අද අපේ මාතෘකාව වෙන්නේ ස්ත්‍රී වර්ගයාගේ ජාන තුලින් පැවත එතැයි විශ්වාස කල හැකි නමුත් කිසිම පිරිමියෙකුට අද වෙනකම් තේරුම් ගන්න බැරි ඉස්සරහටත් තේරුම් ගනී යැයි විශ්වාස කල නොහැකි වහෙන් ඔරෝ භාෂාව ගැන..
කතාව: (බිරිඳ හා සැමියා වාහනයක ගමන් ගන්න අතර තුර ඇතිවන දෙබස)
සැ: එපා අනේ....දැන් බොන්න බෑ...
බි : (කිසිවක් කතා නොකර මූන එල්ල ගෙන ගමන් කරයි..ටික වෙලාවකින් සැමියාට වෙනස තේරෙයි..)
සැ: ඇයි කතා කරන්නේ නැත්තේ? මොකෝ අවුල?
බි : න්න්න්න්න්නෑ....මුකූත් නෑ( මුකුත් නැත්තේ නෑ කියලා අරන ගැහැනු කියන විදියට පවසයි)
සැ: දැන් මං මොකක්ද කරපු වරද ඔයාට පුම්ඹගෙන යන්න තරම්?
බි: ඔයාට පොඩ්ඩක් වාහනේ නවත්තන්න බැරි උනා නේද?
සැ: ඔයා මොන වෙලාවෙද වාහනේ නවත්තන්න කිව්වේ...ඔයා මගෙන්නේ ඇහුවේ බොන්න ඕනද කියලා?
බි: ඉතින් කියන්න ඕන යැ..දැනගන්න එපැයි...
සැ: ඔයා හිතුවද මට හිත් කියවන්න පුලුවන් කියලා??????කියන දෙයක් කෙලින් කිව්වනම් ඉවරයිනේ!
(ගෝරිය පටන් ගනී........)
මෙතනදි මොකද වෙලා තියෙන්නේ?







