Saturday, May 26, 2012

අන්ධයින් මුදල් නෝට්ටු අඳුරගන්න හැටි & අන්ධයාගේ මගුල් පොටෝ එක


     අලුත්ගම ටවුන් එකේ සෑහෙන් කල් ඉඳලා ස්වීප් විකුනන මනුස්සයෙක් හිටියා..මිනිහා අන්ධයෙක්! මිනිහා ස්වීප් වික්කේ ස්වීප් මඩුවක ඉඳලා නෙවෙයි..ඇවිද ඇවිද..ලෑල්ලක ස්වීප් ටික ගහගෙන අර අතේ ගෙනියන -මයික්-ලව්ඩ්ස්පීකර් එකත් බෙල්ලෙ එල්ලගෙන සුදු සැරයටියක උදව්වෙන් එහෙ මෙහෙ යන මේ මනුස්සයා ඒ දවස් වල අපිට දුලබ දර්ශනයක් නෙවෙයි.තාම ඉන්නවද කියන්න මං දන්නේ නෑ! වයස තිස්ගානක් විතර ඇති පෙනුමේ හැටියට නම්! අහම්බෙන් ස්වීප් ගන්න මිනිස්සුන්ට අමතරව දිනපතා ස්වීප් ගන්න රෙගුලර් කස්ටමර්ලා සැට් එහෙකුත් මිනිහට හිටියා..

     මිනිහා කසාදයක් එහෙමත් ඔය අස්සේ කර ගත්තා..ඒ ගෑනු කෙනත් ස්වීප් විකුනන්න පස්සෙ මෙයාටම එකතු උනා..ඒ ගෑනු මනුස්සයත් අන්ධයිද නැද්ද කියලා හරියටම කියන්න මට නිච්චියක් නෑ..
දවසක් මං කලිසමක් මහගන්න ටේලර් සාප්පුවට ගිය වෙලේක මේ මනුස්සයා එතනින් යනවා දැකලා ටේලර් කඩේ ලාල් අයියා මේ මනුස්සයව පෙන්නලා 'මල්ලි දන්නවද..ඔය මනුස්සයා ගිය මාසේ බැන්දනේ..
15 000ක් දීලා කෝට් සූට් එකක් මහ ගත්තා වෙඩින් පොටෝ එකට අඳින්න කියලා' කියලා මට කියලා මහ හයියෙන් හිනා උනා..මාත් ඉතින් හිනා වෙලා කිව්වා "ඔව් පොටෝ එකට නම් ඉතින් හයර් කරගන්න තිබ්බනේ කියලා..ඇරත් ඔය මිනිස්සුන්ට මොන පොටෝ ද" කියලා ලාල්ගේ හිනාවටම එකතු උනා.
හැබැයි ගෙදර ආවට පස්සේ මට ඔය සිද්දිය තදින්ම හිතට කා වැදුනා.මිනිහා ගැන දුකකටත් වඩා අනුකම්පාවක් මට දැනෙන්න ගත්තා..
කවුරු උනත් මිනිස්සුනේ.කාගෙ කාගෙත් ආසාවන් තියනවනේ,නැද්ද?

Saturday, May 12, 2012

පාර්ලිමන්ට් ජෝක්ස්

පාර්ලිමන්ට් ජෝක්ස් වලට තියෙන්නේ සුළුපටු ඉතිහාසයක් නෙවෙයි!
හුඟක් ඒවා ඇත්ත නොවුනත් ඔවුන්ගේ චරිත වල තියන සියුම් තැන්,හැසිරීම් පුරුදු අලලා කියවෙන නිසා ඇත්ත වෙන්න ඇතියි සිතෙන තරමටම මේ කතා රසවත්..
J.R- සිරිමා,J.R-ප්‍රේමදාස,ප්‍රේමදාස- ජෝජ් බුශ්,චන්ද්‍රිකා රනිල් ආදීන් අලලා කියවෙන රසවත් කතා ඔබ අසා ඇතිවාට සැකයක් නෑ! 
J.R- ප්‍රේමදාසගේ 'රිදී හැන්දේ කතාව', ප්‍රේමදාස-ජෝජ් බුශ් ගේ 'ලංකාව මගේ අත උඩ' කතාව ඒ දවස් වල නම් සෑහෙන්න හිට්!

