉහල ගියාම ඇතිවෙන තත්ත්වයට තමයි අපි අධික රුධිර පීඩනය එහෙම නැතිනම් ප්‍රෙෂර් කියලා කියන්නේ!
මේ පීඩනය අඩු වුනාම අවපීඩනයක් ඇතිවෙන්නත් පුලුවන්.(low pressure/Hypo tension) මේ අවපීඩනය අධික රුදීර පීඩනයට වඩා භයානකයි.

Sunday, January 29, 2012

දක්ෂයා සහ සුදුස්සා...ඔබේ තේරීම?


කථාව :
     මං ගියේ කතෝලික පාසලකට..ඒ දවස් වල මගේ ඉස්කෝලෙ ශිෂ්‍ය නායක සංගමය සාමාන්‍යයෙන් ගුරු සංගමේට වඩා බලවත් වෙලා හිටපු කාලයක්..ගුරු සංගමේට වැඩිය සල්ලිත් තිබුනද මංදා බැංකු පොතේ!ශිෂ්‍ය නායක කාමරයේ ඔය හැම ඉස්කෝලෙකම තියන කැරම් බෝඩ් එකට අමතරව අපේ කාලයේ ටීවී එකක් ටික දවසකට CDMA ටැලිපෝන් එකක් එහෙමත් තිබ්බා..කොටින්ම සාමාන්‍ය ගුරුවරයෙකුට නැති තැනක් පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයට තිබුනා.
කතාවට ආයෙ ප්‍රවිශ්ඨ වෙමු!
     ඔය ප්‍රධාන ශිෂ්‍ය නායකයා තෝරන්නේ අනෙකුත් ශිෂ්‍ය නායකයන්ගේ හා ගුරුවරුන්ගේ ඡන්දයෙන්.හැබැයි අවසන් තීරණය තිබුනේ විදුහල්පති තුමාගේ අතේ!(නිෂේධ බලය) හැබැයි අපේ කණ්ඩායමේ හා ඉවත්ව යාමට නියමිත ජේෂ්ඨ කණ්ඩායමේ කැමැත්ත ගැන වැඩිපුර අවධානයක් එතුමා යොමු කරනවා..
අපි අපි අතර තරඟයක් නැතත් අවසානයේ නිර්දේශිත නම් 4ක් තිබුනා තනතුරු තුන සඳහා(ප්‍රධාන හා උප ප්‍රධාන දෙදෙනෙක්)එතනින් එක්කෙනෙක් බෞද්ධ,දෙන්නෙක් කතෝලික,එක්කෙනෙක් මුස්ලිම්.

     අපේ කණ්ඩායමේ බහුතර කැමැත්ත සහ හැමෝම හිතන් හිටියේ මුස්ලිම් සහෝදරයාට ප්‍රධාන තනතුර හම්බ වෙයි කියලා!ජේෂ්ඨ කණ්ඩායමේ කැමැත්ත තිබුනේ බෞද්ධ සහෝදරයට!බහුතරයකගේ මනාප ලැයිස්තුව හැදිලා තිබුනේ  

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...