පස්සෙ පස්සේ පාර්ලිමේන්තුවේ කියන කරන ඒවා කොහොමත් විහිලුවක් වෙන්න ගත්තු එකේ,මිනිස්සුන්ට ආයි අමුතුවෙන් ජෝක්ස් හදන්න මහන්සි වෙන්න ඕන වුනේ නෑ!

කොහොමින් කොහොම හරි ඒවගෙ ජෝක්ස් වඳවී යාමේ තර්ජනයට මුහුන දෙමින් තිබෙන අවදියක ඒවාට නැවත පනදෙන,ඒවා දෙපයින් නැගිටවන යුග පුරුෂයෙකුගේ පුනරාගමනක් සිදුවෙලා කියලා ලංකාව පැත්තෙන් ආරංචි වෙනවා!
ඒ නන් අදර් දැන් වන් ඇන්ඩ් ඔන්ලි ලව්ලි ගැමුනු පරම්පරාවේ කිං හන්ටර්........!
රා...යිට්.... අටුවා ටිකා ටිප්පනි වලට පස්සෙ මෙන්න ජෝක්ස් එක!

මර්වින් සිල්වා පාර්ලිමේන්තුව අමතමින්..


Friday, April 27, 2012

කන්ටේනර් පෙට්ටිය,මං එයා & මගේ පනහ




ඔන්න රාලහාමිලා දෙන්නෙක් රෑ වෙලා රාජකාරිය කරගෙන ඉන්නවලු! දෙන්න එක්ක කයිය ගහ ගහ ඉන්නකොට මෑන්ස්ලට පේනවලු ඈත ඉඳන් කන්ටේනර් ට්‍රක් එකක් විදගෙන එනවා..මේක දැකපු රාලහාමිලා ටෝච් ගහලා පාරට පැනලා කෑ ගහලා කොහොම හරි ට්‍රක් එක නවත්ත ගත්තලු!
පස්සෙ ඩ්‍රයිවර් උන්දැ බැහැලා ආවාලු!

රාලහාමි    : තමුසෙට පිස්සුද ඕයි..අඩි 40 කන්ටේනර් ගෙනියන මෙව්ව එකක්ද නැත්නම් සෙල්ලම් කාර් එකක්ද තමුසේ එලවන්නේ!
                    තමුසෙ බීලද?
ඩ්‍රයිවර්       :  අනේ නෑ ලොකු මහත්තයෝ!
රාලහාමි   :  නැත්තෙ මොකො! පුම්බනවා මේ බැලුම! 
                    මේ බලනවා  අයිසෙ..පිටිපස්සෙ ලයිට් වැඩ කරන්නෙත් නෑ

එක පාරටම ඩ්‍රයිවර් උන්නැහේ ඔලුවෙ අත ගහගෙන අනේ සර් කිය කිය හූ තිය තිය අඬන්න ගත්තලු...
රාලහාමිටත් මාර අස්පට් වගේලු (එහෙම අය ඉන්නවා යැයි උපකල්පනය කරගන්න)

Friday, April 13, 2012

මගේ පරන අවුරුද්ද! my old new year

නිමිත්ත!

මිහිරෙන් මතකයේ ඇඳේ...
ඒ රසේ රැදේ මා සිතේ...
සොඳුරු මතක සිත පිරේ...

නව යොවුන්,තරුණ හා තරුණ සමයේ සැඳෑ භාගයේ ඉන්න උදවියට මේ වෙළද දැන්වීම ගැන අටුවා ටිකා අවැසි නැති බව මං දන්නවා..කාලයක් අපේ සිත් පුදුම විදිහට කිති කවපු මේ වෙළඳ දැන්වීම පහුගිය දවසක මට අහම්බෙන් දකින්න ලැබුනා..
ඒක බලපු වෙලාවේ මගෙ හිත කාලෙකින්...සෑහෙන්න කාලෙකින් වචනයෙන් කියාගන්න බැරි නොස්ටැල්ජියාවකින් එහෙම නැත්නම් අතීත කාමයකින් වෙලිලා ගියා..ඒ අතීත කාමයෙන් වෙලුනු මගේ සිතේ ඇතිවුන ඉයුපෝරියාව එහෙම නැත්නම් අල්ලාසය/හැඟීම මටත් අකුරු කරන්නට හිතුනා..

අපි හැමෝටම අවුරුද්ද එක්ක බැඳිච්ච ලස්සන මතක සිතුවිලි ඇති!

මේ තියෙන්න මගේ කතාව!


Saturday, March 3, 2012

අයි ඩෝන්ට් නෝ වයි? IV සිරි යහනේ අත්දැකීම!



කවදා හරි නින්දේදි උඩකින් වැටෙනවා වගේ දැනිලා ඇඳ බදාගෙන ඇහැරිලා තියනවද?
නිකමට හිතුනද එහෙම වෙන්නේ ඇයි කියලා???

මෙන්න විස්තරේ! 
මේක අසාමාන්‍ය තත්ත්වයක් නෙවෙයි!අපෙන් සියයට 70%ක් පමන දෙනෙකු මේ තත්ත්වය දවසක් හරි අත්විඳලා තියනවා...

Sunday, February 19, 2012

ගස් ලබ්බි...(18 +-)

18+


18-


චුට්ටක් කැමැත්තෙන් චුට්ටක් අකමැත්තෙන්,
පොඩ්ඩක් පෙන්නලා පොඩ්ඩක් හැංගුවට
නංගියේ,අපි නොදන්නවැයි ඕවා ගැට ගස්ලබු වග..
ඉදෙන්න කලින් පැහෙන්න කල් දීහං..
එතකොටලු රස..

නොකෑවට මොකෝ අපිත් දන්නවා!!



ප: ලි : කොහොමද ඇඳුම??????? (මගේ බ්ලොග් එකේ :D )

Wednesday, February 15, 2012

ප්‍රෙෂ්‍ර් II


කලින් ලිපියේ රුධිර පීඩනය කියන්නේ මොකක්ද?මනින්නේ කොහොමද කියලා විස්තර කෙරුනා...
කියවපු නැති අයට -----------------------> ප්‍රෙෂර් I




අධික රුධිර පීඩනය ආකාර දෙකක් තියනවා..

1.ප්‍රාථමික අධික රුධිර පීඩනය    : අධික රුධිර පීඩනය සහිත වූවන්ගෙන් 90-95%කට තියෙන්නේ මේ කියන ආකාරයේ රුධිර පීඩනය.මේ ආකාරයේ රුධිර පිඩනය ඇතිවෙන්න හේතුව මෙන්න මේකයි කියලා හරියටම කියන්න තාම පුලුවන් වෙලා නෑ..නමුත් මෙන්න මේවයින් එකක් හරි හෝ කිහිපයක් හරි නිසා ඇතිවෙන්න පුලුවන් කියලා හොයා ගත්තු තත්ත්වයන් කිහිපයක් තියනවා.

  • ජානමය(පරම්පරාවෙන් පැවත එන)
  • තරබාරු බව
  • අධික ලුනු භාවිතය
  • අධික මත්පැන් භාවිතය
  • හෝමෝන ශ්‍රාවය වීමේ ආකූලතා
  • වයස්ගතවීම
  • මානසික තත්ත්වයන

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...